IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දුක පවු කළවුන් වෙත පැමිණෙයි.

දුක පවු කළවුන් වෙත පැමිණෙයි. 01.    කුසල් අකුසල් නමැති දෙ දහම් සිතිනි ඉපැදේ  සිත පෙරටු වේ දුසිතෙකින් කීවහොත් කෙරුවොත් විපා දුක ලුහුබඳී පසුපස රිය සකක් ලෙස ගොනුන් ලුහුබැඳි ( සක්පල් තෙරුන් වෙනුවෙනි )

ගී පබැඳුම - තිලක් නවරත්න
01.    යමක වග්ගෝ 01.    මනෝපුබ්බංගමා  ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසා චේ පදුට්ඨෙන භාසතී වා කරෝති වා තතෝ නං දුක්ඛමන්වේති චක්කංව වහතෝ පදං 01.නිදාන කතාව දුක පවු කළවුන් වෙත පැමිණෙන සැටි නම පාලිත. පාලිත දනවතෙක්. දඹදිව සැවැත් නගරයේ නම්බුකාර පවුලක උපන් පාලිත විවහකයෙක්. (කෙළෙඹියෙක්) නිතර නිතර බුදුන් වඳින්නට දෙවුරම් වෙහෙරට යන-එන සැදැහැවතුන් දැක පැහැදී පාලිත ද ඔවුන් හා දෙවුරම් වෙහෙරට ආවා.සිරි සදහම් අසා පැහැදුණා. තම සෝවුරාට සිය ජාති දේපල පවරා දී නිවුණු සිතින් පැවිදි වුණා. වයස් ගත ව පැවිදි වූ නිසා ගත් දුර නො වඩා විදසුන් දුර වඩා නිවන් ලබන්නට යොමු වුණා. නො නිදා ම බාවනා කළා. අප්පමාද ව විවසුන් වැඩුවා. විඩා පත් ඇස් රෝගී වුණා. ඇසට වෙදකම් ගැනීමෙහි ද, වෙදුන් ගේ උවදෙස් පිළිපැදීමෙහි ද,වුවමනාවක් කෙළේ නෑ. නො පමා විදසුන් වැඩුවා. රහත් පල ලැබුවා. රහත් පලයත් ඇස් අඳ වීමත් එක වර ම  වුණා. නමින් චක්කුපාල බවට පත් වුණා. චක්කුපාල රහතන් වහන්සේ පෙර බවයෙක සමත් වෙදැදුරකුව සිටියා.ඒ වෙදුන් ගෙන් නෙත් ලෙඩ ගැහැනියක් වෙදකම් ගත්තා. ඇය සුව ලැබුවා. වෙදුනට ගෙවීමෙහි ලොබ හෙයින් ඇස් සුව වූ බව හැඟැවූයේ නෑ. කළ රැවැටිල්ල වෙදැදුරුට වැටැහුණා.වැඩි සුවයට දෙන ඔසුවක් සේ සවිස බෙහෙත් දුන්නේ කිළිටි සිතිනුයි. සුවපත් නෙත් යළි අඳ වුණා. ඒ කළ අකුසලය තම අන්තිම අත් බවයේ දීත් පළ දුන්නා. රහත් වී සියලු දුක් නිම කළා. ඒත් ඇස් අන්ද වුණා. එ කල වෙදැදුරන් තමයි චක්කුපාල හිමියෝ. විපාකය පසුපසින් ලුහුබඳින සැටි සිරි මුවින් වදාළා.



අදහස් (0)

දුක පවු කළවුන් වෙත පැමිණෙයි.

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 28 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 102 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 596 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 482 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 204 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 691 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2017 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site