IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දැන් ෂූටිං නෑනේ, ඒ නිසා සිවුර තියලා ආවේ

20160812Kaveesha-1

ළමා කාලයේ සුන්දරත්වය නැවතත් හදවතට සමීපකරවන ටෙලි නාට්‍යයක් ලෙස මේදිනවල දෙරණ නාළිකාවේ විකාශය වන 'සිඳූ' හැඳින්විය හැකිය.එහි එන ළමා චරිත අතුරින් සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය කැපීපෙනෙන චරිතයක් වී ඇති අතර, එය මේදිනවල වැඩිවශයෙන් කතාබහටද ලක්ව තිබේ.මේ නිසාම 'සිඳු' හි සෝරත පොදු හාමුදුරුවන් සමග කතාබහ කිරීමට අපි දෙරණට ගියෙමු.

 

20160812Kaveesha-3පොඩි හාමුදුරුවනේ කෝ සිවුර?

දැන් ෂූටිං නෑනේ. ඒ නිසා සිවුර තියලා ආවේ.

 

පොඩි හාමුදුරුවන්ගේ නම මොකක්ද?

කවීෂ විහඟ

 

අපි පොඩි හාමුදුරුවො කියන්නද? කවීෂ කියන්නද?

කවීෂ කියන්න.

 

කවීෂ මේ දවස්වල මොනවද කරන්නේ?

ඉස්කෝලෙ නිවාඩු. ඒ නිසා ෂූටිං යනවා, සෙල්ලම් කරනවා.

 

රඟපානකොට ඔයාට බයහිතෙන දේවල් එහෙම වුණාද?

ඔව්. එක දවසක් රඟපානකොට උඩින් ආපු ප්ලේන් එකකට බයවුණා. මට ඇඬුණා. ඊටපස්සෙ ඒ මාමලාට මම කිව්වා ඒක ටීවී එකට දාන්න එපා කියලා.

 

ඉතිං තව මොනවද වුණේ?

දවසක් ෂූටිං කරද්දිවැව ළඟදි එකපාරටම දුවගෙන එන්න කිව්වා. මම දුවගෙන ආවා. ඊටපස්සේ ජබොස් ගාලා ගිලුණා. ආයෙ උඩට ආවා. වැවේ ඉද්දි මාළුත් කෙටුවා.ලොකු හාමුදුරුවන්ට හොරෙන් යාළුවොත් එක්ක වැවේ නාන්න ගිහිල්ලා තමයි එහෙම වුණේ.ඊටපස්සේ එයාලා ආපහු යට යන්න කිව්වා. මම බයවෙලා ගියේ නැහැ.

 

20160812Kaveesha-7කැලේ යද්දි මොකද වුනේ?

කැලේ යද්දි කටු ඇනිලා මම ඇඬුවා. එතකොට ඒ මාමලා කටු අයින් කළා.

 

'සිඳු' කණ්ඩායමේ ඉන්න නැන්දලා, මාමලා කවීෂට මොනවද කියන්නේ?

එයාලා මට ගොඩක් ආදරෙයි. මාව හැමවෙලාවෙම වඩාගෙන ඉන්නේ.

 

පොඩි හාමුදුරුවන්ගේ යාළුවො ටික කොහොමද?

එයාලා හොඳයි. මම රඟපානවා ලස්සනයි කියලා කියනවා.

 

එතකොට 'සිඳූ'?

එයත් හොඳයි.

 

20160812Kaveesha-6'සිඳූ' නාට්‍යයේ ඔයා කැමතිම කෙනා කවුද?

හීං බබා සීයා

 

ඒ ඇයි?

හීං බබා සීයා ලොකු කතන්දර කියනවා. මම එයාට ආසයි. මට සරුංගලයක් හදලා දෙනවා කිව්වා. තවම හදලා දුන්නෙ නැහැ. හැබැයි ඉතිං හීං බබා සීයා ටිකක් බොරුත් කියනවා.

 

එතකොට ලොකු හාමුදුරුවො කොහොමද?

ලොකු හාමුදුරුවෝ හොඳයි. හැබැයි ටිකක් සැරයි.

 

ඔයාගේ 'සරණ' ගැනත් කියමුද?

මම පූසෙක් වඩාගත්තෙ ඉස්සරලම නාට්‍යයට. ඒ කුරුණෑගල ෂූටිං තියෙද්දි. අපි එහෙ නැවතිලා හිටියෙ. 'සරණ' ටිකක් බරයි. මට බයත් හිතුණා. මම වඩාගත්ත ගමන් එයාපැනලා දිව්වා.

 

20160812Kaveesha-8ගෙදර කවුරු කවුරුද ඉන්නේ?

අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි

 

ගෙදර අය 'සිඳූ'  බලනවද?

ඔව්, එයාලා හොඳයි කියනවා. අපේ ගමේ නැන්දලා මාමලාත් හොඳයි කියනවා.

 

කවීෂට ඇත්තටම පොඩි හාමුදුරු කෙනෙක් වෙන්න ආසයිද?

(සිනහවෙමින්)ඔව්. ආසාවක් තියෙනවා.

 

ගමේ පන්සලේ හාමුදුරුවො මොකද කියන්නේ?

හාමුදුරුවෝ ආසයි. මහණ වෙන්න කතා කරනවා.

 

ඉතිං පොඩි හාමුදුරුවෝ නාට්‍ය‘යේ බණ කියනවද?

බණ කියන්නනැහැ.

 

දැන් සිවුර තනියම ඇඳගන්න පුළුවන්ද?

තවම බැහැ. එයාලා අන්දවනවා.

 

නාට්‍යයට අමතරව තව මොනවද කරන්නේ?

දෙරණ එෆ්.එම්. එකේ 'පුංචි තරුත් එක්ක ආයුබෝවන්' වැඩසටහනේ ඉන්නවා. ඒකේ මම හඬකැවීම්කරනවා. නාට්‍ය රඟපානවා, කතා කියනවා, අපේ වැඩසටහනට එන අයගෙන් තේරවිලි අහනවා. සිංදු කියන්න කියල කියනවා.

 

20160812Kaveesha-9කවීශ මොනවටද වැඩියෙන්ම ආස?

නාට්‍ය රඟපාන්න

 

තව නාට්‍යවල රඟපාන්න කැමතිද?

ඔව්,රඟපාන්න කැමතියි.

 

එහෙම රඟපාන්න කතා කරලා තියෙනවද?

තවම නම් නැහැ.

 

පොඩි හාමුදුරුවන්ගෙ චරිතෙ රඟපෑවා වගේ තව මොනවද රඟපාන්න කැමති චරිත?

රජතුමාගේ චරිතෙ රඟපාන්න කැමතියි.

 

එතකොට කවීෂගෙ ඉස්කෝලෙ මොකක්ද?

පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය

 

කීවෙනි වසරෙද ඉන්නේ?

එක වසරේ. ටීචර්ගේ නම කුසුමාලි.

20160812Kaveesha-2

චතුරිකා ප්‍රියංගනී (කවීෂගේ මව)

"අපේ පවුලේ ඉන්නෙ මමයි, මහත්තයයි, ලොකු පුතයි, පොඩි පුතයි. ලොකුපුතා මොන්ටිසෝරි යද්දි නාට්‍යයක් රඟපාන්න හිටියා. ඒ නාට්‍ය බලන්න මගේ පුංචියි, බාප්පයි ඇවිත් හිටියා. එයාලගේ පුතා වැඩකරන්නෙ දෙරණ නාළිකාවේ. ඒ මාර්ගයෙන් තමයි මුලින්ම දෙරණ එෆ්.එම්. එකට සම්බන්ධ වුණේ. අපි සම්මුඛ පරීක්‍ෂණයකට ආවා. ඒකෙන් පාස්වෙලා තමයි පුතා දෙරණට සම්බන්ධ වුණේ.මේ අතරතුර දෙරණේ උපසභාපති, ලක්සිරි මහත්තයගෙ මාර්ගයෙන් මේ නාට්‍යයට සම්බන්ධ වුණා.

නාට්‍ය නිසා ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.  ගමේ, පාසලේ හැමදෙනාගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගෙදරින් අපට ලොකු සහයෝගයක් දෙනවා. මගේ අම්මා, තාත්තා දෙන්නම ලොකු කැපකිරීමක් කරනවා පුතා වෙනුවෙන්.

පුතාට පිටපත කියවන්න පුළුවන් වුණාට තේරුම්ගන්න අමාරුයි. ඒ නිසා අධ්‍යක්ෂ මහත්තයා කියලා දීලා ඒ අවස්ථාවේ තමයි ටිකෙන් ටික කරවන්නේ.පුතා මේ නාට්‍යයට කැමතියි. නමුත් දවසම ෂූටිං තියෙද්දී සමහර දවස්වලට එයාට වෙහෙසයි. එතකොට 'අමාරුයි අම්මේ දැන් ඇති' කියලත් කියනවා.

විශේෂයෙන්ම මගේ පුතාට මේ නාට්‍ය ලැබුණෙ, මොන්ටිසෝරි ටීචර් නාට්‍ය කරපු නිසා.ඒ නිසා මගේ බාප්පා, පුංචි, සංගීත අධ්‍යක්ෂවරයෙක් වන නිමේෂ් කුලසිංහ මල්ලිට, මොන්ටිසෝරියේ ටීචර්ට, ලක්සිරි මහත්තයා ඇතුළු එෆ්.එම්. දෙරණ, ටීවීදෙරණ කාර්යමණ්ඩලයට වගේම අපේ පවුලේ හැමෝටම ස්තුති කරනවා.

චාමර සම්පත් / ඡායාරූප - ශමිර රාජපක්ෂ

20160812Kaveesha-5

20160812Kaveesha-4



අදහස් (0)

දැන් ෂූටිං නෑනේ, ඒ නිසා සිවුර තියලා ආවේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 171 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 487 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 286 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 200 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 949 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 809 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site