IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දනට අහසින් වඩිති

මහා සංඝරත්නය බස්නාහිර පළාතේ සිට සබරගමුව පළාතට අහසින් වඩින මෙම දර්ශනය ඇස ගැසුණේ බුලත්සිංහල අතුර ශ‍්‍රී ඥානාලෝක මහා පිරිවෙන් විහාරාධිපති බස්නාහිර හා ඌව වෙල්ලස්ස ප‍්‍රධාන සංඝනායක යටගම්පටියේ ඥානාලෝක හිමියන් ප්‍රමඛ මහා සඟ රුවන බිනර පෝදා (08)  දායක නිවසකට  කොස්ගුලනේ මේ වැල් පාළමෙන් වැඩම කරද්දීය.

මේ පාළම කුකුළේ ගඟ පතුලේ සිට අඩි 750 ක් පමණ උසය.අඩි දහසක් පමණ දිගය.අඩි තුනක් පළලය.

වසර කිහිපයකට පෙරදී දෙකයි දෙකේ ලෑලි සහ කිතුල් ලැලි කෑලි 400 ක් පමණ යොදා කම්බි හතරක ආධාරයෙන් ඉදිකළ මෙම පැද්දෙන පාලම දැන් හොඳටම අබලන්ය.

කුකුළේ ගඟ හරහා බස්නාහිර හා සබරගමුව සම්බන්ධ කොට කුකුළේ ගඟ මාර්ගයේ කොස්ගුලන විද්‍යාලය අසල සිට සබරගමුවේ කලවාන කොලඹෑව ගම හරහා අයගම ඇතුළු ගම් රැසකට පිවිසීමට ඇත්තේ මෙම මරු කපොල්ලයි.

Untitled-3 Untitled-2.jpgLL Untitled-1.jpgFF Untitled-1.jpgF

 

 



අදහස් (0)

දනට අහසින් වඩිති

නන්ද Wednesday, 10 September 2014 08:32 AM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, අපේ හාමුදුරුවනේ.... (නි)

:       0       0

පිටගල Monday, 08 September 2014 02:39 PM

ඕකට තමයි අහවල් මහත්තයෝ ආශ්චර්යය කියන්නේ! (අ)

:       0       0

ඇමතිතුමා Monday, 08 September 2014 02:47 PM

ඡන්දෙ කිට්ටු වෙනකොට මම ඕකට මුල්ගලක් තියන්න හිතාගෙන ඉන්නේ .(අ)

:       0       0

රොකි Monday, 08 September 2014 02:47 PM

බය වෙන්න එපා. ළඟදීම ජපන් මොනෝ රේල් කෝච්චි පාරවල් දානවලු. එතකොට ඔක්කොම හරිනේ! (අ)

:       0       0

උදය කුමාර Tuesday, 09 September 2014 09:20 AM

අර ලොකු ලොකු මහත්වරුන්ගේ ඇස් වලට මේවා නොපෙනෙන එකයි වරද (නදී)

:       0       0

තිළිණ Monday, 08 September 2014 03:07 PM

මෙම පාලමෙන් කිහිප වතාවක් එගොඩ මෙගොඩ වෙලා තියනවා. ඉතාම විරල සුන්දරම දසුනක් සහිත වටාපිටාව හරිම ආකර්ශනීයයි. ඒ පළාතේ සිටින අහිංසක ජනයාගේ පහසුව තකා පාලමක් ඉදිකෙරෙන එක හොඳ වැඩක්. නමුත් මෙම වැල් පාලම නම් පිළිසකර කර පවත්වාගෙන යායුතු වන්නේ ගමේ පවතින සුන්දර බව සදා රැක ගැනීමටය. (අ)

:       0       0

උනම්බුව Monday, 08 September 2014 03:13 PM

අපිට දැන් අධිවේග තියෙන නිසා මම නම් ඕවා ප්‍රශ්න කියල හිතන්නේ නැහැ (අ)

:       0       0

ඒබ්‍රහම් සීයා Monday, 08 September 2014 03:15 PM

පාලමේ සමහර තැන් වල ලෑලි නැහැ, රෑට නොදන්නා කෙනෙක් ගියොත් මැරිලා වැටේවි (අ)

:       0       0

සුසේ Monday, 08 September 2014 03:17 PM

අධිවීගි පාරවල් රටට අවශ්‍ය වගේම ,ගමටත් මෙම පාරවල් හොඳට හද දීම පාලකයන්ගේ යුතුකමක් . (අ)

:       0       0

ජනනි රත්නායක Tuesday, 09 September 2014 07:14 PM

ඕවා මොනවද යුද්දේ දින්නනේ ඒ ඇති. (ස)

:       0       0

ක්‍රිෂාන් Monday, 08 September 2014 06:27 PM

ආසියාවේ ආශ්චර්ය! ලංකාදීප මේ පුවතට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 08 September 2014 06:55 PM

අහිංසක පින්වතුන් ටිකක්. ඔවුන් මේ දක්වා අපිට අලුත් පාලමක් ඕනෑ කියලා පාර හරස් කර උද්ඝෝෂණය කළාද? නැහැ නේද? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 09 September 2014 12:49 AM

මෙවැනි පාලම් උඩින් තමයි ආසියාවේ ආශ්චර්ය උදාවෙන්නේ. (නි)

:       0       0

මධුරංග Tuesday, 09 September 2014 02:00 AM

හැමදෙයක්ම හොඳින් සිද්ධ වුණානේ. පින් කරනකොට කවදාවත් කදරයක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ති Tuesday, 09 September 2014 11:54 AM

මේ වගේ නොව, ලස්සන එල්ලෙන පාලම් බලන්න කොළඹ බේරේ වැව ළඟට එන්න (නි)

:       0       0

රේමා Tuesday, 09 September 2014 04:26 AM

මේ පලාතේ මන්ත්‍රී තුමාට නොබෙල් තෑග්ග දෙන්න ඕන මේවා තියාගෙන ඉන්නවට (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 09 September 2014 04:41 AM

පේරාදෙණිය මල්වත්තේ තියෙන හෙල්ලෙන පාලම වගේ හොඳ සවි ශක්තිමත්ව හැදුවොත් එය භාවිතයට ගන්න උදවියට කිසිම භයක් සැකයක් නැතුව ගමන් බිමන් යන්ට හැකිවේවි. තිබෙන සුන්දරත්වයත් ආරක්ෂා වේවි. (නදී)

:       0       0

දොන් සිමන් පටබැඳිගේ Tuesday, 09 September 2014 04:45 AM

අගනුවර වායු සමණය කල පන්සල් වල ඉන්නා හාමුදුරුවන් රෝද හතරෙන් වඩිද්දි අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. (නදී)

:       0       0

රූපවතී Tuesday, 09 September 2014 04:52 AM

මම කුඩා කාලේ අපේ කිරි අත්තත් උසයි ඔය අඩි 750 හේ පාලම වගේ. මම ගොඩාක් උඩ බැලුවමයි කිරි අත්තගේ මුහුණ පෙනුනේ ඒ තරමටම උසයි. (නදී)

:       0       0

කුමාර Tuesday, 09 September 2014 05:53 AM

ධම්ම පොලම්බෙගොඩ නෙමෙයි නිකපිටිය සංගිලි පාලම නේද මටත් හොදට මතකේ තියනවා. දැන්නම් පාලම හොදටම අබලන්. අපේ ගමට යන්නේ දිප්පිටිය හරහා (නදී)

:       0       0

සුගුනවති Tuesday, 09 September 2014 01:39 PM

අනේ රූපවති, බොරු කියන්නේ නැතුව ඉන්න (නි)

:       0       0

සුනිල් Monday, 08 September 2014 10:51 AM

මෙවන් අබලන් මරු කපොලු අනිවාර්යයෙන් පිළිසකර කළයුතුය (නි)

:       0       0

වසන්ත Tuesday, 09 September 2014 01:41 PM

නිකරුනේ අනවශ්‍ය වියදම් කරන රටේ මෙවැනි අසරණ මිනිසුන්ට පිහිටක් නැති හැටි? (නි)

:       0       0

ධම්ම Monday, 08 September 2014 11:22 AM

පොල්අඹේගොඩ සංගිලි පාළමෙන් එගොඩවෙලා පාසල් ගිය කාලය මතක් වුණා. ගමනේ දුෂ්කර බවක් එදා අපට දැනුනේ නැහැ. (නි)

:       0       0

සීල Monday, 08 September 2014 11:34 AM

මෙවැනි ආශ්චර්යවත් දේ ලංකාවේ ඇති බව සමහරු පිළිගන්නේ නැත. (නි)

:       0       0

සෑම් Tuesday, 09 September 2014 07:04 AM

ජයා, ඔබ කියන දේ හරි. මේක අඩි 75 මිසක් 750 වෙන්න බැහැ (නදී)

:       0       0

මහේෂ්‍ Monday, 08 September 2014 11:38 AM

මේ පාලම එච්චරටම උසද? හිතනකොටත් බයයි (නි)

:       0       0

ශංක Monday, 08 September 2014 12:48 PM

ආසියාවේ ආශ්චර්යය. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 08 September 2014 01:28 PM

හරිම සිත්ගන්නා සුළු දසුනක්. නමුත් එහි අනතුරු බව ඊටත් වඩා හදවතට දැනෙනවා. (නදී)

:       0       0

ජයා Monday, 08 September 2014 01:47 PM

අඩි 750 ක් කියන්නේ මීටර් 228 ක් පමණ, ඒ කියන්නේ කිලෝ මීටර් කාලක්, වෙන්න පුලුවන්ද මන්ද පිංතූරය බලන කොට. මම හිතනවා අඩි 75 ක් වෙන්න ඇති කියලා. බිංදුව නිසා ගිය උඩ නේද? (නදී)

:       0       0

කාශ්‍යප Wednesday, 10 September 2014 08:22 AM

මෙහි ප්‍රතිචාරයක් දැක්වූ පිටිගල මහත්තයෝ, ඔයා ලංකාවේ ඇවිදිලා නැති හැටියකි පෙනෙන්නේ. රැයක් එළිවෙනකොට රටක් සුරපුරක් කළ නොහැක. නමුත් අඩුතරමේ අපි ඒ ආශ්චර්යය කරා යන ගමනේ සිටිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 11 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 21 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 303 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 604 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 440 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 334 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site