IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දක්ෂිණ අධිවේගයට මැරයෝ පනිති : පොලිසිය නොදනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව ආසන්නයේදී 2016 ජනවාරි 26 අලුයම 2.25ට පමණ තමා ගමන් කළ මෝටර් රථයට හා තවත් වාහන රැසකට කඩාකප්පල්කාරී පිරිසක් මාර්ගයේ මැදට පැමිණ එල්ල කළ ගල් ප්‍රහාර නිසා තම රියේ ඉදිරිපස වීදුරුව කැඩී ඇති බව නිරෝෂන් ප්‍රියදර්ශන වික්‍රමාරච්චි මහතා ලංකාදීප එසැණ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

මෙවන් ක්‍රියා සිදුකරන්නන්ට එරෙහිව මාර්ග සංවර්ධන අධිකාරිය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඔහු විමසයි. අධිවේගී මාර්ගයේ ගමන්කරන වාහන හා අපගේ ජීවිත සඳහා ආරක්ෂාවක් නැතිද? මෙලෙස ඕනෑම මිනිසකුට ඒ පාරේ සිටිය හැකිද? මෙවන්ක්‍රියා සඳහා ඉඩ ඇතිනම් තව නොබෝ දිනකින් හොරුන් මංකොල්ලකාරයන් ද මාර්ගයේ සැරිසැරීමට ඉඩ ඇතැයි ඔහු මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රකාශකයකු පැවසූයේ මෙවැනි සිද්ධියක් වී ඇති බවත් ගල් ගැසූ අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත්ය. එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය පැවසූයේ තමන් එවැනි සිද්ධියක් නොදන්නා බවයි. ආරක්ෂක කැමරා පොලිසිය සතුව නැති බවත් ඒ ගැන මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසිය යුතු බවත් පොලිසිය පවසයි. එහි ප්‍රකාශකයකු පැවසූයේ ආරක්ෂිත කැමරා නැති ප්‍රදේශයකදී මේ ප්‍රහාරය සිදුවී ඇති බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසූයේ එවැනි සිද්ධියක් වී ඇති බවයි. කිලෝ මීටර් 21 - 22 කණු අතර දී කොළඹ බලා එමින් තිබූ වාහන හත අටකටම ගල් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මෙම ප්‍රහාරවලින් වාහනවල සිටි අයට තුවාල වූයේ දැයි දැනගන්නට නැත. අලාබ හානි වූ වාහනවලට රක්ෂණ වන්දි ලබාගැනීමේ ලියවිලි නිකුත් කළ බවත් ඔහු පවසයි. ආරක්ෂක කැමරා නැති ප්‍රදේශයකදී වැටෙන් පැන මේ පිරිස අධිවේගී මාර්ගයට පැමිණ ඇතැයිද දකුණු කළුතර පොලිසිය සමග තවත් පොලිසි කිහිපයක් පරීක්ෂණ අරඹා ඇතැයිද ඔහු පවසයි.

සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතියි ඔහු පවසයි.

ගැලනිගම හරියේදී අධිවේගී මාර්ගය ආක්‍රමණය කළ කලිසම් ඇඳ සිටි බව පෙනුණු හතර පස් දෙනකු මිනිත්තු 10ක පමණ වාහනවලට ගල් ගැසූ බවත් රියේ කුඩා දරුවකුද සිටි නිසා වඩාත් බියට පත්වූ බවත් එම සිද්ධියට මුහුණ පෑ වික්‍රමාරච්චි මහතා ලංකාදීපයට පැවසීය.

‘මම හිතුවේ පාර මාරුවන පිරිසක් කියලා. වාහනයේ වේගය අඩු කළා. ගල් ප්‍රහාර අප දෙසට එල්ල කළා. එතැන පෝලිමට පැමිණි තවත් වාහන කිහිපයකටම ගල් ප්‍රහාර එල්ල වුණා. අපි මේ ගැන අධිවේගී පොලිසියට පැමිණිලි කළා. මගේ වාහනයේ ඉදිරිපස වීදුරුවට හානි වුණා. රුපියල් 15,000ක් පමණ යනවා නැවත වීදුරුවක් දාන්න. අනෙක් වාහනවලත් ඉදිරිපස වීදුරුවට හානි සිදුවුණා‘

12631516_13201612728_4531319790594562123_n



අදහස් (0)

දක්ෂිණ අධිවේගයට මැරයෝ පනිති : පොලිසිය නොදනී

නාලක Wednesday, 27 January 2016 08:22 PM

මගේ වාහනයට ගැහුවා නම් මම පන්න පන්නා ගිහින් හරි යටකරලා යන්නේ. හදන්න බැරි නම් මකන්න හරි ඕනෑ (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 27 January 2016 01:52 PM

මේක නව ආරම්භයක්, කඩිනමින් ප්‍රතිකර්මයක් යෙදුවේ නැතිනම් ඉදිරියේදී හැම තැනටම පැතිරේවි. (බ)

:       0       0

මධු Wednesday, 27 January 2016 08:51 AM

මේක නම් අධිවේගී මාර්ගයේ යනවට ඊර්ෂියාවට කළ දෙයක්. (ම)

:       0       0

රත්නසිරි Wednesday, 27 January 2016 09:06 AM

නයිට් කඩ කාරයන්ගේ වැඩ(කෞ)

:       0       0

පුෂ්පා Wednesday, 27 January 2016 09:13 AM

ගාලු පාරේ බොහෝ වෙළෙන්දෝ මිනිසුන් මේ මාර්ගයේ යනවාට කැමති නැත. නමුත් මෙය සිතුවිල්ලක් පමණි. මේ මාර්ගය නිසා විශාල ප්‍රමාණයකට අදායම අහිමි වීමක් සිදු වුනි. කොහොම නමුත් මේ සෙල්ලම නැවැත්විය යුතුය. (බ)

:       0       0

නාමල් Wednesday, 27 January 2016 09:09 AM

වාහන නැති උන් ඊර්සියාවට කළ දෙයක් (බ)

:       0       0

දුමින්ද Wednesday, 27 January 2016 09:21 AM

එ්කත් සිංහල ජාතිවාදීන්ගේ වැඩක් කියාවිද (බ)

:       0       0

දහම් Wednesday, 27 January 2016 09:31 AM

මේ වැඩේ අධිවේගයට ඉඩම් අහිමි වූ අය නම් කීයටවත් කරන්නේ නැහැ. ඒ අයට මිලියන ගණන් වන්දි ලැබුණු නිසා. මේ මාර්ගයේ රෑ දවල් දෙකේම වාහන දහස් ගණන් යනවා. ඒකට අකමැති දේශපාලන කුහකයන් කළ වැඩක් වෙන්න ඕනේ මේක. (බ)

:       0       0

රුවන් Wednesday, 27 January 2016 09:27 AM

මම ඉතා පැහැදිලිවම කියන්න අවශ්‍යයි පාරේ යන වාහනවල එන පොලිසියේ අය මගින් බැහැල කන්ද පහලට පයින් යනවා ඔය කියන හරියේදී. ඔවුන් වැඩ ඇරිල එන්නේ යුනිෆොර්ම් එක අන්ද ගෙනමයි. මේක ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න (බ)

:       0       0

ගොඩගේ Wednesday, 27 January 2016 09:43 AM

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරන දී මාර්ගයට සිදුවන හානි සඳහා වාහනය ඉවත්කර ගැනීමට ප්‍රථම, වාහන හිමියන් විසින් අලාභය ගෙවිය යුතුයි. මෙවැනි දේ සඳහාත් වාහන හිමියන් තමන්ගේ රක්‍ෂණයමත යැපිය යුතුයි. කෙතරම් සාධාරණද​.......? (බ)

:       0       0

කීර්ති Thursday, 28 January 2016 02:26 AM

අපේ රට ඉතින් දියුණු වෙයිද? (නි)

:       0       0

මහේෂ් Thursday, 28 January 2016 02:19 AM

ඕක එක්තරා ලෙඩක්. ඕක තිබෙන්නෙ ලංකාවේ විතරයි. එම ලෙඩේට නම් ගොඩක් තිබෙනවා. කුහකකම, ඊර්ෂ්‍යාව, මෝඩකම, පණ්ඩිතකම සහ ලෝභය යනාදී ලෙස. පිටරට වලත් පාලු හයි වේ තිබෙනවා. නමුත් මෙවැනි දේවල් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 27 January 2016 10:05 AM

අධිවේගී මාර්ගය සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට ආරක්ෂක කැමරා පද්ධතියක් නැතිකම ලොකු අඩුවක් නේද ? මාර්ග නීති කඩකරන්නන් කොටුකර ගැනීමටත් එය අවශ්‍යම දෙයක් නේද ? (බ)

:       0       0

උපුල් මාලදිවයින Wednesday, 27 January 2016 10:02 AM

ඉස්සර හඳට පොලු ගහපු කට්ටියගේ ඥාතීන් තවම ඉන්නවා වාගෙයි. තමුන්ට නැති නිසා අනුන්ගේ සැපතට ඊර්ශ්‍යා කරන මිනිසුන් ඕනෑතරම් රටේ ලෝකේ ඉන්නවා. අධිවේගී මාර්ගය හදපු ළඟදිත් කට්ටියක කන්දක් උඩ ඉඳන් ගල් ගැහුව සිද්ධියක් මතකයි. (බ)

:       0       0

සිරි Wednesday, 27 January 2016 03:51 PM

යට කරගෙන යන්න තිබුනනේ (බ)

:       0       0

ශාන් සෞදි Thursday, 28 January 2016 04:39 AM

මේකට වෙන කිසිදෙයක් කරලා වැඩක් නෑ අධිවේගී මාර්ගය පදිකයන්ට තහනම් කර ගමන් කර සිදුවන වැරදි වලට නීතිය ක්‍රියාත්මක නොකරන බව සියලුදෙනා දැනුවත් කරන්න එවිට කරන්න ඕනේ දේ රියදුරන් කරාවී ආයේ නොයෙන්න පාරට (බ)

:       0       0

සෙනෙවි Wednesday, 27 January 2016 12:25 PM

වාහනයට එකෙක් හරි යට කරලා දාන්න තිබුණෙ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1771 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1117 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2049 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2941 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site