IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දක්ෂතාව හා කැපවීම තිබුණොත් ඉදිරියක් තියෙන ක්‍ෂේත්‍රයක්

2017-01-03-ent-48

රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යන ඇය නිරූපණය හැදෑරීම් කරමින් එක්වන්නීය. නවක නිරූපණ ශිල්පිනියක වන ටීනියා මීනු උදේශිකා වන ඇය ඇගේ නිරූපණ ක්‍ෂේත්‍රයේ ආගමනය පිළිබඳ ‘සාරවිට’ සමගින් මෙලෙස පැවසුවාය.

 

ඔබ කවුද? මොනවද කරන්නේ?

2017-01-03-ent-46මගේ නම ටීනියා මීනු උදේශිකා. මම Beauty Culture Course එකක් කරනගමන් තමයි Modeling කරන්නේ.

 

නිරූපණ ක්ෂේත්‍රයේ ඔබ කැමති පැත්තක් ඇති?

ඔව් මම කැමති Bridalවලට. දැනට ගොඩක්ම නිරූපණ කටයුතුකරලා තියෙන්නෙත් ඒ පැත්තෙන්ම තමයි.

 

නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ කුමන කාලයේදීද?

දැනට මාස 05කට 06කට විතර කලින් තමයි මම ක්ෂේත්‍රයට එන්නේ.

 

ඔබට මේ ක්ෂේත්‍රය තෝරගන්න හිතුණේ?

ඒක මගේ හිතේ තිබුණ ආසාවක්. ඒක අදවෙද්දී ගොඩක් දුරට සැබෑවෙලා තියෙනවා.

 

මේ සඳහා පවුල් පසුබිමෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මට මීට පෙරත් ආරාධනා ගොඩක් අවස්ථා ලැබුණා. නමුත් ඒ සඳහා ගෙදරින් කැමැත්තක් ලැබුණේ නැහැ. පසුව එයාලත් තේරුම් අරගෙන මට අවසර දීලා තියෙනවා. ක්ෂේත්‍රයේ නියැළෙන්න. දැන් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් මට ගෙදර අයගෙන් උදවු ලැබෙනවා.

 

ගොඩක් අය චෝදනා කරනවා ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයට නවකයන් නිසා හානියක් සිදුවෙනවා කියලා. ඔබ මේ සඳහා දක්වන අදහස?

මෙහෙමයි. දක්ෂ නැතිකෙනෙක් ඉන්නවානම්, ඒ දේවල්වලට සුදුසු නැති කෙනෙක් ඉන්නවානම් එයාට ලොකු දුර ගමනක් යන්න බැහැ. එයාලා මගින් නවතිනවා. එයාලා ආසාවත් එක්ක කරන දේට මොකුත් කියන්න හොඳ නෑ. දක්ෂතාව, වාසනාව තියේනම් එයාලා ඉදිරියට යයි. එහෙම වෙනව දකින්න කවුරුත් ආසයි. එයාලටත් ඒ අයිතිවාසිකම තියෙන්න ඕනෙ කියන එක තමයි මගේ අදහස.

 

රංගනය සඳහා යොමුවීමට කැමැත්තක් නැද්ද?

ආසාවක් තියෙනවා. දැනටමත් ආරාධනා කීපයක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒවාට සම්බන්ධවෙන්න හිතාගෙන ඉන්නවා.

 

යම් දෙයක් කරන්නනම් ඒ දේ සඳහා පුංචි හෝ දැනුමක් තිබිය යුතුයි. ඔබ රංගනය පිළිබඳ හැදෑරීමක් කරලා තියෙනවද?

මම එහෙම හැදෑරීමක් නම් කරලා නැහැ. නමුත් මම ඒ වැඩකටයුතු පටන්ගැනීමට කලින් රංගන පිළිබඳ වැඩිදුරටත් හැදෑරීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ.

 

නිරූපණ ක්ෂේත්‍රයේ ඔබටත් සීමා මායිම් තියෙනවාද?

ඔව් අනිවාර්යයෙන්ම. මට යම්කිසි සීමාවක් තියෙනවා. මගේ සීමාවෙන් පිට මම වැඩකටයුතු භාරගන්නේ නැහැ.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ක්ෂේත්‍රයේ හොඳ නමක් තියාන ලොකු ගමනක් යන්න ආසාවෙන් ඉන්නේ. මම හිතනවා මගේ බලාපොරොත්තුව ඉෂ්ටවෙයි කියලා.

 

ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ගැන හදාරනවා කිව්වා. ඒ ගැන කිව්වොත්?

මම රූපලාවණ්‍ය ගැනනම් ගොඩක් දුරට හදාරලා තියෙනවා. ගොඩක් පාඨමාලා කරලා තියෙනවා. සැලෝන් එකක් දාන අදහසින් මේ දිනවල ඒ පිළිබඳ හදාරමින් ඉන්නවා.

 

විලාසිතා දැක්මක් සඳහා දායක වෙන්න ආසාවක් නැද්ද?

ඒ සඳහා ලොකු ආසාවක් තියෙනවා.

 

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ සැමත්, ඉසුරු අයියා, නලින් අයියා මේ වෙලාවේ මතක් කරනවා. මම අද තැනක ඉන්නවානම් ඒ ඒ අය හින්දා තමයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - දිෂ්ණ ධර්මරත්න
 

Hair and Makeup - Kalpani Elvigala

2017-01-03-ent-47

2017-01-03-ent-45
2017-01-03-ent-44
2017-01-03-ent-43
2017-01-03-ent-42
2017-01-03-ent-41
2017-01-03-ent-40
2017-01-03-ent-39
2017-01-03-ent-38
2017-01-03-ent-37



අදහස් (0)

දක්ෂතාව හා කැපවීම තිබුණොත් ඉදිරියක් තියෙන ක්‍ෂේත්‍රයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 331 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 729 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 120 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 583 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6689 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2184 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site