IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දෑතේ දෙපයේ පලේ කුමට : පෙම් සවිබල තිබේ අපට

දෙපා අහිමි කාන්තාවකට ආදරය කළ ආබාධිත පෙම්වතා විවාහ වී දරු සුරතල් බලමින් සතුටින් ජීවත්වෙයි .මධුරන්කුලියේ පදිංචි මෙම යුවල දඹුල්ලට පැමිණ සිටිති.

බිරිය රෝද පුටුවේ වාඩිවී දරුවා ඔඩොක්කුවේ තබාගෙන හුරතල් කරන්නීය. කිහිලි කරුවක ආධාරයෙන් දෙපා බිම තියන සැමියා මේ දෙන්නා සමග රෝදපුටුව තල්ලුකරගෙන යයි. මේ ඔවුන්ගේ ජීවිතයයි..ජනතාවගෙන් ලැබෙන රුපියල් දෙක ඔවුන්ගේ කුස ගින්න නිවයි.

ඊ .ඒ .බන්දුසේන (52) මහතා උපතින්ම ආබාධිතය .වසන්තිලතා මිට වසර ගණනාවකට පෙර ඇගැළුම් ශාලාවක සේවය කළාය ඇය දුම්රියෙන් යමින් සිටියදී ඇඳවැටී දෙපා අහිමිවිය .දෙපා අහිමි වූ පසු පවුලේ පිරිසට එපා වී මහමඟ දැමූ බව කියති. පසුව බන්දුසේන ඇගේ නිත්‍ය ආරක්ෂකාය විය .ඔවුන්ගේ දරුවාගේ වයස අවුරුදු එකහමාරකි .

DSC06584 DSC06589 DSC06591



අදහස් (0)

දෑතේ දෙපයේ පලේ කුමට : පෙම් සවිබල තිබේ අපට

තිලක් Thursday, 11 December 2014 12:06 PM

මේ කටවුට් සහ පොස්ටර් වලට කරන වියදම් මේ වගේ අයට දුන්න නම්. (ර)

:       0       0

නන්දික Thursday, 11 December 2014 05:53 AM

වචනයට වඩා ක්‍රියාවෙන් දෙයක් කිරීම උතුම් වේ.(ම)

:       0       0

සෙනරත් Thursday, 11 December 2014 05:54 AM

මෙහෙම මිනිසුන්ට උදව් කරන්න කැමති අය ඕනෙතරම් ඉන්නවා. කරුණාකරලා ඔහුගේ නමට බැංකු ගිණුමක් ආරම්භකර එම විස්තරය පත්තරේ පළකරන්න. (ම)

:       0       0

ප්‍රභාත් Thursday, 11 December 2014 05:55 AM

මේ ආදරයට මේ ලොව වැඩවසන දෙවියන්ගේ ආරක්ෂාව ලැබේබා....... ඡන්ද ප්‍රචාරණ කටයුතු වලට යොදන සල්ලි වලින් දරුවාගේ අධ්‍යාපනයට උදව් කළානම්? (ම)

:       0       0

සාරංග Thursday, 11 December 2014 07:57 AM

කරුණාකර මට මේ අය සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් පළකරන්න (නි)

:       0       0

ගාමිණි Saturday, 13 December 2014 02:24 PM

මුදල් හදල වලින් උපකාර කිරීම උසස් ගුණයක්. එත් මුදල් යනු පවුල් අවුල් කරන යක්ෂයෙක්. මුදල් යහමින් ලැබුන විට ආදරයට වින කරනවා.බලන්න දෙන්න ඉන්න අපූරුව.(හේ)

:       0       0

රොහාන් Thursday, 11 December 2014 05:56 AM

හරිම සංවේදී දර්ශනයක්, ජීවිතේ අපි මොන සැපක් විදිනවද කියල හිතෙනව ...කෝටි ගණන් නිරපරාදෙ නාස්ති කරන සල්ලි වලින් මේ නොදරුවාගේ ජීවිතයට එළියක් දෙන්න වැඩපිළිවෙලකට යොමුවෙන්න බලධාරීන්ගේ දෙඇස් යොමුවේවා...! (ම)

:       0       0

දනේෂ් Thursday, 11 December 2014 12:20 PM

තෙරුවන් සරණයි ඔබ තිදෙනාට! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

කුමාරි Thursday, 11 December 2014 06:09 AM

පෙර සසරේ පතන් ආපු ආදරයක් වෙන්න ඇති.දරුවන්ගේ අනාගතය යහපත් කරන්න හැකි විදියක් බලලා සකසා දෙන්න කටයුතු කරන්න.අපිත් උදවු කරන්නම්.(හේ)

:       0       0

ජානක Thursday, 11 December 2014 06:27 AM

හරිම සංවේදී දසුනක් මෙි අහිංසක දරුවා ගැන හිතලා හැමෝම උදව් කරමු.(දිල්)

:       0       0

පද්මිණි Thursday, 11 December 2014 06:28 AM

මේ වගේ අබාධිත අයට සමාජ සේවා සංවිධාන, කාන්තා සංවිධාන වලින් පිහිටක් නැද්ද මේ අයට පිහිට වෙන ක්‍රමයක් වත් පළ කරනවා නම් අපි ආධාර කරනවා. (හේ)

:       0       0

රත්නායක Thursday, 11 December 2014 12:37 PM

මේ අයට පිහිට වෙන්න රජයට හෝ අනෙක් සංවිධාන නැත්නම් අපිවත් පිහිට වෙන්න ක්‍රමයක් හදනවනම් හොඳයි. (ර)

:       0       0

ෂේල්ටන් Thursday, 11 December 2014 06:29 AM

මේ තමයි සැබෑ ආදරය.(හේ)

:       0       0

රණසිංහ Thursday, 11 December 2014 06:31 AM

එහාට මෙහාට පනින අයට සුභ පතන්න එපා (දිල්)

:       0       0

මජිඩ් Thursday, 11 December 2014 12:42 PM

ලංකාදීපේ අයට බොහොම පින්.කරුණාකරලා මේ අයට කොහොමද උදව් කරන්නේ කියලා අපිට දන්වන්න. (නි)

:       0       0

ඉන්දික Thursday, 11 December 2014 06:50 AM

ඔය බැනර් ගහන සල්ලි වලින් මේ මිනිස්සුන්ට ගෙයක් හදලා දීලා එ්ක නිව්ස් වලට දුන්නා නම් මීට වඩා ඡන්ද ලැබෙනවා.(හේ)

:       0       0

ලසිත් Thursday, 11 December 2014 06:51 AM

මෙවැනි අයට උදව් කරන්න මොකක් හරි සමාජ සේවා ක්‍රමයක් නැද්ද ? දරුවා දකින කොට මගේ හිතට පුදුම දුකක් හිතුනා. මටත් පුතාල දෙන්නෙක් ඉන්නවා. (හේ)

:       0       0

ෆාතිමා Thursday, 11 December 2014 08:30 AM

උදවු කරන්න ඕනේ මේ වාගේ අයට (බ)

:       0       0

අශෝක රළපනාව Thursday, 11 December 2014 06:54 AM

කොච්චර දුප්පත් උනත් මට මගේ පොඩි පුතාව මතක් උනා.එක රුපියලක් හරි මටත් දෙන්න ඇත්නම්.(දිල්)

:       0       0

නිශාර්ඩ් Thursday, 11 December 2014 08:52 AM

වසන්තිලතාගේ පවුලේ අය නම් කරලා තියෙන්නේ බොහොම අමානුෂික ක්‍රියාවක්. ඇය හොඳින් මුදල් හම්බ කරන කාලේ බොහොම ආදරෙන් බලා කියා ගන්න ඇති. නමුත් ඇයව ආදරෙන් බලා ගන්න හොඳ සැමියෙක් ලැබිලා තියෙනවා. (හේ)

:       0       0

අතුල Thursday, 11 December 2014 08:53 AM

අවන්ක කම හොදට තියෙනවා දුකයි ඒත් ආඩම්බරයි.(හේ)

:       0       0

කනිෂ්ක Thursday, 11 December 2014 09:04 AM

සැබෑ ආදරය...යාන වාහන මිල මුදල් නැතත් ඔවුන් හරි අපුරුවට ආදරෙන් ඉන්න හැටි දැක්කම ඇස් වලට කදුළු උනනවා.. ඇත්ත "පිදුරු සෙවී කල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ. (හේ)

:       0       0

අසෝකා Thursday, 11 December 2014 09:19 AM

මිල මුලට ගන්නට බැරි ආදරයක් තුරුළු කරන්,මහපාරේ හිටියත් දැන් රජගෙදරක වැඩි සතුටක්;නොලැබුණු දෙය නොඉල්ලාම ලැබුණු දෙයින් සිත් සනසන මේ දෙමහල්ලන් දැක්කම බොහෝ දේ ඇත ඉගෙන ගන්න!(හේ)

:       0       0

ගීතාන්ජලි Thursday, 11 December 2014 09:20 AM

කරුණාකර පිහිට වීමට ක්‍රමයක් පලකරන්න. ආධාර කිරීමට සතුටින් කැමති වෙමි. (ර)

:       0       0

චන්දන Thursday, 11 December 2014 09:24 AM

අපිට අපේ ජීවිත ගැනම දුක හිතෙනවා, මේ ආදර්ශමත් දෙන්න දුටුවම. හුරතල් දරුවත් එක්ක ඉතාමත් ආදරෙන් ඉන්නේ ලැබේවා. දෙවි පිහිටයි. (ර)

:       0       0

අමිල ජයවර්ධන Thursday, 11 December 2014 09:35 AM

හිත හයිය මිනිසෙක්. (ර)

:       0       0

දුමින්ද Thursday, 11 December 2014 07:13 AM

මංගල කරුණු පිළිපදින පොහොසත් මිනිසුන් (ම)

:       0       0

සංජු Thursday, 11 December 2014 09:56 AM

සියලු ශක්තිය ධෛර්ය ලැබේවා. ජාති ජාතිත් වාසනා.(හේ)

:       0       0

සරත් පියසේන Thursday, 11 December 2014 07:20 AM

අපේ ලංකාදීප පත්තරේට පින්සිදු වෙනවා (නි)

:       0       0

චමල් Thursday, 11 December 2014 07:20 AM

සැබෑ ආදරය මෙයයි (නි)

:       0       0

අමල් Friday, 12 December 2014 09:42 AM

මගේ ඇහැට කදුළු ආවේ එයාලගේ ආදරේ නිසා නෙවෙයි. ඔයාල දාලා තින කමෙන්ට් වලට බලන්න නැවතිලා ඔයාල මොන තරන් යහපත්ද? ඔයාල ගැන මට ගොඩක් සතුටුයි. (ර)

:       0       0

දර්ශන Saturday, 13 December 2014 09:31 AM

මටත් ඇස් දෙකට කදුළු අව, පොඩි පුතාගේ මූණ දැක්කම මගේ පුතාව සිහි වුණා. (අ)

:       0       0

උඩවෙල Thursday, 11 December 2014 07:25 AM

උදවු කරන්න ක්‍රමයක් අපිටත් කියන්න. (නි)

:       0       0

සරත් Friday, 12 December 2014 03:43 AM

අපේ රටේ දේශපාලුවෝ මොනතරම් ගසාකනවද? මේ වගේ අහිංසක මිනිසුන්ට පිහිටක් වෙන්න බැරිද/ මේකද රටේ ආශ්චර්ය? (නි)

:       0       0

චන්දන Thursday, 11 December 2014 10:26 AM

කරුණාකරල මට දන්වනවද මේ අයට උදව් කරන්නේ කොහොමද කියල (බ)

:       0       0

ආර් පානමුල්ල Thursday, 11 December 2014 10:27 AM

මේ වගේ ආබාදිත පුද්ගලයින්ගෙ නඩත්තුව වෙනුවෙන් අපි ජීවත්වන යුරෝපයේ ගොඩක් රටවල පහසුකම් ගෙවීම් තිබෙනව. නමුත් ලංකාව ඉන්දියාව වගේ නොදියුණු එහෙත් ධනවාදී රටවල් මේවා නොකරන්නෙ මුදල් නොමැතිකමට වඩා දියුනු මානුෂික තත්වයකින් රට පාලනය නොකරන නිසයි. හුදී ජනයාගේ සුබසාධන කටයුතු වලට වඩා තමන්ගේ ගොඩ ලොකු කර ගැනීම ගැනයි පාලකයින් හිතන්නෙ. (බ)

:       0       0

අමිත Saturday, 13 December 2014 10:51 AM

දිරිය මින්සුන් කවදාවත් අනුන්ගෙ උපකාර පැතුවෙ නැහැ. ඔබ පවුලට යහපත සලසා ගැනීමට ඔබට ම ශක්තිය ධෛර්යය ලැබේවා!! (අ)

:       0       0

සරසි Friday, 12 December 2014 04:37 AM

ආදරය කියන්නේ මේකටයි. ලෝකයට අපේ කොච්චර අඩුපාඩු පෙනුනත් අපිට පන වගේ ආදරය කරන කෙනෙක්ට ඒවා අඩුපාඩු විදියට පෙනේනේ නැහැ. මොන දේ කොහොම වුණත් ආදරය කරන කෙනා තමන්ගේ පන වගේ (නි)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 11 December 2014 05:04 AM

කරුණාකරලා මැතිවරණ කටවුට් වලට වියදම් කරන සල්ලි මේ මිනිසුන් වෙනුවෙන් වියදම් කරන්නකෝ .(හේ)

:       0       0

උදාර Thursday, 11 December 2014 05:12 PM

මේ තිදෙනාට උදව් කිරීමට සහ සම්බන්ද කර ගැනීමට හැකි මගක් දන්වන මෙන් ඉල්ලා සිටිමි (නදී)

:       0       0

හරිත් Friday, 12 December 2014 12:16 PM

මේ අයට උදවු කරන්න පුලුවන් විදියක් කියන්න. (ර)

:       0       0

මහේෂ මුතුකුඩ Thursday, 11 December 2014 05:29 AM

පුළුවන් අයට පුළුවන් විදිහට උදව්වක් කරන්න ලිපිනයක්, බැංකු ගිණුමක් පළ කලොත් අගෙයි. (හේ)

:       0       0

මොහමඩ් ඛාන් Thursday, 11 December 2014 11:52 AM

මේ අයට උදවු කරන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද? (නි)

:       0       0

සුනිල් Thursday, 11 December 2014 05:35 AM

මට මේ අය සම්බන්ද කරගන්න ක්‍රමයක් දන්වන්න .(හේ)

:       0       0

සම්පත් Thursday, 11 December 2014 05:37 AM

දේශපාලනය පැත්තකින් තියා,මේ අයට උදව් කරන්න.(හේ)

:       0       0

කමල් Thursday, 11 December 2014 07:53 AM

අම්මා අප්පාගේ සවිබල නැතත් ගතේ..... දෝරෙ ගලන දරු සෙනෙහස තිබෙයි හිතේ..... දකිනා විටදි නුඹෙ සියුමැලි මුහුණ පුතේ... උනනවා කඳු‍ලු මිනිසත් සැමගෙම දෙනෙතේ... (නි)

:       0       0

සෙත්මි Thursday, 11 December 2014 12:02 PM

පපුව පිච්චිලා ගියා වගේ දැනුණා අනේ මේ දරුවා ඉක්මනට ලොකු වෙනවානම් කොච්චර හොදයිද ? මේ අයට උදව් කරන්න ක්‍රමයක් නැතිද ? බුදු සරණින් කිසි කරදරයක් නොවේවා.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 776 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 280 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1470 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2687 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 217 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1542 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site