(නවරත්න සමරතුංග)
දිගාමඩුල්ල හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන පී.එච්.පියසේන මහතා අද( 17 ) උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව අක්කරපත්තුව පොලීසිය පවසයි.
පොතුවිල් අක්කරපත්තුව මාර්ගයේ යතුරු පැදියකින් කුඹුරට ගොස් එමින් සිටියදී පොතුවිල දෙසින් එකම දිසාවට ගමන් කල බස් රථයක ගැටී මෙම රිය අනතුර සිදුව ඇත.
තුවාල ලබා සිටි හිටපු මන්ත්‍රී පියසේන මහතා එම අවස්ථාවේම අක්කරපත්තුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා කල්මුණ රෝහලට ගෙන ගොස් තිබේ.
බසයේ රියැදුරා සමඟ එම බසයද පොලීසිය භාරයට ගෙන ඇති බව අක්කරපත්තුව පොලීසියේ උසස් නිලධාරියෙකු 'ලංකාදීප'යට පැවසීය.
2010 පාර්ලිමේන්තු මහ මැති වරණයේදී පි.එචි.පියසේන මහතා (ටී.එන්.ඒ ) දෙමළ ජාතික සංවිධායක යටතේ තරඟ කොට මන්ත්‍රී වරයෙක් ලෙස පත්ව එවකට පැවති රජයට සහය දුන් අයෙකු වන අතර ඔහුගේ සමාජ සේවා කටයුතු නිසා ජනප්‍රිය වි සිටියේය.
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දිගාමඩුල්ල හිටපු පා.ම. පී.එච් පියසේන අභාවප්‍රාප්ත වෙයි
Buddika Friday, 17 March 2023 02:23 PM
මෙන්න නියම දේසපාලකයෙක්. මන්ත්‍රී ඉන්දලත් කුඹුරට ගිහින් තියෙන්නෙ බයිසිකලයකින්. වෙනන එවුන්ට මන්ත්‍රෙ උනාම සයිකලය මතකත් නෑ ගමෙ ඉන්නෙත් නෑ. කුඹුරක් ජීවිතේට නොදැක්ක තැනට කොළඹ ඇවිත් ඉන්නෙ ඒ අතරින් මෙතුමා ගරු කල යුතුපුද්ගලයෙක්. සමාජ සේවකයෙක් ප්‍රායොගීකවම ණිවන් සුව ලැබේවා.
Rathasena Wijesekara Friday, 17 March 2023 05:47 PM
මෙන්න පාර්ලිමේන්තුවෙ හිටිය නියම පියසේනල. ඔබට නිවන් සුව .