IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


'දේදුනු ආකාසේ' හරහා සිනමාවට එක්වන 'චුලක්ෂි'

2016-04-06-ent-74

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන "දේදුනු ආකාසේ" චිත්‍රපටය හරහා සිනමාවට එක්වන චුලක්ෂි රණතුංග 2014 වසරේදී "ලක්ස් මිස් ශ්‍රී ලංකා" ලෙස කිරුළ දිනාගන්නා ලදී. "දේදුනු ආකාසේ" චිත්‍රපටය හරහා ප්‍රථම වරට සිනමා රංගනයටද එක්වීම විශේෂත්වයකි.

 

2016-04-06-ent-75"දේදුනු ආකාසේ" කියන්නේ ඔබගේ පළමු රංගනය?

ඔව්. මෙහි මා "විහංගි" කියන චරිතයට පණ පොවනවා. මා සමගින් ජනප්‍රිය සිනමා නළු හේමාල් රණසිංහ වගේම මිස් ශ්‍රී ලංකා රූපරාජිනියක් වුණ ටීනා ප්‍රනාන්දුත් රංගනයේ යෙදනවා.

 

කොහොමද ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ?

2014 වසරේ "ලක්ස් මිස් ශ්‍රී ලංකා" කිරුළ දිනාගැනීමත් සමග මට කලා ක්ෂේත්‍රයේ වගේම තවත් ක්ෂේත්‍ර කිහිපයකම පිරිස් හඳුනාගන්න ලැබෙනවා. ඔය අතරේ තමයි ප්‍රියන්ත කොළඹගේ මහත්මයා මට කතා කරලා ඔහුගේ "දේදුනු ආකාසේ" චිත්‍රපටයට මාව සම්බන්ධ කර ගත්තෙ.

 

"ලක්ස් මිස් ශ්‍රී ලංකා" කිරුළ දිනාගත්තට පස්සෙ ඔබ විදෙස් තරගාවලියක් සඳහත් එකතු වුණා නේද?

"ලක්ස් මිස් ශ්‍රී ලංකා" තරගය පැවති 2014 වසරේදීම මම එංගලන්තයේ පැවති ලෝක රූපරාජිනී තරගයට සහභාගි වුණා. ඒ හරහා විශාල දැනුම් සම්භාරයක් වගේම අත්දැකීම් රැසක්ම ලබාගන්න හැකියාව ලැබුණා. මම ලංකාවෙ තරගවලට ඉදිරිපත් වෙලා තිබුණත්, විදෙස් රූපරාජිනී තරගාවලියකට එකතු වුණ පළමු අවස්ථාව මේක.‍

 

"ලක්ස් මිස් ශ්‍රී ලංකා" කිරුළ දිනලා අවුරුදු දෙකකින් පස්සේ තමයි ඔබ රංගනයට එකතු වෙන්නේ?

"ලක්ස් මිස් ශ්‍රී ලංකා" කිරුළ දිනාගත්තට පස්සේ මට රඟපාන්න බොහෝ ආරාධනා ලැබුණා. නමුත්, මට ඒ අතරින් බොහොමයක් ලැබුණේ ටෙලි නාට්‍යයවල රඟපාන්න. මම කැමති නැහැ ටෙලි නාට්‍යයවල රඟපාන්න. ඒ නිසා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. මම සිනමාවට කැමතියි, ඒ නිසා තමයි ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ "දේදුනු ආකාසේ" චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

 

ඒ කියන්නේ ඉදිරියටත් ඔබව අපිට දකින්න ලැබෙන්නේ සිනමාවෙන් පමණයි?

ඔව්. හොඳ චිත්‍රපට චරිත මට ලැබුණොත්, මම අනිවාර්යෙන්ම ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා.

 

සිනමාවේ පෙම්වතිය වෙන්නද චුලක්ෂි කැමතියි?

නැහැ. මම විවිධ චරිතවලින් සිනමා ප්‍රේක්ෂයන් හමුවට එන්න කැමතියි. නමුත්, කවුරුහරි මාව චිත්‍රපටයකට සම්බන්ධ කරගන්නවා නම් ඒ බොහෝ දුරට පෙම්වතියකට තමා. ඉතින් මට මම කැමති චරිතයක් ඉල්ලන්න බැහැනේ. බොහෝ විට පෙම්වතිය හැරෙන්න වෙනත් චරිත තාම ගැළපෙන්නෙ නැති වේවි කියලා මම හිතනවා.

 

ඔබ රඟපෑමට නවකයෙක්. කොහොමද සෙසු පිරිසගෙන් ලැබුණු සහය?

හේමාල් හැරෙන්නට මා සමගින් ටීනාත් සිනමාවට එක්වෙන පළමු වතාව මේක. ඉතින් රංගනය කියන දේ අපි දෙන්නටම තිබුණ ලොකු අභියෝගයක්. නමුත්, ප්‍රියන්ත කොළඹගේ මහත්මයා ඇතුළු චිත්‍රපට කණ්ඩායම අපිට ලොකු සහයෝගයක් ලබාදුන්නා. මම හිතනවා මගේ පළමු රංගනයට මම හොඳ සාධාරණයක් කරන්න ඇති කියලා.

 

වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනාවලට දායක වෙලා නැද්ද?

තියෙනවා. හැබැයි මම බොහෝ වෙලාවට ඒ නිර්මාණ අතරිනුත් තෝරා ගන්නෙ හොඳ නිර්මාණ විතරයි. ගීත රූප රචනාවක් වුණත් ජනප්‍රිය අයගෙ ඒවා විතරයි. මම දැනට කරලා තියෙන ගීත රූප රචනා නිර්මාණ ගත්තොත් බොහෝ ඒවා ජනප්‍රිය පුද්ගලයන්ගෙ. වෙළෙඳ දැන්වීමක් ගත්තොත් හොඳ බ්‍රැන්ඩ් එකක් තියෙන ඒවා විතරයි.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු


tharunaya


2016-04-06-ent-73
2016-04-06-ent-72
2016-04-06-ent-71
2016-04-06-ent-70
2016-04-06-ent-69
2016-04-06-ent-68
2016-04-06-ent-67
2016-04-06-ent-66
2016-04-06-ent-65
2016-04-06-ent-64
2016-04-06-ent-63
2016-04-06-ent-62
2016-04-06-ent-61
2016-04-06-ent-60
2016-04-06-ent-59
2016-04-06-ent-58
2016-04-06-ent-57

 



අදහස් (0)

'දේදුනු ආකාසේ' හරහා සිනමාවට එක්වන 'චුලක්ෂි'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 639 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 304 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 679 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2469 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 484 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site