ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මොනරාගල, හම්බන්තොට හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල නියං තත්ත්වයක් ඇතිවිය හැකි යැයි ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම වර්ෂයේ සැප්තැම්බර් මස අග භාගයේදී මෙම නියං තත්වයක් බලාපොරොත්තු විය හැකි යැයිද අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල, වව්නියා හා මහියංගණය යන ප්‍රදේශවල නියං තත්ත්වය ගැන ජල සම්පාදන මණ්ඩලය පරීක්ෂාකාරීව සිටින බවද එම නිවේදනයේ දැක්වේ.
මෙම තත්ත්වය පාලනය සඳහා ප්‍රදේශ බාර දිසාපතිවරුන්ගේ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් විවිධ ක්‍රියා මාර්ග සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් කියති. එම ප්‍රදේශවල ජනයාට දිනකට ජල ලීටර ලක්ෂ දෙකක් පමණ එක් එක් ප්‍රදේශ්වලට සැපයීමේ සූදානමක්ද පවතින බව එම නිවේදනයේ සඳහන්වේ.
වියළි කලාපයේ සිටි මොනරා, නරියා, කුරුල්ලෝ වැනි සතුන් දැන් තෙත් කලාපයට සංක්‍රමණය වී ඇති බව පරිසරවේදීහු කියති. මේ දිනවල හම්බන්තොටට හා කතරගමට මහා වැසි ඇද හැළෙයි. කුරුණෑගලට පොද වැසි තත්ත්වයක් පවතී.
2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස
රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො
හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමි
තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැන් නම් දේදුනු පායා ඇත රුහුණේ
ටාර්සන් Friday, 28 August 2015 06:13 AM
එතකොට මොකටද යාල වැහුවේ ඉඩෝරය කියලා (නදී)