(අමල් වික්‍රමරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ (25) අද පෙරවරුවේ සිට දැඩි රථවාහන තද බදයක් පවතින අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂක සමන් ඕපනායක මහතා පැවසීය.සති අන්ත නිවාඩුවත් පාසල් නිවාඩු කාලයත් නිසා දිනපතාම ධක්ෂින අධිවේගී මාර්ගයේ දෛනිකව ගමන් ගන්නා වාහන ප්‍රමාණය බොහෝ සෙයින් ඉහල ගොස් ඇති බව ඒ මහතා පැවසීය.
බොහෝ විට උදෑසන සහ සවස් කාලයේ කඩවත ,අතුරුගිරිය ,පින්නදූව සහ ගොඩගම යන ස්ථානවල පිවිසුම සහ පිටවීමෙ මාර්ග වල තද බදයක් හටගෙන ඇතිබවද ඔහු පැවසීය.
මේ වනවිට සාමාන්‍යයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනිකව රථවාහන හැත්තෑ දහසක් ගමන් කරන බවත් අද දිනයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළත් කරන රථවාහන සංඛ්‍යාව එක්ලක්ෂ දස දහසද ඉක්මවා යාම මෙම රථවාහන තද බදයට හේතුව බව අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ හේතුවෙන් රථවාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙස ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද දිනය තුළ වාහන ලක්ෂය පනී
Amal Saturday, 25 August 2018 12:45 PM
මේවා දාන්න එපා. ලක්ෂ 62 ට වහ කදුරු වගේ ගිය රජය කරපු දේවල් වල සාර්ථකත්වය ගැන කියද්දී.. ඒ කූඩැල්ලන්ට ඕනෙ කැලේට වෙලාම ඉන්න මිසක් මෙ රට දියුණු රටක් විදියට ඉස්සරහට එන්න නෙමෙයි. ඒ කාලෙ මේ අයට (ලක්ශ 62 ට) තිබුණු ලොකු ප්‍රශ්නයක් හම්බන්තොට වරායෙ තිබුණු ගල. වරාය චිනෙට විකුණනකොට එ් ගැන කිසි කතාවක් නැහැ මේ වහල්ලු. අද ඒ කියපු ගලකුත් නැහැ. වරායෙන් මේ රටට ගන්න තිබුණු ලාබෙත් නැහැ.
සතයපාලSaturday, 25 August 2018 04:32 PM
ඕක හදන්න කලින් මේ රටේ මිනිස්සූ වාහන වලින් ගමන් ගියේ නැතැයී.
anuraSaturday, 25 August 2018 06:06 PM
එදා අපි ගියේ වැස්සට නොතෙමෙන වාහන වලින් නේ
SenarathSunday, 26 August 2018 03:15 AM
ගියා, එ්ත් මේ වගේ පැය එකහමාරෙන් ගාල්ලේ ඉඳලා කොළඹට යන්න බැහැ. මිනිස්සුන්ගේ කාලය ඉතාම වටිනවා. ලෝකේ දියුණු රටවල් ඒ ගැන හිතනවා. ඒ විතරක් නෙමෙයි, ඉන්ධන ඉතිරිය, ගෙවෙන කොටස් වල ඉතිරිය (තිරිංග, ශෝක්ස් වගේ දේවල්), මේවට වියදම් වෙන්නේ අපේ රටේ සල්ලි. පරිසර දූෂණය අඩුවීම... අද කොළඹ සිට නුවර යන ඕනෑම කෙනෙකුට තේරෙනවා අධිවේගී මාර්ගයක වටිනාකම..
සතයපාලMonday, 27 August 2018 07:09 AM
ඔය එක වාහනයක පස්දෙනා ගානේ ගියබටට සැලකුවහොත් උපරීම ලක්ෂ හයක් විතර වෙවී. තවත් ලක්ෂ දහයක් වත් එදා දවසේ දකුණු පලාතට යන්න ඇති. ඒ මිනිසුන්ගේ ගමන් පහසුව ගැන කවුරුත් කතා කරනවද ඒ මිනිසුන්ගේ කාළය වටින්නේ නැද්ද. මුලු රටක් ණය කරුවන් බවට පත් කරලා ස්වල්ප දෙනකුගේ පහසුව හා කාළය ගැන පමණක් විතරද රටක් සැළකිලිමත් විය යුතු.
SumedhaSaturday, 25 August 2018 05:12 PM
ගලක් නොතිබුනා නෙවෙයි. විවෘත කරන්න හදිස්සියට ගල තියෙද්දි වතුර පිරෙව්වා, පස්සෙයි තේරුනෙ ගල නිසා ලොකු නැව් ඇතුල් කරන්න බැහැ කියලා. ඉතින් ගල කඩන්නත් ණයක් ගත්ත. එහෙමයි වරායට ඩොලර් බිලියන 1.3 ක වියදමක් ගියේ.
RNG Saturday, 25 August 2018 09:04 PM
මේ කුහකයින්ට මීට වඩා කියන්න පුළුවන් දෙයක් නෑනේ.. අමල් මොකද මේ ආණ්ඩුවෙන් ඔහොම දේවල් කරා කියන්නද..? කරපු දේවල්වලටත් ගරහන්න විතරයි මේ අය දන්නේ....
HERASunday, 26 August 2018 05:31 AM
අමල් ලංකාවේ නෙවෙයිද ඉන්නේ? හයිවේ සැලසුම් කරේ ප්‍රේමදාසගේ කාලේ... හදන්න පටන් ගත්තේ චන්ද්‍රිකාගේ කාලේ... ඉවර කරේ මහින්දගේ කාලේ... තවම චීනෙට ගෙවනවානේ අාදායමෙන්.. කවුරු හැදුවත් මේක හදලා තියෙන්නේ බාල විදිහට... හදපු කාලේ වගේ දැන් වේගෙන් යන්න පුළුවන්ද දැන්? වාහන ගැස්සෙනවා යනකොට. කවුරු රජ කරත් වැඩක් නෑ.. කොමිස් ගහලා බාල වැඩ කරන හොරු ඉන්නකන්....
ajith Saturday, 25 August 2018 12:45 PM
මේ අධිවේගී මාර්ගයෙන් රටට වෙන සේවය නිම කරන්න බෑ. මේ ලක්ෂයක් දෙනාගේ ඉතුරු වෙච්ච කාලයම ලක්ෂ ගානක් වටිනවා. ඒ වගේම අධිවේගේ නිසා ගාලු පාරවගේ අනෙක් මාර්ගවල වෙන අනතුරුත් අඩු වෙනවා. අධිවේගී මාර්ග හැම ප්‍රධාන නගරෙකටම දැම්මොත් රට දියුණු කරන එක හීනයක් නෙවෙයි. මිනිස්සුන්ට නිකන් ගෙවලුයි, සහනාධාර දෙනවට වඩා මේ වගේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන් රටට වෙන ප්‍රතිලාභ ගොඩක් වැඩියි.
Nasrudin Saturday, 25 August 2018 01:56 PM
වෙන රටවල අධිවේගී මාර්ග භාවිතා කරන්නේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට හා නිමි නිෂ්පාදන භාණ්ඩ අදාළ පරිශ්‍ර වලට ප්‍රවාහනය කරන්නයි. එහෙම නැතුව සති අන්තවල නෑදෑ ගෙවල් වලයි විනෝද ගමන් යන්නයි නෙමේ. ලැජ්ජාවයි හිරිකිතයයි නැතුව මේ ලොක්ක කියන්නෙම අපබ්‍රංශ. මම දකිනවා දක්ෂිණ අධිවේගයේ බෑවුම් වල දිගටම අඩි ගණන් උසට තණ කොළ වැවිලා. අනේ නඩත්තු හා මෙහෙයුම් ලොක්කෝ... පොඩ්ඩක් මලයාසියාව පැත්තට වගේ ගිහින් නිරීක්ෂණය කරන්න අධිවේගී මාර්ග (මලයාසියාවේ ඉඳල සිංගප්පූරුවට දිවෙන අධි වේගය විශේෂයෙන්) නඩත්තු කරන්නේ කොහොමද කියලා. ඉහලින් ලකුණු දාගන්න ප්‍රකාශ දදා ඉන්නේ නැතුව. චින්තනයෙන් අපි තාමත් ඇමර්සන් වනන්තරේ.
ShanakaSunday, 26 August 2018 12:41 AM
ටිකක් දැනගෙන මෝඩ කතා කියන්න එපා. අධිවේගී මාර්ග තියෙන්නේභාණ්ඩ ප්‍රවාහනය කරන්න විතරක් නෙමෙයි.
Thilina Sunday, 26 August 2018 08:02 AM
අනේ මහත්තයෝ බොරු නොකියා ඉන්න.. අපිත් මැලේසියාවේ ගිහින් තියෙනවා. මුලු රටම හයිවේ වලින් සම්බන්ධ කරලා තියෙන්නේ.. ඒ මාර්ගවල බයිසිකල් පවා ධාවනය වෙනවා.. එහෙම සැලසුමක් ඇතුව කරපු වැඩපිළිවෙළක් තමයි මේ ආණ්ඩුව ආපු ගමන් නැවැත්තුවේ..
appuhami Saturday, 25 August 2018 02:50 PM
අමල් ලක්ෂ 62ටත් බදු ගෙව්වා ඕවා හදන්න.. මරා ගේ බූදලයකින් නෙමෙයි.. හොරකම් කරපු එකයි අවුල...
RNG Saturday, 25 August 2018 09:10 PM
මේ ආර්ථික ඔස්තාර්ලා දන්නේ හොරකම් කරගෙන තම තමන්ගේ මඩිය තර කර ගන්න විතරයිනේ ..
ශිරාන් Sunday, 26 August 2018 05:59 AM
නුවර අධිවේගී මාර්ගයේ ගහන ගැහිල්ල පේන්න පොඩ්ඩක් දෙකට නැමිලා බලන්න කිරි ඇල්ල දිහා...
RNG Sunday, 26 August 2018 07:12 AM
හොරකම් කරලා හරි රටට ප්‍රයෝජනවත් දෙයක් කරා නේ .. ඒ වුණාට දැන් ඉන්න අය දන්නේ හොරකම් කරලා තමන්ගේ මඩිය තර කරගන්න විතරයිනේ..
prabha Saturday, 25 August 2018 03:37 PM
නස්රුදීන් මොන රටේ දැක්ක අදිවේගී මාර්ගයක් ගැනද කතා කරන්නේ? ඕනෙම රටක නිවාඩු කාලෙට මාර්ග තදබදය ඇතිවෙනවා.
Thilina Saturday, 25 August 2018 05:02 PM
අමතකද ජවිපෙ මේක හදද්දී කිව්වා මහින්දට මාළු ඇඹුල් තියලුයි ඉඳිආප්පයි ගේන්න තමයි මේක හදන්නේ කියලා. කිලෝමීටරේට යන ගාන බලලා රත්තරන් වලින් හදන්නේ කිව්වා. දැන් නුවර එක ඊට වඩා වියදමක් දරලා හදද්දී සද්ද නැහැ
SamanSaturday, 25 August 2018 08:38 PM
නුවර එකට අනිවාර්යයෙන්ම වැඩි වියදමක් යනවා. කඳු ප්‍රදේශයේ හදනකොට හුඟක් දුර කොන්ක්‍රීට් කනු උඩ හදන්න වෙනවා.
විකුම් රංගන Saturday, 25 August 2018 08:43 PM
කොහොමත් මහපාරේ පමණක් නොවේ... අධිවේගි මාර්ගවලත් "ඉබාගාතේ" යන පිරිස අඩුවෙන්න තරම් කිසිම සාධාරණ හේතුවක් ලංකාවේ තිබෙන්න බැහැනේ.. ඒ නිසා ඉබාගාතේ යන එකත් සංවර්ධන මිම්මක් ලෙස සලකන රටක, ඒ පැත්තෙන් හෝ ඉදිරියට යන්නේ නැතිව වෙන කුමන පැත්තකින් ඉදිරියට යන්නද?
Kumara dubai Sunday, 26 August 2018 01:28 AM
වාහන ලක්ෂයක්? එතකොට පැයකට 4167ක්නේ... ඇතුළුවීම් කොපමණ තියෙනවද?
Bandara Sunday, 26 August 2018 03:09 AM
අප්පුහාමි.. එදාටත් වඩා දෙගුණනයකින් අපි දැන් බදුගෙවනවා. රජයේ වෙන සංවර්ධනයකුත් නැහැ. ඒ බදු සල්ලිවලට වෙන දෙයකුත් නැහැ. රුපියලත් මස්ත බාල්දුවෙලා..
diasSunday, 26 August 2018 11:23 AM
ඔය බදු සල්ලිවලින් තමයි ඔය අධිවේගී මාර්ග හදන්නට ගත්ත ණය ගෙවන්නේ. දැන් කෙරෙන්නේ විශාල මුදලක් ගත් ණය ගෙවීමට යෙදීම මිස සංවර්ධනයක් නොවේ.
RNG Sunday, 26 August 2018 01:39 PM
ඒ කාලෙත් ඒ ණය ගෙව්වා .මේවයින් ලැබුණු ආදායමෙන් ..දැන් කරන්නෙ ඔය බොරු කිය කියා තම තමන්ගෙ මඩිය තර කර ගන්න එක විතරයි..
rohana Sunday, 26 August 2018 03:31 AM
තිළිණ දක්ෂිණ මාර්ගය තැනිතලා පොළොවේ නමුත් නුවර එහෙම නැහැ.. කඳු දෙකක් යා කරන්න ඕනෑ විශාල පාලම්වලින්... කොහෙද වැස්සකටවත් ස්කොලේ ගිහින් නැද්ද?
Perakum Sunday, 26 August 2018 05:39 AM
ළිං මැඩි ආකල්පයෙන් බැහැර වෙලා ලෝකය දෙස ඇස් අැර බලන්න. බලා ඉදිරියට යන්න.
d.upul Sunday, 26 August 2018 07:38 AM
අධිවේගී නම් කොහොමද අයියෝ තද බද ඇතිවෙන්නේ? දැන්වත් පේනවද මෙහි සැලසුම්වල වැරදි?
NASRUDIN Sunday, 26 August 2018 08:53 AM
ප්‍රභා වෙත, පුංචි ළිං කටින් මතු වී අඳුර දුරලා - බලන් කඩතුරා හැර දෙනුවන් යොමා සත් සමුදුර පරයා....
prabha Sunday, 26 August 2018 10:53 AM
නස්රුදීන් මම වසර 20ක් ඉන්නේ යුරෝපේ. රැකියාව සංචාරක රියදුරු... ඉතින් මොනවට අධිවේගී මාර්ග ගැන කතා කරනවද?
dias Sunday, 26 August 2018 12:37 PM
ප්‍රභාගේ අදහස නිවැරදියි. මා දැක තිබෙනවා යුරෝපයේ පමණක් නොවේ, උතුරු ඇමෙරිකාවේත් අධිවේගී මාර්ග භාවිතා වන්නේ මගී හා භාණ්ඩ ප්‍රවාහන යන ද්විත්ව කරුණු සඳහායි. එබැවින් අනිකුත් රටවලත් දිගු සති අන්තවල ස්වභාවයෙන්ම මේ මාර්ග තුල දැඩි තදබදයක් පවතිනවා. කෙසේ වෙතත් මා සිතන පරිදි අධිවේගී මාර්ගවලින් රටේ සියලු ප්‍රදේශ යාවී, රටේ සියලුම ප්‍රදේශ එකසේ සංවර්ධනය වීමට වැඩි රුකුලක් ලැබේය කියා...
NASRUDIN Sunday, 26 August 2018 04:39 PM
ප්‍රභා, ඩයස් දෙසොහොයුරානන් වෙත, ඔබලාගේ අදහස් වලට මම ඉතසිතින් හිස නමමි. මාගේ ප්‍රකාශයේ යටි පෙළ අරුත නිසි ලෙස අවබෝධ කර ගැනීමට කරුණාකර උත්සාහ කරන්න. ඔබට ජය සතුට පතමි.
Nihal Monday, 27 August 2018 01:18 AM
අධිවේගී නොමැති කාලේ පැලියගොඩ සිට ගුවන් තොටුපොළට, මීගමුවට එන්න පැය දෙක හමාරක් විතර යනවා තෙල් ටැංකිය හිස් ,දැන් විනාඩි 18.මොනතරම් මුදලක් කාලයක් ඉතුරුද??
දිලුම් Tuesday, 28 August 2018 03:37 AM
අපේ රටේ එවුන්ට මොනව කලත් වැඩක් නැ. හදල දුන්න දේ රැක ගන්න දන්නෙත් නෑ. හිටපු මනුස්සය කරපු දේ සහ එහි වැරදි කිය කියා ඉන්නව ඇරෙන්න මුන් කරන දෙයක් නැ. ගහපු බෙරේකුත් නෑ නටපු නැටුමකුත් නෑ අන්තිමට. අනික මොන කරන්න ගියත් නැ බෑ මිසක් කොහොම හරි කරනවා කියල නෙමේ මුන් හිතන්නේ ඉතිං දැං ලංකාවට එදා වේල කන්නත් ණයට ගන්න වෙන එක අහන්නත් දෙයක්ද. නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියන එක මේ ආණ්ඩුවට නියමෙට ගැලපෙනවා.