(ඩයනා උදයංගනී සහ තිළිණි ද සිල්වා)
තමා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී සිටීමෙන් පසු කිරුළ අහිමි වුවත් කම් නැති බවත් දිනාගත් කිරුළ යළි භාරදීමට කාලය එළඹ ඇතැයි තමන් දන්නා බව වත්මන් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි මහත්මිය පවසයි.
තමන් පෙනී සිටියේ ලෝක විවාහක රූ රැජිණියගේ කිරුළේ සැබෑ අරමුණ වෙනුවෙන් බවත්, යමක් වෙනුවෙන් නැගී සිටින්නට හඬ නගන්නට සිදුවේ නම් ඒ වෙනුවෙන් අසීරුවෙන් හිමිකරගත් දෙයක් අහිමි කරගෙන හෝ පෙනී සිටිය යුතු බව තම ඇදහීම බවත් ඇය සඳහන් කරයි.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමිනි.
එහිදී ඇය මෙසේ ද පවසන්නීය.
“වාද මතවාදවලට තුඩුදුන්, පසුගියදා සිදුවූ සිදුවීම ගැන මගේ අවංක කනස්සල්ල පළකර සිටිමි. කිසිවකු සමඟ පුද්ගලික ආරෝවක් හෝ පුද්ගලික න්‍යාය පත්‍ර ද මට නැත. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ අවසන් වටයට තේරී පත්වූ සියලු දෙනා මා ඉතාමත් අගය කොට සළකමි. ඔවුන්ට ඔවුන්ගේ උපරිමයෙන් තරඟවැද ජයගැනීමට තරම් සාධාරණ සහ සැමට සමාන අවස්ථාවක් හිමිවන තරඟ පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටිමි.
මා කිසිම තරඟකාරියකට පක්ෂපාතීව හෝ විරුද්ධවාදීව කටයුතු නොකළෙමි. මා නිරන්තරයෙන් සිටගත්තේ මා නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙනි. මා හට 2020 ලෝක රූ රැජිණ තරඟයේ තරඟ වැද ජයග්‍රහණය කිරීමට තරම් සාධාරණ වේදිකාවක් නිර්මාණය කරදුන් විවාහක රූ රැජිණ තරඟ සංවිධායකයින්ට එයින් අත්විඳින්නට සිදුවූ අපහසුතාවයක් වී නම් මම ද එය අත්විඳිමි. ලොව වටා සහ මගේ රටේ වෙසෙන පසුගිය සහ වර්තමාන රූ රැජිණ තරඟයේ ජයග්රාහිකාවන්ට එයින් අත්විඳින්නට සිදුවූ අපහසුතාවය මම ද අත්විඳිමි.
සෑම රූ රැජිණ තරඟයකටම ඊට අනන්‍ය වූ නීති රෙගුලාසි මාලාවක් ඇත. මා මුල සිටම පෙනී සිටියේ සාධාරණ වේදිකාවක් සහ සැමට සාධාරණ වූ නීති රෙගුලාසි වෙනුවෙනි. තරඟයක නීති රීති ඇත්තේ ඒවායේ අඩුපාඩුවලින් රිංගා යමින් කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට නොවේ. මා මුල සිටම ඒ වෙනුවෙන් හඬ නැගුවත් මගේ හඬනැගීම නෑසුන නිසාම අවසාන තරඟයට පෙර දිනයේදී මා විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණෙමි.
ලෝක විවාහක රූ රැජිණ කිරුළ යනු විවාහ ජීවිතයක් ගෙවමින් ඒ වෙනුවෙන් මහා කැපවීම් කරමින් වගකීම් දරමින්ම තම තමන්ගේ සිහින ජයගන්නා විවාපත් කාන්තාවන්ගේ ජාත්‍යන්තර සැමරුමයි. විවාහක, අවිවාහක සියලු කාන්තාවන් රැජිණියන්ය. සෑම රැජිණියකටම තමන්ට කියා වේදිකාවන් ඇත. ඒ වේදිකාවන් සහ තරඟවලට අනන්‍ය නීති රෙගුලාසි ද ඇත. මේ වසරේ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි. ඒ සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සූදානම් කරවීමට සහයදීම මගේ අරමුණයි.
කිරුළක් දරණ රූ රැජිණකට තිබිය යුතු වැදගත්කම් සහ ඇය පෙනී සිටිය යුතු වටිනාකම් ගැන පසුගිය දිනවල කතිකාවතක් ඇතිවූ අයුරු මා බලා සිටියෙමි. මගේ ඇදහීම වන්නේ චරිතයේ සැබෑ වටිනාකම යනු කිසිවකු බලා නොසිටියදීත් වැරදි නොකිරීම බවයි. මා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී සිටීමෙන් පසු මගේ කිරුළ අහිමි වුවත් මා පෙනී සිටියේ සහ සිටගත්තේ ලෝක විවාහක රූ රැජිණියගේ කිරුළේ සැබෑ අරමුණ වෙනුවෙන් බව මගේ හැඟීමයි. යමක් වෙනුවෙන් නැගී සිටින්නට හඬ නගන්නට සිදුවේ නම් ඒ වෙනුවෙන් හඬ නගමි. ඒ වෙනුවෙන් මා අසීරුවෙන් හිමිකරගත් දෙයක් අහිමි කරගෙන හෝ පෙනී සිටිය යුතු බව මගේ ඇදහීමයි.” යැයි ඇය පවසන්නීය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘දිනාගත් කිරුළ භාරදීමට කාලය එළඹ තිබෙනවා‘‘
Sujeewa Friday, 09 April 2021 03:27 PM
ලෝක කිරුළක් ලැබුවත් ඇඟිල්ලේ තරමට වඩා ඉදිමෙන්න ගියාම මේක තමයි අවසානය...
senaSaturday, 10 April 2021 06:25 AM
තනිකරම වැරැදි කතාවක්... නීතිය මොකක් වුණත් තමන් නිවැරැදියි කියන මතය වෙනුවෙන් පෙනීසිටින්න පුළුවන් ගැහැණියකට අපි ගරු කළ යුතුයි. නිකන් හිතලා බලන්න ඊළඟ අවුරුද්ද තුළ ඔය කියන විවාහක රූ රැජිනගේ දික්කසාදය වුණොත් එයාට කියන්නේ දික්කසාද රූ රැජිණ කියලද? ඕනම දේක තත්වයක් තිබිය යුතුයි. අපිට නැත්තෙත් ඒකයි..
රෙක්ස්Monday, 12 April 2021 11:06 AM
එහෙමනං කරන්න තිබුනෙ මේ කියන කතාව එතනදිම කලින්ම කියලා අරයගෙ ඔලුවට ඔටුන්න දාන්නෙ නැතුව වේදිකාවෙන් බැහැලා එන එක.
chandima Friday, 09 April 2021 04:39 PM
මිදි කන්න ගිය නරියා වගේ...
කමල් Friday, 09 April 2021 04:39 PM
ඔය රූරැජිනියන් තේරීම කෙලෙස් වගුරුවන පව්කාර ක්‍රියාවක්....
ලක්විදුMonday, 12 April 2021 05:55 PM
තරගයේ ඉදිරියට යාම සඳහා හැමෝටම තුන්වෙනි සිල්පදේ දිගට හරහට කඩන්න වෙනබව හැමෝම දන්න රහසක්...!
Pradeep Friday, 09 April 2021 04:50 PM
මට මතක් වුනේ මාමගෙයි, බෑනගෙයි සිංදුවක්. "හැබැයි ඔරුව පෙරලුණොත්... පෙරළුණු පිට හොඳයි කියනවා.. හූ.. හූ .." මට තියන ප්රශ්නය තමයි මේ තරගයට තරග කාරියන් ඉල්ලුම්පත් යොමු කළාට පසුව තරගයට අදාල මූලික සුදුසුකම් සපුරා තිබෙනවාද කියා..? තරගයට පෙර සොයා නොබලා අවසන් මොහොතේ ඒ ගැන ප්‍රශ්න කරන්නේ ඇයි කියන එක... මෙයා අවසන් තරගය වෙලාවේ කට්ටිය ඉස්සරහා පොරක් වෙන්න ගිහින් අන්තිමේ හොදට නා ගත්තා. ගෑනුන්ට පිට ඔපේ තරමට මොළෙත් තිබුණා නම් කොච්චර හොඳයිද?...
kumarage Friday, 09 April 2021 05:00 PM
ඉතින් ලස්සන කාන්තාව තමයි දිනුවේ.. මිනිහෙක්ගේ හුටපටයක් ඇදලා අරන් ඔහොම කරලා හරි යනවද? හැමෝම දැක්කනේ ලස්සනම පුෂ්පිකා කියලා..
NimalSaturday, 10 April 2021 07:29 AM
පුෂ්පිකා ලස්සනයි. හැබැයි ප්‍රශ්නේ පුෂ්පිකා මිසිස් ශ්‍රී ලංකාද? මිසිස් පෙන්ඩින් ඩිවෝස්ද කියලා..?
chandani - gampahaSaturday, 10 April 2021 10:13 AM
මොන ලස්සනක්ද...?ගමේ උන් කියන්නේ කබරි කියලා.ඔය මේකප් දමලා ..හම ගහලා.
janaka perera Friday, 09 April 2021 05:36 PM
ඉක්මණින්ම ඕක බාරදෙන්න.. ඔයා කොහොමටවත් සුදුසු නැහැ.
hesa Friday, 09 April 2021 05:53 PM
ඒකත් අවසන්.. ලබන සතියට මොකක් ඒවිද..?
Janaka Friday, 09 April 2021 07:17 PM
කැරොලයින් කොච්චර හරි හෙන කට්ටක් කාලා ලෝක රූ රැජින වෙද්දී අනිත් කෙනා නිකම්ම නිකම් මැති ඇමති වරුන්ගේ උදව්වෙන් රැජින වෙනකොට කාටද මල නොපනින්නේ. මමත් දැක්කමයි සිංගල් මාම් කෙනෙක් ගෙවන සුපිරි ජීවිතේ. හෙලිකොප්ටර් සහ කෝටිපතියෝ පදින යොට් වල ගමන් බිමන් යන පුදුම සිංගල් මාම් කෙනෙක්. ඒ මදිවට හස්බන්ඩ් ගෙන් වෙන් වෙලා දැනටම අවුරුදු 4ක් ලු.
P. Ilangaratne Friday, 09 April 2021 10:46 PM
ඔයා පාතාල රූ රැජිනට නම් සුදුසු බව දැනටමත් සනාථ කර තියෙනවා.
chandima Friday, 09 April 2021 11:59 PM
වැඩේ වැරදුනා තමයි එත් ඉතින් කිරුල ආපසු ගත්තා... කාටවත් දෙවියෝ දුන්න රූපය ආපහු ගන්න බෑ.
ජයරත්න Saturday, 10 April 2021 12:38 AM
බුදු දහමට අනුව අත්හැරීම සිතට සැනසීම ගෙන දේ
Chithrananda Saturday, 10 April 2021 12:51 AM
කතාව සම්පුර්ණ ඇත්ත
chandima Saturday, 10 April 2021 01:15 AM
දෙන්න එපා දුන්නොත් ඉවරයි ... රනිල්ට රජකම දුන්නා වගේ වෙනවා... ආයෙත් ආපහු අරන් හමාරයි...
ලුම්බිණි Saturday, 10 April 2021 01:27 AM
ජයවේවා.
Oscar Saturday, 10 April 2021 01:44 AM
ඔබ කියන දේ සම්පූර්ණ ඇත්ත . සුදුස්සාට සුදුසු තැන ලබාදීමට ඉදිරිපත්වූ ඔබ වීරවරියක් ලංකාවේ දැන් වෙන හැමදේම වගේ , කඩේ යන පිළිකන්නේ කැරකෙන එහෙයියනට වරප්‍රසාද, සම්මාන ලැබෙන ක්‍රමයට එරෙහිවීම ගැන ගරු කරමි
nimelen Saturday, 10 April 2021 02:00 AM
දන්නේ නැති නිසයි අහන්නේ.. විවාහක රූ රැජින් කියන්නේ...සෙපරේට් රූ රැජින් ද? දැන් අපේ ඉන්නේ සෙපරේටි රූ රැජිනක් නේද? මට නන් පෙන්න තියෙන්නේ මේක පිටිපස්සෙ දේශපාලනය ගැවිලා තියෙනවාමයි.....
sam Saturday, 10 April 2021 02:27 AM
අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටි ඔබ විශිෂ්ටයි. මෙම වංචනික රැවටිලිකාර රාජපක්ෂ පාලන තන්ත්රය යටතේ අපේ රටේ සාරධර්ම, නීති රීති සඳහා තැනක් නොමැති බව කවුරුත් දනිති.මේ සිද්ධිය පිටිපස්සේ බලගතු දේශපාලනයක් තියනවා. පුෂ්පිකා සිල්වා පොහොට්ටුවේ හයියෙන්, සංවිධායක ඔටුන්නට ලඟාවෙලා තියෙන්නේ. පට්ට අසාධාරණයක් මෙතන අනිත් අයට වෙලා තියෙන්නේ. පව් කිසිම බාහිර බලපෑමක් නැතුව තමුන්ගේ හයියෙන් සාධාරණව තනිවම ඉදිරිපත් වුණු ඉතුරු අය. දික්කසාදේ තව මාස 2 ක 3 කින් හම්බවෙන්න ඉස්සෙල්ලා ඔටුන්න දාගන්න පුෂ්පිකා උත්සහ කරපු බව හොඳට පේනවා එයා මාධ්‍යට කියපු දේවල් වලින්. මට පේන විදිහට එයා අනාගත වන්දියකදී පාදඩ රාජපක්ෂ පොහොට්ටු වෙන් ඡන්දේ ඉල්ලන්න බලාගෙන රාජපක්ෂ ක්‍රමයට නීති වලින් රිංගලා ඔටුන්න ගන්න බැලුවේ. 2025 ඡන්දෙට බැසිල් අපේක්ෂකයෝ දැන්ම ඉඳන් හදනවා. ඒ නිසා කැරලයින් ජූරි කරපු වැඩේ හරියට හරි ඔටුන්න ප්‍රසිද්ධියේම ගලවපු එක. නීතිය යුක්තිය සමාජ අගයන් වෙනුවෙන් නැගී සිටීම ඔය කටු ඔටුන්නට වඩා සිය දහස් වාරයක් වටිනවා. ඔබට ජය !
රෙක්ස්Monday, 12 April 2021 05:26 PM
මහත්තයෝ එතකොට ඔය තරගය පවත්වන දිනේ තීරනේ කළේ පුෂ්පිකාද? අනේ මම දන්නේ නැති නිසයි ඇහුවේ..!
Lax - Doha Qatar Saturday, 10 April 2021 05:41 AM
ලංකාව නියෝජනයින් බොහෝ පිරිස් නොයෙක් දේ සඳහා ඉදිරිපත් වන අතර එයින් සැබෑ ලෙස ලංකාවට ආදරය කර ගෞරවයක් දිනා දුන් පුද්ගලයින් මා නොදකින අතර එයින් සැබෑලෙස ඔවුන් නියෝජනය කරන ලද්දේ තමන්ගේ යම් පටු අරමුණක් මුල් කොට බව විශ්වාසයෙන් පැවසිය හැකිය. ඇය මෙම කිරුළ දරා වසරක් ගතවුවද යම් තරමින් වැඩිහිටි නිවාසයකට දානයක් දුන්නාවත් කියා ප්රවෘත්ති තුළින් මා දැක නැත. වෙනත් කිරුළ දැරූ කාන්තාවන් අප්‍රිකාව වැනි රටවල ඉතා දිළිඳු ළමුන් කාන්තාවන් වෙනුවෙන් යම් වැඩකොටසක් කරනා අයුරු දැක ඇති අතර ඇය මෙරටදී පවා කළ සේවයක් ලෙස මා දැක ඇත්තේ පසුගිය සිදු වූ සිදුවීම පමණි. ලංකාවට අවංක ලෙස ආදරය කළ කාන්තාවක් ලෙස සිරිමාවෝ මැතිණියගේ නාමය අවංක ලෙස පැවසිය හැකි අතර සේනක බිබිලේ මහතාද නිදහසින් පසු මෙරට බිහි වූ ආදරණීය වු මිනිසෙකු වේ.
Nihal Saturday, 10 April 2021 06:47 AM
හික්මීම බින්දුවයි
de silva Saturday, 10 April 2021 10:47 AM
ලස්සන තිබුණාට විනයක් නැති නම් වැඩක් නැ...
Prabha Saturday, 10 April 2021 11:08 AM
සිරිලිය ගහපු ගැටේක තරම...
Kamal Koyrala Saturday, 10 April 2021 12:23 PM
69 ලක්ෂයක් බයියන්ට අද තියෙන ප්‍රශ්නේ රාජපක්ෂලාගේ යටතට්ටු ගැන...
banula amarainghe Sunday, 11 April 2021 01:29 AM
අවසාන තරඟයට පෙර දින විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වු ඇය කෙනෙකු ගේ කිරුලක් ගලවා තව කෙනෙකුට පැලඳ වූයේ කුමන බලයකින්ද? ඇත්තටම චන්දිමල්ට කල යුතුව තිබුනේ බලධාරියා වශයෙන් පොලිස් පැමිණිල්ලක් කිරීමයි
රෙක්ස් Monday, 12 April 2021 05:28 PM
කරපු විදිය තමයි වටින්නේ නැත්තේ...!
රෙක්ස් Monday, 12 April 2021 06:02 PM
රටේ කවුරුවත් නොදැන සිටි, අනාගත දේශපාලනයට එන්න (ගන්න) බලාගෙන හිටපු පුෂ්පිකාව එක රැයෙන් රට පුරාම ජනප්‍රිය කරවන කූට උපක්රමයට හසුවුණු මෝඩ ගැහැණියක්..!