IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දකුණේ මහ ඇමැතිකම බුද්ධිකට බලු මයිලක් තරම් නොවටී

දකුණේ මහ ඇමැතිකම බල්ලකුගේ පස්සා පැත්තේ ඇති රෝම කූපයක් තරමින්වත් නොවටිනා බවත්, එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවට එදා ලෙයින් කළ සලකුණු වෙනස් නොවන බවත් මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

මාතර පැවැති රැස්වීමකදී ඔහු පැවසූවේ තමාට අසූචි කෑමේ ප්‍රශ්නයක් නැති බවත්, රජයට එක්වන්නේදැයි බොහෝ දෙනා තමාගෙන් අසන බවත් ඔහු කීවේය.

රජයේ තනතුරුවලට එක්සත් ජාතික පක්ෂ හයර් කරන බව පෙනෙන්නේයැයි ද එසේ යන අයගේ හෘද සාක්ෂිය ගැන තමාට ප්‍රශ්නයක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

 

 



අදහස් (0)

දකුණේ මහ ඇමැතිකම බුද්ධිකට බලු මයිලක් තරම් නොවටී

දම්මි Sunday, 28 July 2013 04:21 PM

මෙයාට ප්‍රශ්නයක් නැතුව ඕනෑ දෙයක් කන්නත් පුලුවන් (නි)

:       0       0

අප්පු Sunday, 28 July 2013 04:44 PM

දුන්නොත් නොගෙනම ඉදීවි.ඕවා හොදයි කොන්ඩෙ බදින චීන්නුන්ට කියන්න (නි)

:       0       0

ලෝක Sunday, 28 July 2013 04:45 PM

මොනවා කියෝනවාද මන්දා? (නි)

:       0       0

සංජීවනී Monday, 29 July 2013 07:24 AM

ඔයාගේ පොරොන්දු ගැන අපිට වඩා හොදට ඔයා කොහොමත් දන්නවා ඇතිනේ (නි)

:       0       0

පෙරේරා Sunday, 28 July 2013 04:48 PM

ඇට නැති දිවට මොනවා කියන්න බැරිද. (නි)

:       0       0

සුද්දා Sunday, 28 July 2013 04:51 PM

කවුද ඉතින් දෙනවා කිව්වේ? ඔච්චර කෑ ගහලා කියන්න ඕනයෑ .. (නි)

:       0       0

විකුම් Sunday, 28 July 2013 05:06 PM

මට නම් මෙය ඉතා පහත පිළිකුල් සහගත කතාවකි. (නි)

:       0       0

විජයබා Sunday, 28 July 2013 05:28 PM

ලංකාවේ දේශපාලනයට ගාවගෙන මෙම අහිංසක සතාගේ නමෙත් දැලි ගාන්නද හදන්නේ? (නි)

:       0       0

සෙන්සා Monday, 29 July 2013 08:23 AM

ඔයත් ඉක්මනින් පනින්න.තව කීපවරක් පනින්න ඔයාට වයස තියනවා. (දී)

:       0       0

කමල් Sunday, 28 July 2013 05:36 PM

මෙතුමාගේ ලේ දැන් වතුර වෙලා ඇත්තේ. (දී)

:       0       0

නිමන්ත Sunday, 28 July 2013 05:42 PM

අපේ රනිල් මැතිතුමා ඉන්නකන් දිනන එක නම් බොරුවක් (දී))

:       0       0

ඉදුනිල් Monday, 29 July 2013 08:31 AM

දයාසිරි ආණ්ඩුවට ගියාට කමක් නැහැ එය කොහොමත් කොල පාට නේවේ .ඔයා හොද දකුණේ සිංහල කොල්ලෙක් අපිට ඔයාගේ ලේ විශ්වාසයි (දී)

:       0       0

ආනන්ද ජයරත්න Sunday, 28 July 2013 05:51 PM

තවම දකුනු පලාත් සභාව විසිරෙව්වේ නැහැනේ .එතකොට ආන්ඩුවට ගිහින් මම, රජය දිවිහිමියෙන් රකිනවා තවඅවුරුදු දහයක් පහලොවක් යනකම් මෙ රජය වැටෙන්නේ නැහැ කියලා කියන්න තව කියන්න දේවල් ඕනැනම් දයාගෙන් අහගන්න. (දී)

:       0       0

පි.ඩි. විදානගේ Sunday, 28 July 2013 05:53 PM

අපේ සිරි දයා ඔයවගේ දේවල් කියල තමයි පාට මාරු උනේ (දී)

:       0       0

ශාන සෞදි Sunday, 28 July 2013 06:01 PM

තමන්ගේ වටිනාකම අනුව තමයි අනෙක් දෑ ගැන තක්සේරු තබන්නේ එක නිසා මොහුගේ වටිනාකම මීටත් වඩා පහල බව ජනතාව හොදින් දන්නවා (දී)

:       0       0

මංජුල අබු ඩාබි සිට Sunday, 28 July 2013 06:38 PM

කණගාටුයි බුද්දික මහත්තයෝ මුකරිකම තිබුනට රටේ ව්‍යවස්ථාවෙන් පිළිගත් තනතුරක් බල්ලෙක්ගෙ මවිලක් ගානට දන්න එපා ඔබතුම එක්තරා රුපවාහිනී චැනලයක වැඩකරන කාලෙ ගරු විපක්ෂ නායක තුමාගෙන් ඔබතුමාගේ කොන්ද පන නැහැ කියල අහල අද එතුමාගේ නායකත්වය යටතේ ඉන්නවා. (දී)

:       0       0

හේරත් Monday, 29 July 2013 09:12 AM

හැබෑව නේන්නම් ... (නි)

:       0       0

නිමල් Monday, 29 July 2013 01:46 PM

බුද්ධිකට බලු මයිල කප්රුකක් වගේ පේනවද දන්නේ නැහැ (නි)

:       0       0

ගාමිණී Sunday, 28 July 2013 06:56 PM

දයාසිරිට හර්ද ෂාක්ශීය කියල එකක් තිබුනානම් කවදාවත් ඔයවගේ තමුන් ඔසවා තැබූ ජනතාවක් ඉදිරියේ මේ වගේ රඟපෑමක් කරන්න බැහැ. රටේ මිනිස්සුනට දේශපලකයන්ගේ සැබෑ මුහුණ දකින්න ලැබෙන්නේ මේ වගේ අවස්ථාවලදියි. යන යන හැම තැනම ජන හඬ අවදි කලේ. මුළු රට ඔබට ඒකයි ආදරය කලේ. පැන්නොත් ඔබත් ඒ පැත්තට මගේ මලේ. උන්නත් මලා වැනිවෙයි තිබුනාට බලේ. (දී)

:       0       0

මිනිපෙ Sunday, 28 July 2013 08:42 PM

දයාසිරි අයියා, තම ජොබ් එකෙන් ඉල්ලා අස්වෙලයි,පක්ෂය මාරු කලේ.ඒක අපි අවදානයට ගතයුතු කරුණක්.ඒක අනිත් දේශපාලක්යන්ට හොද උදාහරනයක් හා අබියෝගයක්. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 28 July 2013 08:41 PM

මට නම් සියළු දේශපාලකයෝ ගැනම කියන්න තියෙන්නේ ඕක තමයි (නි)

:       0       0

නාලක Monday, 29 July 2013 10:12 AM

දන්නවනේ ඒක ගන්න බැහැ කියලා .ඒක නිසා එහෙම කියනවා ඇති (නි)

:       0       0

මිනිපෙ Sunday, 28 July 2013 09:09 PM

මහජන නියෝජිතයෙක් වශයෙන්,ප්‍රසිද්ද ප්‍රකාශයන් කරනකොට පරිස්සම් වියයුතුය.මහ ඇමති තනතුරට යමෙක් පත්කරනුවේ මහජනයා විසිනි.එම මහජන කැමැත්ත බලු පස්ස පැත්තකට සම කිරීම ඒ චන්ද දායකයන් හාස්‍යයට ලක්කිරිමකි. (නි)

:       0       0

සුනෙත් Sunday, 28 July 2013 09:57 PM

ලොකු කතා කියනකොට බයත් හිතෙනවා (නි)

:       0       0

කසුන් Sunday, 28 July 2013 10:00 PM

මට පෙන්නේ තමන් ගැන තමන්ම වර්ණනා කරගනවා වගේ... (නි)

:       0       0

රොහාන් Sunday, 28 July 2013 10:00 PM

ඔබතුමාට ඕක දෙනවා කිවුවේ හීනෙන් ද ? (නි)

:       0       0

මෝරලා Sunday, 28 July 2013 12:50 PM

ඇත්ත.ඒ වුනාට මට කිසිම දෙයක් කියාගන්ඩ බැහැ මෙතන. මොනවෙයින් මොනවා වෙයිද කියා හිතන්න බැහැ (නි)

:       0       0

අබේසිරි Sunday, 28 July 2013 10:06 PM

බොරුවට කතා කියන්නේ නැතුව යන්න ඕනෑ නම් යන්න... (නි)

:       0       0

මහින්ද Sunday, 28 July 2013 10:09 PM

ඔය කතා වලින් වැඩක්නේ..ඔබතුමා කෙලින්ම කියන්න ඕනෑ එක කියන්න (නි)

:       0       0

බන්දුල Sunday, 28 July 2013 10:11 PM

අනේ බුද්දික මල්ලි ,ඔයා අර ලේ වලින් අත්සන් කරන වෙලවෙ වීඩියෝ එක බලන්න ආයෙත් ආසයි.හරියට දෙමල ෆිල්ම් එකක වගේ. ඔයා අත කපාගෙන එහෙට දිව්වා ,මෙහෙට දිව්වා, අත පෙන්නුවා,කොලේ පෙන්නුවා.හරිම නෝටි (නි)

:       0       0

චන්දා Sunday, 28 July 2013 01:09 PM

අහෝ බුද්ධිය රතු ඉර පැනලාවගේ මොකෝ (නි)

:       0       0

සඳරුවන් Sunday, 28 July 2013 01:16 PM

අනේ ඉතින් ඔහොම කියන අයියලා තමයි හෙට අනිද්දට මාරු වෙන්නේ (නි)

:       0       0

ලෝකා Sunday, 28 July 2013 01:20 PM

බලු මයිල් එතරම් වටිනවද? (නි)

:       0       0

මොහමඩ් Sunday, 28 July 2013 01:30 PM

මේ කතාව මටනම් එක මවිල් ගහකට ගණන් ගන්න බැහැ (නි)

:       0       0

ශාන්ත Sunday, 28 July 2013 10:29 PM

ලුලා නැති වලට කනයා පණ්ඩිතයා කිවුවලු (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 28 July 2013 01:30 PM

ඔය වගේකියපු අය බොහොමයක් පස්සේ ගියා (නි)

:       0       0

ජයම්පති Sunday, 28 July 2013 01:42 PM

ඊයේ පෙරේදා පැන්න කෙනාත් ඊට වඩා කතා කිවුවනේ. බලමුකෝ මොනවද වෙන්නේ කියලා. (නි)

:       0       0

බන්දුල Sunday, 28 July 2013 01:41 PM

ඔයා හිතුවද දයාසිරි වගේ කියලා ඔයත්.. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 28 July 2013 02:01 PM

ගිය සතියෙත් එක්කෙනෙක් මෙහෙම කියල තමයි දැන් අර පැත්තට පැන්නේ. දුමක් නැතිව ගින්නක් ඇති වන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩා Sunday, 28 July 2013 02:12 PM

බුද්ධික , ඔන්න ඔය කතා නවත්තලා ඔයත් තීරණයක් ගන්න (නි)

:       0       0

රේණුක Sunday, 28 July 2013 02:12 PM

මන්ත්‍රීතුමා තවම ලාබලයි. ඔහොම කියපු අය අද කොහෙද ඉන්නේ කියලා හොඳට ඇස් ඇරලා බැලුවා නම් ....ඔය බලු මයිලටත් වටිනාකමක් එන දවසක් එනවා (නි)

:       0       0

උපාලි Sunday, 28 July 2013 02:13 PM

එහෙම කියන්න එපා. බලු මයිලකට වඩා කොච්චර වටිනවාද? හැබැයි ඔහොම කියන්න පටන් ගන්නකොටම අපට හිතෙන්නේ රතු ඉර ළඟටම ඇවිල්ලයි ඉන්නේ කියලයි. අපේ අත්දැකීමේ හැටියට ඔය වගේ ප්‍රකාශත් එක්කම අනික් විශේෂ ප්‍රකාශයත් ලඟම එනවා. (නි)

:       0       0

නුවන් Sunday, 28 July 2013 02:18 PM

මෙතුමත් පටන් අරන් වගේ. අනේ මගේ කට (නි)

:       0       0

මංජුල Sunday, 28 July 2013 02:25 PM

මෙයා ඒ ගමන මේ මොකාටද එන්න හදන්නේ? (නි)

:       0       0

අනුර Sunday, 28 July 2013 02:25 PM

කට වරද්ද ගන්න එපා බුද්දික මල්ලියේ (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Sunday, 28 July 2013 02:33 PM

බුද්ධික මල්ලි වැඩේ වරද්ද ගත්තා ලේ වලින් අත්සන් කරලා මල්ලියේ දකුණේ ලේ බාල්දු කරන්න එපා (දී)

:       0       0

අස්මිත් Monday, 29 July 2013 03:49 PM

ජනතාවගේ නියෝජිතයන් පක්ෂ මාරු කිරීම් අනුමත කරන්නම බැහැ. මිනිසුන් කොයි මොහොතකත් තම පක්ෂය හැර විකල්පයක් වශයෙන් විරුද්ද පක්ෂයට යන්නෙම නැහැ,හැබැයි පක්ෂය කඩාගෙන ගිහින් වෙනම සංවිදානය වී නව පක්ෂයක් හදාගැනීම ගවුරවාන්විත මිනිසුන්ගේ ගව්රවාන්විත දේසපාලන ක්‍රමය අගය කළහැක්කක්.බුද්දික ඔබව පත්කළ ජනතාවට දිවිහිමියෙන් සලකන්න!ඔවුන්ට කවදාවත් පිටුපාන්න එපා!තමන්ගේ දරුවන්ට සලකන්න සමහර අම්මලා තම පතිවත විකුනනවා නමුත් සමාජයේදී සංවරශීලි ජනතාව එය අනුමත කරන්නේ නැහැ,එම වෘතියට යොදන නම පවා ප්‍රකාශ කිරීම අසන්වරයි සමාජයට,දෙසපලන්යෙත් ඒ කියමන මයි කීමට ඇත්තේ(මීට වඩා හොදය බඩ කපා ගන්නවා.කියල කියන්නේ ඕවට තමයි සහෝදරයා) (දී)

:       0       0

ප්‍රියන් Sunday, 28 July 2013 02:39 PM

කමක් නැහැ, ඒ වුණාට ආණ්ඩුව පරදිනවා නම් හොදයි ටිකක් එයාලගේ ඇස් ඇරෙන්න. (නි)

:       0       0

උපුල් Sunday, 28 July 2013 02:38 PM

බුද්දික, අපි දයාසිරි ට ආදරය කලා ,කගේ වරදින් හෝ එයා ගියා , එය දැන් වැරදි,ඔබව අපිට විස්වාසයි. කොච්චර තනතුරු නැතත් බුද්දීමත්ව හිතන්න . සල්ලි ගැනම හිතුවොත් ලෙඩේ. (දී)

:       0       0

භාග්‍ය Sunday, 28 July 2013 02:48 PM

බුද්දික ඔයාට තව වයස තියනවා .යු.එන්.පි එකේ ඉදල විපක්ෂය හදන්න බලන්න . ඔකේ දැන් නායකකමට කව්රුවත් නෑ.තව ටිකක් ඉවසල ඉන්න නිශ්ශබ්දව .ලබන මැතිවරණය තෙක් .නැත්තම් අපිට සැබෑ මහජන නියෝජිතයෙක් යු.එන්.පි එකේ නෑ .ඔබත් වැඩ කරන කෙනෙක් .බැරිනම් ලබන පාර යන්න . (දී)

:       0       0

ලුම්බිණි Sunday, 28 July 2013 02:53 PM

මේවා කිසිම ප්‍රතිපතියක් නැති දේශපාලකයන්ගේ කතා. කතා කරනවා නම් මේ වගේ විකාර කතා නැතුව වැදගත් දෙයක් කිවයුතුයි. (දී)

:       0       0

සරත් අතාවුද Sunday, 28 July 2013 03:02 PM

බලාගෙන බුද්දික ලේත් එක්ක සෙල්ලම් එපා (දී)

:       0       0

මිතිල Monday, 29 July 2013 12:06 PM

කවුරු කවුරුත් ඔහොම තමා කියන්නේ......පස්සෙනේ හොරෙන් වැඩේ දෙන්නේ.... (දී)

:       0       0

දිනේෂ් Sunday, 28 July 2013 03:10 PM

අපි නම් ඕව අහල ඔට්ටු අල්ලන්නේ නැ (දී)

:       0       0

රෂීඩ් Monday, 29 July 2013 12:38 AM

අපේ ඡන්දයෙන් පත්වුණු බුද්ධික මන්ත්‍රීතුමාව අපිට විශ්වාසයි. මාතර අපේ බලාපොරොතුව ඔබය... (නි)

:       0       0

උදය Sunday, 28 July 2013 03:23 PM

බලු මයිලුයි ලේයි දෙකම එක ගානට යයිද දන්නේ නැහැ. (නි)

:       0       0

නිලුම් Sunday, 28 July 2013 03:28 PM

දකුණේ අය ඔච්චර සුවිශේෂී ද? (නි)

:       0       0

සුදත් ශ්‍රී Monday, 29 July 2013 01:18 AM

ලලිත්, ගාමිණී මහත්වරු සමඟ රාජාලියා පක්ෂය පිහිටුවාගෙන පැවති පලවෙනි කුරුණෑගල රැස්වීමේ දී, එක මහත්තයෙක් කිවුවා, කුරුණෑගල ඇතාගල සෙලවුනත් මම නම් නැවත එක්සත් ජාතික පක්ෂයට යන්නේ නැහැ කියලා. ඇතාගල නම් සෙලවුනේ නැහැ, ඒත් එයා එක්සත් ජාතික පක්ෂයට ගියා. (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Sunday, 28 July 2013 03:31 PM

මට මතකයි....දිවංගත එක්තරා සන්ධාන මන්ත්‍රීවරයෙකු කිවුවේ මගේ බල්ලාවත් යූඑන්පීයට යන්නේ නැහැ කියලා. අන්තිමට බල්ලාව ගෙදර තියලා ඔහු යූඑන්පීයට ගියා. අප රටේ ප්‍රජාතන්ත්‍රය කියලා එකක් තිබෙන නිසා ඕනෑම දෙයක් කියලා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. (නි)

:       0       0

නුවන් Sunday, 28 July 2013 03:44 PM

මෙයා මේ විකාර කියනවා. දයාසිරි ගියාට එයාට යන්න බැහැ. එයා ලේවලින් අත්සන් කරලනේ ඉන්නේ.ගියොත් ජනතාවගෙන් ගුටිකන්න වෙයි. (නි)

:       0       0

සෑම් Sunday, 28 July 2013 03:52 PM

අහවලා එක්ක ඉන්නවට වඩා නම් හොදයි යන එක (නි)

:       0       0

නුවන් සමරකෝන් Sunday, 28 July 2013 04:10 PM

ඔය මයිල් , ස්මයිල් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හැබැයි හැමදාම විපක්ෂයේ ඉඳගෙන නිකන් කෑගහනවට වඩා, පක්ෂය මාරු කරලා හරි තමාගේ ප්‍රදේශයට අවංකව සෙතක් කරන්න පුලුවන් නම්, ඒකේ ඇති වරදකුත් නැහැ. අවසානයට විය යුත්තේත් එයයි. (නි)

:       0       0

ෂෙහාන් Monday, 29 July 2013 05:20 AM

ඒ කියන්නේ බුද්දික දැන්මම පිළිඅරන් ඉවරයි මීළඟ දකුනු පලාත් සභා ඡන්දෙත් ආණ්ඩුව දිනනවා කියලා... (නි)

:       0       0

දම්මි Sunday, 28 July 2013 04:22 PM

ඇත්තටම ඇමතියෙක් මන්ත්‍රි කෙනෙක් අපිට නම් බලු මයිලක් තරම් නොවටී (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 347 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 221 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1500 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 387 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 828 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 531 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 612 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site