IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දැන් වෙනසක් කරන්න අවශ්‍යයි

රොමේෂ් සුගතපාල යනු තරුණ පරපුරේ අතර අතිශය ජනප්‍රිය සංගීතඥයෙක් මෙන්ම යොවුන් ගායකයෙක්ද වේ. තම කලා කටයුතු වලින් අලුත් දෙයක් සිය රසික පිරිස් වෙත ලබා දීමට නිරන්තරයෙන්ම උත්සාහ කරන්නෙකු වන රොමේෂ්ගේ අලුත්ම ගීතයක් මේ දිනවල අසන්නටත් දකින්නටත් ලැබේ. දැනට ඉහළ රසික ප්‍රතිචාර හිමි වෙමින් පවතින රොමේෂ් ඒ පිළිබඳව අපිට පැවසුවේ මෙවැවි අදහසකි.

20160825Romesh-1කොහොමද අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර?

ඉතා ඉහළයි. මා බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් ඉහළ රසික ප්‍රතිචාර මේ අලුත් ගීතයට ලැබෙමින් පවතිනවා. මේ ගීතය මා මීට කළින් කරපු ගීත වලට වඩා තරමක් වෙනස් එකක්. ඒ වගේම මම මේ ගීතය එළිදැක්වුයේ මාස 06කට පස්සේ. ඒ නිසා මගේ රසික, රසිකාවියන් මේ ගීතය පිළිබඳව ලොක් උනන්ඳුවක් දක්වනවා.

 

මේ ගීතය ගැන යමක් කිව්වොත්?

මේ ගීතය නම් කරලා තියෙන්නේ 'රවටන්න එපා' කියලා. අද රැල්ලෙන් තරමක් මිදුණ ගීතයක් මේක. ලිව්වේ යසස් මැදගෙදර. සංගීතවත් කළේ සජිත් අක්මීමන. මියුසික් විඩියෝව නිර්මාණය කළේ සත්සර කසුන් පතිරණ. මේ මම අලුත් දෙන්නෙක් එක්ක වැඩ කරපු පළමු වතාව. ඔවුන් සමගත් වැඩ කරලා බලන්න මට උවමනාවක් තිබුණා. ඔවුන් දක්ෂයි. ඉදිරියට ඔවුන් සමග වැඩ කරන්න අදහසක් තියෙනවා.

 

ප්‍රවිණයෝ වගේම නවකයොත් අද රැල්ලට ගීත නිර්මාණය කරනවා?

ඔව්. යන රැල්ලට අපිත් නිර්මාණ කරන්න ඕනා. මම ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ තමයි විරහා ගීත වැඩි වශයෙන් නිර්මාණය වුණේ. මමත් ගොඩක් එවැනි නිර්මාණ කළා. අදටත් බොහෝ දෙනෙකු කැමතියි විරහා ගීත වලට. ඉතින් මිනිස්සු ඉල්ලන දේ අපිට දෙන්න වෙනවා. නමුත්, හැමදාම එකම දේ කළොත් මිනිස්සුන්ට ඒක එපා වෙනවා. බොහෝ දුරට ඉදිරියේදී නිර්මාණය වන මගේ ගීත මෙම රැල්ලෙන් බැහර වේවි. මම හිතන්නේ දැන් වෙනසක් අවශ්‍ය කරන කාලය හරි කියලා.

20160825Romesh-2

පරණ ගීත වලට තවමත් ඉල්ලුම තියෙනවාද?

ඔව් ප්‍රසංග වේදිකාවේදී තවමත් මගේ පැරණි ගීත වලට ඉල්ලුම තියෙනවා. මෑතකදී මම විදෙස් සංගීත ප්‍රසංගයකට සහභාගී වුණා. එහිදි මගෙන් ගොඩ දෙනෙක් ඉල්ලීම කළේ මගේ අලුත් ගීත වලට වඩා පරණ ගීත වලට. ඉතින් ඒ ඉල්ලීම් වලින් පෙනී යන්නේ තවමත් මගේ පැරණි ගීත වලට රසික ඉල්ලුම තියෙනවා කියලා. 'දිගු දෑස', 'හිත මගේ', 'සඳවතියේ', 'හැමදාම හඬන සිත', 'සිනා සෙන්න බැනේ' වගේ ගීත තවමත් රසික, රසිකාවියන් අතර ජනප්‍රිය ගීත බවට පත් වෙලා තියෙනවා.

 

සංගීත කණ්ඩායමත් එක්ක වර්තමානයේ කාර්යබහුල වෙලා තියෙනවා?

අනිවාර්යයෙන්ම සංගීත කණ්ඩායමත් එක්ක පසුගිය දිනවල ගොඩක් ප්‍රසංග වලට සහභාගී වුණා. ඉදිරියටත් ප්‍රසංග කිහිපයක් තියෙනවා සහභාගී වෙන්න. ඒ වගේම 'රොමේෂ් විත් ටියුන්ස්' සංගීත කණ්ඩායමේ අලුත්ම ගීතයක් හා මියුසික් විඩියෝවක් ඉදිරියේදී එළිදක්වන්න නියමිත වෙලා තියෙනවා. මම හිතනවා ඒ ගීතයට හොඳ රසික ප්‍රතිචාර ලැබේවි කියලා.

 

'රවටන්න එපා' ගීතයෙන් පස්සේ?

අලුත් ගීතයක් කරන්න ඔක්කොම සැලසුම් කරලා තියෙනවා. ගීතය නිර්මාණය කළත් මම ඒකට කාලයක් ගන්නවා එළිදක්වන්න. මොකද, 'රවටන්න එපා' ගීතය තව ටික කාලයක් මගේ රසික, රසිකාවියන්ට අහන්නටත් බලන්නටත් අවස්ථාවක් දෙන්න ඕනා නිසා. 

 

බුද්ධික සේනාධීර

 

 



අදහස් (0)

දැන් වෙනසක් කරන්න අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 112 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 66 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 639 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 365 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1871 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 704 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site