IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


දකුණු සුපිරි මගට ආයෙත් බල්ලෝ එති

දක්ෂිණ අධිවේදී මාර්ගයේ දොඩංන්ගොඩ පිවිසුම අසල බලු රංචුවක් අද දැක ගත හැකි විය.

කලක් මේ පාරේ බල්ලන් ඇතුළු සතුන් දක්නට නොලැබිණි.

දර පටවාගත් ලොරියක් ද ඒ අසලින් ගමන් කරයි.බොහෝ ස්ථාන වල ආරක්ෂිත වැටේ දැල් සොරුන් විසින් ගලවාගෙන ඇතැයි  පාරේ යන එන්නෝ කියති.

 



අදහස් (0)

දකුණු සුපිරි මගට ආයෙත් බල්ලෝ එති

ගමගේ Monday, 16 December 2013 10:27 AM

එහෙම නම් මේ වාහනේ කොහෙද මේ යන්නේ. ඔය තමා අදි වේගේ වාහන එලවන විදිහ. යසයි නේද. අපේ ඇත්තෝ පාරේ ඉරි ගහල තියෙන්නේ ලස්සනට කියල හිතනවා ඇතිනේ.(නදී)

:       0       0

සත්‍යයා Monday, 16 December 2013 10:02 PM

ලංකාවේ ආර්ථිකයත් (චීන ණය වලින්) අධිවේගී ගමනක් යනවා. ඒ මාර්ගයට බල්ලොත් ඉඳ හිට පනිනවා. බල්ලෝ බුරද්දී තවලම් ඉදිරියටම ගියා වගේ ඒ ගොල්ලන්ට ම එපා වෙනකම් ඒ ගොල්ලොත් ඇදගෙන යනවා.(නදී)

:       0       0

සත්‍යයා Monday, 16 December 2013 10:04 PM

බල්ලෝ ඇතුවත් බැහැ නැතුවත් බැහැ. (නදී)

:       0       0

මධුෂාන් Monday, 16 December 2013 11:04 AM

පාරේ දුවන්නේ සුනකයෝ .(දිල්)

:       0       0

දර්ශා Sunday, 15 December 2013 09:25 PM

සොරුන් ගලවාගත්තට එය අපේ ප්‍රශ්නයක් නෙමේ. ආරක්ෂක වැට වහාම හදනු.(නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 15 December 2013 09:26 PM

බලදාරින්ගේ ඇස් මේ දෙස යොමු වේවා! සල්ලිත් අරන් මේකට පිළියමක් නැත්නම් වැඩක් තියේද අදිවේගේ මාර්ගය. එහෙන් බයිසිකල් කාරයෝ ඇතුල් වෙනවා, මෙහෙ බල්ලෝ පාරේ නටනවා.(නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 15 December 2013 09:28 PM

ස්තුතියි මෙවැනි දේ වාර්තා කලාට ලංකාදීපයට. කවදා හරි පිලියමක් එයිනේ මෙහෙම පල කරාම.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 16 December 2013 04:05 PM

මෙවැනි අනාරක්ෂිත වාහන අධිවේගී මාර්ගයේ පෙරලුනහම අමාරුවේ වැටෙන්නේ අනිත් වාහන.(නදී)

:       0       0

ශාන් Monday, 16 December 2013 01:26 AM

මේ පුවත ගොඩක් වැදගත්. බල්ලෝ විතරක් නොවේ ලොරියත් අනාරක්ෂිත විදිහට දර ප්‍රවාහනය කරන්නේ අදිවේගයේ. මේකෙනුත් පස්සෙන් යන වාහන වලට බරපතල අනතුරු වෙන්න පුළුවන්. (දිල්)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 16 December 2013 01:48 AM

බල්ලොත් එක්ක බෑ.(නදී)

:       0       0

බණ්ඩා Monday, 16 December 2013 02:07 AM

වැටේ දැල් ගලවලා තියෙන්නේ බල්ලන්ටත් වඩා අන්ත රංචුවක් කියලයි මට හිතෙන්නේ. බල්ලන්ට නම් තේරෙන්නේ නැහැ(දිල්)

:       0       0

සත්‍යයා Monday, 16 December 2013 03:45 AM

ඕක තමයි බල්ලොත් එක්ක බැහැ කියන්නේ. අධිවේගී මාර්ග උන්ට අකැප වෙන්නේ කොහොමද?(නදී)

:       0       0

උපාලි Monday, 16 December 2013 05:00 AM

අදිවේගී මාර්ග තිබෙන දියුණු රටවල අයාලේ යන බල්ලෝ නැහැ. අපි සුපිරි මාර්ග හැදුවට බල්ලෝ තවම නිදා ගන්නේ පාරෙනේ. ඉතින් ඔය "සංස්කෘතික ඝට්ටනය" තිබෙන තුරු 'බලු අනතුරු' නම් නවත්වන්න බැරිවෙයි.(නදී)

:       0       0

සෙනරත් Monday, 16 December 2013 05:01 AM

බොහොම වටිනා පින්තුරයක්. මේ වගේ දර පටවලා අදිවේගේ යන්න දෙන්න හොඳ නෑ මොකද යන වේගෙට දර බිම වැටිලා අනතුරු වෙන්න පුළුවන්.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහගේ Monday, 16 December 2013 05:03 AM

අපේ රටේ පාපැදි වලින් යන අය අනිත් වාහන වල යන අයට වඩා බොහොම වැඩි නිසා ඒ අයටත් යන්න දෙන්න. සමාජවාදී ජනරජයක් වෙලාත් බහුතරයට කුඩම්මාගේ සැලකිලි මොකද? (නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 16 December 2013 05:07 PM

අනේ මන්දා ලොරියත් යන්නෙම හරහටනේ. ටෙන්ට් රෙද්දත් බිම වැටෙන්න වගේ. පස්සෙන් එන වාහනයක් උඩට ඒක වැටුනොත් තවත් අනතුරක් නේද? (නදී)

:       0       0

සලීම් Monday, 16 December 2013 06:18 AM

බල්ලට ඇති වැඩකුත් නෑ, හිමින් ගමනකුත් නෑ කියලා කියමනක් තියනවනේ. වේගයෙන් යන්ඩ අසාවට අදිවේගී පාරක ගියාට මොකද වෙන්නේ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 15 December 2013 05:55 PM

"දකුණු සුපිරි මගට ආයෙත් බල්ලෝ එති". අපිට බල්ලෝ පෙන්වනවා හැරෙන්න වෙන පෙන්වලා දෙන්න දෙයක් ඇත්තේම නැද්ද?(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 15 December 2013 05:56 PM

අධිවේදී මාර්ගයක් කියන්නේ රත්තරන් හා සමාන වටිනාකමකින් යුක්ත පොළොවක්. කෝටි කීයක් එක අඩියක් සදහා වියදම් කරලා තියෙනවද?(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 15 December 2013 06:04 PM

බල්ලොත් එක්ක බැහැ.(නදී)

:       0       0

ප්‍රසා Monday, 16 December 2013 07:56 AM

බල්ලෝ නම් ඉතින් දැනුමක් නැති අයනේ. හැබැයි මේ වගේ ලොරි සුපිරි මගේ යන්නේ පොලිසිය ඇස් පියා ගෙන ඉන්න නිසාද? මේ ලොරිය හා තුන් රෝද රියේ වෙනසක් නැහැ. ලොරියේ රෙද්දට හුලග පිරිලා පාලනය කරගන්න බැහැ. වේගය නිසා ලොරියට අනතුරක් වුනොත් පිටුපසින් යන අයට මොකද වෙන්නේ. උණුසුම් පුවතක් වෙන්න පුළුවන්. පින්තුරය ගත්තු කෙනානම් නියමෙටම අරගෙන.(නදී)

:       0       0

ගුනේ Monday, 16 December 2013 08:14 AM

අර ලොරියේ ටෙන්ට් එක ආරක්ෂාකාරී මදි නේද? (නදී)

:       0       0

ස්ටැන්ලි Sunday, 15 December 2013 06:36 PM

මුල් දවස්වල හැමෝගෙම අවධානය තිබුන නිසා පොලිසියත් ක්‍රියාත්මක බවක් පෙනෙන්න තිබුණා. දැන් කොල්ලොයි බල්ලොයි ඕනේ විදිහට යන්න පටන් අරන් වගෙයි.(නදී)

:       0       0

නුවන් Sunday, 15 December 2013 06:38 PM

පාරවල් හැදුවට මදි ඒවා බලාගන්නත් ඕනෑ මහත්තයෝ.(නදී)

:       0       0

මෙරංචි Monday, 16 December 2013 08:41 AM

සතුන්ට නිදහස නැද්ද නිදැල්ලේ හැසිරෙන්න.(නදී)

:       0       0

ජෙහාන් Sunday, 15 December 2013 06:46 PM

මේවා කාට කියන්නද(දිල්)

:       0       0

නිමල් ලලිතා Monday, 16 December 2013 09:02 AM

මෙම දැල් මිලට ගන්න පරණ යකඩ කඩ වෙළදුන් මෙල්ල කිරීමට ක්‍රියා මාර්ගයක් ගත නොහැකිද? (නදී)

:       0       0

අනුර Monday, 16 December 2013 09:03 AM

මෙම බල්ලන් ඇතුළු වන්නේ පිවිසුම් දොරටුවෙන්. එම අයගේ කාර්යාලය අසල සිටින බල්ලන් රංචුව ඉවත් කිරීමට පියවර ගන්න.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 15 December 2013 06:59 PM

කෝ මේ බලධාරීන්, අධිවේගී මාර්ග වලට වෙනම පොලිස් සේවයකුත් ඇතිනේ. එයාලට බැරිද මෙය ආරක්ෂා කරන්න? පිවිසුම් වල අය දර ලොරියට වග කිව යුතුය.(නදී)

:       0       0

චන්දරේ Sunday, 15 December 2013 07:05 PM

මෙහෙම ගියොත් අපරාදේ සල්ලි(දිල්)

:       0       0

නරනප්පා Sunday, 15 December 2013 07:07 PM

(බල්ලන් පර මාරුවන ස්ථානය ඉදිරියෙන් ) යනුවෙන් පාරේ පුවරුවක් සවිකරන්න වැඩේ අහවරයි (දිල්)

:       0       0

අජිත් Sunday, 15 December 2013 07:45 PM

බලදරයනි වහාම පියවරක් ගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 248 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 271 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 374 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 423 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 405 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 742 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site