IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘‘දඩ ගැසීමෙන් ඩෙංගු නැතිකරන්න බෑ’’

ඩෙංගු මදුරුවන් බෝවන්නට ඉඩදුන්නැයි සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමෙන් හෝ ඔවුනට දඬුවම් කිරීමෙන් ඩෙංගු උවදුර පිටුදැකිය නොහැකි යැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා ප‍්‍රකාශ කළේය. මුල්ලේරියා පොලිසිය එවැනි සැකකරුවන් පස්දෙනකු ඉදිරිපත් කළවිට මහේස්ත‍්‍රාත් කීවේ මදුරුවන් සිටින පෙදෙස දුමායනයට ලක්කළ යුතු බවයි. චෝදනාවට වරද පිළිගත් පස්දෙනාට රුපියල් පන්සීය බැගින් දඩ ගැසීය.



අදහස් (0)

‘‘දඩ ගැසීමෙන් ඩෙංගු නැතිකරන්න බෑ’’

කිරිමාටින් Wednesday, 11 July 2012 04:44 PM

හරියට හරි.මේක සෞඛ්‍ය අමාත්‍යංශයට අයිති කාර්යයක්.දඩ ගහලා අත හෝදගෙන නිකන් ඉදලා හරියන්නේ නෑ

:       0       0

ජගත් Wednesday, 11 July 2012 04:49 PM

කට්ටියට ඕන බලු බෙට්ටට හරි බදු ගහන්න..

:       0       0

උක්කුවා Wednesday, 11 July 2012 05:01 PM

ජගත්, ඒකෙන් කියවෙන්නෙ දඩ ගහන එක වැරදියි කියලා නෙමෙයිනෙ! ඔයා බොර දියේ මාලු බාන්න එපා!

:       0       0

ෂා Wednesday, 11 July 2012 05:47 PM

ඔබතුමා කියන කතාව තමයි බහුතර සාමාන්‍ය මිනිස්සුත් කියන්නේ

:       0       0

ෆාරු Wednesday, 11 July 2012 05:23 PM

උක්කුවා ආණ්ඩුවට පන්දම් අල්ලන්නේ නැතුව ඉන්නවද

:       0       0

ගුරුගේ Wednesday, 11 July 2012 05:29 PM

මහේස්ත‍්‍රාත්තුමා ගේ කතාව හරියටම හරි

:       0       0

varuna Thursday, 12 July 2012 10:25 AM

මඩ ගහල ඩෙංගු නැති කරන්න බැරි කතාව ඇත්ත. නමුත් ඒ සල්ලිවලින්?

:       0       0

සුනෙත් Thursday, 12 July 2012 10:28 AM

ඉස්සර හිටපු රජවරු වහින්නෙ නෑ කියලා අත පිහිදාගෙන නිකන් හිටියෙ නැහැ. වැව් හදලා ජලය එකතු කලා. මදුරු ප්‍රශ්නයත් සාමන්‍ය මිනිසුන්ට විසදන්න පුලුවන් දෙයක් නෙවෙයි. රජය මැදිහත් වෙලා කරන්න ඕන දෙයක්. ජාතික ප්‍රශ්නයකදී මිනිස්සුට වරද්ද පටවන්න විතරක් නම් ආන්ඩුව ඉන්නෙ , මිනිස්සුන්ගෙ සල්ලිවලින් යැපෙන ආන්ඩු මොකටද ?

:       0       0

අමිල Wednesday, 11 July 2012 07:46 PM

එතුමා රජ කමටත් සුදුසුයි

:       0       0

කළණ ජේ. Wednesday, 11 July 2012 07:41 PM

උක්කුවෝ! බොර දියේ මාළු බාන්නෙ කවුද කියලා මිනිස්සුන්ට පේනවා. ඩෙංගු මදුරුවා පිට දාලා හම්බ කරගන්න හදන්නේ ආණ්ඩුවයි. ලංකාවේ ගොඩක් නීති තීන්දු ගැන විවේචන තිබ්බත් මේ නඩුකාර උන්නාන්සෙට පින් සිද්ද වෙන්න ඕන, නීතියට වඩා යුක්තියට ගරු කලාට.

:       0       0

කබ්රාල් Wednesday, 11 July 2012 08:24 PM

ඩෙංගු සහ රථවාහන දඩ කියන්නේ අද ආණ්ඩුවේ ප්‍රධාන අදායම් මාර්ග දෙකක්.

:       0       0

කබ්රාල් Wednesday, 11 July 2012 09:02 PM

ඩෙංගු සහ රථවාහන දඩ කියන්නේ අද ආණ්ඩුවේ ප්‍රධාන අදායම් මාර්ග දෙකක්. මම දන්න විදිහටනම් අර රටේ ආර්ථිකය පාලනය කරන තැනින් හැම මාසෙම උපදෙස් දෙනවා කොච්චර දඩ හොයන්න ඕනිද කියල ඒ මාසය ඇතුලත.

:       0       0

Mohamad riswan saudi arabia Wednesday, 11 July 2012 09:44 PM

මාස දෙකකට කලින් ඩෙංගු බෝවන ස්ථාන හොයන්න ගිහින් කින්නියා ප්‍රදේශයේ හොඳට ගුටි කාපු පී.එච්.අයි. කෙනකුත් ඉන්නවාලු

:       0       0

පිලිපීනෝ Wednesday, 11 July 2012 11:27 PM

උක්කුවා හරි.ඒ වුණාට ගොඩක් මිනිස්සු දඩ වලට බයේ තමයි අවට පරිසරය පිරිසිදු කරන්න පෙළඹුනේ. ඒකත් ම් වෙලාවෙ හැටියට ලොකු දෙයක්

:       0       0

ජනර Thursday, 12 July 2012 01:23 PM

කට්ටියට වැදගත් ‍ඩෙංගු නොවෙයි දඩය.පොලීසියේ වාගේම PHI ලාගේත් ප්‍රගතිය මනින්නේ දඩ මුදලින්.

:       0       0

නලින් Thursday, 12 July 2012 12:50 AM

තවත් පණ්ඩිත වැඩක්.ඩෙංගු අල්ලන එක පී.එච්.අයි. ලගේ රස්සාව මිසක් ඒක පොලිසියේ වැඩක් නෙමෙයි. ‍ඉස්සෙල්ලා කුඩු කාරයෝ, අපරාධ කාරයෝ අල්ලලා ඉන්පස්සේ පොලිසිය ඔය වැඩේට බැස්සොත් නරකද?

:       0       0

ඔරන්හුටන් ෆ්‍රාන්ස් Thursday, 12 July 2012 01:43 AM

මහේස්ත්‍රාත් තුමාගේ කටේ මසුරන් දාන්න ඕන

:       0       0

නවීන් Thursday, 12 July 2012 01:45 AM

මහේස්ත්‍රාන් තුමා සම්පූර්ණ ඇත්ත කිව්වා ..

:       0       0

නවීන් Thursday, 12 July 2012 01:47 AM

මහේස්ත්‍රාත්තුමනි, අනෙක් කට්ටියට මේවා නොතේරෙන එකනේ පුදුමේ.ඔබතුමාලා මේ විදියට මේවා නිතර නිතර පෙන්නලා දුන්නේ නැත්නම් අසරණ වෙන්නේ රටේ මහජනතාව

:       0       0

නවීන් Thursday, 12 July 2012 01:50 AM

මේවා සැළසුම් සහගත ආදායම් මාර්ග.කාගේ ගිණුමට යනවද කියලා දන්නේ දෙයියෝ තමයි

:       0       0

නවීන් Thursday, 12 July 2012 01:51 AM

ආයෙත් කෝටි ගාණක් වියදම් කරලා කොහෙන් හරි ඩෙංගු මර්දන කීටයො ටිකක් ගෙනාවොත් නරකද?

:       0       0

නවීන් Thursday, 12 July 2012 02:31 AM

ඩෙංගු වලට කියුබාවෙන් ගෙන්වපු කීටයන්ට මොකද වුණේ?

:       0       0

නවීන් Thursday, 12 July 2012 01:54 AM

අර දවස් වල ඩෙංගු මර්දන කීටයන් ගැන කියලු කතාවල හැටියට නම් දැන් දකුණු ආසියාවේ ඩෙංගු උවදුර සහමුලින්ම තුරන් වෙලා තියෙන්‍න ඕනි

:       0       0

දමින්ද දුනසෙන Thursday, 12 July 2012 04:05 AM

ඉස්සර සුද්දගේ ආණ්ඩුවයි දැන් ආණ්ඩුවයි දෙකම එකයි මිනිසුන්ට හෙන ගැහුවත් කමක් නැහැ රජෙට කොහෙන් හරි බදු අයකර ගන්න තියේනම්

:       0       0

ඩෙන්සිල් Thursday, 12 July 2012 06:50 AM

මෙවන් උගත් ගරු විනිසුරුතුමන්ලා නිසා අධිකරණය ගැන මිනිසුන්ගේ ඇති ගෞරවය තව දුරටත් එසේම තියෙයි

:       0       0

සිල්වා Wednesday, 11 July 2012 04:33 PM

ඔබතුමා කියපු කථාව සහතික ඇත්ත. අනිත් අයටත් ඔබතුමා වගේ හිතන්න පුලුවන්නම්. පවු අහින්සක මිනිස්සු

:       0       0

ටාසන් Wednesday, 11 July 2012 04:36 PM

ගස් බදින්නම වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 223 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1068 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 554 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3466 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2583 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4600 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site