IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දිගටම ගී ගැයීමේ අදහසක් මට නැහැ

සංසාරේ ආල සිනා ශෘංගාරේ යා කෙරුණා පිනියායේ සැරි සරනා වරුගානේ කොඳුරමිනා සිත අස්සේ ඈ රැඳුනා සිත මාගේ පිනි ඉසිනා නෙතු යායේ ඉඟි බසිනා රතු දෙතොලක පැහැසර රැඳුණා වතු සුදු මල හද තුළ පිපුනා. ඔබෙ සුවඳ දිදී මදනල වෑහිලා පායා...... මේ ගීතය ගයන ඔහු කවුද කියා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ඔහු දේශපාලන කරළියේ ජනප‍්‍රිය චරිතයක් ලෙස ඔබ හොඳින් දන්නා හඳුනන දයාසිරි ජයසේකරය. අද ඔහු ගැන වැඩිදෙනා කතා බහ වන්නේ ‘‘සංසාරේ” නමැති මේ මියුසික් වීඩියෝව නිසාය. වත්මනෙහි විකාශය වන මියුසික් වීඩියෝ අතරින් ඉහළ ජනප‍්‍රියත්වයක් ලැබෙමින් පවතින මියුසික් වීඩියෝවක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. හදපත්ලෙන්ම දැනෙන ආදරය ගීතයෙන් ප‍්‍රකාශ කරන අපූරු ආමන්ත‍්‍රණයක් ලෙස ඔහු ගයන මෙම ගීතය නම් කළ හැකිය. සාමාන්‍යයෙන් ජනතාව අතර දේශපාලනඥයින් ප‍්‍රකටව ඇත්තේ බයිලා කියන පිරිසක් හැටියටය. එවැනි ආමන්ත‍්‍රණයක් තිබියදී සැබෑලෙස ගීතයක් ගයමින් සොඳුරුතම ආමන්ත‍්‍රණයක යෙදෙන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සමඟ දේශපාලනයෙන් තොර ගීතවත් පිළිසඳරක යෙදෙමු.   ඇයි ඔබට මියුසික් වීඩියෝවක් කරන්න හිතුණේ? එක් එක් අවස්ථාවලදී ගීත කීපයක් ගායනා කරලා තිබුණා. වසර කීපයක් තිස්සේ කළ ඒ ගීත එසේ තිබියදී තමයි මෙගා ස්ටාර් වැඩ සටහනට දායක වුණේ. මෙගා ස්ටාර් අවසන් වූ පසු මියුසික් වීඩියෝවක් කරමු කියන මේ අදහස සචිත් පීරිස් තමයි කිව්වෙ. ඒ විදියට නිර්මාණය වූ මෙය දිනෙන් දින ජනප‍්‍රිය වෙමින් තිබීම ඇත්තටම සතුටට කරුණක්.   මෙය කළේ තවත් විදියකට ජනප‍්‍රියත්වය රඳවා ගැනීමේ උපායක් ලෙසද? නැහැ, කොහෙත්ම නැහැ. තවත් විදියකට ජනප‍්‍රිය වෙන්න වුවමනාවක් මට නැහැ. දේශපාලනඥයකු ලෙස මුළු රටේම ජනතාව අතර කිසියම් ජනප‍්‍රියත්වයක් ලබලා ඇති. මෙය ඊට කොහෙත්ම සම්බන්ධ නැහැ. ජනතාව නිතර මා හමුවන අවස්ථාවලදී මෙවැනි දෙයක් කරන්නය කියන ඉල්ලීම බොහෝවිට කළා. මගේ හිත මිතුරන්ද එලෙස නිරන්තරයෙන් ඉල්ලීම් කළා. කවදද සී.ඞී.එකක් කරන්නෙ? කියන එක තමයි නිතර ඇහුවෙ. ඒ සියල්ලට අනුව කළ නිර්මාණ එළි දැක්වීමක් ලෙස මෙය නම් කරන්න පුළුවනි.   නමුත් වත්මනෙහි ගීත කලාව ගැන සමාජයේ බොහෝ දෙනා අතර, එතරම් පිළිගැනීමක් සහ හැඟීමක් නැහැ. එවැනි සමාජයක ඔබ මේ තෝරාගත් රචනය ගැන සෑහීමකට පත් වෙනවද? ඔය කියන දේට එක්තරා විදියකට මාත් එකඟයි. සමාජයේ සමහර කොටස් අතර ගීත කලාව ගැන එතරම් උනන්දුවක් නැති බව ඇත්ත. නමුත් විවිධ රචකයින්ට වගේම ශිල්පීන්ගේ හඬට සාපේක්‍ෂව ගීතය විවිධාකාර වෙනවා. මෙම ගීතයේ සංකලනය පද රචනයට සාපේක්‍ෂව නියමාකාරයෙන් මුසුවූ බව මගේ හැඟීමයි. පද රචනය කළ ෂෙහාන් ගලහිටියාව, රූප රචනය මෙන්ම තනුව කළ සචිත් පීරිස්ගේ සංගීතය මෙන්ම නිෂ්පාදන කටයුතු ආදී සියල්ලගේ නිර්මාණ දායකත්වය ඊට බලපෑවා. මෙය තනිකර මගේ නිර්මාණයක් නොවෙයි. මේ සියලූ දෙනාගේ නිර්මාණයක්. මෙය සරල අත්දැකීමක්. පෙම්වතා එය යළි ආවර්ජනය කිරීම තමයි ගීතයෙන් ප‍්‍රකාශ වන්නෙ. මේ විදියට සරලව රස විඳිය හැකි ගීත වගේම මහා ගැඹුරු අරුතක් දනවන ගීත ආදී විවිධ ගීත මෙම කලාවට අයත්. ඒ සියල්ල ගීත කලාවට අවශ්‍ය බව මගේ හැඟීමයි.   පුද්ගලිකව ඔබ ගීතය යන මාතෘකාව ගැන හිතන්නෙ කොහොමද? රචනයට මුසුවූ තනුවට සාපේක්‍ෂව නිර්මාණය වූ ගීතය අපේ ජන සමාජයට විටෙක පණිවුඩයක් ගෙන දෙනවා. කෙනෙකුගේ කිසියම් අත්දැකීමක් තවත් පිරිසකට දනවන්න පුළුවනි. මේ විදියට බොහෝ දේ ප‍්‍රකාශ කළ හැකි සංවේදී මාධ්‍යයක්. සංවේදී සන්නිවේදන භාෂාවක්.   මෙය ඔබේ පුද්ගලික අත්දැකීමක්ද? නැහැ නමුත් කාට හෝ අත්දැකීමක් බවට පෙරළුණ තේමාවක් වෙන්න පුළුවනි. විරහා ගීත කලාවේ විවිධ ස්වරූප තිබෙනවා. ඒ අතර මෙම ගීතය ආදරයේ සුන්දර ආවර්ජනයක් කියලයි මට හිතෙන්නෙ. එය සෑම කොටසකටම විඳ ගත හැකි බව මගේ හැඟීමයි.   අපි අතීතයට ගියොත්, මතකද ඔබ මුලින්ම ගීතයක් ගැයූ දවස? එතකොට මගේ වයස අවුරුදු හතක් විතර ඇති. මම කිත්සිරි අය්යා සහ අක්ක ශ‍්‍රියානි ධම්මිකා එකතුවෙලා මඟුල් ගෙවල්වල ජයමංගල ගාථා කියන්න ගියා. අපේ නෑදෑ මංගල උත්සව සහ තවත් ඒවාට අපව තෝරා ගත්තා. පසු කාලයක ආනන්ද රන්බණ්ඩාර මහතාගේ සංගීත පන්තියට බැඳී කටයුතු කළා. පසු කාලයක මම අය්යා එකතුවෙලා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගියා. ඒ දවස්වල රූකාන්ත සහ පණ්ඩිත් අමරදේව මෙන්ම සුනිල් එදිරිසිංහයන්ගේ ගීත මම ගායනා කළා. රූකාන්තගෙ ‘‘ඉඳුනිල් ගඟුලැල්’’ ආත්මාගේ ලියතඹරා වැනි ගීත ඒ දිනවල මගේ ප‍්‍රියතාවයේ ඉහළින් තිබූ ගීත වුණා. ඊට පසුව කොළඹ සරසවියේ නීති පීඨයේ සිටියදී ‘‘පූර්විකා’’ නමින් මම ප‍්‍රසංගයක් කළා. මගේ ගීත වගේම වෙනත් අයගෙ ප‍්‍රකට ගීත ඊට ඇතුළත් වුණා.   දේශපාලනයට නෑවිත්, වෘත්තීය ගායන ශිල්පියකු ලෙස කටයුතු කළානම්, අද ඔබ මොන වගේ තැනක සිටීවි කියලද හිතන්නෙ? ජනප‍්‍රිය වෙන්න ඉඩ තිබුණා. ඒත් ගායකයකු ලෙස යන්න දුරක් මට නැහැ. දේශපාලනඥයකු ලෙස ජනතාව අතරට ගිය මේ ගමන ගැන සෑහීමකට පත්වෙනවා. දේශපාලනයෙන් මැරෙනකල්ම ජනතාවට සේවය කිරීම අරමුණයි.   කාලයකදී ඔබ නිරූපන ශිල්පියකු ලෙසත් කටයුතු කර තිබෙනවා නේද? ඇත්තටම ඒ කාලයේදී නළුවකුවීමේ ආසාව තිබුණා. බඹර කලාපය චිත‍්‍රපටයේ රඟපෑවා. ඊට අමතරව සත්සර රංගන වැඩ සටහනේ ගීතමය ජවනිකාවලට රඟපෑමෙන් එක්වුණා. කාලයක් නිරූපන ශිල්පියකු ලෙසත් කටයුතු කළා.   මේ මියුසික් වීඩියෝව ඔබගේ දේශපාලන ප‍්‍රතිරූපයට ගැලපෙනවා කියලා හිතනවාද? එය ඊට හානියක් නැද්ද? දිගින්-දිගටම ගීත ගැයීමේ අදහසක් මට නැහැ. එය වෘත්තියක් කර නොගන්නා නිසා මට එය ප‍්‍රශ්නයක් වන එකක් නැහැ. නීතිඥවෘත්තිය සහ දේශපාලනය මගේ ගමනාන්තයයි.

 

සංසාරේ ආල සිනා සමග

දායාසිරි ජයසේකර

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

දිගටම ගී ගැයීමේ අදහසක් මට නැහැ

කෝසල Sunday, 14 October 2012 12:32 PM

ඇත්තටම දක්ෂයෙක්. පක්ෂ මාරු කරන්න එපා. (නි)

:       0       0

කමල් Friday, 12 October 2012 10:01 AM

හපොයි ...........ඔය පක්‍ෂෙ ඉදලනම් වැඩක් නෑ (ස)

:       0       0

ලහිරු Thursday, 08 November 2012 08:52 PM

ඔබත් සුන්දරයි. ගෙදරත් සුන්දරයි. පක්ෂයත් සුන්දර කරන්න. එතකොට රටත් සුන්දරවේවි. (නි)

:       0       0

බෙනට් Friday, 12 October 2012 03:17 PM

දිගටම ගී ගැයීමේ අදහසක් මට නැහැ , හැබැයි දිගටම බයිලා කියන එක නම් නවත්වන්න එපා මල්ලියෝ .. (ස)

:       0       0

අනුර Thursday, 11 October 2012 07:51 AM

හදවතින්ම කර කතාවක් (ස)

:       0       0

ලලිත් Friday, 02 November 2012 11:47 AM

ජිවිතයේ විශේෂ අගයක් එකතු කරගත් මිනිසුන්ට මම කැමතයි.(ස)

:       0       0

පද්මිණි Wednesday, 17 October 2012 09:47 AM

කලාතුරකින් හමුවන චරිතයක් (නි)

:       0       0

බමුණුගම Thursday, 11 October 2012 09:10 AM

ගීත නොකියන තරමට හොඳයි (ස)

:       0       0

ගාමිණී Thursday, 11 October 2012 05:00 PM

ඔබේ ගී තව තවත් ඇසේවා! මොකද අද අනුන්ගේ ගී ගයන ගායකයන් ඉන්න රටක තමුන්ගේම ගී ගයන එක ගායකයෙක් වත් නව පරපුරෙන් දැකීම මහත් සතුටකි. ඔබේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. දේශපාලනයේදීද ඔබට බොහෝ දුර යාමට පුළුවන. ඔබට ඇති බාදක ඉක්මනින්ම ඉවත්වෙවායි පතමි! (නු)

:       0       0

සංජීවනී Wednesday, 17 October 2012 10:19 AM

දිගටම ඒවා අහන්නත් අපේ අදහසකුත් නැහැ (නි)

:       0       0

නන්දලාල් Saturday, 13 October 2012 07:13 PM

ඔබ ගයන්න ඔබ ගයන්න සවන් පිනවලා.. මේ පැත්තට ඔබ එන්නකෝ ඇමතියෙක් වෙලා..!(නු)

:       0       0

හේමන්ත Wednesday, 10 October 2012 06:55 PM

මෙයා හොඳයි. හැබැයි කට තමයි වැඩි.(ස)

:       0       0

අමිල කටුනායක Friday, 16 November 2012 08:29 AM

මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

සාලුක Friday, 19 October 2012 06:38 AM

ආඩම්බර කුරුල්ලා, කොහෙන්දෝ ඇවිල්ලා... (නි)

:       0       0

සරා Thursday, 11 October 2012 09:50 AM

මමත් ඔබ තුමාට ගොඩක් කැමතියි. වැඩක් කරන්න පක්ෂය මාරුකරන්න (ස)

:       0       0

ශානි Friday, 12 October 2012 11:09 PM

මිනිස්සු ඔයාට ඡන්දය දුන්නේ දිගටම ගයන්නද? (නි)

:       0       0

ජානා Thursday, 11 October 2012 10:04 AM

බොරු මොකටද ඇත්තමට වැඩ කාරයෙක්.. විවිධ ක්ෂේත්‍රවල හැකියාව තියෙන අය හරිම අඩුයි.. ඔබ දක්ෂයෙක්.. හැඩකාරයි.. කටකාරයි.. ඇත්තටම හොදයි.,!(නු)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Saturday, 13 October 2012 08:07 PM

රගපාන්නත් දක්ෂයි නෙද ඔබතුමා..!(නු)

:       0       0

ලයනල් Thursday, 11 October 2012 10:09 AM

ඔබතුමාට සැබෑ දක්ෂතාවයක් හොද ආනාගයක් තියෙනවා.. නමුත් මේ ලංකාවෙ සුදුස්සාට සුදුසු තැන නැහැ..!(නු)

:       0       0

නිරන් සෞදි Wednesday, 10 October 2012 07:19 PM

ඔබට අපි ඇත්තටම ආදරෙයි.. මේ රට ගලවාගන්න පුළුවං යූඇන්.පී එකට විතරයි.. අපේ පක්ෂයේ ඉදිරියටම ගේන්න යන්න කැපවෙන්න..!(නු)

:       0       0

කරෑ Thursday, 11 October 2012 10:27 AM

ගායනයට හැර අනෙක් සියල්ලට දක්ෂයෙක්.. (ස)

:       0       0

suminda kumaranayake Thursday, 11 October 2012 10:37 AM

සර්, ඔබ‍ට මගෙන් සුබ පැතුම් (ස)

:       0       0

සානුල් Wednesday, 10 October 2012 08:01 PM

පණ්ඩිත කතා... (නි)

:       0       0

බමුණුගම Thursday, 11 October 2012 10:42 AM

ලස්සනට ගොනාට අන්දලා වගේ (ස)

:       0       0

ඉනෝකා Wednesday, 10 October 2012 07:56 PM

දේශපාලනය නිසා ගී නොගයන්නේ නම් එය ඔබ ඔබේ හැකියාවන්ට හා ඔබේ හඩ ප්‍රියකරන රසික රසිකාවන්ට කරන බලවත් අසාධාරණයකි. ඔබ සතු ගැඹුරු හා තියුණු හඩ නපුංසක හඩින් ගී ගයන සුපර් ස්ටාර් වෙන්නට දගලන බොහෝ දෙනෙකුට කදිම පිළිතුරකි. කෙනෙකුට හැකියාවන් ගොඩක් එක ජිවිතයක දී ලැබෙන්නේ පෙරකරන ලද පිං නිසාය. එම හැකියාවන් නිසිලෙස කළමනාකරණය කරගත්තොත් විශාල සමාජ මෙහෙවරක් ඔබට කළ හැකිවනු ඇත. බුදු සරණයි! (නි)

:       0       0

අචිනි Thursday, 11 October 2012 10:49 AM

මෙතන අදහස් දක්වන අය ගැන දුකයි.. ආණ්ඩුව මොන දේ කලත් හොදයි.. විපක්ෂයේ අය මොනවා කළත් වැරදියි.. අනේ මන්දා?(නු)

:       0       0

නන්දේ Sunday, 14 October 2012 03:46 PM

කට පොඩ්ඩක් අඩුවුණා නම් හොදයි. (නි)

:       0       0

පියල් Thursday, 18 October 2012 11:05 AM

සුභපැතුම් ඔබට

:       0       0

සජී Tuesday, 16 October 2012 12:18 PM

'දිගටම ගී ගැයීමේ අදහසක් මට නැහැ' ඔවු ඔවු නැතුව නැතුව. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 08:31 PM

ඔබතුමා මා ප්‍රියකරන චරිතයක් . අවාසනාවට ඔබ දේශපාලඥයෙක් වුණේ (ස)

:       0       0

දීපානි චන්ද්‍රිකා Saturday, 13 October 2012 10:09 PM

මම නම් ගොඩක්ම කැමති කෙකෙන් ඔයා.. ඔයාගේ කතා විලාසෙට මම ගොඩක්ම කැමතියි..!(නු)

:       0       0

ශ්‍රියාකාන්ත Friday, 12 October 2012 05:15 PM

දිගටම ගයන්න (නි)

:       0       0

රනිල් සේනානායක Friday, 02 November 2012 01:57 AM

සුභ පැතුම් උතුමාණෙනි.!(නු)

:       0       0

ප්‍රසන්න Thursday, 08 November 2012 02:23 PM

සුභ පතනවා අපි

:       0       0

ද සිල්වා Tuesday, 06 November 2012 09:19 PM

ඔබ ගායකයෙකි. (නි)

:       0       0

රොහාන් Thursday, 11 October 2012 07:23 PM

පිටිගල පොටෝ එකක් දානන් කියන්න එයාගෙ..(නු)

:       0       0

ප්‍රබෝධා Wednesday, 10 October 2012 10:12 PM

ඔබ දක්ෂයෙක්. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

කුමාර Sunday, 14 October 2012 05:00 PM

ඔබ පක්ෂය මාරු කරන්න එපා.(නදී)

:       0       0

ෂෙරීෆ් Wednesday, 10 October 2012 10:37 PM

ඔබගේ හඩ හරිම ලස්සනයි , හරුන් ලන්ත්‍රා මහතාගේ 'මගේ නාමලී'  ගීතය ඔබ හරි ලස්සනට ප්‍රතිනිර්මාණය කරා (ස)

:       0       0

රත්නායක Wednesday, 14 November 2012 06:58 PM

කලාවට සම්බන්ධ වුණා නම් අනාගතයක් තියෙයි. (නි)

:       0       0

අශාන් Sunday, 14 October 2012 04:12 AM

මෙතුමාට විරුද්ධව දාලා තියෙන අදහස් දිහා බැලුවහම අර ඉනෝකාගේ කතාව ගැන හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

උපුල් Monday, 15 October 2012 11:16 AM

ඔබ සුදුසු දේශපාලනයටයි (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 06 November 2012 03:38 PM

අයියෝ සල්ලි ඒ මොකද ඒ

:       0       0

shiraz Saturday, 13 October 2012 03:45 PM

ගීය මාරු කරන්න, තනුව මාරු කරන්න, ඒ වගේම ඔය පක්ෂයේ නායකයාවත් මාරු කරන්න. ඔබට සුභ පැතුම් (අ)

:       0       0

සේනානායක Thursday, 11 October 2012 12:31 AM

ඔබේ ගැඹුරු හඩින් නිසිලෙස ප්‍රයෝජන ගන්න. (නි)

:       0       0

මංජු Thursday, 11 October 2012 01:52 PM

දැන් ඉතින් කලාවටවත් සම්බන්ධ වෙන්න බලන්න (ස)

:       0       0

දිනේෂ් Saturday, 13 October 2012 04:04 PM

ඕකෙම හිටියොත් දිගටම ගයන්න වෙන්නේ ශෝක ගීත තමයි (ස)

:       0       0

තනූජා Thursday, 11 October 2012 01:52 PM

දිගටම ගයන්න (ස)

:       0       0

සංජිව Thursday, 18 October 2012 10:31 PM

දිගටම අහන්න අපේ අදහසක් නැහැ

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 11 October 2012 02:13 PM

ඔබේ හඬ ලස්සනයි , කණ්නාඩියත් ලස්සනයි , බලන හැටිත් ලස්සනයි, බලන්න ගීයක් කියන්නකෝ (ස)

:       0       0

රේවත Monday, 29 October 2012 02:12 PM

ඔබ ගායනා කළ තවත් එක් ගීතයක් එක්තරා මාධ්‍ය වැඩසටහනක ප්‍රචාරය වුණා. එය ඕඩියෝ හෝ වීඩියෝ තැටියක් ලෙසින් අපේ අතට පත්වේවිද? (නි)

:       0       0

පිටිගල Thursday, 11 October 2012 12:58 AM

මොන ඇදුම් ඇඳන් ෆොටෝ දැම්මත් ලස්සනක් නෑ . අලුත් සිංදුවට ඇති ප්‍රචාරය මිසක් ඉල්ලුමක් නොවේ. තිත්ත ඇත්ත ඒකයි (ස)

:       0       0

සුජීව Thursday, 18 October 2012 10:31 PM

කමක් නැහැ ඔබේ කමත්තනේ

:       0       0

නිශාන්ත Thursday, 11 October 2012 02:24 PM

ගුරුන්නාන්සේගේ ළගින්ම හිටියනම් මේ වෙනකොට ඔයත් ගොඩ..!(නු)

:       0       0

සේනක Thursday, 18 October 2012 10:31 PM

අපි වෙනුවෙන් වත්

:       0       0

සුජීව Thursday, 18 October 2012 10:39 PM

එහෙම කරන්න එපා

:       0       0

සන්ජිවා Thursday, 18 October 2012 10:31 PM

අයියෝ ඒ මොකද ඒ

:       0       0

සුදත් Thursday, 11 October 2012 01:08 AM

මමත් කුරුණෑගල. ඒත් මට මේ ලිපිය දැක්කහම මොකක්දෝ ලැජ්ජාවක් සහ දුකක් හිතෙනවා. (නි)

:       0       0

උපුල් Friday, 12 October 2012 02:24 PM

දේශපාලනය ඇකි සුදුසුම හැකියාව ගායනයට ඇති හැකියාවයි. (නි)

:       0       0

තිලක් Thursday, 11 October 2012 01:39 AM

හොද ලංකා පුත්‍රයෙක්. (නි)

:       0       0

අසේල Thursday, 11 October 2012 01:39 AM

මේ කවුද? මොනවද කරන්නේ? (නි)

:       0       0

කාන්ත Sunday, 28 October 2012 09:41 AM

මගේ සුභ පැතුම්. ඇත්තටම ලස්සන සිංදුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 48 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1560 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 461 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 83 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 427 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2307 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site