IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘දැන් තව චණ්ඩියෙක් ඇවිල්ලා‘ - ඇමැති රාජිත

‘අපේ රටේ මා දන්න විදියට චණ්ඩි දෙන්නයි සිටියේ. ඒ එක්කෙනෙක් ප්‍රභාකරන්. අනෙකා රෝහණ විජේවීර. ඊට වැඩිය චණ්ඩියෙක් මේ රටේ නැහැ. දැන් සිවුරක් දා ගත්ත චණ්ඩියෙක් එනවා, මට චණ්ඩිකම් කරන්න.ඒ චණ්ඩියෙක් නෙවෙයි. චන්ඩි කවුද කියා මම හොඳට දන්නවා. ප්‍රභාකරන් චන්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ එක පැත්තක යකඩ කෑලි තියෙනවා. චන්ඩියා මැරුණා. මම ඉන්නවා. විජේවීර චණ්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ තව පැත්තක යකඩ කෑලි තියනවා. විජේවීරත් මළා. මම ඉන්නවා. ‘   ධීවර ඇමැති දොස්තර රජිත සේනාරත්න මහතා තංගල්ල කළමැටිය ධීවර වරාය සඳහා මුල්ගල තැබීමේන් පසු ජනහමුවක දී පැවසීය.



අදහස් (0)

‘දැන් තව චණ්ඩියෙක් ඇවිල්ලා‘ - ඇමැති රාජිත

සමන්ති Monday, 30 June 2014 06:58 PM

සිවුරක් දාගත්ත චන්ඩියෙක් ඉන්නවානම් පොලිස්පතිට දන්වන්න . අපට කියල වැඩක් නැත . (දී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 01 July 2014 09:54 AM

ප්‍රභාකරන් හිටියා නම් පොළොවේ පස් කාල මැරෙනවා. 88/89 දී රාජ්‍ය අනුග්‍රහය යටතේ මහජන පක්ෂයේ මුලිකත්වයෙන් බිහි වුනු ප්‍රා සංවිධානයේ නිර්මාතෘ වරයෙක් තමයි මේ. එදා භීෂණයට භීෂණයෙන් උත්තර දෙන්න ගියා මිසක් ධර්ම දේශනා තියන්න ගියේ නැහැ. මොකද එතන ප්‍රශ්නේ සිංහල අයගෙනේ. නමුත් කොටිත් එක්ක මෙයා ප්‍රශ්න විසදන්න ගිය හැටි අපි 2002 දී දැක්කනේ හොදින්ම. ඇමති තුමා හිතනවා ඇති ඒ කාලේ මිනිස්සු දැන් නැහැ කියලා. (නදී)

:       0       0

ලලින්ද්‍ර Tuesday, 01 July 2014 09:56 AM

ඇමති තුමා බලාගන යකඩවලට අකුණු වදිනවා (නදී)

:       0       0

උමේෂ් Friday, 04 July 2014 08:10 PM

චණ්ඩින්ට අපි නම් බය නැහැ (නි)

:       0       0

සීල Monday, 30 June 2014 12:40 PM

මාළුවා නහින්නෙත් කට නිසා බව තේරුම් ගත යුතුයි. ජාතික වීරයෙක් වෙන්න හදන්න එපා. (දී)

:       0       0

චානක Monday, 30 June 2014 07:07 PM

ඔබේ සිරුරේ යකඩ තියෙනවද (දී)

:       0       0

ලලිත් වීරරත්න Monday, 30 June 2014 12:40 PM

හේමන්ත මමත් ඔයාගේ අදහසට එකඟයි (දී)

:       0       0

ඉසුරන්දි Monday, 30 June 2014 12:41 PM

ඔබතුමාලා ඒ දවස්වල යන එන ගමන් පයින් ගියාද? වෙඩි නොවදින කැබ් හතරවටින් සේනාව පිරිවරාගේනනේ අවේ ගියේ.ඉතින් කොහොමද ප්‍රභා විජේවීර ඔබතුමාව මරන්නේ.(දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 01 July 2014 10:03 AM

දැන් එතකොට අර ප්‍රභාකරනුයි රෝහණ විජේවීරයි දෙන්නම මැරුනේ මෙයාට චන්ඩිකම් දාපු නිසාද? මට හරියටම මතක නැහැනේ. (නදී)

:       0       0

පරාජිත Monday, 30 June 2014 12:44 PM

චන්දෙන් පස්සේ තේරේවි කවුද චන්ඩි කියලා . (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 30 June 2014 12:45 PM

සංහිඳියාව , සත්‍යය හා සාධාරණත්වය ගැන කතා කරන්න එපා ඇමති තුමා ඔබත් දේශද්‍රෝහී ලය්ස්තුවට වැටෙයි . ඇස් තිබිලත් අන්ධයකු මෙන් ද, කන් තිබිලත් බිහිරියෙකු මෙන්ද, කට තිබිලත් ගොළුවෙකු මෙන්ද මිනිස්කම හා හෘද ශාක්ෂිට විරුද්ධ කතා කරන්න එවිට ඔබට හැමෝම අචාර කරති. (දී)

:       0       0

ප්‍රේමලාල් Tuesday, 01 July 2014 10:30 AM

රාජිත කවදත් ජාතිවාදයට විරුද්ධයි. 83 දී දෙමළ මිනිස්සුන්ට ගහල විසිහය අවුරුද්දක් සිංහල දෙමල මුස්ලිම් 100000ක් මැරුණා. මේ පාර මුස්ලිම් අයට ගහල තවත් යුද්ධයකට පොටක් පාදන්නයි ලක ලෑස්ති වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කලේ සාමය අවිහිංසාව. චන්දෙ බලාගෙන යුද්දේ අවුලවනවට වඩා කරන දේ වැරදියි කියල පැරදෙන එක නම්බුකාරයි. (ස)

:       0       0

ෆාතිම Monday, 30 June 2014 12:45 PM

" ෆස්රුල් ගෆූර් - කටාර් " ගේ කතාව මම 100% පිලි ගන්නවා (දී)

:       0       0

බානුක Monday, 30 June 2014 07:18 PM

සමන්ගේ කතාව 200% ඇත්ත (දී)

:       0       0

සුමනා මානන්දුව Monday, 30 June 2014 12:49 PM

ඇමතිතුමෝ...... ඔබතුමාට කිසිම කොටි තර්ජනයක් තිබුනේ නෑ. (දී)

:       0       0

රන්ජිත් Friday, 04 July 2014 03:38 AM

බලනකොට චණ්ඩි වැඩිවෙලානේ (නි)

:       0       0

සෙනෙවි Monday, 30 June 2014 07:25 PM

අපට මතකයි 1972 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්න කාලෙ කොමිනිස්ට් පක්ෂයෙ ශිෂ්‍යයන්ට ගහන්න නුවරින් චන්ඩි ගෙනැල්ල එයාලා කොල්ලන්ට අහු වෙලා හොඳට ගුටි කෑවා. (දී)

:       0       0

තරංග Monday, 30 June 2014 12:51 PM

ඒ කියන්නේ මේ කියන හාමුදුරුවෝ මැරෙනවා එකනේ මේ නොකියා කියන්නේ . (දී)

:       0       0

තිලක් Tuesday, 01 July 2014 08:33 PM

මට නම් ප්‍රශ්නය තියෙන්නේ මේ කාගෙන්වත් නෙමෙයි. බවලතුන් ටිකකගෙන්.. (නි)

:       0       0

කුලාංග Monday, 30 June 2014 12:53 PM

කවුද අප්පේ ඒ චන්ඩියා (දී)

:       0       0

ලෝච් Monday, 30 June 2014 07:31 PM

ඇත්තටම කව්ද මේ චන්ඩියා (දී)

:       0       0

ලලින්ද්‍ර Tuesday, 01 July 2014 10:47 AM

එල්. ටි. ටි . ඊ . තර්ජන තිබුනා කියන්නේ මන් හිතන්නේ ප්‍රබාකරන් තලගොයි මරාගන කෑව කියනවනේ එ්ක වෙන්න ඇති. නැතිනම් ඉතින් හින්දු කට්ටිය ගවගාතනේ කරන්නෙත් නැහැනේ. (නදී)

:       0       0

බන්දුල.පෙරේරා Monday, 30 June 2014 12:56 PM

රාජිතව එල් ටි ටි එක ඉලක්ක කලා කියල හිතන්නේ නැහැ. මෙයාට වෙන කාට හරි ගහපු එකක් වැදුනද දන්නේ නැහැ. (ස)

:       0       0

උපුල් Monday, 30 June 2014 07:36 PM

මෙන්න අද රටේ තත්වය (දී)

:       0       0

එරල් Monday, 30 June 2014 07:40 PM

කව්ද මේ කළු ගලේ ඔලුව ගහගන්න හදන්නේ (දී)

:       0       0

නිශාන්ත Monday, 30 June 2014 07:51 PM

මේ පිස්සු කතා නොකිය පුලුවන් නම් බස් ගාස්තු ,අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහත හෙලන්න යෝජනාවක් ගේන්න කැබිනට් එකට. (දී)

:       0       0

සනුකි Monday, 30 June 2014 01:01 PM

මේ පිස්සු කතා නොකිය පුලුවන් නම් බස් ගාස්තු ,අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහත හෙලන්න යෝජනාවක් ගේන්න කැබිනට් එකට. (ස)

:       0       0

දිෂ් Monday, 30 June 2014 01:03 PM

යුද්දේ එපා කියල සාම පාගමන් ගියපු රජිතලට ඒවා අමතක වෙලා. ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගැහුව හාමුදුරුවෝ කෙනෙක් අපි නම් දන්නේ නෑ. (ස)

:       0       0

නාරද Tuesday, 01 July 2014 11:13 AM

බෙහෙත් දෙන්න කාලේ ඇවිත් (නදී)

:       0       0

නලින්ද Monday, 30 June 2014 01:03 PM

තමන්ට තමන් පමණි හැම දේ දන්න.....ඔලුවක් කියා ඇත්නම් මේ පිළිගන්න..අන් අය නැසී ඔබ විතරක් අද ඉන්න....ප්‍රතිපතියක් නැති එක බව පිළිගන්න...(ස)

:       0       0

තිලින Monday, 30 June 2014 08:07 PM

චන්ඩියෙක් නම් නෙවෙයිලු , නම කියන්ඩ බයයිලු...... තේරෙන්නේ නෑ අප්පා මට මෙව්වා . . (දී)

:       0       0

රොෂාන් Monday, 30 June 2014 08:13 PM

සිවුරට බැනල ලංකාවේ චන්දෙ ගන්ඩ හිතන්ඩ එපා. අලුතෙන් රස්සාවක් හොයා ගත්තද. (දී)

:       0       0

මොහාන් Monday, 30 June 2014 08:15 PM

පාර්ලිමේන්තුවේ දකින්නවත් නැනේ (දී)

:       0       0

බණ්ඩාර Monday, 30 June 2014 08:15 PM

ප්‍රභාකරන් ඔබව මරන්න හැදුවා !!!!!!!! (දී)

:       0       0

සම්පත් Monday, 30 June 2014 01:10 PM

ලුන්බිනි හරියටම හරි මෙයාලා බබාලනේ (දී)

:       0       0

අජිත් Monday, 30 June 2014 08:18 PM

රාජිත මහත්තයා මොකාටද එන්න හදන්නේ (දී)

:       0       0

නන්දසිරි Sunday, 06 July 2014 11:19 AM

අපි නම් ඔය චණ්ඩින්ට බය නැහැ (නි)

:       0       0

නාරද, කළුතර Monday, 30 June 2014 01:10 PM

සමාවෙන්න අපි මේ පාරනම් මෝඩ වැඩ කරන්නේ නැහැ (දී)

:       0       0

තරංග Monday, 30 June 2014 08:21 PM

ලංකාවම හෙල්ලිලා යන විදිහේ ප්‍රකාශයක් කවුරු හෝ හිටි ගමන් කරනවා මට මේවා දැකලා ඇති වෙලා තියෙන්නේ (දී)

:       0       0

සංජිව Monday, 30 June 2014 01:12 PM

ඔබතුමා බේරුවල සංවිදායක නේ (දී)

:       0       0

සිරිසේන Monday, 30 June 2014 08:39 PM

යන්න යන්න පොලිසිට කියන්න (දී)

:       0       0

රිච්මන් Monday, 30 June 2014 08:41 PM

රාජිත මහතා ඉන්න ආරංචියක් තිබ්බේ නැහැ පහුගිය කාලේ (දී)

:       0       0

චන්දන Monday, 30 June 2014 01:14 PM

මට මාතර පාලම තියෙන තැන පෙන්නනවද (දී)

:       0       0

චන්දන Monday, 30 June 2014 08:51 PM

ප්‍රබාකරන් ඔහොම දෙයක් කරන්න හැදුවද , කොහේ අහන්නද මැරිලානේ හිටියනම් අහන්නත් තිබ්බා (දී)

:       0       0

චන්ද්‍රානි Monday, 30 June 2014 01:20 PM

රාජිත මහත්තයාගේ චන්ඩිය කවුද .... නමින් නොකිවුවට අපි දන්නවා (දී)

:       0       0

අවිෂ්ක Monday, 30 June 2014 01:21 PM

මහත්මයා මොකද්ද ඔබතුමාගේ නාටකයේ නම (දී)

:       0       0

නිරෝෂ් Monday, 30 June 2014 01:23 PM

රාජිත ඇමතිතුමා කියන්නේ දැනට අප රටේ දේශපාලන තලයේ ඉන්න වැදගත් මහත්මයෙක් ඒ ගැන අපි ඔබතුමාට තාමත් ගරුකරනවා .නමුත් අපේ මහත්තයෝ කටට ආපු පලියට අදහස් දක්වල ඔය තැන නැති කරගන්න එපා ඔයට වඩා බුද්ධිමත්ව අදහස් ප්‍රකාශකරන්න කියල ඉල්ලනවා මොකද ඔබ තුමා ඔය වගේ තව කාලයක් වැදගත් විදිහට දේශපාලනය කරනවා දකින්න අපි ආසයි .ඔබ තුමාලා නැති කලෙක ලංකාවේ දේශ පාලනයත් නැහැ (දී) .

:       0       0

උපුල් Monday, 30 June 2014 01:23 PM

ගපුර් ,ඔබගේ අදහස හරිම වටිනවා,.ලංකාවේ මිනිස්සු දන්නේ නැ කිසිකෙනෙකුට කතා කරන්න ඉඩ දෙන්න ,අනිත් මිනුසුන්ටත් කියන්න දෙයක් තියනව .මේක ආගමක් ජාතියකට තියන ප්‍රශ්නයක් නෙමේ .මුළු ශ්‍රිලාන්කික ,ජාතියේම වැඩිදෙනෙකුට තියන ලෙඩක් ,මෙකට තියන එකම බෙහෙත ,ලංකාවේ ආගම ජාතිය කියන දේ කතා කරන්න කාටවත් ඉඩ නොදිමයි .පනතකින් මේ ඔක්කොගේමේ කටවල් වහන්න ඕන,එහෙම නොවූනොත් මහා විනාසයක් වෙන්නේ (දී)

:       0       0

රුවන් Monday, 30 June 2014 09:09 PM

අනේ මන්දා දොස්තර මහත්තයා මොනවා කියවනවාද කියලා (දී)

:       0       0

තරිදු Sunday, 06 July 2014 07:28 PM

අපි ඡන්දෙ දුන්නේ විරැකියාව, බඩු මිල, නිවාස ප්‍රශ්න, ඩෙංගු වැනි රෝග වැනි රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න මිසක් එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන්න නම් නොවේ. (නි)

:       0       0

අමර Monday, 30 June 2014 01:39 PM

ගෆූර් නියම කතාව ආ...... (දී)

:       0       0

දනුශිකා Monday, 30 June 2014 01:39 PM

චන්දයක්වත් ළඟ එනවද (දී)

:       0       0

අසංක Tuesday, 01 July 2014 12:24 PM

ප්‍රභාකරන් නම් චන්ඩිය වෙන්න පුළුවන් නමුත් විජේවීර..........(දී)

:       0       0

අනුර Monday, 30 June 2014 01:41 PM

කතාව ඇත්ත. නමුත් කළුතර කට්ටියකගේ චන්ද පදනම හදා ගන්න නම් කතාව වැරදි වෙනවා ආසනය අහිමි වෙනවා (දී)

:       0       0

වසන්ත Monday, 30 June 2014 01:42 PM

විනාශ කරගත් ප්‍රතිරූපය හදා ගන්නට ගන්නාවූ ඇතැම් නිෂ්පල ක්‍රියාකාරකම් වලදී ලැබෙන්නේ ද අති විශාල වූ විනාශයන්මය. අවසානයේදී වන්දි ගෙවීමට සිදුවන්නේ රටේ අහිංසක ජනතාවට මය. (දී)

:       0       0

ගයනි Monday, 30 June 2014 10:39 PM

"මේ පිස්සු කතා නොකිය පුලුවන් නම් බස් ගාස්තු ,අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහත හෙලන්න යෝජනාවක් ගේන්න කැබිනට් එකට" මෙන්න මේක කරන්නකෝ (දී)

:       0       0

අශේන් Monday, 30 June 2014 10:42 PM

ඇමති තුමා තියෙන චන්ද ටිකත් නැති කරගන්න එපා (දී)

:       0       0

නිලන්ත Monday, 30 June 2014 10:42 PM

ඇමති තුමා නොකිය කියන්නේ මොකද්ද , ප්‍රශ්නය දික් ගස්සන්නද හදන්නේ (දී)

:       0       0

ශාන්ත Monday, 30 June 2014 10:43 PM

නැති ප්‍රශ්න ඇති කරන්න එපා (දී)

:       0       0

ප්‍රදීප් Monday, 30 June 2014 01:56 PM

විහිලු තර්කයක් තමයි අරගෙන තියෙන්නේ (දී)

:       0       0

මංජුලා Tuesday, 01 July 2014 12:44 PM

ඇමතිතුමා අද ඔබ තුමා කොච්චර නිදහසකින් රටේ අැවිදිනවද? තාමත් යුද්දේ තිබුණා නම් ඔහොම ඉන්න පුලුවන්ද? ඔබ තුමන්ලා යුද්දේ එපා කියල පෙළපාලි ගියා අපිට මතකයි. මුල අමතක කරන්න එපා. (ස)

:       0       0

ප්‍රදීප් රංගන Monday, 30 June 2014 01:56 PM

ඉස්කෝලේ කාලේ මතක් උනා මට (දී)

:       0       0

මොහාන් Monday, 30 June 2014 11:03 PM

හිතුනේ නැද්ද කල කතාවේ බරපතලකම ඇමති තුමෝ (දී)

:       0       0

විජේබණ්ඩාර Friday, 04 July 2014 11:22 PM

ඇමතිතුමා, අද ඔබතුමා කොච්චර නිදහසකින් රටේ අැවිදිනවද? තාමත් යුද්දේ තිබුණා නම් ඔහොම ඉන්න පුලුවන්ද? මුල අමතක කරන්න එපා. (නි)

:       0       0

වසන්ත Monday, 30 June 2014 11:28 PM

ප්‍රභාකරන් හිටියා නම් අද එයාට මොනවා හිතෙයිද? (නි)

:       0       0

ජසිම් Monday, 30 June 2014 02:06 PM

ඔය ඇමති තුමා කියන එක සම්පූර්ණම ඇත්ත (දී)

:       0       0

රනේෂ් Monday, 30 June 2014 11:37 PM

ඒ කියන්නේ ලොකුම චණ්ඩියා කවුද? (නි)

:       0       0

කාන්ති Monday, 30 June 2014 11:39 PM

නියම කතාව (නි)

:       0       0

රිනා Monday, 30 June 2014 02:10 PM

චන්ඩි නම් ඔය කොහෙත් ඉන්නේ (දී)

:       0       0

දීපිකා Monday, 30 June 2014 11:59 PM

අන්න නියම කතාව ඇමතිතුමා... (නි)

:       0       0

ඉෂාර දමයන්ත Monday, 30 June 2014 02:12 PM

මොන ඇමති උනත් මහා සංඝරත්නයට ගරු කරන්න ඉගෙන ගත්තොත් හොඳ නැද්ද? (දී)

:       0       0

සෙලිනා Tuesday, 01 July 2014 12:26 AM

මෙහෙම කතාකරන්න ඔබතුමාට බය නැද්ද? (නි)

:       0       0

තිස්ස Tuesday, 01 July 2014 12:32 AM

ඔන්න ඔහොම කෙළින් කතාකරන්න. (නි)

:       0       0

කසුන් Tuesday, 01 July 2014 12:38 AM

චණ්ඩිකම් වලින් සියල්ල දිනන්න බැහැ (නි)

:       0       0

පිටිගල Tuesday, 01 July 2014 12:39 AM

ඔබතුමා ඔය කියන හාමුදුරුවෝ වටේ ලක්ෂ ගාණක් මිනිසුන් ඉන්නවා. මම නම් හිතන විදියට මෙවැනි කතා ඔබතුමා වැනි උගත් මිනිසුන්ට ගැළපෙන්නේ නැහැ. (නි)

:       0       0

සමරසිංහ Monday, 30 June 2014 03:57 PM

සනුකිගේ අදහසත් සමග 100% එකගයි. අපිට වැඩක් ඇති දේ ගෙන කතාකරන්නනේ ජන්දේ දීල පත්කළේ.(දී)

:       0       0

වජ්ජා Monday, 30 June 2014 03:57 PM

මේ කතාවේ සරල තේරුම අවි ගත්තෝ අවියෙන් නසිති කියන එකයි. රාජිතල සාමය වෙනුවෙන් කතා කරේ ඊලම දෙන්ඩ නෙමෙයි. අඩුම ගානේ බුද්ධාගම දන්නේ නැත්නම් මහත්ම ගාන්ධි ගැනවත් කියවිය යුතුයි, මේ උන්නාන්සේලා. (දී)

:       0       0

චමත් Monday, 30 June 2014 03:58 PM

ඔය කව්රුත් පරෙස්සම් වෙන්න ඊළඟ චන්දෙදි ....ඔයගොල්ලන්ට හොඳට සලකන්නම් ....(දී)

:       0       0

හිමාලි Monday, 30 June 2014 04:01 PM

මාළු හිගයි මාළු ගණන් කියල සමහරු කෑ ගැහුවට අද මේ ලාබෙට පරව් ඉන්නේ ඕන තරම්.(දී)

:       0       0

ඉනෝකා Monday, 30 June 2014 04:01 PM

කාට කියන්න ද මේවා (දී)

:       0       0

රූපා Tuesday, 01 July 2014 02:50 PM

අර කියුව වගේ පොලිසිට කියන්න මහජනතාව මොනවා කරන්නද (දී)

:       0       0

රවිදු Sunday, 06 July 2014 01:26 PM

මොනවද මන්දා මේ කතා? (නි)

:       0       0

සමිත් Monday, 30 June 2014 04:05 PM

ඇස් තිබිලත් අන්ධයකු මෙන් ද, කන් තිබිලත් බිහිරියෙකු මෙන්ද, කට තිබිලත් ගොළුවෙකු මෙන්ද මිනිස්කම හා හෘද සාක්ෂියට විරුද්ධ කතා කරන්න කියල තියෙන්න මොන පොතේද ? (ස)

:       0       0

හේමන්ත Monday, 30 June 2014 04:09 PM

දිෂ්, යුද්දේ ඕනෑ කියල කියන්න පුළුවන් කාටද? යුද්දේ එපා කියල සාම පාගමන් යෑම අශිලාචාර වැඩක් ද? ජනාධිපති තුමන්වත් යුද්ධය ඕනකියල කිවුවේ නෑ. ප්‍රභාකරන් එතුමන්ව යුද්ධයට කැඳවා ගත්තා. ප්‍රභාකරන් පැරදුනා. සාමය විනා නැවත කවදාවත් යුද්ධ නම් එපා. (ස)

:       0       0

දයාල් Tuesday, 01 July 2014 03:19 AM

ඇමැතිතුමා, ඔය ඇ‍ඟේ ඔයතරම් යකඩ තියාගෙන කොහොමද ඉන්නේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 01 July 2014 03:23 AM

ඔබයි අපේ වීරයා... (නි)

:       0       0

දිසානායක Tuesday, 01 July 2014 03:36 AM

කෙටියෙන් කිව්වොත් ඔබතුමා චණ්ඩින්ට බය නැහැ... එහෙම නේද? (නි)

:       0       0

රන්ජිත් සිල්වා Monday, 30 June 2014 04:25 PM

දැන් පත්තරවලට කෑ ගහනවා අප‍ ස්වාමින් වහන්සේලාට පින් සිද්ද වෙන්න රටක් ඉතුරුවෙලා තිබුන නිසා. (දී)

:       0       0

රන්ජිත් සිල්වා Monday, 30 June 2014 04:28 PM

ඔච්චර වැඩ කාරයෙක් නම් තලපත් මාළු වල මාෆියාව නැති කරලා සාධාරණ මිලකට විකුනන්න ලැස්ති කරන්නකෝ. (දී)

:       0       0

රාජා Tuesday, 01 July 2014 04:04 AM

ගෆූර්, ඔයා නියම කතාවක් කියලානේ (නි)

:       0       0

චින්තක Tuesday, 01 July 2014 04:13 AM

ඇමතිතුමා චණ්ඩින්ට බය නැහැ වගෙයි නේද? (නි)

:       0       0

අජිත් Monday, 30 June 2014 04:34 PM

යුද්දේ එපා කියල සාම පාගමන් ගියපු රජිත මහතා සහ විජිත හිමි. තවත් අය ඉන්නවා.

:       0       0

තිලින Tuesday, 01 July 2014 03:35 PM

මටත් හිතෙන්නේ මෙතන පුද්ගලික කෝන්තරයක් තියෙනව (දී)

:       0       0

හේරත් Tuesday, 01 July 2014 04:28 AM

මොනවා වුණත් නිර්භීත පුද්ගලයෙක් (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 01 July 2014 05:02 AM

දැනට අවුරුදු 58 කට පෙර සිංහල බෞද්ධයා තමන්ට හිමි තැන ලබාගත්තේ බොහොම අමාරුවෙන්. දැන් ඉන්න බහුතරය ඒ ගැන දන්නේ නැහැ. (නි)

:       0       0

රුවින් Tuesday, 01 July 2014 05:32 AM

නිරෝෂ්, ඔයා මේ ඇමතිතුමාගේ යටතේ වැඩ කර තිබෙනවාද? (නි)

:       0       0

සෝබන Monday, 30 June 2014 05:04 PM

මමත් අහල තියෙනවා ප්‍රභාකරන්ගේ ලයිස්තුවේ අංක එකට තිබිල තියෙන්නේ, මෙතුමාව නැති කිරීම, අංක දෙක තමයි ඊලාම් දිනීම කියලා. ඒ කතාව බොරුවක් කියලයි මම හිතාගන හිටියේ. (දී)

:       0       0

දිනුකා Monday, 30 June 2014 05:11 PM

හරිම චන්ඩියෙක් නේ (දී)

:       0       0

ලක්මාල් Tuesday, 01 July 2014 07:06 AM

ඇමතිතුමා, මොකද මේ වෙන්නේ? හැමෝම ඕනෑ වෙනවා නේද? (නි)

:       0       0

පුරවැසියා Monday, 30 June 2014 05:16 PM

ගාමිනි දිසානයක මහතාට එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් රාජිත තුවාල ලැබුවා .(දී)

:       0       0

බෙනට් Tuesday, 01 July 2014 07:08 AM

නියමයි ඇමතිතුමා, නියමයි (නි)

:       0       0

සරණ Tuesday, 01 July 2014 07:14 AM

ඔබට ජය වේවා! (නි)

:       0       0

කේශාන් Tuesday, 01 July 2014 07:29 AM

දැන් ඉන්න බහුතරය ඉතින් චණ්ඩිනේ... (නි)

:       0       0

ක්‍රිශාන්ත Tuesday, 01 July 2014 05:34 PM

ඔබතුමා නම් නියම වීරයෙක් (නි)

:       0       0

නාලක Tuesday, 01 July 2014 07:30 AM

මොනවා වුණත් වෛරයෙන් වෛරය නම් සන්සි‍ඳෙන්නෙ නැහැ (නි)

:       0       0

සමන් Monday, 30 June 2014 11:35 AM

පාර්ලිමේන්තුවේ හිටියා ඇති වගේ කියල හිතුනද? (නදී)

:       0       0

සමන්ත Monday, 30 June 2014 11:39 AM

දේශපාලකයින්ගේ අත කිසිදු වරදක් නැත මට කේන්තිය තියෙන්නේ චන්ද දායකයින් එක්ක (දී)

:       0       0

ශාන්ති Monday, 30 June 2014 05:30 PM

ඇමති තුමා කට වරද්දා ගන්න එපා (දී)

:       0       0

මේනකා Tuesday, 01 July 2014 05:44 PM

මහත්තයෝ නිකන් කට වැරැද්ද ගන්න එපා (දී)

:       0       0

මුදිත Monday, 30 June 2014 11:39 AM

වටින් ගොඩින් ඇමති තුමා මොකාක් හෝ කියන්න හදනවා (දී)

:       0       0

ශාන්ති Monday, 30 June 2014 05:32 PM

ඔබතුමා චන්ඩියානම් ඒ කවුද කියලා නම කියන්න (දී)

:       0       0

විජේසිංහ Monday, 30 June 2014 11:42 AM

ඒ පාර මොකද්ද ඒ එකපාරටම වෙච්ච දේ ජාතික ප්‍රශ්නයක්ද පුද්ගලික ප්‍රශ්නයක්ද, පුද්ගලික ප්‍රශ්නයක් නම් ඔබතුමාම විසදා ගන්න රටට දෙන්න එපා (දී)

:       0       0

නන්දන Monday, 30 June 2014 11:42 AM

"දැන් සිවුරක් දා ගත්ත චණ්ඩියෙක් එනවා, මට චණ්ඩිකම් කරන්න." ඔච්චර කියපු එකේ නමත් කියල දාමු මහත්තයෝ (දී)

:       0       0

දයා අලහාකොන් Monday, 30 June 2014 11:43 AM

සමන් මටත් එහෙම්ම හිතුනා (දී)

:       0       0

ප්‍රේමලාල් Tuesday, 01 July 2014 08:20 AM

රාජිත බය ගුල්ලෙක් නෙවෙයි නිසයි එහෙම කියන්නේ. 87 -90 කාලේ කව්රුත් හැංගිලා හිටිද්දී ජවිපෙ මරපු අයගේ අවමගුල් වලට ගිහින් කතාවක් පවත්තන්න කොයි චන්ඩියෙක්වත් ආවේ නැහැ. රාජිත තමයි ජවිපෙට පහර දෙමින් කතා කරේ. (නදී)

:       0       0

හේමන්ත Monday, 30 June 2014 11:43 AM

රජිත සේනාරත්න මහතාගේ පස්සෙන් අංගුලිමාල එනවා දැකලා වගේ. මොනවා උනත් කොන්දක් ඇති ඇමති කෙනෙක්.(නදී)

:       0       0

ජයරාජ් Monday, 30 June 2014 11:44 AM

රාජිත මහත්තය අනිත් පැත්තට යන්න හදනවා වගේ (නදී)

:       0       0

ලලිත් - එල්.එස් Monday, 30 June 2014 11:44 AM

කාගේ කාගේත් පැටිකිරිය බලමු ඉදිරියේදී. (නදී)

:       0       0

ලුම්බිණි Monday, 30 June 2014 11:45 AM

මට නම් පෙනෙන්නේ චන්ඩි කවුද කියා ඇමති තුමාට තේරුමක් නැතිව වගෙයි.(නදී)

:       0       0

තරිඳු Monday, 30 June 2014 05:46 PM

සමන් හරි. මෙයාට දැන් පාර්ලිමේන්තු ගියා ඇති කියලා හිතෙන්න ඇති. කටවල් පරෙස්සම් කරගන්න වත් දන්නේ නැහැ (දී)

:       0       0

කිත්සිරි Tuesday, 01 July 2014 08:28 AM

චණ්ඩිකම් හැමදේටම හරියන්නේ නැහැ (නි)

:       0       0

ආරච්චි Monday, 30 June 2014 11:49 AM

කට පරිස්සම් කරගෙන හිටියොත් හොඳයි නේද? (නදී)

:       0       0

ලලිත් Monday, 30 June 2014 05:48 PM

මහත්තයෝ ඔබතුමාට මොකද්ද ඕන වෙලා තියෙන්නේ නිවිච්ච ගිනි පත්තු කරන්නද (දී)

:       0       0

ජෙරාඩ් Tuesday, 01 July 2014 08:34 AM

මහා සංඝරත්නයට ගරු කරන්න ඉගෙන ගත්තොත් හොඳ නැද්ද? (නදී)

:       0       0

තුෂාර Sunday, 06 July 2014 02:09 AM

ඡන්ද කාලෙට එන්නකෝ.... (නි)

:       0       0

ප්‍රියා Monday, 30 June 2014 11:59 AM

දැන්වත් බුද්දියෙන් වැඩ කරමු, (දී)

:       0       0

රත්නායක රජරට Wednesday, 02 July 2014 03:39 PM

ශ්‍රී ලාංකිකයෝ විදියට අපි ජීවත් වුනානම් ????????? (දී)

:       0       0

අමර Monday, 30 June 2014 12:08 PM

විජේවීර චන්ඩියෙක් උනේ කොහොමද (දී)

:       0       0

සුනිල් Tuesday, 01 July 2014 08:54 AM

විජේවීර චන්ඩියෙක් උනේ කොහොමද ? (නදී)

:       0       0

මයිකල් ප්‍රනාන්දු Tuesday, 01 July 2014 08:54 AM

තව ටික කාලයකින් ධීවර චන්ඩින්ගෙන් බේරෙන්ඩ බලාගන්ඩ. (නදී) .

:       0       0

ඇසළ Monday, 30 June 2014 12:07 PM

මාළුවා නහින්නෙත් කට නිසාලු. (දී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Tuesday, 01 July 2014 08:59 AM

නාලාගිරි ඇතාව රා පොවලා බුදුන් ඉදිරියට එව්වේ දේවදත්ත. ඔය කියන චන්ඩියව ඇමතිතුමා ඉදිරියට එවන්නේ කවුරුන්ද කියල හොයල බැලුවොත් නරකද? (නදී)

:       0       0

සත්‍යා Tuesday, 01 July 2014 07:20 PM

"චණ්ඩි" මියගියාට පසු අභියෝග කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

දැහැමි Monday, 30 June 2014 12:07 PM

ඇමති තුමාගේ ප්‍රකාශය පැටලුම් සහිතයි (දී)

:       0       0

චන්ද්‍රා විජේසිංහ Monday, 30 June 2014 12:08 PM

ප්‍රභාකරන් ට මෙයා මරන්න ඕනේ වුනේ මොකටද අනේ? (දී)

:       0       0

බමුණු Monday, 30 June 2014 06:09 PM

එහෙනම් ඇමතිතුමෝ පානදුර වාදය කලෙත් ඉංග්‍රීසි කොඩිය බිම දැමීම කලෙත් චන්ඩිද? (දී)

:       0       0

මාර්ටින් Tuesday, 01 July 2014 09:21 AM

යු.එන්.පී එකේ ඉන්න කාලේ දෙන්න හම්බන්තොට නගරාධිපති. ඔබ තුමාව පාතාල කොන්ත්‍රාත් මිනි මරුවන්ගෙන් බේර ගත්ත කියලා තැන් තැන් වල කියනවා මට ආරංචි වෙලා තියෙනවා (නදී)

:       0       0

රත්නසිරි Monday, 30 June 2014 12:19 PM

ගරුතර මහාසංඝරත්නයට අපහස නොකරනු. (දී)

:       0       0

වින්ද්‍යා Monday, 30 June 2014 06:15 PM

ඔය දෙන්නාගෙන් කවුද ඔබව මරන්න සැලසුම් කලේ (දී)

:       0       0

ප්‍රියා Monday, 30 June 2014 12:21 PM

චන්ද දායකයන්ගේ වැරදි තමයි මේ (දී)

:       0       0

සුමුදු Monday, 30 June 2014 06:23 PM

විජේවීර කියන්නේ දනපතින්ගෙන් නිර්ධනයා බේරා ගන්න සටන් කල නායකයා.ඔහු ඔබව මරන්න හැදුවද (දී)

:       0       0

රවිඳු Monday, 30 June 2014 06:25 PM

රාජිත මහත්තයා හරි (දී)

:       0       0

අමරසිංහ Tuesday, 01 July 2014 09:31 AM

ජේ වී පි කලබල කාලේ මෙතුමා පුදුම ආරක්ෂාවක් යටතෙනේ හිටියේ. එහෙම තමයි බුද්දිමත් අය. කොහොම හරි හැම කරදරයෙකින්ම පන බේරාගන්නවා. අනිත් අය වීරයෝ වෙන්න කියල බය නැතුව ජනතාව අතරට යන්න ගියානේ. ඉතින් අමාරුවේ වැටුනා. (නදී)

:       0       0

නජිත් Monday, 30 June 2014 06:41 PM

චන්ඩි........ කවුද ඔය කියන චන්ඩියා (දී)

:       0       0

අබේසේකර Monday, 30 June 2014 06:46 PM

රැස්වීම් වල ගිරිය කඩාගෙන කෑගැහුවට වැඩක් නැහැ තර්ජනයක් තිබේ නම් පොලිසියට කියන්න (දී)

:       0       0

සරත් Monday, 30 June 2014 12:32 PM

ගරු ජන්ද දායකයිනි කරුණාකර හිතන්න දැන්වත් (දී)

:       0       0

තක්ෂිලා Tuesday, 01 July 2014 09:47 AM

පින්වත්තේ චන්ඩි තියන් ඉන්නේ කව්ද කියා හැමෝම දන්නවා.(නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Monday, 30 June 2014 12:33 PM

දුස්සීලයන් ඉවත් කිරීමට නීති හදිය යුතුය(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 228 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1860 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 221 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 854 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 999 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1215 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37578 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site