IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


'දෝන ඉසබෙලා' ඕස්ටේ‍්‍රලියාවට

2016-05-27-ent-118

සනත් විමලසිරි රංග ශිල්පියා සහ දිලිනි ලක්මාලී රංග ශිල්පිනිය මේ දිනවල ඕස්ටේ‍්‍රලියාවට යාමට ලහි ලහියේ සූදානම් වෙනවා. මේ දෙන්නා මේ විදියට ඕස්ටේ‍්‍රලියාවට යන්නෙ ඇයි? ”දෝන ඉසබෙලා” වෙනුවෙන් යන වග තමයි කියන්නෙ. මේ ”දෝන ඉසබෙලා” සමග දැනට එරට පදිංචිව සිටින ප‍්‍රවීන රංග ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේත් එකතු වෙනවලූ. මේ අය මේ විදියට එකතුවෙන විශේෂ හේතුවක් තියෙනවා. ඒ ගැන කියන්නට සනත්, දිලිනි සහ ශ්‍රීනාත් සඳැල්ල සමග එක්වූයේ මෙලෙසිනි.

 

සනත් විමලසිරි

 

2016-05-27-ent-120සනත් මේ දිනවල ඔබගෙ නිර්මාණ ගැන කතා කළොත්?

ටෙලි නාට්‍ය චරිත ගැන කතා කළොත්, ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන ”මද්දහන” නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව ටී. වී. වන් :ඔඪ ධබැ* එකේ ෂර්ලි පී දෙලංකාවලගෙ පෝටාවේ ඉසක්කළුව” නමින් වෙනස් ආකාරයේ වැඩ සටහනක් මෙහෙයවනවා. ඊටත් අමතරව ”සනත් එක්ක ජීවිතයට ඉඩදෙන්න” නමින් අරුත්බර රසවින්දනය සඳහාම වැඩ සටහනක් කරනවා. එය පාසල්වලට, සරසවි සහ ආයතනවලට ගිහින් කරන ප‍්‍රසංගයක්.

 

රූපවාහිනියේ නිතර දකින්න නැතත් ඒකද ඔබ කාර්ය බහුල?

ඉහත කී වැඩවලට අමතරව සුපුරුදු පරිදි සිංහබාහු, මනමේ, රත්නාවලී, හස්තිකාන්ත මන්තරේ නාට්‍ය සහ චාමික හත්ලහවත්තගෙ රජා මං වහලා නාට්‍යයේත් රඟපානවා. ඒ වේදිකා නාට්‍යවලට අමතරව සනත් එක්ක ජීවිතයට ඉඩ දෙන්න ප‍්‍රසංගයෙන් මගේ බලාපොරොත්තුව ළමා මනසින් ඇතිවූ රසාස්වාදය වගේම තාරුණ්‍යය වෙතින් ගිලිහී ගිය ආදරය ඇතුළු සියල්ල රැඟුම් - ගැයුම් වැයුම් සමග ගෞරවාන්විත කලාවේ හරය ගෙනහැර පාන්නයි. ඒ අතරේ මගේ ගුරු වෘත්තියේත් නියැලෙනවා.

 

මෙකී සියල්ල අතරේ ඕස්ටේ‍්‍රලියාවට යන හේතුවත් කියමු?

ඕස්ටේ‍්‍රලියා - ශ්‍රී ලංකා සංස්කෘතික හා සුබ සාධන සංගමය හෙවත් වැඩිම ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජීවත්වන මෙල්බර්න්හි කි‍්‍රයාත්මක වන ඔස්කා (AUSCA) සංවිධානය (2012 දී රශ්මි රාති‍්‍රය නමින් අපූරු ප‍්‍රසංගයක් කළා. එය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අපූරු අත්දැකීමක් ගෙන දුන්නෙ. මෙවර රශ්මි රාති‍්‍රය 2 නමින් ඔවුන් නැවතත් වෙනස්ම ආකාරයේ ප‍්‍රසංගයක් ඉදිරිපත් කරනවා. ශ්‍රීනාත් මද්දුමගේ කියන අපේ ප‍්‍රවීණ ශිල්පියාගේ අදහසකට අනුව ”දෝන ඉසබෙලා” නමින් මෙය පැවැත්වෙනවා. එහි රචනය අජිත් මෙන්ඩිස් ගෙන්. මෙම සංස්කෘතික උළෙල සඳහා දෝන ඉසබෙලා ජවනිකා පෙළහරට ශ්‍රී ලාංකීය ජනශ‍්‍රැතියෙන් උපුටාගත් නැටුම් - ගැයුම් - වැයුම් ඇතුළත් අපූරු අංග රැුසක් ඇතුළත්. අප මෙතෙක් දුටු ගජමන් පුවතවත්, කුවේණිවත් නොවෙයි. අතිශයින්ම රස විඳින්න පුළුවන් ජවනිකා පෙළහරක් වේවි. මෙය එක් ආකාරයකින් මෙරට ජන සමාජයේ සිතුම් - පැතුම් විකාශය වූ ආකාරය විදෙස් බලවේගයන්ට මුහුණ පෑ විලාසය විවර කෙරෙන දෘෂ්‍යමය ප‍්‍රාසාංගික අවස්ථාවක්. මෙවැනි දෙයක් කිරීම ගැන ඔස්කා සංවිධානයේ ශ්‍රීයානි ජයවික‍්‍රම, පුෂ්පික ගමගේ, දීපාල් ධර්මරත්න, චිත‍්‍රා සෙනරත් ඇතුළු තවත් බොහෝ දෙනාට අප ස්තුතිවන්ත විය යුතුමයි.

 

 

දිලිනි ලක්මාලී

 

2016-05-27-ent-121දිලිනි මේ දිනවල ඔබගෙ කටයුතු මොන වගේද?

ITN විකාශය වන භවචක‍්‍ර, මද්දහන, නාට්‍ය ද්විත්වයේ රඟපානවා. ජාතික රූපවාහිනියෙ විකාශය වන නැට්ටුක්කාරයෝ නාට්‍යයේත් රඟපානවා. ඊට අමතරව මේ දිනවල පොළොන්නරුවේදී රූගත කෙරෙන ”රළපනාරාල” නාට්‍යයේ චරිතයකට දායක වනවා.

 

”දෝන ඉසබෙලා” වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියා යාමට ලැබුණෙ කොහොමද?

විජය - කුවේණිගේ සිට දෝන කතිරිනා සහ ශ්‍රී ලංකාව තුළ මතුවූ එක් එක් චරිත අළලා ගෙන එන මේ ජවනිකා පෙළහර සඳහා ඔස්කා සංවිධානයේ ඇරයුම මත සනත් විමලසිරි අයියා නිසා මට මේ අවස්ථාව ලැබුණු බව කියන්න පුළුවනි. මේ වෙනස් අත්දැකීම සඳහා ඇලපාත මුදලි, විජය වැනි චරිත කීපයකින් සනත් අයියා දායක වෙනවා. මමත් ගජමන් නෝනා, කුවේණි ඇතුළු චරිත කීපයකටත්, ප‍්‍රවීණ රංග ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ ගුරුන්නාන්සේ යකා ඇතුළු චරිත කිපයකටත් දායක වෙනවා.

 

බලයෙන් උන්මන්තක වූ

පේ‍්‍රම වන්තයෙක් නොව

බලකාමි රජෙකු පමණයි

ඔබගේ ජාතියේ පෙරමග සරසන්නා

එවැන්නෙකුවීම ඔබට ලැජ්ජාවක් නොවේද?”

 

මේ කුවේණි සහ ගුරුන්නාන්සේ අතර වූ දෙබසක්.

 

දිලිනි කොහොමද පුද්ගලික ජීවිතේ විස්තර?

මේ දිනවල ටිකක් කාර්ය බහුලයි. සුදත්ත තිලක්සිරි අය්යගෙ නාට්‍යයකත් රඟපානවා. ඒ අතරේ විවාහයේ කටයුතුත් වසරින් වසර කල්ගියා. හැබැයි ලබන අවුරුද්දෙ මගේ ජීවිතේ මංගල වසර වේවි.

ශ්‍රිනාත් මද්දුමගේ

අතීත පුරාවෘතයක් හා බැඳුණු දෝන ඉසබෙලා වේදිකා රංගය එක් ආකාරයකින් මෙරට ඉතිහාසයථ සදාචාරය වෙත හෙළන විමසුම් බැල්මක් යැයි සඳහන් කරන්න පුළුවනි. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රි ලංකාව අතර සංස්කෘතික පාලමක් තැනීම අපේ අරමුණ වගේම එරට වෙසෙන දුවා දරුවනට අපේ ඉතාමාසය රසය අපේකම මනසට කාවැද්දීම අපේ අරමුණයි. මෙවර රශ්මි රාත්‍රිය 2 දෝන ඉසබෙලා මේ ජවනිකා ළෙහර ප්‍රසංගය පැවැත්වෙන්නේ මේලබර්න්හි ලෝචර් ප්ලෙන්ට් ප්‍රධාන මාර්ගයේ පැල්නෙට්ශානිර් තියර් එකේදීයි. ජුනි 12 වැනිදා පැවැත්වෙන මේ ප්‍රසංගයෙන් ලැබෙන මුදලින් කොටසක් ගංවතුරින් විපතට පත් ශ්‍රී ලංකීය ජනයාගේ සුබ සාධනයට පරිත්‍යාග කරන බවත් සඳමන් කරන්න කැමතියි. මෙම නිර්මාණය රචනය කළ අජිත් මෙන්ඩිස් සොහොයුරාට ස්තූති කරන්නත් කැමැතියි.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

2016-05-27-ent-119



අදහස් (0)

'දෝන ඉසබෙලා' ඕස්ටේ‍්‍රලියාවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 310 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 232 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 607 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 274 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 89 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 274 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25416 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site