IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දකුණේ සංස්කෘතික ඇමති රියදුරාට සංස්කෘතිය උගන්වයි

තංගල්ලේ ලංගම බස් රියදුරකුට තංගල්ලේ දී පහරදුන්නැයි සැකපිට දකුණු පළාත් ධීවර හා සංස්කෘතික ඇමති ඩී.වී.රෝහණප්‍රිය උපුල් භාරවීමට පොලීසියට පැමිණි අවස්ථාවේ අද (01) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ මෙම පහරදීමට එරෙහිව තංගල්ලේ බස් වර්ජනයක් පවතින බවට ද තොරතුරු ලැබී ඇති බවයි. පහරකෑ රියදුරා තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.



අදහස් (0)

දකුණේ සංස්කෘතික ඇමති රියදුරාට සංස්කෘතිය උගන්වයි

අනුර Thursday, 01 August 2013 04:07 PM

අපට ඔවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක්කේය (නි)

:       0       0

ලුම්බිණි Thursday, 01 August 2013 11:28 AM

කෝ දැන් අර නගරාධිපති? (ස)

:       0       0

ශානුක ප්‍රියන්ත Thursday, 01 August 2013 11:33 AM

අද මේවගේ අයටනේ අපේ ජනතාව වැඩිපුරම මනාපය දෙන්නේ. (ස)

:       0       0

ආනන්ද Thursday, 01 August 2013 11:53 AM

ඇමතිතුමාගේ බස් එකකට ඉස්සර කරලා ගිහින් සෙනග අරගෙන. ඕකනේ පටලැවිල්ල. (ස)

:       0       0

පිටිගල Thursday, 01 August 2013 04:40 PM

ඇත්තටම මට හිතෙන්නේ අර 1505 දී කවුද කිව්වලු නේද සිංහලයා මෝඩයා කියලා. ඒක ඇත්තක්ද? එච්චර ඈත අතීතයේ ? අනේ මන්දා මට මොනවා වෙලාද? සමහර වෙලාවට මාත් මෝඩයි. (නි)

:       0       0

සෑම් Thursday, 01 August 2013 12:15 PM

මේ රියදුරත් පස්සේ කියයිද දන්නේ නැහැ මිනිහම ගහගත්තා කියලා. (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 01 August 2013 12:24 PM

මේවා ආදර්ශයට අරගෙන අපේ මිනිස්සු ඊළඟට ලහන කතිරය දෙතුන්වරක් හිතලම ගහන්න.(ස)

:       0       0

වරුණ Thursday, 01 August 2013 12:29 PM

මෙයම නේද අපේ ජිප්සීස් සුනිල් අයියටත් අර අයිඩොන්ට් නෝ වයි සින්දුව කියන්න එපා කියල සත්තම දැම්ම කිව්වේ?ගමේ චන්ඩි මේ අය තමා (දී)

:       0       0

පාලිත Thursday, 01 August 2013 12:35 PM

නැවත ඉස්කෝලේ යවමුද (දී)

:       0       0

රෝහණ Thursday, 01 August 2013 12:44 PM

මෙවෙනි පුද්ගලයින් ප්‍රසිදියේ තමන් කුමන අන්දමට ජනතාව සමග හැසිරිය යුතුද. තමන් සදාචාරය ගැන දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් උගත් දේවල් මොනවද කියා අසල පැරණි කලේ දුන් දඩුවම් වගේ කස පහරවල් දීල තමියි හිරයට දාන්නා ඕනේ එතොකොට එයත් එයාගේ පවුලේ අයත් අමතක නොවන්නට පාඩම් ඉගෙන ගනීවි. (දී)

:       0       0

තංගල්ලෙ පදින්චිකරුවෙක් Thursday, 01 August 2013 12:59 PM

තමන්ගෙ බසය ලංගම බස් රථය මගින් පසුකර යාම නිසා, එහි රියදුරාට සහ කොන්දොස්තරවරයාට ගසා, ලංගම බසයේ සිටි මගීන් තමන්ගෙ බසයට එවලෙම නන්වගෙන ගිය එක තමයි තිත්ත උනත් අත්ත කථාව. මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කාල, ඡන්ද්යක් කිට්ටුවෙනකොට බොරුවට උදලු තල,පොත් වගෙ දෙවල් බෙදල මිනිස්සුන්ගෙ ඡන්ද ටික ගන්නව. ගරු ජනාධිපති තුමනි මෙවන් බඩ වඩාගන්න අමතිවරු පන්නා දමන්න. මෙය අවස්තාවක් කරගන්න. (දී)

:       0       0

මාස් Thursday, 01 August 2013 01:17 PM

එකත් එකටම ඇමතිගේ බස් එකකුත් දුවනවා ඇති. (ස)

:       0       0

උපාලි Thursday, 01 August 2013 01:25 PM

සමන්, ඔබ උපහාසයෙන් ඔහොම කිව්ව්වත් ඇත්තටම ඒක තමයි වෙන්නේ. මේ කට්ටිය චන්ද රැස්වීම් 10 කින් ලැබෙනවා හා සමාන ප්‍රසිද්ධියක් මේවගේ දෙයින් ලබා ගන්නවා. ඔබත් මමත් හිතන්නේ ඒ ප්‍රසිද්ධිය ඒ ගොල්ලන්ටම අවාසියට හිටියි කියල නේද? නැහැ සමන්, බලන්න ඔය කිටුවම ගාල්ලේ ප්‍රසිද්ධ උදාහරණය දිහා. (දී)

:       0       0

සමන් Thursday, 01 August 2013 10:00 PM

කරුණාකර මේ පලා බබාලට වෙනම පත්තරයක් ගහමු අපි (නි)

:       0       0

මොහොමඩ් ඉම්ටියාස් Thursday, 01 August 2013 01:53 PM

අනේ තියෙන විසයක්. (ස)

:       0       0

ලාංකිල Thursday, 01 August 2013 02:01 PM

තංගල්ලේ පදිංචිකරුව කියන දේ ඇත්තනම් මොහුට විරුද්දව නීත්‍යනුකුලව කටයුතු කල යුතු වෙනවා. මෙහෙම හොර මිනිස්සුන්ට නමයෝජනදීම නවතන්ට ජනාධිපතිතුමාට ශක්තිය තිබෙන්න අවශ්‍යයි.., තවද , පළාත් සභා ක්‍රමය මේ රටෙන් අහෝසි කල යුතුය. . . (දී)

:       0       0

බමුණු Friday, 02 August 2013 04:16 AM

"ඇත්තටම මට හිතෙන්නේ අර 1505 දී කවුද කිව්වලු නේද සිංහලයා මෝඩයා කියලා" කවුරුත් නොවෙයි ඕක කිවුවේ ආයුබෝවන්, රටට ආපු එංගලන්තේ සුදුමහත්වරු (නි)

:       0       0

නිසල් Thursday, 01 August 2013 02:34 PM

මේ අයව පන්නන්න ඕනේ ජනතාව මයි . කතිරේ ගහනකොට මතක නැති වෙනවා නේද. (දී)

:       0       0

සිද්දික් Thursday, 01 August 2013 02:35 PM

සිංහලයන්ට ඉක්මනින් අමතකවෙනවා කියන්නේ හරි,චන්දෙ ආවම නෙවතත් ඔය නුගත් මැරයින්ට කතිරය ගහයි ,අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න රටක් ලෝකේ වෙන කිසිම රටක නැහැ (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 01 August 2013 02:39 PM

මේ මනුස්සයා නම් මාර කරදරයක් උනානේ , දවසකට එකෙක් මොකක් හරි බිය්ස්කොප් එකක් පෙන්නවනවා , අමතක කරන්න එපා හෙට අනිද්දට චන්දයක් තියෙනවා හොඳේ ! (දී)

:       0       0

සමන් Thursday, 01 August 2013 10:32 AM

තව මදි. තව ගහන්න. එතකොට වඩිපුර ඔයාට චන්දෙ ලැබයි. (ස)

:       0       0

චන්දි Thursday, 01 August 2013 10:37 AM

කියන්න දේකුත් නැහැ, කරන්න දේකුත් නැහැ. ලංකාව ගැන හරිම කනගාටුයි. (ස)

:       0       0

පීටර් Thursday, 01 August 2013 10:38 AM

සංස්කෘතික ඇමතිගේ විෂය පථයට අයිති ඇති. (ස)

:       0       0

පැතුම් Thursday, 01 August 2013 10:56 AM

ඇමතිතුමා බස් එකේ ගියාද ඇත්තටම.. (ස)

:       0       0

ඇසළ Thursday, 01 August 2013 11:02 AM

අපිට වෙලා තියෙන්නේ රටේ ඉන්න ජනගහනයට ඔරොත්තු නොදෙන ඇමතිවරු පිරිසක් ඉන්න එක. මේ ටික තේරෙන්නේ නැති ඡන්ද දායකයෝ තව තවත් එලව එලවා මේ අයටම කතිරේ ගහනවනේ. (ස)

:       0       0

නිමල් Thursday, 01 August 2013 11:05 AM

වරද කරන අයෙකු කෙසේවත් යහමගට ගත නොහැකි නම් සාමකාමී ජනතාවගේ යහපත සඳහා උපරිම දඬුවම නිත්‍යානුකුලව දුන්නාට වරදක් නැහැ.නමුත් දේශපාලන සවිය ගෙන ක්‍රියා කිරීම වැරදියි. එවැනි අය දේශපාලනයට පැමිණීම වැළැක්වීම සදහා නව ව්‍යවස්ථාවේවත් නීති නැහැ නේද? (නි)

:       0       0

දේෂිකා Thursday, 01 August 2013 11:08 AM

මේක දැන් වසංගතයක් වෙලා ප්‍රාදේශීය සභාවේ සිට ඉහලටම මැරයෝ වැඩිවෙලා.ගරු ජනාධිපති තුමනි, අහිංසක ජනතාව අනාරක්ෂිතයි නේද? මම කියන්නේ බස් රථ රියදුරා හරි කියල නොවෙයි. "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ" (ස)

:       0       0

වසන්ති Thursday, 01 August 2013 11:12 AM

අපි මෙවරත් මේ අයටම දෙමු. තව ටිකක් ඉවසමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 317 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1046 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1015 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 519 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1091 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1794 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36969 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24377 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 588 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site