IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දිනන හෙට ලොවට

අනගත වැඩ ලොවට සම්බන්ධ වීමට නම්  ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් සවිබල ගැන්විය යුතු බවත් 2015 වසරේ සිට අපො.ස සාමාන්‍ය පෙළ විභගය සදහා ඉංග්‍රීසි ඇහුන්කම් දීමට ලකුණු  20 ක් ලබා දීමේ ක්‍රමයක් සකස් කළේ  ඒ නිසා බවත් අවසන් බව අධ්‍යාපන නි‍යෝජ්‍ය අමාත්‍ය මොහන් ලාල් ග්‍රේරු  මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකශ කර සිටියේ කොළඹ දිස්ත්‍රිකයේ පාසල් දරුවන්ගේ මාපිය හමුවකට නුගේගොඩදී එක් වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ මොහන් ලාල් ග්‍රේරු  මහතා

‘ අපේ දරුවන්ට ඉංග්‍රීසි බැරි කමක් නෑ.ඔවුන්ට මෙච්චර කලයක් පුරුදු කරලා තියෙන්නෙ කියවීමට හා ලියන්න විතරයි. දරුවන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ලකුණු ගත්තහම ඇතියැයි  මා පියන් හිතනවා.නමුත් ඇත්ත ඒක නොවෙයි.දරුවා හොදින් ඉංග්‍රීසි කථා කරනව නම් ඊට සතුටු වි යුතුයි. ඉංග්‍රීසි කියන්නෙ ආභරණයක් නොවෙයි.ඒක ආයුධයක් කියන එක තේරුම් ගන්න.ඉතින් ඔවුන් ලොව සමග ගනු දෙනු කරන්න, රැකියවක් කරන්න අවශ්‍ය ඉංග්‍රීසි දැනුම පාසලෙන් ලබා දෙන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා.

ඒ අනුව 2015දී ආරම්භ වන මෙම වැඩපිළිවෙලට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය ,මේ  වැඩකටයුතු කරන ආකරය වගේම ගුරු උපදේශක වරුන් පවා පුහුණු කර අවසන්.මෙම වැඩපිළිවෙල යටතේ දරුවන්ට පරික්ෂණ මණ්ඩලයක් ඉදිරියට ගොස්  නැටුම් සංගීත විභාගයේ ප්‍රා‍යෝගික පරීක්ෂණයකට පෙනී සිටින ආකරයට ඉංග්‍රීසි සදහාත් ප්‍රයෝගිකව මුහුණ දෙන්නට වෙනවා.‘

වටරැක පුණ්‍යාලෝක විහරාධිපති පූජ්‍ය මාවල්ගම ඥාණිස්සර නා හිමියන් කීවේ රටක අධ්‍යාපනයට මුල් තැනක් දිය යුතු බවත් දැනට පවතින නගරයට පමණක් සීමා වුණු ඉංග්‍රීසි භෂා අධ්‍යාපන රටාව ගම් පුරා ගෙනයන්නට දරන උත්සාහය අගය කරන බවය.

සමස්ත  ලංකා සංස්කෘතික සහයොගිතා පදනමේ සභාපති දේශමාන්‍ය සුදර්ශන ගමගේ මහතා දෙමාපිය එකමුතුව වෙනුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ දශක ගණනාවක් මේ රටේ දරුවන් වෙනුවෙන් බලා සිටි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරිමට වත්මන් රජය ගෙන ඇති වැඩපිළිවෙලට සියලු දෙනාම වාද බේද - මතවාද අමතක කොට සහාය දිය යුතු බවය.‘

 

 



අදහස් (0)

දිනන හෙට ලොවට

සනත් Thursday, 07 November 2013 11:04 PM

මේ දේවල් වලට ගරහන්න එපා (දී)

:       0       0

මහින්දරත්න කේ ගොඩගේ Thursday, 07 November 2013 11:07 PM

කමල් මහත්තයෝ ...හොඳ වැඩකට අත ගහද්දි කකුලෙන් අදින්නෙපා...අවශ්‍ය තැනදී ...භාෂාව තේරුම් ගන්න බැරි උනොත් කොපමණ අසරණ වෙනවද.... එහෙම...නොවෙන්නයි මේ දරන වෑයම... නිමල් මහත්තයෝ ....දරුවන්ගේ සබකෝලය නැති කරන්න ...ගුරු දෙගුරු සැවොම කැප වෙන්න ඕන ....දරුවන් පොත් වලටම සීමා කිරීමේ ...විපාක තමඊ දරුවන් ගෙවන්නේ ....අද දරුවන් අපට වඩා ගොඩක් දියුනුයි ...දරුවන්ට .යායුතු මග පෙන් වන්න ...කව්රු කලත් ..කරන හොඳ වැඩ වලටවත් .......ප්‍රශංසා කරන්න. (දී)

:       0       0

ශ්‍යාමලි Friday, 08 November 2013 04:56 PM

සර් ඔබට ජය වේවා. (ස)

:       0       0

ගුණේ Thursday, 07 November 2013 04:12 PM

සුදුස්සාට සුදුසු තැන ලැබුණු බව තව සැරයක් සනාථ වුනා. ඔබගේ නිහතමානී ව්‍යායාමය සාර්ථක වේවා. (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Friday, 08 November 2013 10:27 AM

මොහොමඩ්, ඔයාලට බාල්දිය කියාගන්න බැරුව මොන ඉංග්‍රීසිද ?මට ලියන්න ඒවා නම් තියනවා ලංකාදීප වගකිව යුතු පුවත්පතක් නිසා මම එසැනට කරදර කරන්නේ නැහැ. (ස)

:       0       0

ලලිත් Thursday, 07 November 2013 11:39 PM

මේ යන විදියට නම් ළඟදීම කඩදසිවලින් පස්ස පිහින හැටි කියාදෙන පාඩමකුත් ඇතුල් කරයි වගේ? (දී)

:       0       0

දයා අලහකෝන් Thursday, 07 November 2013 04:18 PM

ඒත හොඳයි, කාලයට උචිත වැඩසටහනක්.සියලුම දරුවන් මෙය අගය කරන බව සහතිකයි. (ස)

:       0       0

නීල් Thursday, 07 November 2013 04:26 PM

ඔබතුමාගේ සියලු අදහස් අපේ රටේ දු දරුවන්ගේ අනාගතයට හොඳක්ම වෙන බව මට විස්වාසයි. (ස)

:       0       0

චන්න Thursday, 07 November 2013 04:27 PM

අන්න නියම වැඩක්.මේක මේ රටට කරන්න තිබුනේ බොහොම කාලෙකට කලින්.කොහොම හරි අනාගතය දකින කෙනෙක් විදිහට ඔබතුමගේ උත්සාහය ප්‍රශංසනීයයි.දැන් මේක දිහා වපර ඇසින් බලන අය කියාවි ගම් වලට, කහටගස්දිගිලියට කොහොමද මේක කරන්නේ කියලා.එහෙම කියලා තවත් මේ වගේ දෙයක් පස්සට කකුලෙන් අදින්න හදන්න එපා.අද උපධිධාරීන් රස්සා නැ කියලා කෑ ගහන්නෙ නැතුව නරකද ගමක ඉස්කෝලයක් ඉල්ලගෙන ගිහින් නිදහස් අධ්‍යාපනයේ දරුවන්ට මේ වගේ දෙයකදි සහාය දක්වන එක (ස)

:       0       0

උපාලි Thursday, 07 November 2013 11:59 PM

ග්‍රේරෝ ඇමතිතුමාට මගේ ආචාරය. ඔබ නිසා රටට, අපේ දරුවන්ට ලොකු සෙතක් වන බව පැහැදිලියි. ඔබේ උත්සාහය සාර්ථක වේවා! අධ්‍යාපන අමාතංශයේ ඉන්න යල් පැනගිය මොළ ටිකත් හෝදගෙන මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ලැබේවා! හැබැයි, ඔබතුමාගේ කකුලෙන් අදීයි, බලාගෙන. (දී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 07 November 2013 04:37 PM

යෝජනාව හොඳයි.ගම්බද දරුවන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා. ටියුෂන් ගුරුවරු මේකට අලුතින් ටියුෂන් පටන් ගනීවි. (ස)

:       0       0

ශ්‍යාමලී Friday, 08 November 2013 11:23 AM

සුභ පැතුම්.(නදී)

:       0       0

මෙන්ඩිස් Thursday, 07 November 2013 04:48 PM

"ඉංග්‍රීසි කියන්නෙ ආභරණයක් නොවෙයි.ඒක ආයුධයක්" - කතාව හරි. ඒත් ඉතින් 1956 දී ලොකු කට්ටියට ඕන වුනේ ඉංග්‍රීසි ආභරණයක් විදියට ඒ පන්තියට විතරක් තියා ගන්න නේ. ඒකේ ප්‍රතිවිපාක නේ අපි තවම ගෙවන්නේ. එහෙම නොවුන නම් අපේ රටේ උගත්තු, බුද්ධිමත්තු කී දෙනෙක් අද ලෝකේ වටේ ඉහල තනතුරු වල ඉන්නවද? (ස)

:       0       0

නිමල් Thursday, 07 November 2013 04:56 PM

සමහර ළමයි ඉන්නවා ඉංග්‍රීසියෙන් තියා සිංහලින්වත් පිරිසක් ඉදිරියට ගිහින් කතා කරන්න බය. එහෙත් ඒකේ තේරුම සිංහල බැරිකම නෙමෙයි. ඉතින් ඒ වගේ ළමයි මේකෙන් අසමත් වෙනවා නේද ඉංග්‍රීසි හොදට පුළුවන් වුණත්? ළමයින්ට සිංහලෙනුත් පිරිසක් ඉදිරියට ගිහින් කතා කරන්න පුරුදු කරන්න වෙයි නේද? (නි)

:       0       0

කපුටා Friday, 08 November 2013 12:16 AM

අපි මොකටද සුද්දගේ බාශාවට මෙච්චර දඟලන්න්නේ , ඔය භාෂා අපිට එපා (දී)

:       0       0

සෙනරත් Friday, 08 November 2013 12:31 AM

පහන් මඩුගල්ලේ, ඔබ ජපන් අගමැති කෙනෙක් ගැන ලිය ඇති කතාව නම් අපුරුයි. (දී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 08 November 2013 12:45 AM

පහන් මඩුගල්ලේගේ කතාව අහල මට ලියන්න ගිය එකත් අමතක වුණා. (දී)

:       0       0

මංජුල Friday, 08 November 2013 01:02 PM

ඉතාමත් අගය කල යුතු සහ අප රටේ බොහෝ පාලකයන්ට නොපෙනෙන ඇත්ත ඔබතුමා දැක තිබෙනවා. ගොඩක් පමාවී හෝ මෙවන් පියවරක් ගැනීම ඉතාමත් වටිනවා. එමෙන්ම අපි ලංකාවෙන් පිට වෙන රටකට ආවිට එය ඉතාමත් හොඳින් දැනෙනවා. (ස)

:       0       0

චානක Friday, 08 November 2013 01:24 AM

නියම වැඩක් (දී)

:       0       0

උදය Friday, 08 November 2013 01:24 AM

මේක ගොඩක් කලින් කරන්න තිබුන දෙයක්. නැත් නම් අපිට ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ තමා ඉන්න වෙන්නේ. (දී)

:       0       0

මොහමඩ් Friday, 08 November 2013 01:31 AM

සිංහලයට ඉංග්‍රීසි එදත් හොඳට බැහැ. අදත් හොඳට බැහැ.ලංකාවේ ඉංග්‍රීසි හැසිරවීමෙන් මුල්තැන,මුස්ලිම් අය,දෙවෙනි තැන දෙමල අය,අන්තිමට තමයි සිංහල ඉන්නේ (නි)

:       0       0

ලංකා Thursday, 07 November 2013 06:17 PM

ලොකු දෙයක්. විශේෂයෙන්ම සිංහල අයට ඉංග්‍රීසියේ වටිනාකම වටහලා දෙනවට. අනෙක් ජාතින් වැඩි කොටසක් ඉංග්‍රීසියෙන් දැන් ඉගෙන ගන්නේ. ඉංග්‍රීසි භාෂාව දැනගත්තම වාසියක් මිස අඩුවක් වෙන්නේ නැහැ (නි)

:       0       0

සංදීප් Thursday, 07 November 2013 06:38 PM

හොද වැඩක්. සිංහල වගේම ඉංග්‍රීසි මොන්ටිසෝරියකුත් ආරම්භ කළා නම් කොච්චර හොදද? (නි)

:       0       0

සුවාරිස් Friday, 08 November 2013 01:44 PM

ගොඩක් හොඳ බුද්ධිමත් තීරණයක් සර්.ඔබට අධ්‍යාපනය දියුණු කරන්න පුළුවන්.අපෙන් සුභ පැතුම්. (ස)

:       0       0

මහින්දරත්න කේ ගොඩගේ Friday, 08 November 2013 01:48 PM

මොහොමඩ්... ඔව් ඔව් හැම එකේදිම ඔයාල මුල් තැන අනිත් අය දෙවෙනි තැන, අපි තමයි අන්තිම ...ඒ උනාට මුල මැදට අමතක වෙනවා. අන්තිම අය නිසා රැකුණේ.... රැකෙන්නේ .. කියලා ....හැබෑටම ඔක්ස්ෆෙර්ඩ් ...ලේ ඥාතියෙක්ද ? දැනගන්න ඇහුවේ ..මලලසේකර මහත්තයා නම් ....වැදගත් මහත්තයෙක් ..... (ස)

:       0       0

කමල් Thursday, 07 November 2013 07:22 PM

වැඩේ හොද වුණාට කී දෙනෙක් අසරණ වෙයිද? අසරණභාවය වළක්වන්න ක්‍රමයක් එහෙම තිබෙනවාද? එහෙමනම් ගොඩාක් හොදයි (නි)

:       0       0

ශාමලී Friday, 08 November 2013 02:22 PM

සර් ඔබ වගේ උතුමන් බිහි වෙන්න තිබ්බෙ 1970-1980 වැනි කාලයේ.එහෙනම් අද අපිත් මීට වැඩිය හොඳට ඉංග්‍රීසි කතා කරනවා.මොනවා උනත් අපේ දරුවන් වෙනුවෙන් ඔබ කරන සේවයට අපි ගොඩක් අගයනවා. ඔබ දීර්ඝායුෂ පතමි. (ස)

:       0       0

තිලා Friday, 08 November 2013 02:27 PM

බණ්ඩාරනායක අයින් කරපු දේ ඔබතුමා නැවත ගෙන එන එක ගැන සතුටුයි.. මේකට ගරහන්නේ ධානපති පන්තියේ ඉන්න, අනිත් මිනිස්සුන්ට නැගිටින්න නොදී කකුලෙන් අදින කට්ටිය තමයි. (ස)

:       0       0

හිරන්ත ලන්ඩන් වලින් Friday, 08 November 2013 04:42 AM

විදේශීය භාෂාවක් හොදින් හැසිරවීමේ හැකියාවක් ලබාගැනීම අප හැමට ශක්තියක් මිස අවමානයක් නොවේ. ලංකාවේ දරුවන් සුවිශේෂ හා සහජ හැකියාවන් සහ දක්ෂතාවයන්ගෙන් සපිරි පිරිසක්. බටහිර රටවල සිසුන් පාසැල් අධ්‍යාපනය තුල විදේශ භාෂාවන් අවම වශයෙන් දෙකක් හෝ ඉගෙනීම අනිවාර්යයි. ජාත්‍යන්තරය තුළ උපරිම ප්‍රතිලාභ අත්කරගැනීම සදහා භාෂාමය හැකියාවන් අත්‍යවශ්‍යයි. එවැනි පහසුකම් රට තුළ ඇතිකිරීමට ගන්නා පියවර පක්ෂ පන්ති භේදයෙන් තොරව අප අගය කළ යුතුයි. එක්තරා පන්තියකට පමණක් සිමාවී තිබු වරප්‍රසාද රටේ සෑම ජන කොටසකටම ප්‍රදේශයකටම ව්‍යාප්ත විය යුතුයි. එය රට කරවන අයගේ වගකීමක්. (නි)

:       0       0

දයා Friday, 08 November 2013 06:34 AM

ඉංග්‍රීසි වලට පෙර දැනට අත්‍යවශ්‍ය විෂයන් ටිකවත් ක්‍රමවත්ව ඉගැන්වුවා නම් මේ කතා විශ්වාස කරන්න තිබුනා. (නි)

:       0       0

ලුම්බිණි Friday, 08 November 2013 07:47 AM

අද බලයේ ඉන්න ඉන්න දේශපාලන පක්ෂම තමා එදා ඉංග්‍රීසි වලට බාධා කළේ. ප්‍රතිපත්ති වෙනස් වුණාවද්දෝ? (නි)

:       0       0

ඩංඩාර Friday, 08 November 2013 03:59 PM

බණ්ඩාරනායක බලයට ගෙනාවේ ඉන්දියාව. අපිව අසරන කරලා අපේ රට සුරගන ඉන්දියාවට ගෙනියන්න. ඉන්ග්‍රිසි අපෙන් අයින් කරලා සිංහලයා ලෝකයෙන් කොන්කරන්න. අපේ ළමයි ලෝකය ජයගත්තොත් අපේ රට සුරන්න ඩැරි වෙන නිසයි.(නදී)

:       0       0

පෙත්තා . Thursday, 07 November 2013 09:17 PM

බොහොම වැදගත් පියවරක්..ඉගෙන ගන්න.ලියන්න ..අහන්න.. කතාකරන්න..කාටත් වටිනවා.සුබ පැතුම්.. (දී)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 07 November 2013 09:25 PM

ඉතාම හොද යෝජනාවක් .සමහරු කියනවා ජපානේ ,රුසියාවේ වගේ රටවල් ඉංග්‍රීසි වලට මුල් තැනක් දෙන්නේ නැහැ කියල ඒ උනාට ජපනුන් සහ රුසියන් ඉංග්‍රීසි බැරුව ලෝකේ බාල්දු වෙනහැටි කියන්න මම පහලින් පුංචි කතාවක් ලියන්නම් (සත්‍ය කතාවක් මම ජපානයේ සිටින කාලය තුල සිදුවූ ) (දී)

:       0       0

දර්ශා Thursday, 07 November 2013 09:33 PM

නියම වැඩක් ග්‍රේරෝ මහතා දිගටම ඔය විදිහටම කටයුතු කරන්න,ස්කිප් තාක්ෂනය මාර්ගයෙන් ගම්බද දරුවන්ටත් දනුමලබෙවී.එය ගැන සැක කරන්න දෙයන් නැහැ (දී)

:       0       0

සශිමාල් Friday, 08 November 2013 09:16 AM

සාර්ථක වේවා මෙම වැඩ පිළිවෙල.මෙන්ඩිස් ඔයා හරි.. (ස)

:       0       0

කුමාර Friday, 08 November 2013 09:17 AM

මේ ක්‍රමය හොඳ දුෂ්කර පාසල් වලට ඉංග්‍රීසි ගුරුවරු ලබා දෙනවා නම් පමණයි. ඉංග්‍රීසි ගුරුවරු තියා සිංහල ගුරුවරුවත් නැති දුෂ්කර පාසල් වලට ලයිසියම් එකේ පුහුණු පාඨමාලා වලට කොලඹ එන්න වේවි. (ස)

:       0       0

සත්‍යපාල Friday, 08 November 2013 09:17 AM

ඉංග්‍රීසි උසස් පන්තියේ අයගේ අභාරණයක් ලෙස සලකන කාලය ඉවරයි.ගමේ හැම ළමයටම ගණන්, විද්‍යාව වගේම ඉංග්‍රීසියත් පුළුවන් වෙන ක්‍රමයක් හැදුවොත් අපේ අයට ලෝකය ජයගත හැකිය.දෙවැනි කරුණ ඉංග්‍රීසි කතා කරන එක අත්‍යවශයි. (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 07 November 2013 09:47 PM

එක ජපාන අගමැතිවරයෙක් ඇමරිකාවට ගියා එවකට ඇමරිකානු ජනාධිපති උනේ බිල් කිලින්ටන් .ජපනුන් ඉංග්‍රීසි කටපාඩම් කරගෙන ඉන්නේ ව්‍යාකරණමය වශයෙන් දන්නේ නැහැ .හව් ආ යු කිව්වහම ෆයින් තැනක් යූ ඇන්ඩ් යූ කියල අහනවා එතකොට අහපු කෙනා මි ටූ කියනවා ජපනුන් බොහෝ දෙනෙක් ඕක කටපාඩම් කරගෙන ඉන්නේ .ඉතින් ජපාන අගමැතිට හව් ආ යු කියන එක වෙනුවට වැරදිලා හු ආ යූ කියල ඇහුව කිලින්ටන් ට තේරුණා ජපන් අගමැතිට වැරදුනා කියල කිලින්ටන් කිව්වා අයි ඇම් හිලරිස් හස්බන්ඩ් කියල එතකොට ජපන් අගමැති කිව්වා මී ටූ කියල (ඒ දවස් වල ජපානේ පත්තරවල,රුපවාහිනියේ මේ සිද්දිය ගියා ) (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 08 November 2013 09:27 AM

කුමාර 2013-11-08 09:17:19 මේ ක්‍රමය හොඳ දුෂ්කර පාසල් වලට ඉංග්‍රීසි ගුරුවරු ලබා දෙනවා නම් පමණයි. ඉංග්‍රීසි ගුරුවරු තියා සිංහල ගුරුවරුවත් නැති දුෂ්කර පාසල් වලට ලයිසියම් එකේ පුහුණු පාඨමාලා වලට කොළඹ එන්න වේවි (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 08 November 2013 09:34 AM

අනර්ඝයි ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 450 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 193 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 260 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 306 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 399 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 505 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site