‘‘තොරතුරු දැනගැනීමේ නිදහස ඔබේ අයිතිවාසිකමක්“ යන්න තේමාව කරගනිමින් ලෝක මාධ්‍ය නිදහස් දිනය අද (3) සැමරෙයි.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සමුළුවේ නිර්දේශයකට අනුව 1993 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී මුල් වරට ලෝක නිදහස් මාධ්‍ය දිනය ප්‍රකාශයට පත්කරනු ලැබීය. මේ වසරේ දී ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අපේක්ෂා කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. ලෝකයේ තොරතුරු දැනගැනීමේ පනතක් මුල්වරට සම්මත කරන ලද්දේ ස්වීඩනය හා පින්ලන්තයයි.
නිදහස් මාධ්‍ය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූණ් මහතා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි. යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉර්නා බොකෝවා මහත්මිය පණිවිඩයක් නිකුත් කරමින් තොරතුරු දැනගැනිමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අඩිතාලමක් බවත් රටක තිරසාර සංවර්ධනය වෙනුවෙන් කිසිදු බියකින් තොරව මාධ්‍ය හැසිරවිමේ නිදහස ස්තාපිථ කළ යුතු බව ද පවසයි.
එසේ වුව ද ලෝකයේ කොතැනක හෝ මාධ්‍යවේදියකු තම රාජකාරියේ යෙදී සිටිය දී දින පහකට වරක් මියයන බව ද යුනෙස්කෝ සංවිධානය පවසයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දින පහකට වරක් මාධ්‍යවේදියෙක් දිවි දෙයි
මනෝජ් Tuesday, 03 May 2016 05:51 AM
ඉස්සර අපෙනුත් ඕකට නොමසුරු සහයෝගය තිබුනා. කොහෙද මේ යහපාලන කාරයෝ ඇවිල්ලා ඒකත් නැති කළානේ. (බ)
යසරත්න Tuesday, 03 May 2016 06:36 AM
නියම මාධ්‍ය වේදියෝ තමා ඒ... (ර)