IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දෙනවයි කියලා දුන්නේ නෑ

එච්.එන්.ඩී පාඨමාලාව උපාධී සමානතාව ලබාදුන් බවට  විශ්ව විද්‍යාල ඇමැතිවරයා සහ ආණ්ඩුව නිතරම කළත් මේ දක්වා ප්‍රකාශ කළත් මේ දක්වා නිතිමය අවශ්‍යතාව ඉටුවී  නැතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර  මහතා අද (11) පැවැති හමුවක දී පැවසීය.

එම පාඨමාලාව උපාධියට  සම තත්ත්වය ලබාදීමේ චක්‍රලේඛය රාජ්‍ය  පරිපාලන අමාත්‍යංශය මේ දක්වා නිකුත් කර  නැති බවත් ශිෂ්‍යාධාරය රුපියල්  පන්දහස දක්වා  වැඩිකිරිම ඇතුළු ශිෂ්‍ය ගැටළු විසදෙන තුරු දිගටම අරගල කරන බවද  ඔහු කීවේය.

DSC_0357



අදහස් (0)

දෙනවයි කියලා දුන්නේ නෑ

චාරු Wednesday, 11 November 2015 12:27 PM

මේගොල්ලන්ගේ දෙමව්පියන්ටත් එසේ මෙසේ කන්කරච්චලයක් නෙවෙයි ගෙදර ඇත්තේ. ඉල්ලන දේ නොදුන්නොත් ගෙදර අනෙක් ළමයින්ගේ කනේ කරේ තියෙන එක ගලවලා හරි දෙන්න වෙලා ඇති. (අ)

:       0       0

මර්වින් Wednesday, 11 November 2015 12:35 PM

මේ ළමයිනේ ඔබලාට මෙහෙම අඩි පොලවේ ගසමින් රුපියල් පන්දාහක් ඉල්ලන එක බොහොම ලේසියි . නමුත් මෙහෙම බදු ගෙවමින් , මාසයක් පඩිය අතට එනකන් බලා ගෙන ඉන්න රටේ මින්ස්සුන්ට කොච්චර අමාරුද කියලා රස්සාවට ගිය දවසට තේරේවි. (අ)

:       0       0

ගමගේ Thursday, 12 November 2015 03:20 AM

බදු ගෙවන්න අමාරුනම්, කන්න නැත්තම් අපිට ලැබෙන දේ කප්පාදු කරන්න කියන්න එපා. ඔයාලාම පත්කළ ආණ්ඩු වලින් ඉල්ලාගන්න. අපි ඉල්ලන්නෙ අධ්‍යාපනය නිදහස් කරන්න කියලා. ඒක මානව අයිතියක්. වරප්‍රසාදිත මිනිසුන්ට විතරක් ඉගෙනගන්න කියන්න බැහැ (නි)

:       0       0

රෝහණ Wednesday, 11 November 2015 12:39 PM

මේ ගොල්ලෝ කියන කියන එක දෙන්නත් ඕන.ළමයිනේ එක දවසකින් දෙකකින් ඕව වෙන්නේ නැහැ.. මම දැනට අවුරුද්දක ඉඳල මගේ ව්‍යාපාරික කටයුත්තකට අවසර ඉල්ලමින් ඉන්නවා ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාවෙන් එක තවමත් නැහැ. මටත් පුලුවන්ද දන්නේ නැහැ ඔය ළමයින් වගේ උද්ඝෝෂණ කරන්න. අනික ළමයිනේ මතක තියාගන්න .රටෙන් අපිට හොයන්න කලින් අපෙන් රටට මොනවද කෙරිලා තියෙන්නේ කියල බැලුවොත් නරකද?(අ)

:       0       0

නිදූෂ Wednesday, 11 November 2015 12:47 PM

අපරටේ උපාධියට පිටරටවල තියෙන ගෞරවය පිළිගැනිම නැතිකරන්න එපා. මෙය එන් ඩි ටි ඩිප්ලොමා පාඨමාලා සහතිකයක්. එසේනම් එන් ඩි ටි.විදුහල නැතිකර එය විශ්ව විද්‍යාල බවට පත් කර බදවාාගන්නා අධ්‍යපන සුදුසුකම එ් මට්ටමට ගන්න. (බ)

:       0       0

ෆර්හාන් Friday, 13 November 2015 03:55 AM

මම නම් කියන්නේ මේ ඉල්ලීම් වලට කන්දෙන්න එපා කියලයි. (නි)

:       0       0

රුවනි Wednesday, 11 November 2015 12:54 PM

ඊළඟට ඉල්ලාවි පුටු රත් කරමින් අයිස් ගහන්න රජයේ රැකියාවක්. අනෙක් රටවල උසස් අධ්‍යාපනය කරන ළමයින් සමාජ සේවයේ සහ ස්වෙච්චා සේවයේ යෙදෙනවා. අපේ කට්ටිය ගනු විතරයි. දෙනු නැහැ (බ)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Wednesday, 11 November 2015 01:30 PM

මුන්ට පිස්සු ඩිප්ලෝමා පාඨමාලාවකට උපාධිය සමාන වෙන්නේ කොහොමද (බ)

:       0       0

තුෂාර් Thursday, 12 November 2015 01:16 PM

ලංකාවෙන් එහා ලෝකයක් ගැන නොදන්නා සමහරු ලෝකයේ දියුණු රටවල් එකක්වත් අධ්‍යාපනය නොමිලේ දෙන්නේ නැති බව දන්නේ නැහැ. හැම එකම නිකන් ගන්න බලාගෙන ඉපදිලා තියෙන්නේ. මේ රට තව ශත වර්ෂයක් ගියත් මෙතනම තමයි. කට්ටියක් බදු ගෙවනවා. අනෙක් කට්ටිය නිකම් ලැබෙනතුරු බලාඉන්නවා (නි)

:       0       0

ලක්මාල් Wednesday, 11 November 2015 02:03 PM

1990 වසරේදී ඒ කලේ ගිණුම්කරණ උපාදී තියන අය අඩු නිසා එකට විසදුමක් ලෙස මේක උපාධියට සමාන කළේ යම් යම් අවස්ථාවලදී පමණි. දැන් එහෙම තත්ත්වයක් නෑ. ඕන තරම් ගිණුම්කරණ උපාදිධාරීන් ඉන්නවා. ඩිප්ලෝමාවක් කියන්නේ උපාදියක් නෙවෙයි. මේක ගැන උපාදිධාරීන් මීට වඩා දැනුවත් විය යුතුයි. (අ)

:       0       0

කුමාරි Thursday, 12 November 2015 04:05 AM

මොරටුව විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ උපාධි සිසුන් පෙනී සිටින අවසාන විභාගයටවත් පෙනී සිටීමට සැලැස්වීමෙන් අනතුරුව ලබා ගන්නාවූ ප්‍රතිපල වලට අනුව ඩිප්ලෝමාධෘරින්ට උපාධිය පිරිනැමීම වටී. දැනුම අසමාන වූ පිරිස් එකම තලයකට ගෙන ඒම අනුමත කල නොහැක.(ම)

:       0       0

දිසානායක Wednesday, 11 November 2015 05:03 PM

මේ වගේ ශිෂ්‍ය ව්‍යාපාර ගැන අපිට නම් ඇත්තේ ලැජ්ජාවක් (නි)

:       0       0

යසිරු Thursday, 12 November 2015 06:34 AM

ගමගේ කොයි ලෝකෙද අධ්‍යාපනය නොමිලේ දෙන්න කියලා තියෙන්නේ ? එක මානව නිදහසක් තමයි එත් එහෙනම් මොකද මිනිස්සු සල්ලි ගෙවලා ඉගෙන ගන්නවාට විරුද්ධ ? කටවල් නම් සද්ධයි එත් හිතන්නේ හැම දේම නිකම්ම ගන්න. (ර)

:       0       0

ගමයා Thursday, 12 November 2015 08:53 AM

අධ්‍යාපනය නොමිලේ දෙන්න කියලා නැති උනාට මහත්තයෝ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා මිලක් නොගෙවා ලබා ගන්න පුලුවන් වෙන්න ඕන. නැත්තම් ඔයාට මට ඉගෙන ගෙන කාකාස තමයි. (ස)

:       0       0

රංග Wednesday, 11 November 2015 11:06 AM

ඇත්තටමමේ උසස් අධ්‍යාපනයේ ඉවසීම් ගැන වීමක් නැද්ද? නීති කටයුතු චක්‍රලේඛන විසිල් ගහන වේගයෙන් කරන්න පුලුවන්ද ? අනෙක තවත් ඉල්ලීම් ඒ අස්සේ මතක් කරනවා. දැන් ඔයගොල්ලන්ට තිබෙන තදියම මේ රටේ බදු ගෙවන උදවියටත් හැදිලා " අපිට බදුගෙවන්න බැරියෝ " කියලා ඔක්කොමලා පාරට බැස්සොත් මොනවා වේවිද ? මේ රටේ තවත් ප්‍රශ්න තිබෙනවා, රජයට තිබෙන එකම වගකීම ඔයගොල්ලන් විතරක් නෙවෙයි. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 11 November 2015 11:18 AM

මා දැනට පදිංචි ඕස්ට්‍රේලියාවේ නම් එච් එන් ඩී සුදුසුකම සමාන වන්නේ උපාධි පාටමාලාවක දෙවන වසර පුර්ණ කලවිට ලැබෙන දැනුම් සම්භාරයටය. තිබෙන වෙනස නම් උපාධි පාටමාලාවේ ඇති වෘත්තීයමය ප්‍රායෝගික පළපුරුද්ද ලබාදෙන කොටස එච් එන් ඩී පාටමාලාවේ නොමැතිවීමයි. මෙය පුර්ණ කාලීනව අවුරුදු දෙකක් සහ අර්ධ කාලීනව අවුරුදු තුනක් වේ. මෙය සමත්වී අවුරුදු දෙකක පමණ අදාළ ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමෙන් පශ්චාත් උපාධියක් පවා කල හැක. (ර)

:       0       0

ඇසළ Wednesday, 11 November 2015 11:38 AM

මේ ඉල්ලන ටික දුන්නට පස්සේ ඉල්ලයි. එලියට එනකොට රජයේ නිකන් ඉන්න පුළුවන් රැකියාවක්, වාහන පර්මිට් එකක්. ඒ උනාට අතේ තියෙන්නේ ඩිප්ලෝමාවක්. වෙනත් කිසිම රටක ඩිප්ලෝමාව කිසි දවසක උපාධියක් හැටියට පිළිගන්නේ නැහැ. (ර)

:       0       0

දිලිප් Wednesday, 11 November 2015 11:42 AM

එතකොට ඩිප්ලෝමා කියලා එකක් නැද්ද.? (ර)

:       0       0

රුවන් Wednesday, 11 November 2015 11:56 AM

කිව්වත් වගේ ඔක්කොම දේවල් ඉල්ලන පමාවෙන් දෙන්නකෝ. දැන් අපිටත් තියෙන්නේ උද්ගෝෂණය කරමින් පාරට බහින්න. පුද්ගලික අංශයේ මැරිලා හම්බ කරන සොච්චමයි. මේ ගොල්ලන්ට දැන් තව මොනවද ඕන ? බෝඩිමේ ඇඳ රෙද්දේ ඉඳලා ඉල්ලන දවස වැඩි ඈතක නෙවෙයිවගේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5254 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 144 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 261 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 353 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2933 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2855 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16514 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site