IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දනූනගේ ආච්චිට නිදහස ඉල්ලයි

වරෙන්තුකරුවකු වන ධනූන තිලකරත්නට රැකවරණය දුන්නැයි ඔහුගේ මිත්තනිය එලන් විමලා තිලකරත්නට (85) එරෙහිව පවරා ඇති නඩුවේ විත්ති වාචක නොගෙනම ඇය මුදා හරින්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගෙන් ඉල්ලා සිටියහ.

ඔවුන් පැවසුවේ ඇය වැරදිකාරියක් කිරීම සඳහා නීති ප්‍රතිපාදන නොමැති බවයි.

එලන් විමලා තිලකරත්න නඩුවෙන් මුදා හරිනවාද නැද්ද යන්න තීරණය කිරීම ලබන 24 වැනිදාට කල් තැබිණි.

ධනූන තිලකරත්න හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන්ය.



අදහස් (0)

දනූනගේ ආච්චිට නිදහස ඉල්ලයි

හිරු Wednesday, 10 July 2013 06:00 PM

මේ අසාධාරණය නොතේරේද? පන්දම් ඇල්ලුවා ඇති. අපිට නම් පුන්නක්කු බොන්න බැහැ. හරි වැඩේට හරි කියනවා, වැරදි වැඩේට වැරදි කියනවා. (දී)

:       0       0

ලංකාසිරි Wednesday, 10 July 2013 06:04 PM

ආච්චි අම්මා උසාවියෙන් නිදහස් කරන්න ඉස්සර නිදහස් වෙයිද දන්නේ නෑ.(නදී)

:       0       0

චමි Wednesday, 10 July 2013 01:21 PM

වාස්ගේ පුතාටත් මේ විදියට කරයිද දන්නේ නැහැනේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 July 2013 01:36 PM

පොන්සේකා මහත්තයෝ, වංචාවට දුෂනයට යහපාලනයට හඩ නගන ඔබතුමා, ඔබතුමාගේ නමට ලොකු කැළලක් වෙලා තියෙන මේ බෑනගෙ ප්‍රශ්නේ විසදන්න උත්සාහයක් නොගන්න එක අපිට ප්‍රශ්නයක්. මෙයාව ඉදිරිපත් කරලා ඔය තියෙන චෝදනාවලට නිවරදිකරු කියලා උසාවියෙන් ඔප්පු කරවලා ඔබ තුමත් හොරෙක් කියල කියන කට්ටියට නිසි පිළිතුරු දෙන්නකෝ. මට තියෙන අනිත් ප්‍රස්නේ තමයි ඔබ තුමාගේ දුවලා දෙන්න ඇමෙරිකාවෙ ඉගෙන ගත්තේ ආණ්ඩුවේ සල්ලි වලින් කියල සමහරු කියනවා. මමනම් හිතන්නේ නැහැ ඔය මොන ලොක්කගේ දරුවෙකුටවත් පිට රට ඉගෙන ගන්න ආණ්ඩුවේ සල්ලි දෙනවා ඇති කියලා. දුන්නත් ඔබතුමා කියන කරන විදියට තමන්ගේ දරුවන් සදහා අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් වියදම් ආවරණය කරයි කියලා අපිට හිතන්න බැහැ. ඔබ තුමාට ලැබුණු පඩිය මදිද මේ වගේ තව හතරක් පිටරට යවල උගන්නන්න. මොකද තව පිය උරුමෙන් මව් උරුමෙන් අනෝමා නෝනගෙන් ආපු දේපල පොඩි කන්දරාවක් තියෙනවද. මේ කට කතා හදන මිනිස්සුන්ගේ කටවල් වලට පනුවෝ දන්නා ඕන..අම්මපල්ලා.(නදී)

:       0       0

රීති Wednesday, 10 July 2013 01:43 PM

ඇගේ වයස ගැන අනුකම්පා කළ යුතුයි (දී)

:       0       0

මහේෂ් Wednesday, 10 July 2013 07:14 PM

මේ රට යන විදියට ජෙනරාල්තුමාට ආයෙත් රට බේරගන්න යන්න වෙයි වගේ. (දී)

:       0       0

ඇලෙක්ස් Wednesday, 10 July 2013 07:14 PM

ලංකාවේ නීතියක් කියලා එකක් තියනවද? (දී)

:       0       0

ලලිත් පෙරේරා Wednesday, 10 July 2013 07:41 PM

බන්දුල පෙරේරා කියන විදියට නීතිය ඉදිරියට ගොස් නිදොස් බව පෙන්විය හැකි නීතියක් අද රටේ තියනවද?එහෙම තියනවා නම් සමහර ‍ අයට රජ සැප විදින්න පුලුවන්ද ? ස්වාධීන කොමිසන් සභා ඕනෑ වෙන්නේ මේවට තමයි (දී)

:       0       0

ජයසිංහ Wednesday, 10 July 2013 02:07 PM

අවුරුදු 85ක් වෙන අම්මා කෙනෙක්ට කරන දෙයක්ද මේ? මම නම් එකග නැහැ (දී)

:       0       0

සාගර Wednesday, 10 July 2013 02:11 PM

ඔබ නිවැරදි නම් ඔබේ නිවැරදිකම ඔබට කවදාක හෝ ඔප්පු කරන්න හැකිවේවි (දී)

:       0       0

සනත් අබේකෝන් Wednesday, 10 July 2013 02:24 PM

ඔය අත්තම්මා ලඟත් තියෙන්න ඇත්තේ හැම අම්මා කෙනෙක්ම ළඟ තියෙන දරු සෙනෙහසම තමයි. මානුෂික පැත්තට නීතියේ ඉඩක් නැද්ද? (දී)

:       0       0

නදී Wednesday, 10 July 2013 02:27 PM

ඔබ ඔබේ බෑනා ඉදිරිපත් කරලා ඔබේ සාදාරණත්වය ඔප්පු කරන්න. එහෙම ඔබ නොකරන්නේ එසේ කිරීමට බැරීකමක්වත් තියෙනවද? (දී)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 02:41 PM

අනේ මන්දා මේ අවු 85 ක මනුස්සයෙක් නේද ? කැතයි හොඳේ , හොඳ වෙලාවට කොත්මලේ කිරි අම්මයි , එළාර රජුරුවොයි නැත්තේ. නැත්නම් එළාර රජුරුවෝ දෙකක් නැහැ නඩු දානවා කොත්මලේ කිරි අම්මා දුටු ගැමුණු කුමාරයට කන්න බොන්න දීලා රැකවරණය දුන්නා කියලා. මේවා අහලා පන පලයන් පෙරේදා කීවලු.(නදී)

:       0       0

මොහොමඩ් ඉමිතියාස් Wednesday, 10 July 2013 02:46 PM

ආච්චට නිදහස අරන් දීලා, බෑනව රහස් පොලිසියට බාර දීලා පොන්සේකා මහත්තයෝ රට හදන්න. හූනා කිඹුල්ලු වෙනවා, කිඹුල්ලු හුනා වෙනවා.(නදී)

:       0       0

මංගල Wednesday, 10 July 2013 02:56 PM

බන්දුල පෙරේරා, නදී ඔයාලා දෙන්නා ලංකාවෙද නැත්නම් ඒරොප්පෙද ජීවත් වෙන්නෙ. මේ රට කාපු සහ කන එවුන්ට කියන්න තියෙන වචන රට බේරගත්ත, තුන් වතාවක් වෙඩි සහ බෝම්බ ප්‍රහාර වලට ලක්වුණ එතුමට කියන්න එපා.(අ)

:       0       0

චානක. Wednesday, 10 July 2013 03:03 PM

ෆොන්සේකා මුලදී නම් කීවේ හමුදාපති වුනාට ඉන්න ගෙයක් දොරක්වත් නැහැ කියලා නේද? අනේ මන්ද මේවා ඇහුවා කියල මට බනීද දන්නේ නැහැ.(නදී)

:       0       0

චන්දන Wednesday, 10 July 2013 03:20 PM

සාගර, නිවැරදි නම් එය ඔප්පු කල යුතුවන්නේ දැන්ය, ලබන ආත්මය තුල නොව ,(අ)

:       0       0

කුවින්ටස් Wednesday, 10 July 2013 03:33 PM

පලි ගැනීමක් එස්.එෆ් ට වරදක් කියන්ඩ බැහැ.(නදී)

:       0       0

සුදත් බ්‍රෙෂියා Wednesday, 10 July 2013 03:48 PM

සත්‍යය කවදා හෝ ජය ගන්නවා. ඒක සත්‍යයක් .නමුත් වර්ථමානයේ ලංකාවේ පවතින දේශපාලන වාතාවරණය හා නිතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව සත්‍ය ජයගන්නවා යැයි පැවසීමත් සැක සහිත දෙයක්(දී)

:       0       0

සම්පත් Wednesday, 10 July 2013 03:49 PM

මෙතුමා ඒ දවස්වල කිව්වේ කවදාවත් දේශපාලනේ කරන්නේ නැහැ කියලයි. අනේ මන්දා ඕවා (දී)

:       0       0

සරත් Wednesday, 10 July 2013 03:50 PM

පුද්ගලික පලිගැනීම් කරන අයට නම් මේ ආත්මය තුලම ප්‍රතිපල ලැබේවී. කාලය විසදන කොටස එයි. (දී)

:       0       0

හේරත් Wednesday, 10 July 2013 03:52 PM

අනේ ආච්චි අම්මට වද දෙන්න එපා. බන පදයක් අහලා හිත සතුටින් ඉන්න ඉඩ දෙන්න. ලොකු පිනක්. (දී)

:       0       0

ප්‍රිය Thursday, 11 July 2013 12:35 AM

මිනි මරුවොත් ලස්සනට බේරිලා එන්න රට ශ්‍රීලංකාව. ලජ්ජා නැති ජාතියක්, (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 405 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2228 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1634 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 701 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 609 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 708 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37708 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site