IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දෑත් නැතත් තනිවම වැඩ

අබාධිත බව කියමින් ලෝකයට අතපා ජීවත් වන බොහෝ පිරිසක් සිටින සමාජයක කිලිනොච්චියේ උදයනගර්හි පදිංචි කරුණාකරන් කරුණාරත්නම් දෑත් නැතත් තමන්ගේ වැඩ තමන්ම කර ගනියි.

යුද සමයේ බිම් බෝම්බයකට හසුවී කරුණාකරන්ගේ දෑත සහ ඇසක් අහිමිවී තිබේ. මාස හයක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ කරුණාකරන් ජීවිතය නගා සිටුවීමට නම් පැත්තකට වී නොසිටිය යුතුය යන අදහසින් කිලිනොච්චියේ කඩයක් ආරම්භ කළේය.

ඔහුගේ මව කෑගල්ලේ පදිංචිකාරියක වන්නීය. මව හොඳින් සිංහල කතා කරන්නීය.

අබාධිත තත්ත්වයට පත්වීමෙන් පසු කරුණාකරන්ගේ කඩයට පැමිණි තරුණියක සමඟ ඇති වූ පෙම් සබඳතාවයකින් පසු 2003 ඔක්තෝබර 15 වැනි දා ඔහු විවාහ විය. බිරිය වනිතාය. දැන් ඔවුනට දරුවෝ දෙදෙනෙක් සිටිති.

‘දෑත් නැති වුණත් මගේ වැඩ මම කර ගන්නවා. කොහොම හරි දරුවන්ටත් උගන්වනවා.‘ යැයි කිලිනොච්චියේ පදිංචි කරුණාරත්නම් කරුණාකරන් (39) පැවසීය.

‘මා ආබාධිතයි කියා බිරිය වෙනසක් කළේ නෑ. ඇය මා හොඳින් බලා ගන්නවා. සමහර කෑම මම තනිවම කතවා. සමහර කෑම  බිරිය කවනවා.‘ යැයි කරුණාකරම් කීවේය.

ඇගේ බිරිය වනිතා කීවේ කරුණාකරන් දුටු මොහොතේ තමාට ඇති වූ ආදාරයේ වෙනසක් නැති බවයි.

‘ඔහු අබාධිතයෙක් කියා මට ගැටළුවක් තිබුණේ නෑ. මුලින් මගේ පවුලේ අය විරුද්ධ වුණා. නමුත් දැන් ප්‍රශ්නයක් නෑ. මගේ මහත්තයා එයාගේ වැඩ තනිවම කර ගන්නවා. ඒ ගැන මට සතුටුයි.‘ යැයි වනිතා කීවාය.

වත්ත උදුලු ගාන්නේ ද, මල්වලට වතුර දාන්නේ ද, ළිඳෙන් වතුර අදින්නේ, බයිසිකල් හා යතුරු පැදි පදින්නේ  ද කරුණාකරම් තනිවමය.

ඔහුට සාමාන්‍ය කෘත්‍රිම අතක් ලැබී ඇතත් එය දමාගෙන වැඩ කිරීම අපහසු බව කරුණාකරන් කියයි. කරුණාකරන් සිවිල් ආරක්ෂක බළකායේ කුඩා රැකියාක නිරත වී සිටියි.

ඔහුගේ ලිපිනය 228, උදය නගර් නැගෙනහිර, කිලිනොච්චිය.

01 02 03 04 06 07 08



අදහස් (0)

දෑත් නැතත් තනිවම වැඩ

සුනිල් Monday, 25 April 2016 04:04 PM

කරුණාකරන් සහෝදරය හොඳ ආදර්ශයක්. ඒත් දෑත් නොමැතිව​, පා පැදි/යතුරු පැදි පැදීම නම් අනුමත කරන්න බෑ. (ර)

:       0       0

පුෂ්පා Tuesday, 26 April 2016 10:11 AM

සුනිල් මහත්තයෝ, ඔයා කියන දේ හි යම් අර්ථයක් තියෙනවා. නමුත් අත් දෙක නැතිවෙලා ම බලන්න ඕන අත් තියෙන අයගේ ආඩම්බරකම්. එතකොට මේ මහත්මයාට හිතෙනවා ඇති තියෙන අත් කොට දෙකෙන් පුළුවන් වැඩ කරගන්න. (ර)

:       0       0

පද්මිණි Tuesday, 26 April 2016 05:05 AM

යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා! ඔබ වැනි අය රටකට ආඩම්බරයක්. (නි)

:       0       0

කමල් Monday, 25 April 2016 06:21 PM

ඔබට දෙවි රැකවරණය ලැබේවා.! (ර)

:       0       0

නීල් Tuesday, 26 April 2016 06:15 AM

මෙයා මට හම්බවෙලා තියනවා, යතුරුපැදිය අලුත්වැඩියා කරන්න ඇවිල්ලා ඉන්නකොට. ඇත්තෙන්ම මේ වගේ තවත් අය ඉන්නවා. (නි)

:       0       0

සරත් Tuesday, 26 April 2016 06:33 AM

හොදට දැත් තියන අයනේ අනතුරු කරගන්නේ... (ර)

:       0       0

ටානි Monday, 25 April 2016 11:10 PM

මෙවන් උද්යෝගිමත් මිනිසුන් රටට සම්පතක් (නි)

:       0       0

මධුෂාන් Tuesday, 26 April 2016 07:21 AM

ඇත්තටම බිම් බෝම්බයකට අහු වෙලාද නැත්තම් ඊලමට උදව් කරන්න ගිහින් ද ? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 606 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1003 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 836 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1607 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 468 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 239 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site