IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දෙදාස් හත්සීය එකසිය තිහට බහී

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සිට   කොළඹ මධ්‍යම බස්නැවතුම දක්වා    නව අදි වේගී මාර්ගය ඔස්සේ  සුඛෝපභොගී  බස් රථ සේවාවක් අද  ඇරැඹීය.

 වෙනදා කටුනායක ගුවන් තොටුපොළේ සිට කොලඹට කුලී  වාහනයක යාමට රුපියල් දෙදාස් හත්සීයක් ගෙවීමට සිදුවිය. නමුත් අදින් පසු  රුපියල් ඒකසිය තිහකින් අධිවේගයේ සැප බසයකින් කොළඹට යා හැකිය.

පෙරවරු 6.30 සිට රාත්‍රී හත දක්වා සෑම විනාඩි 30 කට වරක්ම කටුනායක ගුවන්තොටුපොළේ සිට  කොළඹ දක්වාද, කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළ   දක්වාද  මෙම සුඛෝපභෝගී බස් ධාවනය කෙරේ. ඉදිරියේදී මගී අවශ්‍යතාවය අනුව බස් රථ ප්‍රමාණය වැඩි  කිරීමට නියමිතය.

මීට අමතරව රාත්‍රී කාලයේ ඕනෑම වේලාවක මගී අවශ්‍යතාවයන්  මතු වුවහොත් ධාවනය කිරීම සඳහා  බස්රථ තුනක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගාල් කර ඇත.

අද  පෙරවරු හතට යෙදි තිබු සුභ මොහොතික්  මංගල බස් රථය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹට පිටත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් එහි පළමු ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමෙන් අනතුරුව පීත්ත පටිය කපා බස් රථයට ඇතුළු වුවාය.බස් රථය මගීන්ගෙන් පිරි තිබු අතර වැඩි පිරිසක් විදේශිකයින් විය. 

 පොලිස්  යතුරු පැදියක් පෙරටු කරගෙන  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ මධ්‍යම බස්නැවතුමිපොළ වෙත පිටත්වු  බස් රථයේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ගමන් ගත්තාය.

 මෙම අවස්ථාවට  ගුවන්තොටුපොළ බලධාරීන්, ශ්‍රී ලංගම සේවයේ කාලසටහන් කළමනාකරු එස්.ඩී.ඕ නිමල් ඇනස්ලි, කලවාන ඩිපෝ කළමනාකරු ජී.සේමරත්න, මහරගම ඩිපෝ කළමනාකරු එම්.කේ ජයවර්ධන යන නිලධාරීහු සහභාගී වූහ.

මේ අතර කොළඹ සිට කටුනායකට බස් සේවාව ඇරැඹීම ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අතින් සිදු විය.

බස් සේවාව අරඹමින් ප්‍රවාහ ඇමැති වෙල්ගම මහතා විසින් ප්‍රථම බස් රථය පිටකොටුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වාම මගීන් සමග ධාවනය කැරිණි. බස් රථ ධාවය කිරීමේ  අමාත්‍යවරයාගේ දක්ෂතාව මනාව පෙන්නුම් කරමින් ඔහු පැයට කිලෝමීටර 80ත් 100ත් අතර වේගයකින් බස් රථය ධාවන කළේය.

(ඡායාරූප දීපා අධිකාරී)

 

 

 

(ඡායාරූප රොමේෂ් ධනුශ්ක සිල්වා)

 



අදහස් (0)

දෙදාස් හත්සීය එකසිය තිහට බහී

සිරි Monday, 28 October 2013 04:00 PM

අමල්, අපි පිටකොටුවත් ලස්සන කරමු. කොහොමටත් දැන් කලින් තිබුනා වගේ නොවෙයිනේ. සුද්දන්ට පෙනෙන්න විතරක් නොවෙයි අපේ රට ටික ටික හරි දියුණු වුණොත් අපිටයි අපේ දරුවන්ටයි ලස්සන රටක් ඉතුරුවෙයි (නි)

:       0       0

ගිම්හානි Tuesday, 29 October 2013 10:27 AM

ලංකාවේ අගනුවර එහෙම ලස්සනට පෙනුනට මේ රටේම තවමත් හරක් පිටේ බඩු පටවන් යන අහිංසක මිනිස්සු කොතෙකුත් ඉන්නවා.එම මිනිස්සු කර කියා ගන්න දෙයක් නැතුව හුදකලා වී ඉන්නවා.උඩින් සැපට පෙනුනට ඇතුලට ගිහින් බලන්න මිනිස්සු තවමත් කන දුක් ගින්දර කොයි තරම්ද කියලා. (ස)

:       0       0

ක්‍රිෂාන්ත දිසානායක ස්ය්ප්‍රස් Tuesday, 29 October 2013 09:22 PM

කවදා අපේ මිනිසුන්ගේ සෘණ ආකල්ප නැතිවෙයිද ? (ස)

:       0       0

සරදියෙල් Monday, 28 October 2013 04:03 PM

අසංක කොහෙද ඉන්නේ? තාම ඔයාට අවබෝධයක් නැහැ. (නි)

:       0       0

මුතූ Monday, 28 October 2013 10:34 PM

අසංක වගේ කුහකකම පිරුණු අය හැමදේම දකින්නේ අසුබවාදී විදියට.මුලින් ඉහළ පන්තියට සීමා වෙන දේවල් කාලයත් එක්ක දුප්පතුන් අතරටත් එනවා. (නි)

:       0       0

මහානාම Monday, 28 October 2013 04:23 PM

සමින්ද ,ඔබ වැදගත් දෙයක් මතක් කර තිබෙනවා. අපේ මිනිසුන්ට මේ වගේ දෙයක් ලැබුනම හරි ජොලි. අපිටත් සතුටුයි. ඒත් අමතක කරන්න එපා.මේ බස් වල කොළඹට එන අය ඔබගේ ගමන් මලු පරිස්සම් කරගන්න.ඔබ අවුරුදු ගානක් රට ඉඳලා ගේන දෙය අපේ සමහරක් ඉන්නවා ඒවා කොල්ල කන්න බලාගෙන, දෙයක් උනාට පස්සේ පොලීසි ගිහින් වැඩක් නැහැ කියල ඉතින් අපි දන්නවනේ. (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 28 October 2013 11:38 PM

අගය කළයුතු දෙයක්. ජනාධිපතිතුමනි, අප සැමදාමත් ඔබ සමගයි. ජයෙන් ජයම වේවා...!! (නි)

:       0       0

පසන් Tuesday, 29 October 2013 12:27 AM

වෙලාව වෙනස් කරන්න. ගුවන් ගමන් රාත්‍රී කාලයේදීත් තිබෙන නිසා දුප්පත් අපිට වටිනවා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 29 October 2013 04:40 PM

මෙය ඉතා හොද වැඩක්. මෙවැනි බස් සේවා ගුවන්තොටුපලේ සිට අනුරාධපුරය , නුවර , ගාල්ල , මාතර වැනි ප්‍රදේශ කරා සාධාරණ මිලකට , ආරක්ෂාකාරීව ලංගම මගින් සළසනවා නම් විදේශ රටවල සිටින අපිට ලංකාවට එන විට පෞද්ගලික වාහන අරගෙන කොළඹ එන්න ඕනෑ නැහැ. එමගින් අපිට විශාල මුදලක් ඉතුරු වෙන අතර වාහන තදබදය අඩුවී පරිසර දුෂණයද වැළකේ (නි)

:       0       0

සිහින කුමාර Tuesday, 29 October 2013 01:26 AM

හොඳ දෙයක්. මේ අපේ රට දෙයක් කළොත් ඒකට වැරදියි කියන මිනිස්සු ගොඩක් ඉන්නවා (නි)

:       0       0

ප්‍රදීප් Monday, 28 October 2013 05:11 PM

අපි දැන් මත්තලින් බැහැලා විනාඩි 20න් ගෙදර යනවා. අපිට දැන් මේ පාරේ ලස්සන බලන්න වෙන්නෙ නැහැ (නි)

:       0       0

ලාල් Tuesday, 29 October 2013 01:55 AM

කුලී රථ වලට සහ ඒ වගේ වැඩ කරන අයට ලොකු ප්‍රශ්නයක්.ලොකු පාඩුවක් (නි)

:       0       0

මහින්දරත්න ශී ෂෙල්ස් Tuesday, 29 October 2013 11:38 PM

ෆුස්රූල් ගෆූර් ...සොයුර... ඔබට පෙනෙනා .රටේ .සංවර්දනය ....කිසිදා නොදකින කුහක මිනිසුන් ... තවමත් ..මව්බිමේ ...ඇතිබව ..පමණක් මතක තබාගන්න....ඔවුන් ..කවදාවත් ...කිසිම දෙයක් ගැන සුබවාදීව නොසිතනු ඇත...(නදී)

:       0       0

රොෂාන් සංජීව Saturday, 02 November 2013 02:04 AM

වෙල්ගම මහත්තයාට ලේලන්ඩ් එලවන්න අමුතුවෙන් පුරුදු වෙන්න ඕනෑ නැහැ.කොහොම වුණත් ප්‍රායෝගික ඇමතිවරයෙක්.වැඩේට සුදුස්සා එය තමා.පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 29 October 2013 11:54 PM

ඇයි ලේලන්ඩ් බස් ?  ලංකාවෙ මයික්‍රො බස්වලට තැනක් නැඳ්ද වැඩේ හොඳයි අපේ බස් සමාගමටත් තැනක් දෙමු.(නදී)

:       0       0

චන්දි Tuesday, 29 October 2013 02:21 AM

හොද හොදම වේය ලොව කිසිම තැනක නැහැ , නොහොද නරක දිනුවේ.., සිත ඊර්ෂමාන ගති නැති නිසාම අපි ප්‍රේම තරගෙ දිනුවේ...!! ඉතාම වටිනා සේවයක් , කදිමයි.නියමයි.වෙලාව ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි (නි)

:       0       0

ඉෂාර Monday, 28 October 2013 05:34 PM

අමල් මහත්තයා ළඟදි පිටකොටුව ස්ටෑන්ඩ් එක පැත්තේ ගිහිල්ලා නැහැ වගේ... (නි)

:       0       0

නිමල් හේමචන්ද්‍ර Tuesday, 29 October 2013 12:41 PM

අපේකම පේන්නත් එක්ක මයික්‍රෝ බස් දැම්මා නම් මීට වඩා වටිනවා නේද? (ස)

:       0       0

සුජිත් ප්‍රනාන්දු Monday, 28 October 2013 01:25 PM

කෝ මේවට හෝ ගල අදහස් දාන්න කට්ටිය නැද්ද? (ස)

:       0       0

නාමල් හේමචන්ද්‍ර Tuesday, 29 October 2013 12:44 PM

එතකොට 2700ය 130 වෙනකොට අපේ ආර්ථිකය හොඳට වර්ධනය වෙයි නේද? (ස)

:       0       0

රවී Wednesday, 30 October 2013 12:50 AM

අනේ හොදා .අපිට ලොකු සහනයක් ...(නදී)

:       0       0

එස් .එල්. ජේ. ප්‍රනාන්දු Monday, 28 October 2013 01:38 PM

අපි මීට පෙර විශාල මුදලක් මෙන්ම කාලයක් නාස්ති කළා. මේ අනගි පහසුව අපට සැනසිල්ලක්.සතුටුයි. (නි)

:       0       0

චමින්ද බණ්ඩාර Monday, 04 November 2013 05:23 AM

කෙනෙකුට බඩේ පාර, නමුත් මිනිස්සුන්ට නම් හොදක් (දී)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 28 October 2013 01:46 PM

මේ වගේ හැමදාමත් ආරක්ෂාව සපයනවද? (නි)

:       0       0

සදහම් Monday, 28 October 2013 01:46 PM

ඕවා බැස්සට බඩු මිල නම් නගිනවා. බඩගිනි වෙන්නෙත් අධිවේගෙන්ම තමයි (නි)

:       0       0

නලින් Monday, 28 October 2013 01:49 PM

ඉතාමත් හොද අගය කළයුතු දෙයක්..... (නි)

:       0       0

දොන්සේතං Monday, 28 October 2013 01:51 PM

මේ වගේ බස් එකක් තමයි අර ගිනි ගත්තේ.නේද? හාපෝ! මේවා ෂුවර් නැහැ. (නි)

:       0       0

රොහාන් Monday, 28 October 2013 01:56 PM

එයාර්පෝට් ටැක්සි වලට මෙය බලපානවා. (ස)

:       0       0

සෙනරත් Monday, 28 October 2013 01:58 PM

මෙතෙක් කාලයක් කටුනායක ගුවන් තොටුපල දක්වා පැමිණ එතැන් සිට කොළඹ දක්වා ගමනට පුද්ගලික වාහන හිමිකරුවන්ගේ ගෑස් සැර බලන්නට වූ අපට මෙය ලොකු අස්වැසිල්ලක් වන අතර ගත් පියවරට රජයට ස්තුති වන්ත වෙමු. (ස)

:       0       0

සම්පත් Monday, 28 October 2013 01:58 PM

සුජිත්ට පාළුද? හොඳ වැඩක් අනිවාර්යයෙන්ම. (ස)

:       0       0

චාමික Monday, 28 October 2013 02:05 PM

දැන් අර 1500ක් දීලා විදේශිකයන්ට යන්න කියලා දාපු එයාර්පෝර්ට් එක්ස්ප්‍රස් කෝච්චිය යන්නේ නැද්ද ? (නි)

:       0       0

සුනිල් Monday, 28 October 2013 02:13 PM

අපේ විපක්ෂ නායකතුමා හිටියා නම් මේ වගේ බස් කීයක් නම් දාලා දෙයිද? අපරාදේ එතුමා පැරදුනේ... (නි)

:       0       0

මනෝජ් - සාජා Monday, 28 October 2013 02:16 PM

නියමයි. අගය කලයුතු වැඩක්. හැබැයි කුලී රථ රියදුරන්ට බඩේ පාර. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 29 October 2013 06:27 PM

ගිම්හානි,අපි කුඩා කාලයේ හෝ ඉපෙදෙන්නටත් පෙර අපේ රටේ මිනිස්සු ගොන් කරත්තවලින් තමයි ගමන් බිමන් ගියේ. නමුත් කාලයත් සමඟ තාක්ෂණය දියුණුවෙමින් ලෝකයේ සෙසු රටවල් ඉදිරියට යද්දී 3 වන ලෝකයේ රටක් වුවත් ආසියාවේ අනෙකුත් රටවල් හා සසඳද්දී අපි සැළකිය යුතු ලෙස ඉතාමත් සතුටුදායක තත්වයක ඉන්නවා. එතකොට ඔයා කියන්නේ අපේ මුත්තලා මීමුත්තලා ගොන්කරත්තවල ගිය නිසා මේ වගේ සංවර්ධන කටයුතු කරන්න එපා කියලද? එහෙමත් නැත්නම් අනෙක් ගම්බද පළාත් වල මේ වගේ මාර්ග නොමැති නිසා එපා කියලද? අනික හැම දෙයක්ම එක පාරම කරන්න බැහැ. කාලයක් කොළඹට පමණක් සීමා වුණ සංවර්ධනයක් නමත් දැන් තත්ත්වය වෙනස්. අපි හැමෝටම එහි ප්‍රතිලාභ භුක්ති විඳින්නට අවස්ථාව ලැබිල තිබෙනවා. ඒ නිසා ටිකක් සතුටුවෙන්න. (නි)

:       0       0

රොෂාන් Monday, 28 October 2013 02:17 PM

රාත්‍රී 7 තව ටිකක් පස්සට ගත්තොත් හොඳ නැද්ද?? (ස)

:       0       0

ජෝන් Monday, 28 October 2013 02:19 PM

හොඳ දෙයක් අපි අගේ කරමු .කොළඹ නුවර පාරත් හැදුවා නම් හොඳයි. (ස)

:       0       0

ගාමිණි Monday, 28 October 2013 02:32 PM

හොඳ දෙයක් අගය කල යුතුමයි....ගමනාගමනය රටේ සියලු දෙයටම ඉවහල් වෙන සාධකයක් බැවින්. (ස)

:       0       0

ප්‍රසන්න Monday, 28 October 2013 07:04 PM

සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කළ හොද වැඩක්. (දිල්)

:       0       0

ජිලෝ Monday, 28 October 2013 02:36 PM

එකසිය තිහට එක්කෙනයි .දෙදහස් හත්සියට මුළු පවූලම සමඟ ගමන් මලු සමඟ ජිවිත රැකවරණය සමඟ ආතල් එක . (ස)

:       0       0

ප්‍රේමසිරි Monday, 04 November 2013 11:39 PM

මම කුවේට් වල වසර 20 ක් වෙනවා. දැන් මේ රටෙත් ගුවන් තොටුපළේ සිට නගරයට සාමාන්‍ය බස් ගාස්තුවට කුවේට් ඩිනාර් 1/4 ට යන්න පුළුවන්. මෙහේ වැඩට එන අපි වගේ අය නගරයට යන්නේ එම බස් එකේ. අපේ රටෙත් ඒ වගේ බස් පහසුකම් හැදුවා නම් ගුවන් තොටුපළින් ටැක්සි වලට ගන්න ගාස්තු දුප්පත් අපේ වගේ අය‍ට ඉතුරුවක්. බලධාරීන්ට මෙය ඇස ගැටේවා! (නි)

:       0       0

සුසන්ත Monday, 28 October 2013 02:39 PM

හොද දෙයක්.මෙම ක්‍රියාව අගය කළ යුතුයි (නි)

:       0       0

සාගර Monday, 28 October 2013 02:40 PM

අනේ අපේ රැකියාව අපිට නැතිවුණා. (නි)

:       0       0

චන්දිම Tuesday, 29 October 2013 06:42 PM

ගිම්හානි, එතකොට ඔය කියන්නේ කොතනින් හරි පටන්ගෙන ටික ටික හරි හදාගෙන යන්නේ නැතුව මොනවා කරන්න කියලද? ඔය පව් අනේ. (නි)

:       0       0

රාමා Monday, 28 October 2013 02:41 PM

බොහොම හොඳ සේවාවක්. විශේෂයෙන් මැද පෙරදිග සිට එන අයට බොහොම අය හරි අමාරුවෙන් ටැක්සි ගාණ ගෙවන්නේ. රජයට අපේ ප්‍රණාමය, අතරමග දී බහින්න පුලුවන් පෑලියගොඩ වගේ තැනකින්? (ස)

:       0       0

පාලිත Monday, 28 October 2013 02:41 PM

මගීන්ට ලොකු සහනයක්.අඩු වියදමින් ලංකාව බලන්න ආ සංචාරකයන්ටත් හොඳයි. පැය විසි හතර පුරාවටම බස් දන්නා.ලංකාවේ ප්‍රධාන නගර වලට යන්නත් මේ වගේ බස් කටුනායක සිට යන්න ඕන.එය අපේ රණවිරුවන්ට අස්වැසිල්ලක්.කොළඹ නුවර අධිවේග පාරත් ඉක්මනට හැදුවොත් හොඳයි.සියලු දෙනාටම ජයවේවා. (ස)

:       0       0

රන්ජිත් Monday, 28 October 2013 02:46 PM

අපේ දේ අගය කළ ඔබට සැමදා ස්තූතියි (නි)

:       0       0

දොඩන්ගොඩ Monday, 28 October 2013 02:47 PM

ඉතාමත් අගනා වැඩක් . මේවටත් අඩු පාඩු කියන්න මිනිස්සු කුල්ලපු කරන්න කොටසක් ඉන්නවා (දිල්)

:       0       0

වසන්ත Monday, 28 October 2013 02:47 PM

මේක ඉතාම හොද වැඩක්. (දිල්)

:       0       0

කපිල Monday, 28 October 2013 02:48 PM

ගරු ජනාදිපති තුමාට අපගේ ස්තුතිය ඔබට ජයම ජය..(දිල්)

:       0       0

සුමේද Monday, 28 October 2013 02:49 PM

මේ වගේ දේවල් දියුණු වෙන රටක ලක්ෂණ.හොද වැඩක් (දිල්)

:       0       0

චමත් Wednesday, 30 October 2013 07:15 PM

පව් අප්පා ටැක්සි කාරයොත් ජීවත් වෙන්න එපෑ.(නදී)

:       0       0

අසංක Monday, 28 October 2013 02:56 PM

කෝටි 20 ක් ඉන්න රටේ, කී දෙනාටද පුළුවන් ඔය හයි වේ එකේ යන්ට. 3 වීල් 1ක් තියෙන බයික් 1ක් තියෙන රටේ සාමාන්‍ය ජනතාවට සේවයක් වෙන දෙයක් කරොත් නරකද , අපේ රටේ ඉන්න හරක්ට හයි වේ තිබ්බොත් ඇති කන්ට නැතත් කමක් නැහැ. මේවගෙන් කොමිස් කොච්චර ගහල තියෙනවද දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා. (ස)

:       0       0

පෙරේරා Monday, 28 October 2013 08:05 PM

වෙල්ගම මහතා නියම මහත්තයෙක්, මෙවැනි මන්ත්‍රීලා තමයි ලංකාවට අවශ්‍ය. නියම විෂයට නියම කෙනා (නි)

:       0       0

කලණ Monday, 28 October 2013 02:58 PM

හොඳ වැඩක්, ඒ උනාට කොළඹට විතරනේ... මගින් බහින්නත් බැහැ නේද? (ස)

:       0       0

දිලාන් Monday, 28 October 2013 08:10 PM

පොඩි මිනිහව තමයි කොහොමත් තැළෙන්නේ (නි)

:       0       0

උපාලි Monday, 28 October 2013 02:59 PM

මෙන්න නියම වැඩ. කුමාර වෙල්ගම ඇමතිතුමා කවදත් දැනෙන යමක් කරන නියම වැඩකාරයෙක් නේ. ජය වේවා!!!(දිල්)

:       0       0

ජයරාජ් Monday, 28 October 2013 03:05 PM

අනේ මගේ කොල්ලන්ගේ කුලී ටැක්සි? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 28 October 2013 08:26 PM

මේ ජායාරූප දෙස බලනවිට හිතනවා මේ අපේ පුංචි රටේද කියල. අපිත් ලෝකයේ අනිත් සංවර්ධිත රටවල් මෙන් සෙමෙන් සෙමෙන් යම්කිසි ඉලක්කයක් කරා හඹා යමින් සිටිනවා ආර්ථික ප්‍රශ්න නැතිවාම නොවේ නමුත් හෙම්බිරිස්සාවට බයවෙලා මුහුණ සෝදන්නේ නැතිව ඉන්න බැහැ. ලංගම සතුව මෙතරම් සුඛෝපභෝගී බස්රථ තිබීම මොනතරම් වාසනාවක්ද / ආඩම්බරද. අපේ වටිනා මේ සියලුම සම්පත් විනාශ නොකර රැකගැනීම අපේ වගකීම නොවේද? සමහරු බස් රථ වල නැග්ගහම ආසන වල කුරුටු ගානවා ආසන කවර ඉරා දමනවා කරුණාකර අපේ සම්පත් වල වටිනාකම හඳුනාගෙන ඒවා ආරක්ෂා කරගැනීමට සියලු ශ්‍රීලාංකිකයන් තමාගේ වගකීම කියන දේ මතකයේ තබාගැනීම ඉතා වැදගත්ය. (දිල්)

:       0       0

අමා Wednesday, 30 October 2013 01:41 PM

ෆස්රුල් ගෆූර්, සොයුර ඔබ අප රටට කොතරම් ආදරේද කියා ඔබේ අදහස් වලින් පෙනෙනවා.ඔබට සදා ජය !!! (ස)

:       0       0

ගජ මෑන් Monday, 28 October 2013 03:08 PM

බොහොම ඉහලයි වැඩේ ! අදාළ සියලු දෙනාටම ස්තුතියි. බුදු සරණයි! දෙවි පිහිටයි!! (ස)

:       0       0

සමින්ද Monday, 28 October 2013 03:09 PM

බොහොම හොඳ සේවාවක්.නමුත් ඔබේ ගමන් මලු කොළඹදී පරිස්සම් කරගන්න. දන්නවනේ අපේ මිනිස්සුන්ගේ හැටි.රට ඉඳන් එන නිසා දැනටමත් ඒවාට ගේම් දෙන්න අය රෙඩි වෙනවා ඇති. (ස)

:       0       0

නෙල්සන් ගොඩමාන්න Monday, 28 October 2013 03:10 PM

හොඳ දෙයක් අගය කල යුතුමයි. මගීන්ට ලොකු සහනයක්.අඩු වියදමින් ලංකාව බලන්න ආ සංචාරකයන්ටත් හොඳයි. (ස)

:       0       0

අමල් Monday, 28 October 2013 03:11 PM

සුද්දො අලුත්ම බස් එකෙන් අලුත් පාරෙ ඇවිත් පිටකොටුවෙ අර පරණ මඩ වලෙන් බහින කොට අර තිබුන ප්‍රතිරූපෙ එහෙම පිටින්ම වෙනස් වෙනවා නේද? (ස)

:       0       0

දේශප්‍රේමි Tuesday, 29 October 2013 09:27 AM

එතුමා ආසන බඳ පටිය දාගෙන නැහැනේ? (නි)

:       0       0

අමිල Monday, 28 October 2013 03:14 PM

පෙරවරු 6.30 සිට රාත්‍රි හත දක්වා සෑම විනාඩි 30, මේක අපිට වැඩක් නැහැ, අපේ ගුවන් යානා ගොඩ බසින්නේ මහ රෑට, ඇයි මේ සේවාව පැය 24 ම දාන්න බැරි ? (ස)

:       0       0

සුමිත් Tuesday, 29 October 2013 09:31 AM

කීයක් ලැබුනත් ඕවා සියල්ල අපේ රටට ලැබෙනවද? (නි)

:       0       0

කලන ජේ. Monday, 28 October 2013 03:19 PM

අසංක කියන පුද්ගලයා මේ ප්‍රවෘත්තියේ මාතෘකාවවත් කියවල නැතුව කෑගහනවා. යන්න වාහන නැති මිනිස්සුට තමා මේ පොදු ප්‍රවාහන සේවා හඳුවන්වලා දීල තියෙන්නේ. අනුන්ට හරක් කියන්න කලින් පොඩ්ඩක් හොයල බැලුවා නම් මේ මාර්ගය අවුරුදු කීයක් හදාගන්න බැරුව හිටියද කියලා තේරෙයි අපි කොච්චර පිටිපස්සෙන් ද ඉන්නේ කියලා. වැඩක් කලොත් කරපු වැඩේ අගය කරනවා නෙවෙයි කොමිස් කතාවක් අල්ලගෙන කෑගහනවා. අපේ සමහරක් ට ඉතින් පිනට කන්න ලැබෙනවා නම් ඒ ඇති. කන්න නැත්තම් අත පය මොලේ වෙහෙසලා වැඩක් කරනවා. පිනට හැමදේම කටට වැටෙනකන් ඉන්නෙ නැතිව. (ස)

:       0       0

රුවන් Monday, 28 October 2013 08:54 PM

අපිට හරි ආඩම්බරයි (නි)

:       0       0

අසංග Tuesday, 29 October 2013 09:41 AM

අසංක, යමක් අගය කරන්න පුරුදුවෙන්න. මේ දේවල් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටු වියයුතු දේවල්. (නි)

:       0       0

ගුරුගේ Monday, 28 October 2013 03:20 PM

බොහෝ ගුවන් ගමන් රාත්‍රියේද තිබෙන නිසා බස්රථ රෑ 10 වනතෙක් වත් තියනවනම් ලොකු දෙයක්. (දිල්)

:       0       0

චමත් [ලංකාව] Monday, 28 October 2013 03:21 PM

ඉතාම හොද වැඩක් . සමහර රටවල මෙවැනි බස් සේවාවන් ගුවන්තොටුපළේ සිට ප්‍රධාන නගරය දක්වා මිනිත්තු දහයෙන් දහයට ගමන් ආරම්භ කරනවා .මගීන් පිරෙනේකම් ඉන්නේ නැතුව එවැනි කාලසටහනකට අනුව ගමන් ආරම්භ කරනවානම් තවත් හොදයි. (දිල්)

:       0       0

ටිකිරි Monday, 28 October 2013 08:57 PM

රටේ තිබුන සැම ප්‍රශ්නයක්ම නොවිසදුනාට ප්‍රධානම ප්‍රශ්නය වෙලා තිබුනේ ගමනාගමනය සඳහා ගතවන කාලය. මේ ප්‍රශ්නය විසදුනාම ඉතිරි ප්‍රශ්න වලටත් විසදුම් සොයන්න පහසුවේවි (නි)

:       0       0

අස්ලම් Monday, 28 October 2013 03:24 PM

ඇත්තටම හොද වැඩක් කරලා තියෙන්නේ. මම දැන් පිටරට ඉන්නේ. මම කටුනායක එන්න 3000 ගෙවලා ආවේ. දැන් පොඩි ගානට යන්න පුළුවන්. හරි සතුටුයි. ඇමතිතුමා ගැන මම ආඩම්බර වෙනවා. (නි)

:       0       0

සුරංග පෙරේරා Wednesday, 30 October 2013 02:20 PM

සුද්දන්ට ගාන වැඩි කරන්න. නැත්තම් ටැක්සි වලට දෙයියන්ගෙම පිහිටයි. (ස)

:       0       0

නිහාල් Monday, 28 October 2013 03:25 PM

පානදුර සිට කොළඹටත් අධිවේගී මාර්ගයක් ලබා දුන්නොත් ගාලු පාරේ වාහන තදබදය බොහෝ දුරට අඩු වේවි. (ස)

:       0       0

ඉන්දික Monday, 28 October 2013 03:26 PM

අසංක, හැමදාම කෑම ගැන විතරක් හිතුවොත් රට එකතැන. ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් නොමිලේ දෙන්නේ. වෙන කොයි රටේද එහෙම කරන්නේ? ඔයා කෑම ටිකත් අඩුවට දෙන්න කියලද? රටක් දියුණු කරන්න ටිකක් දුක් විඳින්න වෙනවා! (ස)

:       0       0

විජේසුන්දර Tuesday, 29 October 2013 09:55 AM

1991 වන තෙක් මම ලංගම සේවය කළා. වෙල්ගම වගේ පොළවේ පයගහන ඇමතිලා ඒ කාලේ හිටියා නම්! මට දුක මම 2013 අප්‍රේල් නිවාඩුවට ලංකාවට ගිය නිසා තව වසර කීපයක් යනතෙක් බලාගෙන ඉන්න වෙන නිසයි.කවුරු කොහොම කිවුවත් රටක් දියුණු වීමට හොඳ ප්‍රවාහන සේවයක් අවශ්‍යමයි. (නි)

:       0       0

ටිරල් Monday, 28 October 2013 03:42 PM

කෝ බන්දුල ? අවුල්ද ? (ස)

:       0       0

චින්තක Monday, 28 October 2013 03:46 PM

අසන්කලා වගේ අය ඉන්නකල් මේ රට සැමදාම වළේ. (නි)

:       0       0

ශාන්ත ලාල් Monday, 28 October 2013 09:40 PM

අපිට හැමදාම වැරදෙන්නේ බඩ ගැනම හිතන නිසයි (නි)

:       0       0

ශාන්ත ලාල් Monday, 28 October 2013 09:44 PM

අසන්ක, එන්නකෝ ඉබි කටුවෙන් එළියට? (නි)

:       0       0

දිනේෂ් Monday, 28 October 2013 03:47 PM

අසංක, ත්‍රී වීල්, බයික් තියෙන අයටත් රු. 130/= ට දැන් සැපට, අරක්ෂකරිව , ඉක්මනින් කොළඹට එන්න පුළුවන්. අනික ගොඩක් වාහන හයිවේ එකේ යනකොට ත්‍රී වීල් වලටත් පරණ පාරේ නිදහසේ එන්න පුළුවන්. (ස)

:       0       0

ප්‍රසාද් මුනදෙනිය Monday, 28 October 2013 09:49 PM

වැඩේ නම් ගොඩාක්ම හොදයි. ඒත් මේ වගේ වැඩ කරන ගමන් සාමාන්‍ය මහා මාර්ගත් හොදට දියුණු කරලා ක්‍රමවත්ව නඩත්තු කරන්න ඕනෑ. මොකද රටේ හැමෝම බදු ගෙවන අය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4470 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දෙවෙනි මනාපෙට අමතර වැය බරක්
2024 සැප්තැම්බර් මස 22 37 0

ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


අවිස්සාවේල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 62 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 61 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 75 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14697 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 128 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site