(සුජිත් හේවාජුලිගේ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පුද්ගලයන් කවුදැයි හඳුනා ගත් පසු ඒ අයට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් පිළිබඳව ඉදිරි සතියේදී දැනුම් දෙනු ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.
වෛද්‍ය උපකරණ ගෙන්වීමට අදාල ලිපිගොනු පන්දහස් හය සිය විසි තුනක් මෙසේ මැකී ගොස් ඇතැයි හෙළිවී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ඇරඹූවේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා කළ පැමිණිල්ලක් අනුවය.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දත්ත මැකූ අයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා
sena Saturday, 04 September 2021 08:52 PM
ඉලෙක්ට්‍රොනික් දත්ත ආරක්ෂා කිරීමේ යෝජනා ක්‍රමයක් ඔවුන්ට නැත. ඇත්තේ එක් පිටපතක් පමණක් ද? යාන්ත්‍රික ආරක්ෂාවක් සඳහා වුවද විවිධ පුද්ගලයින් විසින් තබා ගැනීම සඳහා වෙනම යතුරු දෙකක් තබා ගැනීමට ක්‍රම තිබේ. ඉලෙක්ට්‍රොනික දත්ත සමඟ ඒවා කියවීමට පමණක් හැකි ලිපිගොනු ලෙස තබා ගත හැකිය. එවැනි ක්‍රම රාශියක් තිබියදීත් දත්ත වල වැදගත්කම නොසලකා හැරීම අපරාධයකි.
RaveendraSunday, 05 September 2021 06:23 AM
ඔබගේ අදහස් නිවැරදිය. අප නම් කොම්පුටර් පිලිබදව මළපොතේ අකුරක්වත් නොදන්නෝය. එනමුත් අප අසා තිබෙන පරිදි අප රටේ සමහර බැංකුවල මෙන්ම සමහර ආයතනවල "බැක්අප් ඩේටා" සංරක්ෂණය කර තිබෙන බව සිංගප්පුරු වැනි රටවල්වල බවය. හදිසියේ ගින්නක්වත් ඇතුවුවහොත් කොම්පුටර්වලට වෙන හානිය අමුතුවෙන් කිව යුතු නැති නිසා. මෙම ආයතනයේ දත්ත ඉතාමත් වැදගත්කමකින් යුතු නොවේද ? එසේ නම් එවැනි පියවරවල් නොගත්තේ මන්ද?
SunilSunday, 05 September 2021 07:55 AM
මේ මිනිස්සුන්ට ඕවා තේරෙනවද.?
de silva Saturday, 04 September 2021 09:33 PM
වහාම ක්‍රියාත්මක වන පරිදි ගම් පළාතට මාරු කිරීම වැනි දැඩි දඩුවමක් දෙන්න
විපරමා Saturday, 04 September 2021 09:38 PM
වැඩේ කරපු අයට විරුද්ධව ක්‍රියා මාර්ග නම් ගන්ඩ බැරි වෙයි. අන්තිමට කොම්පියුටර් ජිල්මාට් එකක් කියලා හිත හදාගන්ඩ තමා වෙන්නේ
C.K.Lankaputhra Saturday, 04 September 2021 09:55 PM
පාස්කු ප්‍රහාරයේ මහ මොලකාරයා අල්ලනවා වගේද
Ratne Saturday, 04 September 2021 10:21 PM
මහ බැංකු හොරු, පාස්කු ප්‍රහාරය වැනි කාරණා වල දී ගත් දැඩි ක්‍රියාමාර්ග ජනතාවට අවබෝධ වෙලා තියෙන්නෙ. ඒ ඒ කාලයයේ දී පාලකයින් හා ඔවුන්ගේ නෑදෑ / හිත මිතුරන් ගේ ඕනෑ එපාකම් අනුව සිදු වෙන අපරාධ මේවා.
මද්දුමරාල Sunday, 05 September 2021 04:23 AM
මතක ඇතුව නාථ දෙවියොන්ගෙන් අහල කරන එකක් කරන්න.
Ashan Sunday, 05 September 2021 05:55 AM
පාස්කු ප්ර්රහාරකයින්ට දුන්න තරම් දරුණු දඬුවම් නම් දෙන්ඩ එපා ඇමතිතුනි. මොනව කලත් අහිංසක මිනිස්සුනෙ
Sunil Sunday, 05 September 2021 06:09 AM
කතාව විතරයි වැඩක් නැහැ. දත්ත ආරක්ෂා කර ගන්න ක්‍රමයක් වත් ක්‍රියාත්මක කරගන්න බැරිවූ වියත්මගේ අය.
පහන්තුඩාව Sunday, 05 September 2021 06:21 AM
අනේ මගේ කට...
jagath Sunday, 05 September 2021 06:23 AM
ඕවා කවදාවත් වෙන දෙයක් නෙවෙයි.
සෝනියා Sunday, 05 September 2021 08:14 AM
එක සැරයක් අර ටීවී ප්‍රෝග්‍රෑම් එකේ පච උනා මතක නැතිද?
Nuwa Sunday, 05 September 2021 08:36 AM
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට විරුද්ධව පියවර ගත්තා වගේ... බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අයට ක්‍රියාමාර්ග ගත්තා වගේ... ප්‍රීති පුරෝහිත ප්‍රීති...
kamal Sunday, 05 September 2021 09:06 AM
මේ කියන්නේ ස්ථාන මාරුවක් දෙනවා කියලයි.
Shashika519 Sunday, 05 September 2021 09:22 AM
කරපු අය දැන් හිනාවෙවී ඇති.
sam Sunday, 05 September 2021 10:15 AM
කවදාවත් ඕක මැකුව අයවත් කරපු අයවත් කවදාවත් අහු වෙන්නේ නැහැ.
Perera Sunday, 05 September 2021 11:22 AM
කළේ කවුද කියලා ඉස්සෙල්ලා කියන්න... දෙන දඬුවම් ගැන ඊට පස්සේ කියවන්න.
fairoos Sunday, 05 September 2021 01:00 PM
ඒවා යහපාලනය ආණ්ඩු කාලේ ඕඩර් කළ ඇණවුම්නේ.. බයියන් කියන්නේ ඔහොම තමයි.
ගමේ එකාලා Sunday, 05 September 2021 03:28 PM
කොම්පියුටර් ජිල්මාට් දාපු අයට ඕවත් වැඩද.. දුෂිත දේසපාලුවෝ රජ කරන රටක සිද්ද වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
Demuni Uduwara Sunday, 05 September 2021 06:28 PM
‘සංරක්ෂණය’ ඔවුන්ගේ ශබ්ද කෝෂයේ නැත!