IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘දිනේෂ් හමුදාවට නිග්‍රහ කරලා‘

විනයගරුක හමුදාවක් වන ශ්‍රී ලංකා හමුදාව කුමන්ත‍්‍රණයකට සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප‍්‍රකාශය හමුදාවට කළ අගෞරවයක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

සටන්පාඨ නොමැති  විට රටේ අස්ථාවරබව  ඇතිකර දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කරන එවැනි ප‍්‍රකාශවලට ඉඩ නොදිය යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

webRDS_5254

 



අදහස් (0)

‘දිනේෂ් හමුදාවට නිග්‍රහ කරලා‘

ගිහාන් Tuesday, 22 November 2016 01:06 AM

බණ්ඩාර කියූ දේ හරියටම හරි. දැන්නම් අපිට විශ්වාසය තියන්න පුළුවන් හමුදාව ගැන විතරයි. (නි)

:       0       0

පහන් Tuesday, 22 November 2016 02:17 AM

නිසි වෙලාවට මැතිවරණ තියන්න. ජනතාවගේ ඡන්දෙ කල්දාන්න කල්දාන්න රට පිරිහෙනවා (නි)

:       0       0

සරත් Tuesday, 22 November 2016 02:43 AM

අනේ මගේ කට! (නි)

:       0       0

සුදේශ් Tuesday, 22 November 2016 02:50 AM

අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගියේ කවුද? හමුදාපති ගැළවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කිවුවේ කවුද? තොප්පිගල තනිකර කැලවක් කිවුවේ කවුද? අමතක නම් තව තව ඒවා මතක්කර දෙන්නම් (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 22 November 2016 02:51 AM

අලිමංකඩ පාමංකඩ, තොප්පිගල කැලයක්, ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්, හමුදාපති ගැළවීමේ හමුදාවටත් සුදුසු නැහැ කියපු අය කළේ ගෞරවයක් වෙන්න ඇති. දිනේෂ් මන්ත්‍රීතුමාගේ කතාවේ කිසිම වැරැද්දක් නැහැ. මෙහෙම ගියොත් මෙහෙම වෙයි කියන එකනේ කිව්වේ. අපිට පේනවා හමුදාවේ අය එක එක තැන් වලට ගෙනල්ලා කවුද අගෞරව කරන්නේ කියලා. නිකන් බොරු කතා නොකියා ඉන්න (නි)

:       0       0

ශෙහාන් Tuesday, 22 November 2016 03:01 AM

අපේ වීරෝධාර හමුදාවට නිග්‍රහ කළ අය රටට මහත් අපකීර්තියක්. අපේ රට පාකිස්තානයක් වියයුතු නැහැ. මොහු මේ ගැන දන්නේ කොහොමද කියලා පරීක්ෂණ කළයුතුයි. මේක මහා බරපතල ප්‍රශ්නයක් (නි)

:       0       0

සුනිල් Tuesday, 22 November 2016 03:07 AM

විරුද්ධ පක්ෂයේ අයත් පිස්සු කතා කරනවා. හැමඑකටම විරුද්ධ වෙනවා. 19 යටත් ඒගොල්ලෝ මුලින් අනුග්‍රහයක් දැක්වූයේ නැහැ . (නි)

:       0       0

බුද්ධික Tuesday, 22 November 2016 03:19 AM

මෙයාලා ඡන්දෙ කාලෙට විතරක් ගමට එන්නේ. ඊටපස්සේ පළාතට එන්නේ නැහැ (නි)

:       0       0

සෙනරත් Tuesday, 22 November 2016 03:20 AM

එතකොට හමුදාවේ සේවය කරලා ආබාධිත වෙච්ච රණවිරුවන්ට පහරදීපු එක හමුදාවට කරපු ගෞරවයක්ද? ආවා කල්ලිය හැදුවේ හමුදාව කිවුවේ ගෞරව කරන්නද? (නි)

:       0       0

සෙනරත් Tuesday, 22 November 2016 03:31 AM

අනේ කාගේවගේ වැරදි හංගන්න මැරිලා ඉපදුනා වගේ කතාකරන්න එපා මහත්තයෝ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 22 November 2016 05:15 AM

ඇත්තටම ලංකාවට අවශ්‍ය හමුදා පාලනයක්, (ම)

:       0       0

ගොඩගේ Tuesday, 22 November 2016 06:09 AM

මේ ආණ්ඩුව කට ඇරියොත් බේගලයක්. මැතිවරණ නැහැ. දුන්න පොරොන්දු නැහැ. කාර් නැහැ. වොක්ස්වැගන් කර්මාන්තශාලා නැහැ. දැන් බලාගෙන ගියාම මෙලෝ රහක් නැහැ (නි)

:       0       0

ආර්. වික්‍රම Tuesday, 22 November 2016 06:16 AM

එතකොට ගෞරව කරන්නේ ආබාධිත රණවිරුවන්ට ගහලද? (නි)

:       0       0

රජින්ද Monday, 21 November 2016 01:52 PM

ප්‍රජාතාන්ත්‍රිකව බලයට පත් වුනානම්, මේ ආණ්ඩුවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ යුතුයි. ජනමතයට බයේ ඇයි මැතිවරණ කල් දාන්නේ. මේ ආණ්ඩුව විහින් ප්‍රශ්න වල පැටලෙන ස්වභාවයක් තියෙනවා. කරුණාකරලා මැතිවරණ ටික ඉක්මනින් පවත්වන්න. එවිට මෙවැනි ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 21 November 2016 02:00 PM

හමුදාවට අගෞරවයක් කළේ රාජිත සේනාරත්නයි ,දිනේෂ් ගුණවර්ධන නොවෙයි. ඔබලා ජනතාව ප්‍රතික්ෂේප කළා, එහෙත් පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් රිංගලා ඇමති පුටුවේ වාඩිවුණා. ඔබතුමන්ලාගේ එකම රාජකාරිය යහපාලන ආණ්ඩුවේ රෙදි සේදීම සහ කඩේ යාම පමණයි.ජනතාව හොඳින් දන්නවා,එම නිසා බොරු කතා එපා,.(බ)

:       0       0

සිරි Tuesday, 22 November 2016 06:33 AM

එතුමාගේ කතාවයි කෙරුවාවයි දැක්කොත් පිලිප් ගුණවර්ධන මහත්තයාටත් ලැජ්ජා හිතෙයි. (නි)

:       0       0

ජනහිත Tuesday, 22 November 2016 06:39 AM

එකපතේ කාලා දැන් වෙනත් ගොඩකට එකතුවෙලා පරණ අයට අවලාද නඟනවා. ඒක හොඳ නැහැ. දිනේෂ් කියන්නේ වැදගත් දේශපාලක පරපුරක එක්කෙනෙක්. කරුණු හරිහැටි අවබෝධ කරගෙන කියන දෙයක් කියන්න ඕනෑ. (නි)

:       0       0

චින්තක Monday, 21 November 2016 02:46 PM

මම හිතන්නේ මෙතුමා"අගෞරවය" කියන වචනයටත් අගෞරවයක් කරලා තියෙන්නේ (හේ)

:       0       0

සිසිර Monday, 21 November 2016 02:51 PM

ප්‍රජාතන්ත්‍රවාදය කින්නේ මොකක්ද කියලා මෙයාල දන්නේ නෑ (හේ)

:       0       0

සජිත් Monday, 21 November 2016 03:11 PM

ලැජ්ජාවක් නැද්ද මන්දා (හේ)

:       0       0

ජයරත්න Monday, 21 November 2016 04:02 PM

ඔක්කොම වචන දෙක තුනක් අල්ලාගෙන දඟලනවා. රටේ අයවැයත් අමතකයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය අනුව කුමන්ත්‍රණයක් වුණත් මිනිසුන්ට ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕනෑ කටින් නෙමෙයි ක්‍රියාවෙන්. (නි)

:       0       0

ප්‍රීති Monday, 21 November 2016 04:07 PM

ඔවැනි කතා අපේ පාර්ලිමේන්තුවට හා සමාජයට වලංගු වුණාට, වෙන රටක එහෙම ඔය වගේ කතාවක් කිව්වා නම් ඉතින් මෙලහකටත් හිරේ. කොහොමත් ඉතින් අපේ රටේ මේ වගේ කටවල් වලට මාර තැනක්නේ තියෙන්නේ (නි)

:       0       0

චාන්දනී පෙරෙරා Monday, 21 November 2016 04:11 PM

ජනතා කැමැත්තට නිග්‍රහ කර ඔබ පාර්ලිමේන්තු ආවා. ඔයාලා කියපුවමද ඔය කළේ? (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Monday, 21 November 2016 04:16 PM

දැන් රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය මේකද? (නි)

:       0       0

ලුසේනා Monday, 21 November 2016 04:36 PM

පස්සා දොරෙන් රිංගා කිළිටි රෙදි සෝදන සමහරු ගැන අපිට ඇත්තේ ලොකු කළකිරීමක් (නි)

:       0       0

අනිල් Monday, 21 November 2016 04:53 PM

එතකොට හමුදාව ආවා කණ්ඩායම පවත්වාගෙන යනවා කියපු අය හමුදාවට ලොකුම ගෞරවයක්ද කළේ? (නි)

:       0       0

සජී Monday, 21 November 2016 05:16 PM

අපි දන්නවා කවුද අගෞරව කරන්නේ කියලා. (නි)

:       0       0

ලෙස්ලි Monday, 21 November 2016 05:39 PM

අපිට නම් දැන් කවුරු මොනවා කිවුවත් කමක් නැහැ (නි)

:       0       0

ලක්ෂි Monday, 21 November 2016 05:40 PM

දිනේෂ් මහත්තයා කථාකරනවිට ඔබතුමා නිදාගෙනද ඉඳලා තියෙන්නෙ. එතුමා කිව්වෙ "මේ විදියට ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසෙනවිට එවැනි දේ සිදුවිය හැකිබවයි" (නි)

:       0       0

සමරේ Monday, 21 November 2016 05:55 PM

පාර්ලිමේන්තුවේ කැන්ටිම වසාදැමිය යුතුයි. බඩ තදවෙන්න හොඳට කාලා මේගොල්ලෝ කරන්නේ පුටුවේ අැලවෙලා නිදාගන්න එක. අඩුගණනේ විරුද්ධ පක්ෂෙ කෙනෙක් කියන දෙයක්වත් මේගොල්ලෝ හරියට අහගන්නෙ නැහැ. අැමතිතුමෝ, දිනේෂ් මහත්තයා කියපු කථාව හරියටම කාගෙන්හරි දැනගෙන ඔබතුමාගේ මතය ජනතාවට කියන්න. (නි)

:       0       0

එන්සිනා Monday, 21 November 2016 06:12 PM

එක එක්කෙනා හදපු අතුරු හමුදා ගැන හෙළිකිරීමෙන් හමුදාවට අගෞරවයක් වෙන්නේ කොහොමද? මෙම කණ්ඩායම් කරලා තියෙන නීතිවිරෝධී කටයුතු වලට අනිවාර්යයෙන්ම දඬුවම් දියයුතුයි. යුද්ධයට මුවාවී නීතිවිරෝධී කටයුතු කළවුන් හා ඔවුන්ට අණදුන් සියලුම දෙනාටත් දඬුවම් පමුණුවා නීතිගරුක හමුදාවේ හොඳ නම ආරක්ෂා කළයුතුයි (නි)

:       0       0

ජීවා Monday, 21 November 2016 06:40 PM

ලංකාවට ලොකු විනාශයක් ළඟදීම වෙන්න යනවා කියලා පිටරට ඉන්න අපිට තේරෙනවා. නමුත් අවාසනාවට ලංකාවේ ඉන්න මිනිසුන්ට දේශපාලකයන්ට මේවා තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

කැටවල Monday, 21 November 2016 06:48 PM

මේ කතා කරන කෙනාට කතාකරන්නවත් ජනතාව වරමක් දුන්නේ නැහැනේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 21 November 2016 08:21 PM

මෙම ප්‍රකාශය ගැන ආරක්ෂක අමාත්‍යංශය පුවත්පත් නිවේදනයක් හෝ නිකුත් කළයුතුයි නේද! ලෝකයේ කුරිරුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ මනා විනයකින් යුත් අපේ හමුදාවට පාර්ලිමේන්තු වරප්‍රසාද කඩතුරාවෙන් ආවරණය වී මඩ ගසන්නේ ද්‍රවිඩ ඡන්ද වලින්වත් ගොඩ එන්න පුළුවන් කියා හිතාගෙනද? (නි)

:       0       0

දයා Monday, 21 November 2016 08:33 PM

ජාතිවාදය අවුස්සමින්, රජය අපහසුතාවයට පත්කරන බලයට කෑදර දේශදෝහීන් නීතිය ඉදිරියට ගෙන අා යුතුයි (නි)

:       0       0

ගාමිණි Monday, 21 November 2016 09:41 PM

එක එක්කෙනාට චෝදනා කර කර ඉන්නම මෙයාලගේ කාලය ගෙවිලා යයි (නි)

:       0       0

සත්‍යයා Monday, 21 November 2016 10:15 PM

අපේ හමුදාවල වීර සෙබළුන්ට නින්දා අපහාස කළ ප්‍රථම පුද්ගලයාත් අවසන් පුද්ගලයාත් දිනේෂ් නොවේ. එදා රණවිරුවන්ට සිනාසුන අය අද හමුදා රැ‍කවරණ යටතේ සිටින්නේ (නි)

:       0       0

සිසිර Monday, 21 November 2016 10:45 PM

බලනකොට ඔහේ කටමැත දොඩවන ඇත්තොනේ දේශපාලනයේ වැඩිපුර සිටින්නේ (නි)

:       0       0

ගම්පොළගෙදර Monday, 21 November 2016 10:51 PM

මේවා මොන ලැජජා නැති කතාද? අපිට නම් පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)

:       0       0

විකුම් Tuesday, 22 November 2016 12:01 AM

මේ රජය බලයට ආ දවසේ ඉඳලා කළේ හමුදාවන්ට අගෞරව කිරීමනේ. (නි)

:       0       0

චන්න ප්‍රසන්න Tuesday, 22 November 2016 12:48 AM

රටක් හමුදා පාලනයකට යටත් කරගන්නේ ඉතාමත් රහසිගතව. එ් නිසයි ඊට කුමන්ත්‍රණයක් කියලා කියන්නේ. එහෙම දෙයක් කරන්න හමුදාව තුළ කුමන්ත්‍රණයක් සිදුවෙනවා නම්, ඒ බව පාර්ලිමේන්තුව තුළ පවසා කර තිබෙන්නේ එම කුමන්ත්‍රණය කඩාකප්පල්කිරීමක් පමණි. එනිසා ඔහුගේ එම ප්‍රකාශය හුදෙක් දේශපාලන අරමුණක් පමණි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1512 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 153 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 112 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 61 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site