ජනමාධ්‍යවේදීන්ගේ මංගල මැයි රැලිය කොළඹ විජේරාම මාවතේ සව්සිරිපායේදී ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පැවැත්විණි.
ඇමැතිවරයා එහිදී කියා සිටියේ වසරක් පාසා ජනමාධ්‍යවේදීන් ඇගයීමේ වැඩපිළිවෙළක් අරඹන බවයි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය අගය කරමින් කථා කළ ඔහු පැවසූයේ ජනමාධ්‍යවේදීන් මවිතයට පත් කරන දෙයක් ලබන 11 වැනිදා සිදුවන බවයි.
එය කුමක්දැයි දැන්ම නොකියන බවත් ඔහු කීවේය. තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බවත් ඊට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ අදහස් උදහස් ලබාගන්නා බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා කීවේය.
අමාත්‍ය පී.හැරිසන්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
ජාතික හා ප්‍රාදේශීය ජනමාධ්‍ය එකතුවේ සභාපති කාංචන කුමාර ආරියදාස මහතා කියා සිටියේ නොයෙකුත් බාධක මැද සිය මංගල රැලිය පැවැත්වීමට හැකි වීම සමස්ථ මාධ්‍යවේදීන් හා තොරතුරු දැනගැනීමේ ආශාවෙන් සිටින සියලු දෙනා ලද ජයග්‍රහණයක් බවයි.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෑකැත්තටයි මිටියටයි පෑනත් එකතුවෙයි
ප්‍රකාශ් Friday, 01 May 2015 11:26 AM
මේකට පොරව එකතුකරන්නේ නැද්ද? (නි)
ජොහාන් Friday, 01 May 2015 03:10 PM
මොකක්ද දන්නෙ නැහැ මේ අලුත් ආරංචිය? (නි)
ලක්ෂ්මන් කුරේරා Saturday, 02 May 2015 03:04 AM
පුදුමයි. අපේ ජනමාධ්‍ය වේදීන් කියන්නේ මේ කට්ටියටද,? උත්තරය "ඔවු" නම් මෙපමණ අතලොස්සකටද.? වාර්තාකරුවන් වශයෙන් කොටසක් විවිධ රැස්වීම් ආවරණයට ගොස් සිටියත් ප්‍රවීන ජනමාධ්‍ය කරුවන් මෙතන නැහැනේ. මෙය විවේචනයක් නොවෙයි. සිතට ඇතිවුණු කණගාටුවක් පල කිරීමක් පමණයි. (බ)