(ප්‍රභාත් නෙත්තසිංහ)
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අද (15) උදෑසන සිට විවෘත කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
දැදුරුඔය පෝෂක ප්‍රදේශ වලට දින කීපයක සිට ලැබෙන වර්ෂා තත්වය හේතුවෙන් අද අලුයම වන විට ජලාශය පිටාර මට්ටමට ආසන්න වූ බවද ඉංජිනේරුවරයා කීය.
මේ වන විට ජලාශයේ ජල මට්ටම මීටර් 70.61 ලෙස පවතී. එහි පිටාර මට්ටම මීටර් 70.79 කි.
ජලාශයේ වාන් දොරටු හතරක් අඩි 3 බැගින් විවෘත කිරීම හේතුවෙන් මේ වනවිට ජලාශයෙන් දැදුරු ඔයට තත්පරයට ඝන අඩි 8400 ක ජල පරිමාවක් මුදා හැරේ. මෙම තත්වය දැදුරුඔය ජලාශය පහළ ප්‍රදේශ වලට කිසිසේත්ම ගංවතුර තත්වයක් නොවන බවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය. දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 60000 කි.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දැදුරුඔයේ වාන් දොරටු 4ක් විවෘත කරයි