IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අනතුරු ඇඟවීමක්

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වල ඉදිරි පැය කිහිපය තුල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල දැදුරුඔය දෙපස පදිංචිකරුවන්ට සැළකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා  කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීශ්වර මහතා නිවේදනයකින් දන්වා සිටී.

දැදුරුඔය ද්‍රෝණියේ ඉහළ, මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශ වලට ඊයේ (29) රාත්‍රියේ සැළකිය හැකි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇත.

 ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු 08 න් 06 ක් මේ වනවිට විවෘත කර ඇත. වාන් දොරටු විවෘත කිරීමෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 14000 ක ජල පරිමාවක් මුදා හැරෙන බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පවසයි.

 දැදුරුඔය ද්‍රෝණිය තුල වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන ජල මාපකවල පෙන්වන ජල මට්ටම් අනුව ඉදිරි පැය කීපය තුල දැදුරුඔය ජලාශය වෙත ලැබෙන ජල පරිමාව ඉහළ යන තත්වයක් ඇතිවිය හැකි බවද නිවේදනයේ සදහන් වේ.

 



අදහස් (0)

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 586 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 128 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 961 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 1252 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 1404 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 2064 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39716 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25824 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 43 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 377 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1241 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site