IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දත් කැඩෙන්න පොලිසියෙන් ගහලා

වරෙන්තුවක් නැතිව වරෙන්තුවක් ඇති බව කියමින් ගණේමුල්ල පොලිසියෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (04) පරීක්ෂණයක් ආමර්භ කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සහ මාධ්‍යවේදීන් ලබා දුන් තොරතුරු පදනම් කර ගනිමින් පැමිණිල්ලක් නැතිවම විමර්ශන ආරම්භ කළ කොමිසම අද (04) පහරකෑමට ලක්වූ පුද්ලගලයා සොයා ගොස් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

එලෙස පහරකෑමට ලක්වූයේ ගණේමුල්ල කිරිඳිවිට පදිංචි නිහාල් අරුණ ශාන්ත (52) නම් එක්දරු පියෙකි.

පසුගිය පළමු වැනි දා රාත්‍රී 11.30ට පමණ සිවිල් ඇඳුමෙන් සහ නිල ඇඳුමෙන් ගිය පොලිසියේ පිරිසක් ඔහුගේ නිවසට ගොස් පොලිසියට රැගෙන යෑමට උත්සාහ කරද්දී තමා කුමන හේතුවක් මත පොලිසියට ගෙන යන්නේදැයි ඇසූ වරෙන්තුවක් ඇතැයි පොලිසියෙන් කියා තිබේ.

තමාට වරෙන්තුවක් තිබිය නොහැකි බව කියද්දී පොලිසිය   පහර දී රැගෙන ගොස් පසුව රෝහලට ඇතුළු කළ බව ඔහු කොමිසමෙන් ප්‍රකාශ ගනිද්දී කියා ඇත.

පොලිසිය නිසි අවබෝධයක් නැතිව වරෙන්තුව අතේ නැතිව වැරදි පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථා මීට පෙර ඇති බවත් ජෙරාඩ් මර්වින් නඩු තීන්දුවෙන් ඒ බව පැහැදිලි වන බවත් මානව හිමිකම් කොමිසම කියයි.



අදහස් (0)

දත් කැඩෙන්න පොලිසියෙන් ගහලා

ජයසේන Tuesday, 05 July 2016 01:27 AM

පොලිසියේ බොහෝ අයට හිතීමේ හැකියාවක් නැත. (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 05 July 2016 03:17 AM

මානව හිමිකම් කොමිසම දැන්වත් මෙහෙම වැඩ පටන් ගත්තු එක ගැන සතුටුයි. තවත් මෙවැනි පරීක්ෂණ ඉදිරියේදී අසන්නට දැනගන්නට ලැබේවි. (බ)

:       0       0

සුගත් Tuesday, 05 July 2016 03:17 AM

රටේ මහජනතාවත් පොලිසියට එරෙහිව වරෙන්තුවක් ගන්නා දිනය වැඩි ඈතක නැති බව මෙයින් පෙනී යයි. එම දිනය ඉක්මනින්ම උදා වේවා ....(බ)

:       0       0

අනුරාධ Tuesday, 05 July 2016 03:50 AM

පොලිස්පති රට හදන්න කලින් තමන්ගේ දෙපාර්තමේන්තුව හදාගන්න ඕනෑ. මාධ්‍ය ඉදිරියේ මොන කතා කිවුවත් වැඩක් නැහැ. (නි)

:       0       0

සිසිල් Tuesday, 05 July 2016 04:17 AM

පොලීසියේ සමහර නිලධාරීන් මොනවගේද කියලා මේ වගේ සිද්ධි වලින් මොනවට පැහැදිලි වෙනවා. (නි)

:       0       0

ශාන්ත Tuesday, 05 July 2016 05:02 AM

උගත් පිරිස් පොලිසියට බඳවා ගන්න (නි)

:       0       0

නිමල් Tuesday, 05 July 2016 05:14 AM

පොලිසියෙන් දැන්නම් වැඩක් ඇත්තෙම නැහැ. (නි)

:       0       0

සකුන්තලා Tuesday, 05 July 2016 05:45 AM

පොලිසියේ ගොඩක් මිනිස්සු කරන කියන දේවල් ඒ අයගේ දරුවෝ පිටින් යන බව ඔබ සාමාජය දෙස ටිකක් විමසිලිමත්ව බැලුවොත් පෙනේවි. (නි)

:       0       0

ස්ටැන්ලි Tuesday, 05 July 2016 06:06 AM

රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පොලිස් කොමිසම අත්‍යාවශ්‍ය යැයි කියූ අයගේ පොලිස් කොමිසම කෝ? (නි)

:       0       0

රන්ජිත් Tuesday, 05 July 2016 06:28 AM

දැන්වත් නුසුදුස්සන් පොලිසියට ගැනීම නතර කරන්න (නි)

:       0       0

ආනන්ද Tuesday, 05 July 2016 06:37 AM

ඉතා කණගාටුදායක තත්ත්වයක් (නි)

:       0       0

බන්දුල Tuesday, 05 July 2016 07:35 AM

ඇත්තටම පොලිසියේ හොඳ අයත් ඉන්නවා. ඒත් සමහරු කරන මෙවන් වැඩ නිසා නිල ඇඳුමේ ගරුත්වයටත් හානි වෙනවා (නි)

:       0       0

හේමපාල Tuesday, 05 July 2016 08:05 AM

මේ අය ගිහින් තියෙන්නෙ අමුතු රාජකාරියට වගෙයි පෙනෙන්නෙ. වැරදුන කුරුමානමක්ද? (නි)

:       0       0

උපාලි Monday, 04 July 2016 04:47 PM

මානව හිමිකම් කොමිසම යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු කිරීම ගැන කොමිසමට ප්‍රණාමය පුදකරමි. නිකරුනේ පොලිසියෙන් ගුටිකන මිනිස්සු පැමිණිලි කරන්න එන්නේ නැහැ බයටම. කොමිසම මාධ්‍ය වාර්තා ඇසුරෙන් ඒ ගැන සොයාබැලීම ඉතාම වටිනා ඉදිරි පියවරක්. නීතියේ ආධිපත්‍යය රැකෙන්නේ මෙවැනි පියවර වලිනුයි. (නි)

:       0       0

රහීම් Monday, 04 July 2016 05:42 PM

කිසිම සෙවිල්ලක් නැතුව මිනිසුන්ට මෙහෙම ගහන්න පුලුවන්ද? (නි)

:       0       0

රත්න Monday, 04 July 2016 07:04 PM

මේ වගේ පොලිසියේ නිලධාරීන්ට රජය දඬුවම් කළයුතුය. පොලිසිය විසින් මේ මනුස්සයට එයාගේ දත් ටිකත් සාදා දියයුතුය. පොලිසිය ඉන්නේ නීතිය අාරක්ෂා කිරීමට බව හොඳින් තේරුම් කර දියයුතුයි. (නි)

:       0       0

රජිත් Monday, 04 July 2016 08:17 PM

11.30 කියන්නේ යක්කු ගස් නගින්න පිටපොට ගහන වෙලාවනේ. අනේ මෙහෙමත් කාකි කෝට්! (නි)

:       0       0

ඉසුරු Tuesday, 05 July 2016 09:06 AM

පොලිසිය හිතාගෙන ඉන්නේ ලංකාවේ නීතිය එයාලගේ කියලා (නි)

:       0       0

ජයනාත් Monday, 04 July 2016 10:46 PM

පොලිසියේ හොඳ නම, කරනා යහපත් ක්‍රියාවන් මේවා නිසා අවමානයට ලක්වනවා. ඒ පොලිසියේම මෙවැනි හත්පොළේ ගාගන්නා නිලධාරීන්ගේ වැඩ නිසා. පොලිසියේ සමහර උදවිය පාඩමක් ඉගෙනගන්නෙම නැති හැඩයි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 05 July 2016 09:24 AM

අනේ ශ්‍රී ලංකා පොලිසිය! (නි)

:       0       0

ලක්සිරි Tuesday, 05 July 2016 09:46 AM

සිංහල හරියට කියාගන්න නොහැකි අයත් පොලිසියේ රථ වාහන අංශ වල ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 91 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 276 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1037 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 193 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 317 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 936 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site