(රේඛා තරංගනී ෆොන්සේකා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී දෙනෝදාහක් බලා සිටියදී විදුලි කාරර්මියකුගේ දෑත් කපා ගෙන ගිය බව කියන සහසිකයා නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාර වී ඇතැයි මොරටුව පොලිසිය කියයි.
සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු හතළිහක පුද්ගලයෙකි .
යතුරු පැදියකින් පැමිණි සැකකරු මොරටුව දෙල්ගහවත්ත හන්දියේ දී විදුලි කාර්මිකයාට පන්න පන්නා කඩුවෙන් පහර දී ඇත. පසුව ශරීරයෙන් වෙන් වූ දෑතේ කොටස් ද රැගෙන සැකකරු පළා යන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන් වී තිබිණි..
මොරටුව පොලීසියේ කණ්ඩායම් කීපයක් සහ තවත් විශේෂ කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා සිටියදි අද අලුයම මෙසේ බාර වී ඇත.
නීතිඥවරයා සිය වාහනයෙන් රැගෙන ආ සැකකරුගේ අතින් අල්ලාගෙන අධිකරණය තුළට යාම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට පොලිස් නිලධාරීන්ට නොහැකි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෑත් කැපූ සහාසිකයා නීතිඥයකු සමග අධිකරණයට බාර වෙයි
Vira Friday, 24 March 2023 12:07 PM
ඔන්න නීතියෙ තරම
මොට්ටපාල Friday, 24 March 2023 12:18 PM
ඉතින් කොහොමද සාමකාමී රටක් හදන්නෙ සල්ලි දෙයියන්ගේ මල්ලි කියන්නෙ ඕකට තමයි අඩුම තරමින් මේ යක්ෂයා දෑතේ කැබලි දෙකවත් එතන තබා ගියානම් නීතිවේදියෙක් ඉදිරිපත් වුනාට වරදක් පේන්නෙ නැහැ නමුත් මෙහෙම අපරාධයක් කලාමත් රටට විනයක් වෙච්චි කුඩ්ඩො රැකීමත් අපරාධ කියලා තමයි හිතන්නේ .මෙහෙම උපයන මුදලින් පෝෂණය වීමත් හොදයිද කියලා තේරුම් ගන්න බැහැ
අනුර Friday, 24 March 2023 12:35 PM
මෙවැනි සහාසික අපරාධ මා කිසිවිට අනුමත කරන්නේ නැත. නමුත් මෙවැනි අපරාධයක් කිරීමට පාදක වූ කරුණු අනිත් පාර්ශවයෙන් ද විමසිය යුතුයි නේද?
sujeewarFriday, 24 March 2023 01:48 PM
නීතිය ඇත්තේ අපරාධයකට, වරදකට දුවම් කිරීම සඳහාය. එබැවින් වින්දිතයා පෙර වරදක් කර ඇත්නම් එය විසඳාගත යුතුව තිබුනේ නීතිය මගිනි. ඒ සඳහා දඩුවම් දීමට ඔහුට බලය දුනහොත් හෝ ඔහුගේ ක්‍රියාව සාධාරණීකරණය කලහොත් අපරාධකරුවන්ට අපරාධකිරීම සඳහා බලපත්‍රයක් දුන්නා වැනිය. එබැවින් කුමන ආකාරයකින් හෝ සාහසික අපරාධයක් සාධාරණීයකරණය නොකරන්න. එලෙසම නීතීඥයෙකු අපරාධකරුවකුගේ අතින් අල්ලාගෙන යාමේ අස්වාභාවික ක්‍රියාවද හෙලා දකින්න. මෙය සැකයට අත් අඩංගුවට ගැනීමක් නොව වරදකරුවකු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදීමේ කූඨ උපායකි. නීතිඥයා වෘත්තීය ගරුත්වය කෙලෙසා ඇත. නීතීඥවරු විසින්ම මෙම තත්වය හෙලා දැකිය යුතුය. එසේ නොවන කල වෘත්තියෙහි ස්වාධීනත්වයක් නැත.
Senarath Friday, 24 March 2023 12:31 PM
මෙ හැම නරුමයන්ව, ආයුද සොයන්න ගෙනියන එකේ වරදක් නෑ. එහෙම නැතුව නලවල මෙව පාලනය කරන්න බැැ.