IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දින සියය පිරෙන්න තව දවස් 4 යි

එළැඹෙන බදාදා දිනය වත්මන් රජයට සුවිශේෂීය.රජය බලයට පත්ව දින සියය සපුරන්නේ එදිනටය.වංචාවට හා දුෂණයට තිත තබා, යහපාලනය ස්ථාපිත කර දින සියයකින් රටේ පැහැදිලි වෙනසක් ඇති කරන බවට පොරොන්දු පිට පොරොන්දු දෙමින් පත්වූ මේ රජයේ කටයුතු ගැන නැවත හැරී බැලීමේදී එම දුන් පොරොන්දු වලින් සමහරක් සම්පූර්ණයෙන් ඉටුව ඇති බවත්,තවත් කොටසක් අඩක් ඉටුව ඇති බවත්, අති  බහුතරයක් ඉටුව නැති බවත් හදුනාගත හැකිය.එදා දේශපාලන වේදිකාවේදී හා රූපවාහිනී වැඩහටහන්වලදී වත්මන් රජයේ දේශපාලඥයින් ෆයිල් මිටි ගණන්  ගෙන එමින් හිටපු රාජපක්ෂ රජයේ අනුහස ලබමින් කි‍්‍රයාත්මකයවූ එතනෝල් හා කුඩු  ජාවාරම්කරුවන්ගේ තොරතුරු හෙළි කළේය.ජනතාව රාජපක්ෂ රජයට ආයුබෝවන් කියා නව රජයට බලයට පත්වීමට වරමක් ලබාදුන්නේ එමනිසාමය.නමුත් එදා ෆයිල් ගණන් ගෙනඑමින් දූෂිතයින් ගැන තොරතුරු හෙළිකළත් අද එම දුෂිතයින් අත්අඩංගුවට ගැනීමට  හෝ නව රජයට හැකිව නොමැත.

පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් මෙම තීරුවෙන් හිටපු ජනපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ශී‍්‍ර ලංකා ගුවන්හමුදාවේ යානා අයථා ලෙස පරිහරණය කර තිබෙන ආකාරය හෙළි කළේය.බි‍්‍රතාන්‍ය ගුවන්විදුලියේ සංදේශය සිංහල සේවය මේ සම්බන්ධයෙන් විශේෂ  වාර්තාවක් සිදුකරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් සන්ඬේ ටයිම්ස් හෙළිකර තිබුණු කරුණු පිළිඹද විමසීය.එහිදී ඔහු ප‍්‍රකාශ කළේ එසේ භාවිතා කර ඇති යානා වලට ගෙවිය යුතු වන මුදල් එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙවිය යුතු බවය.නමුත් ඔහුගේ  ස්ථාවරය දේශීය ගුවන්විදුලි හා රූපවාහිනී නාළිකා හා අදහස් පළකරන විට සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇති බව දැකගත හැකිවිය. ටීඑන්එල් රූපවාහිනිය හා  අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම වියදම් වත්මන් ජනපති හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා එම පක්ෂයේ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා දැරිය යුතු බවය.මෙම ගෙවීම් සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදුකළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එසේ යානා  භාවිතා කර තිබෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කීවේය.ඔහු එසේ අදහස් දැක්වූයේ ලෝක බැංකුවේ හා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවීමට ඇමරිකාවේ වොෂින්ග්ටන් නුවර බලා යෑමට ප‍්‍රථමයෙනි.

දූෂිතයින් හා වංචාකරුවන් නීතිය ඉදිරියට පමුණුවන බවට පොරොන්දු පිට පොරොන්දු  දුන්නද දින සියයක ආයුකාලය නිමාවීමට ඔන්න මෙන්න තිබෙන නව රජය එසේ නීතිය ඉදිරියට ගෙන එන ලද දූෂිතයින් හා වංචාකරුවන් ප‍්‍රමාණය ගණන් කිරීමට අතේ ඇගිලි ගණනද වැඩිය.හිටපු අධීක්ෂණ අමාත්‍ය සජින් ද වාස් ගුණවර්ධන අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසම ඉදිරියට ගෙන එනු ලැබුණු අතර වරද වූයේ ඔහු තම වත්කම් හෙළි  නොකිරීමය.ප‍්‍රබල ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුවූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා නැගී තිබෙන හිටපු අමාත්‍ය දුමින්ද සිල්වා මහතා කිහිප වරක් ගෙන්වාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළේය.හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධනට හා හිටපු අමාත්‍යවරයෙකුවන රෝහිත  බෝගොල්ලාගමට නොයෙක් වර අල්ලස් හා දුූෂණ විමර්ෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටීමට සිදුවිය.මෙම පුද්ගලයින්ට අමතරව එක්සත් ජාතික පක්ෂයේම සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වෙමින් පවතී.ප‍්‍රාදේශිීය මන්තී‍්‍රවරයෙකුට පහර  දුන්නේයැයි චෝදනා නැගී තිබෙන කලූතර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම හා කූඪ ලියැවිලි සකස්කළේ යැයි චෝදනා ලැබ  සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක,ඔවුන් දෙදෙනාය.ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ගුවන්ගමන් බලපත‍්‍රයක් සාදා ගත්තේයැයි හිටපු  අමාත්‍ය විමල් වීරවංශගේ බිරිදට චෝදනා නැගී ඇත.සමස්ථයක් වශයෙන් ගත් කළ නව රජය නීතිය ඉදිරියට ගෙන ඒමට සමත්ව තිබෙන්නේ පසුගිය රාජපක්ෂ රජය හා සම්බන්ධව සිටි පුද්ගලයින් තිදෙනෙකු පමණකි.නමුත් වත්මන් රජයේ දේශපාලඥයින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන වේදිකාවේ අදහස් දැක්වූයේ රාජපක්ෂ රජයේ අති බහුතරයක් වංචා හා දුූෂණ කටයුතු වල නියැළී සිටින බව හෙළිකෙරෙන සාක්ෂි තමන් සතුව ඇති බව කියමින්ය.එදා එසේ කී ඔවුන්් අද කටයුතු කරන්නේ  මෙලෙසය.පොලිස් ආරංචි මාර්ග වලට අනුව එසේ චෝදනා නැගී තිබෙන ඇතැම් පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙමින් තිබුණද එම චෝදනා සහතික  කෙරෙන කිසිවක් මේ දක්වාම හෙළිව නොමැත.

පරීක්ෂණ පවත්වා වගකිවයුතු පුද්ගලයින්ට දඩුවම් ලබාදීමට පමා වී තිබෙන්නේ නිසි පරිදි නීතිය කි‍්‍රයාත්මක වීමට ඉඩ ලබාදී තිබෙන හෙයින් බව නිදහසට කරුණ ලෙස  ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටියද එම පමාවට වෙනත් හේතූන්ද තිබෙන බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ.එයින් එකක් වන්නේ වංචා හා දුෂණ පිළිබඳ විමර්ෂණය කිරීමට පත්කර ඇති විශේෂ පොලිස් විමර්ෂණ ඒකකයට අනුයුක්ත කර ඇති  පොලිස් නිලධාරීන්ට එම පරීක්ෂණ කටයුතු සිදුකළ යුත්තේ කෙසේද සම්බන්ධයෙන් විශේෂ විදෙස් පුහුණුවක් ලබාදීමට මෙරට පිහිටි එක්තරා තානාපති කාර්යාලයක සහය ලබාගැනීමට රජයේ ප‍්‍රබලයෙක් කටයුතු කර තිබීමයි.මෙයට පොලිසියේ උසස් නිලධාරීන්ගේ උදහසට හේතුවී තිබේ.ඔවුන් දරන මතය වන්නේ ගැටළුකාරී අවස්ථාවක දේශීය නීති සම්පාදකයින්ගේ අදහස් ලබාගත හැකි නිසා මෙසේ විදේශ පුහුණුවක් ලබාදීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවයි.ආසියාවේ විශාලම වැට් බදු වංචාව පිළිඹද  පරීක්ෂණය සාර්ථකව නිමා කළේ එසේ දේශීය සහය ලබාගෙන බව ඔවුන් පෙන්වාදේ.

 

අපි මේ නිලධාරීන් පුහුණුව නිමා වෙලා බලන් ඉන්නකන් සිදුවෙන්නේ පරීක්ෂණ පමා වෙන එක.එයාලා ඇවිල්ලා පරීක්ෂණ කරනකොට සමහර විට අවුරුදු ගණනාවක් ගතවෙලා තියේවි.එතකොට දැන් ඉන්න සාක්ෂිකාරයෝ කොහේ ඉදියිද දන්නේ නැහැ.අනෙක මේ සමහර පරීක්ෂණ ඉතාම සංවේදීයි, තවත් සමහර ඒවා ඉස්සරහට සිදුකරගෙන යන්න රජයේ සහය අත්‍යාවශ්‍යයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරියෙක් සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ  එලෙසය.

මෙයට අමතරව රජය මුහුණදී සිටින තවත් ප‍්‍රධාන ගැටලූ දෙකක් ඇත.ඉන් එකක් වන්නේ මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වැඩි පොළියට මහබැංකු බැදුම්කර  නිකුත් කිරීමත් එම බැදුම්කර වලින් හරි අඩක් ලබාගෙන ඇත්තේ ඔහුගේ බෑනනුවන් සභාපතීත්වය දරන සමාගමකින් වීමත් මුල්කරගෙන ඇතිව තිබෙන ගැටලූකාරී තත්ත්වයයි.මෙය හෙළිවූ වහාම තම ධූරයෙන් ඉල්ලා අස්වීමට මහබැංකු අධිපතිවරයාගේ  බෑණනුවන් වූ අර්ජුන් ඇලෝසියස් කටයුතු කළේය.සිදුව ඇත්තේ කුමක්දැයි විමර්ෂණය කර බැලීමට රජය කමිටුවක් පත්කළද එම කමිටුවේ සාමාජිකයින්ගේ සුදුසුකම් මුල්කරගෙන එදා සිටම නැගුනේ විවේචනයන්ය.දැන් එම කමිටු වාර්තාව ඉදිරිපත්ව තිබෙන අතර සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිව තිබෙන පරිදි එම වාර්තාවේ  අන්තර්ගතව තිබෙන කරුණු එක්සත් ජාතික පක්ෂයට එතරම් සුභනැත.කමිටු සාමාජිකයින්  පරීක්ෂණය දියත් කර ඇත්තේඇත්තේ නිසි සැළැස්මක් නොමැතිව බව එම වාර්තාවෙන් පැහැදිලිව ගම්‍ය වන බව පැවසේ.වාර්තාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන බවට රජය පොරොන්දුවූයේ අවුරුද්දට පෙර වුවත් එය තවමත් ප‍්‍රමාදය.මෙය  මහබැංකු අධිපතිවරයා සැබෑවටම වැරදිකරුවෙකැයි පවතින ජනමතය තවදුරටත් තීව‍්‍ර කරන්නකි.ලංකාවට පැමිණි ඔහු ගෙවුනු බ‍්‍රහස්පතින්දා දිනයේදී අල්ලස් හා  දූෂණ කොමිසමේ ප‍්‍රශ්න කිරීම් වලට කැදවුනු අතර ඔහුගේ සිංගප්පූරු ගමන් බලපත‍්‍රයද කොමිසමේ නියෝගය මත මේ වන තිබෙනුයේ අත්හිටුවාය.

අනෙක් ගැටලූව වන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති  වාතාවරණයයි.රුපියල් බිලියන 177 ක වියදමක් දරා කි‍්‍රයාවට නැංවෙන මෙම ව්‍යාපෘතිය එදාමෙදා තුර දිවයිනේ කි‍්‍රයාත්වක කෙරුනු විශාලම ව්‍යාපෘතියද වේ.

ගාලූමුවදොර ඉදිරිපිට හෙක්ටයාර 233 ක මුහුදුකොටසක් ගොඩකර කි‍්‍රයාවට නැංවෙන මෙම ව්‍යාපෘතියේ අරමුණ ලෙස පසුගිය රජය සමයේ සදහන්වූයේ ඉඩම් ලබාගැනීම  සීමාවෙමින් තිබෙන නිසා මෙලෙස මුහුද ගොඩකර නගරයක් ඉදිකෙරෙන බවය.ඇතිකෙරෙන නව භූමියෙන් හෙක්ටයාර 88 ක කොටසක් වසර 99 ක බදු සහන  යටතේ හිමිවන්නේ චීනයටය.

 

කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව පසුගිය මාර්තු 6 වැනිදා සිට මෙම ව්‍යාපෘතියේ කටයුතු තිබෙන්නේ නතරකර දමාය.

ඉන්දියාව මෙම ව්‍යාපෘතිය සළකන්නේ තම ස්වෛරීභාවයට එල්ල වන තර්ජනයක් ලෙසය.වරාය නගරයේ කොටසක් චීනයට පවරා දීමත්,චීන සබ්මැරීන ලංකාවේ  වරායන් වල නැංගුරම් ලා තැබීමේ වාතාවරණයක් සකස්ව තිබීමත් ඉන්දියාව එසේ කලබලවීමට හේතූන් වේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව සොයාබැලීමට රජය පත්කර සිටි කමිටුව පසුගියදා එහි වාර්තාව ඉදිරිපත් කළේය. එම වාර්තාවට අනුව ගොඩකිරීමට යෝජිත හෙක්ටයාර 233 ට වඩා සියයට 200 ගුණයකින් වැඩි මුහුදු කොටසක් ගොඩකිරීම, එනම් හෙක්ටයාර 483  කට ආසන්න මුහුදු කොටසක් ගොඩකිරීම ව්‍යාපෘතියේ කටයුතු භාර චීන සමාගමේ සැළසුමව තිබී ඇත.මෙය එම ව්‍යාපෘති වාර්තාවේ හදුන්වාදී තිබෙන්නේ මුලින්  ඉදිරිපත් කළ සැළැස්ම විශාල කිරීමක් ලෙසය.එසේ විශාල මුහුදු ප‍්‍රදේශයක් ගොඩකිරීමෙන් සිදුවිය හැකි පරිසර හානිය පිළිබඳ අධ්‍යයනයක් පවා සිදුකෙරී නොමැති  බව සඳහන්ය.මුලින් ඉදිරිපත් කර තිබුණු ව්‍යාපෘති වාර්තාවේ ගාලූ මුවදොර පිටියේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට හා කොල්ලූපිටිය දක්වා අඛණ්ඩව දිවෙන  වෙරළතීරයක් ඇති කිරීම ආදී යෝජනා නව ව්‍යාපෘති වාර්තාවෙන් කපාදමා තිබෙන බවද අනාවරණයව තිබේ.

කමිටුවේ අදහස වන්නේ ව්‍යාපෘතියේතාක්ෂණිකමය,ආර්ථිකමය,සමාජීයමය නිර්නායකයන් සළකා බලමින් සිදුකෙරෙන පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතුව තිබෙන බවය.

අජිත්ද කොස්තා,මහාචාර්ය රුචිර ගුණරත්න,ආචාර්ය එන්.පී.විජයානන්ද,ආචාර්ය අනිල්  පේ‍්‍රමරත්න,ඉංජිනේරු චානා ප‍්‍රනාන්දු,සුනෙල ජයවර්ධන,ඒ.එස් ඔබේසේකර,ශහීඞ් බැරී,බිම්බා තිලකරත්න,එච්.එන්.ආර් පෙරේරා යනාදීහු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

ව්‍යාපෘතිය පිළිබද අදාළ චීන සමාගම ඉදිරිපත් කර තිබෙන පාරිසරික බලපෑම් වාර්තාවේ ඇති ගැටලූකාරී ස්ථාන රාශියක් කමිටු වාර්තාවෙන් පෙන්වාදී තිබේ.මෙවන් වාර්තාවක් සකස් කිරීමට චීන සමාගමට ඉඩදීම සම්බන්ධයෙන් කමිටුවේ දෝශාරෝපණය එල්ලව  තිබෙන්නේ වෙරළාශි‍්‍රත සම්පත් කළමණාකරණය කිරීම පිළිඹද දෙපාර්තමෙන්තුවටය.ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන සමයේ හා එම කටයුතු අවසානයේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වන කාලයේ සිදුවිය හැකි පාරිසරික බලපෑම්  පිළිඹද නිසි අධ්‍යනයක් සිදුව නැතැයි කමිටුවේ අදහසවී තිබේ.ඊට අමතරව මෙම ව්‍යාපෘතියෙන් කොළඹ නගර වැසියන්ට සිදුවිය හැකි බලපෑම් පිළිඹදවද අධ්‍යනයක්  සිදුකර නොමැති බවද කමිටුව එහි වාර්තාවෙන් පෙන්වාදී ඇත.

 

මෙයාකාරයෙන් ව්‍යාපෘතියේ ඇති ගැටලූකාරී ස්ථාන 6 ක් කමිටුවේ අවධානයට ලක්ව තිබේ.බේර වැව මුහුදට සම්බන්ධ වන ස්ථානය වසා දැමිීම වැනි යෝජනා එසේ කමිටුවේ  අවධානයට ලක්ව ඇත.තවද යෝජනා සම්මත කර ගැනීමට ව්‍යාපෘතිය භාර පුද්ගලයෝ කටයුතු කර තිබෙන ආකාරයත්,වගකිවයුතු පටිපාටියක් අනුගමනය නොකර හිතුමතයට එම යෝජනා සම්මත කරදීමට ශී‍්‍රලංකාවේ වගකිවයුතු නිළධාරීන් හා ආයතනයන් කටයුතු  කර තිබෙන ආකාරයත් කමිටුවේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

කෙසේනමුත් ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම රටේ අනාගත ආර්ථිකයට ශක්තියක් වන බව බැහැර කිරීමට කමිටුව කටයුතු කර නැත.එසේ වුවත් ඒ සම්බන්ධයෙන්ද සැළකිලිමත්විය යුතු කරුණු දෙකක් වාර්තාවෙන් ඉස්මතු කර ඇත.

 

1.මෙය වරාය නගරයක් ඉදිකිරීමට සුදුසුම කාලයද? (2030 වන විට කොළඹ නගරය කලාපයේ ආර්ථික මර්මස්ථානයක් බවට පත්කිරීමට සකස් කර ඇති සැළසුම් සලකන  විට)

2.රටට දැන් අවශ්‍ය වන්නේ මේ සා විසල් ව්‍යාපෘතින්ද?

කෙසේහෝ දැන් වරාය නගරය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම හෝ නොකිරීම පිළිඹද තීරණය ගැනීමේ බලතල ඇත්තේ ජනපතිවරයා හා කැබිනට් මණ්ඩලය අතය.ජනපතිවරයාට සැළකිලිමත්වීමට සිදුව තිබෙන කරුණු ගැන සැළකීමේදී එම  තීරණය පාර්ලිමෙන්තු මැතිවරණයට පෙර ගැනෙනු ඇතැයි සිතීම උගහටය.

දේශපාලන කටයුතු වලට මද විරාමයක් දීමට පසුගිය 12 වැනිදා ජනපති සිරිසේනට සිදුවිය.අස්ගිරි මහනාහිමියන්ගේ අවසන් කටයුතු වලට සහභාගීව පොළොන්නනරුවේ තම නිවස වෙත ගොස් සිටි ජනපතිවරයාට හදිසි අසනීප තත්ත්වයක් මතුවීම නිසා ඔහුව ගුවන්මගින් වහාම කොළඹ බලා ගෙනඑනු ලැබිණ.නාරාහේන්පිර හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලැබූ හෙතෙම අවුරුදු දිනයේදී නැවත පොළොන්නරුව බලා ගියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ජනපතිවරයා වැඩඇල්ලූයේ ගෙවුනු සතිය මුලදී එම පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ සාමාජිකයින් පිරිසක් එයින් ඉවත් කර දමමින්ය.ටී.බී.ඒකනායක,රෝහිත අබේගුණවර්ධන,සාලින්ද දිසානායක,බන්දුල ගුණවර්ධන හා එස්.එම් චන්ද්‍රසේන එසේ ඉවත්කර දැමුණු සාමාජිකයෝ වූහ.මෙම පස්දෙන ඉවත් කර දැමිීමට හේතුව ලෙස පැවසුණේ මොවුන් රත්නපුරයේ පැවති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කරගැනීමේ රැළියට සහභාගී වීමය.නමුත් විශ්වාසදායක ආරංචිමාර්ගයකට අනුව මෙම කණ්ඩායම පසුගිය රජයේ ප‍්‍රබලයෙකුගේ නිවසටවී ජනපති  සිරිසේනව බලයෙන් පහකිරීමේ කුමන්ත‍්‍රණයක නියැලී තිබීම මෙසේ ඔවුන්ව පක්ෂයේ මධ්‍යම කාරකසභාවෙන් ඉවත් කර දැමිීමට හේතුව වී ඇත.මෙම පුද්ගලයින්ගේ  ඉවත්වීමෙන් ඇතිව තිබෙන පුරප්පාඩු වලට අර්ජුන රණතුංග,නන්දිමිත‍්‍ර ඒකනායක,හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර,හා ප‍්‍රසන්ග සෝලංගාරච්චි පත්කිරීමට සැළසුම්කර තිබෙන බව නිල නොවන ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

නිවුනු නායකයෙකැයි සිතා සිටි ජනපති සිරිසේන නොසිතූ ලෙස මෙසේ කි‍්‍රයාත්මක වීම නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් බියවිය.මෙනිසා ගෙවුනු අවුරුදු 10 ක් පුරාවට අවුරුදු සැමරූ ලෙස මෙවර ඔවුන් තංගල්ලේ කාල්ටන් නිවසට ගියේ  නැත.හිටපු ජනපති රාජපක්ෂ ඔහුගේ පාලන සමයේ අවුරුදු සැමරූයේ මහත් උත්සවශි‍්‍රයෙනි.එදිනට ඔහුගේ නිවස දේශපාලඥයින්ගෙන්,මාධ්‍යවේදීන්ගෙන් පිරී  යන්නේය.දවස පුරා ඔහු නිවසේ අවුරුදු චාරිත‍්‍ර වල යෙදෙන අයුරු රූපවාහිනියෙන් විනාශනය කෙරෙන්නේය.ගෙවුනු අවරුදුදා එම තත්ත්වය හාත්පසින්ම වෙනස්ව තිබෙනු දැකගත හැකිවිය.මහින්ද රාජපක්ෂ හා අවුරුදු සැමරීමට එක්ව සිටියේ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් වන විමල් වීරවංශ හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන දෙපළ පමණකි.

මෙය මුල්කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයින්ට නැගුනු අවලාද හා අවමන් අපමණ විය.මහින්ද රාජපක්ෂ නායකයා යැයි කීවද ඔහු හා අවුරුදු සැමරීමට යෑමටත් දැන් කිසිවෙක් නොමැති බව කියමින් බොහෝ දෙනා හිටපු ජනපතිවරයා හා  ඉතාම සමිීපයෙන් සිටි දේශපාලඥයින්ව හාස්‍යයට ලක්කළහ.මෙයට ඉක්මන් ප‍්‍රතිචාරයක් ලැබිණ.අවුරුදු දිනයට පසුදාම පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 41 දෙනෙකුගෙන් සමන්විත  කණ්ඩායමක් හිටපු ජනපතිවරයා හමුවීමට පිටත්විය.එම මන්තී‍්‍රවරු අතර ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු 35 දෙනෙකුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු 6 දෙනෙකුත් සිටියහ.

එක්සත් ජාතික පක්ෂය,දෙමළ ජාතික සන්ධානය,ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසය,ජනතා විමුක්ති පෙරමුණ ට 19 ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සිදුව ඇත්තේ  එහි අන්තර්ගත යෝජනා තවදුරටත් සංශෝධනය විය යුතු,අසම්පූර්ණ තත්ත්වයක තිබියදීය.මෙවන් ව්‍යවස්ථා සංශෝධනයකට පාර්ලිමෙන්තුවේ බහුතර කැමැත්තක්,එනම් තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ අභියෝගය නව රජය හමුවේ ඇත.

රජය හමුවේ ඇති තවත් අභියෝගයක් වන්නේ මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයන්ය.ඉදිරි  පාර්ලිමෙන්තු මැතිවරණය දැනට පවතින මැතිවරණ ක‍්‍රමය යටතේ පවත්වා අලූතින් පත්වන පාර්ලිමෙන්තුවට නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීමේ වගකීම පැවරිය යුතුව ඇතැයි අගමැති රනිල් වික‍්‍රමංසිහ ඉදිරිපත් කර තිබුණු යෝජනාවට ජනපති සිරිසේන

මුලින් කැමැත්ත පළ කර තිබුණද දැන් ඔහුද තම පක්ෂයේ මතයට හිස නමමින් මැතිවරණ ක‍්‍රමය එළැඹෙන පාර්ලිමෙන්තු මැතිවරණයට පෙර වෙනස්විය යුතු බව පවසමින් සිටී.මෙය නව රජයේ ප‍්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා නොකළ දෙයකි.

මැතිවරණ ක‍්‍රමය වෙනස් විය යුතුයැයි යෝජනා ඉදිරිපත් කළ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට තම යෝජනා නැවත සළකා බලන්නට සිදුව ඇති හෙයින් අද හා හෙට දිනයන්හිදී 19 ඒ ව්‍යවසථා සංශෝධනය පිළිඹද පාර්ලිමෙන්තු විවාදයට එක්වීමට කැමැත්ත පළ කර තිබේ.මෙම ව්‍යවස්ථා සංශෝධනයේ මැතිවරණ ක‍්‍රමයේ වෙනස් කිරීමක් ගැන සදහනක්  නැත.19 ඒ සම්මත කර ගත්තායින් පසු 20 ඒ යැයි තවත් ව්‍යවස්ථාවක් ඉදිරි දින වලදී සම්මත කරගැනීමට නියමිත අතර මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් පිළිඹද යෝජනා ඇතුලත්වන්නේ එයටය.යෝජිත 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කර දේශපාලන පක්ෂ නායකයින් වෙත ලබාදුනි.කේවල හා සමානුපාතික ඡුන්ද ක‍්‍රමයන්ගේ මිශ‍්‍රණයක් වන නව ඡුන්ද ක‍්‍රමයක්,පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 225 සිට 260 දක්වා ඉහළ දැමිීමක් ඇතුලූ යෝජනා එහි අන්තර්ගතය.මෙසේ 20 ඒ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම යනු මැයි මස පාර්ලිමෙන්තුව විසිරුවා ජූනි මස පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට ජනපතිවරයා හා නව රජය ගෙන තිබූ තීරණය නැවත වරක් වෙනස් කරන්නක් වනු ඇත.ව්‍යවස්ථා දෙකක් එක ළග සම්මත කරගැනීම  යනු කාලය වැයවන කටයුත්තක් බව  ඕනෑම අයෙකුට පැහැදිලි වන දෙයකි.

මෙනිසාම අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවාහරින බව කියමින් සිටි එක්සත් ජාතික පක්ෂය දැන් ඒ පිළිඹද කිසිදු හඩක් නගන්නේ නැත.කරන්නට දෙයක් නොමැති තැන ඔවුන් ජනපතිවරයා හා අනෙක් පක්ෂ ගන්නා තීරණ දෙස බලා ඔවුන් අනුගමනය කරන අයුරක් පෙනේ.නමුත් කොයි කරම් කාලයක් මෙලෙස සිටින්නද?

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ දිනවල සිටින්නේ මැතිවරණ කොමසාරිස්වරයාගේ හා ජාතික හෙළ උරුමයේ තාක්ෂණික සහය ලබාගෙන නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීමේ කටයුතු වල නියැළීය.විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු  සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි වැඩිබර කරට ගෙන සිටී.විශාල ඡුන්ද දායකයින් පිරිසක් සිටින ඡුන්ද කොට්ඨාශ කුඩා කොට්ඨාශ වලට කඩා දැනට තිබෙන බලවත් 

ඡන්ද බල ප‍්‍රදේශ හා දුබල ඡන්ද බල ප‍්‍රදේශ භේදය නැති කිරීම කෙරෙහි මේ සියලූදෙනාගේ අවධානය යොමුව තිබේ.මෙසේ ඡුන්ද කොට්ඨාශ කැඞීමෙන් නව  නියෝජිතයින්ට පාර්ලිමෙන්තුවට පත්වීමට අවස්ථාව ලැබීම නිසා පාර්ලිමෙන්තු නියෝජනයද ඉහළ යන අතර 20 ඒ ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 260 ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙන්නේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.

මේ පිළිබද අධ්‍යනය කරන විශේෂඥයින් පවසන්නේ සියලූ දේශපාලන පක්ෂ වලට  පාර්ලිමෙන්තුව නියෝජනය කිරීමට සමඅවස්ථා ලැබෙන මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීම වැදගත් බවයි.සියල්ල තීරණය වන්නේ යෝජිත මැතිවරණ ක‍්‍රමයට එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කැමැත්ත හිමිවීම මත බව පවසන ඔවුන් දෙපාර්ශවය තර්ක විතර්ක වල නියැලී සිටියහොත් මැතිවරණ ක‍්‍රමය සම්මත කර ගැනීම තවත් කල්යෑම නොවැළැක්විය හැකිවනු ඇති බව පෙන්වාදේ.

නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීම සදහා පත්ව සිටින ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සිව්පුද්ගල කමිටුවේ සාමාජිකයින් වන ද සිල්වා,මහින්ද සමරසිංහ,ඩිලාන් පෙරේරා,ජී.ඇල්  පීරිස් හමුවේ මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබෙන්නේ යෝජිත නව මැතිවරණ  ක‍්‍රමය මාස 2 ක කාලයක් ඇතුළත කි‍්‍රයාවට නැංවිය හැකි බවය.එනම් 20 ඒ සංශෝධනය සම්මත කර ගත්තායින් පසුවද තවත් මාස දෙකක කාලයක් නව මැතිවරණ ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සැකසෙන තෙක් සිටිය යුතුවේ.20 ඒ සංශෝධනය වෙනම යෝජනාවලියක් ලෙස ඉදිරිපත් කෙරෙන බැවින් ඒ සම්බන්ධ ජනමත විචාරණයක් පවත්වා අවසන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුවීමද මැතිවරණ ක‍්‍රමය  කි‍්‍රයාත්මක කිරීම අද හෙට සිදුකිරීමට නොහැකි බව තවදුරටත් පෙන්වා දෙන්නකි.මේ සියල්ල සළකා බලා තිබෙන මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අනුව  පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට අගෝස්තු මාසය දක්වාවත් කල්දැමිය යුතුය.

පාර්ලිමෙන්තු මැතිවරණය කල්යෑම යනු එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව රජයට සුභ ලකුණක් නොවේ.රජයේ අන්තර්ජාතික සබදතා කෙරෙහි ඉන් ඇතිවන බලපෑම ඉමහත්ය.ශී‍්‍ර ලංකාවට එරෙහිව නැගී තිබෙන යුධ අපරාධ චෝදනා විභාග කිරීම මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කල්දමාගැනීමටත්,එම චෝදනා පිළිඹද සොයාබැලීමට දේශීය යාන්ත‍්‍රණයක් පිළියෙල කරන බවටත් විදේශ අමාත්‍ය  මංගල සමරවීර ඇමරිකාවට පොරොන්දුවූයේ දින සියයයේ වැඩපිළිවෙලට අනුව නියමිත

දිනයේදී පාර්ලිමෙන්තුව විසිරුවන බවට දුන් පොරොන්දුව මත පිහිටාය.නමුත් දැන් එවැන්නක් සිදුවන ලකුණකුදු නොපෙනේ.

මෙනිසාම මෙම චෝදනා විමර්ෂණය කළ හැකි දේශීය යාන්ත‍්‍රණයක් සකස් කිරීම පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසු බලයට පත්වන නව රජයකට දැරීමට සිදුවන පළමු වගකීම වනු ඇත.චෝදනා විමර්ෂණය කිරීම දේශීයව කි‍්‍රයාත්මක වන යාන්ත‍්‍රණයකට වඩා නිරවද්‍යව හා කාර්යක්ෂමව සිදුකළ හැකියැයි වත්මන් රජය අන්තර්ජාතික ප‍්‍රජාවට  ඒත්තු ගන්වා ඇති හෙයින් මෙය සුලූවෙන් තැකිය නොහැකි දෙයකි.මෙනිසා එවන් යාන්ත‍්‍රණයක් සකස් කිරීම කල්යැවීම අවාසිසහගත වන්නේ අප රටටමය.

එදා ජනපතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු අන්තර්ගත 19 ඒ සංශෝධනයත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස එම පක්ෂයේ මතයට හිස නමන්නට සිදුව ඇති නිසා ඉදිරිපත් කෙරෙන 20 ඒ සංශෝධනයත් අතර ජනපති සිරිසේන සිරවී සිටින්නේ මෙලෙසය.ඊට අමතරව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ බලය තමන් වෙත නතුකර ගැනීමේ සටනක නියැළීමටද ඔහුට සිදුව ඇත.යෝජිත මැතිවරණ වෙනස්කම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය එක් මතයකට ගෙනඒමේ වගකීමද ඔහුට ඇත.පසුගියදා පැවති ජාතික විධායක කවුන්සිල රැුස්වීමේදී අපි බහිනවා කී ඔහු සැබෑවටම වැඩට බැස ඇති බව පෙන්වූයේ රාජපක්ෂ හිතවාදීන් කිහිපදෙනෙකු ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරමින්ය.මහින්ද රාජපක්ෂට නැවත බලයට ඒමට අවස්ථාවක් ලබා නොදීම ඔහුගේ අරමුණ බව එයින්ම පැහැදිලි විය.එය එක්තරා ආකාරයකට ජනපතිවරයා ඉදිරියේ කෙසේ කි‍්‍රයාකරනු ඇත්දැයි පෙන්වාදෙන්නකි.නමුත් ඔහු හා නව රජයේ ගමන්මග ගැන පළවන මතිමතාන්තර වෙනස් කිරීමට එය ප‍්‍රමාණවත් නැත.මේ දිනවල සාමකාමිී දේශපාලන වාතාවරණයක් තිබෙන බව පෙනුනනද යටින් ඇත්තේ ගිනි අඟුරුය. ඊට මැදිව සිටින්නේ ජනපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහය.



අදහස් (0)

දින සියය පිරෙන්න තව දවස් 4 යි

ශ්‍රීලාල් Sunday, 19 April 2015 01:50 PM

මටනම් හිතෙන්නේ නෑ තව අවරුදු 50කටවත් දර්ශනයක් ඇතුව රට පාලනය කරන්න නායකයෙක් බිහිවේවි කියල ...(බ)

:       0       0

චතුරි ඇමරිකාව Sunday, 19 April 2015 01:53 PM

මේ රට. කරන්න ජනපතිට ඉඩ දීලා මේ. අය පාඩුවේ හිටියනම් නේද හොඳ . (බ)

:       0       0

ඉෂාන් Sunday, 19 April 2015 02:12 PM

අවුරුදු ගානක් සුදු වෑන් වලට බයේ කට වහන් හිටපු අය දැන් දින 100 ගැන කතා කරනවා. (බ)

:       0       0

රෝයි Monday, 20 April 2015 04:07 AM

චතුරි නෝනා, ඔහේ ඔය අගය කරන ජාතියේ නායකයාගේ ජාතියේ අය ඕන තරම් ඉන්නවා (බ)

:       0       0

කිරින්ද Monday, 20 April 2015 04:10 AM

චතුරි නෝනා ඔහේ ඇමරිකාවේ හිටිය කියල ඔහේ හිතන්නේ මෙහෙ ඉන්නේ මෝඩයෝ කියලද? ඔය සද්ද දාන්න ඔබාමාට, අපිට එපා, මුල අමතක වෙලා! ඔය තරම් රටට ආදරේ නම් මෙහෙ ඇවිත් ඉන්නකෝ! (බ)

:       0       0

රංචාගොඩ Monday, 20 April 2015 04:12 AM

අනේ අනේ පුදුම වැඩ ගොඩක් කරලා තියෙන්නේ, කරපු සංවර්ධන වැඩ ඔක්කොම නවත්තල, ආර්ථික සංවර්ධන වේගය 7.4 ඉඳන් 6.9 ට බැහැල, ඕකටද සංවර්ධනය කියන්නේ? නියමෙට ඇන්දුවා ලංකාවේ මෝඩ රැල! (බ)

:       0       0

මහානාම - කඳාන Sunday, 19 April 2015 02:34 PM

මේවා බලාපොරොත්තු වෙන්න ඕනේ , දැක්මක් නැති අය කුමන්ත්‍රණ වලින් බලයට ආවම , අඩුම ගානේ ස්වාධීන කොම්ෂන් සබා වත් පිහිටුවා ගන්න පුළුවන් උනොත් , දින 100 ට යමක් කළා කියන්න පුළුවන් , අනෙක් කරපු දේවල් නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණයට කැවා වගෙයි . රට ඉන්න අයට මේවා ගානක් නැ, හැබයි මේ ආණ්ඩුවෙන් ගොඩාක් දේවල් ඉටු කර ගත්ත කට්ටියක් නම් ඉන්නවා , ඒ වගේම එයාලට ඉතුරු විටත් ලැබේවි . මේ විදිහට රට පාලනය කලාට කමක් නැ අනෙක අයටත් ඇමෙරිකාවට සහ ඩුබායි වගේ රටවල් වලට යන්න පුළුවන් නම් . (බ)

:       0       0

අනුර Sunday, 19 April 2015 02:46 PM

ධම්මට හැට පැන්නාට අපි තාම තරුණ කොල්ලෝ අන් ආර් එෆ් සී තම්බල මලවල කන්න පුළුවන් කී දෙනාටද අනේ මන්ද සත්‍යට වැඩ තාම විශ්වාසය තහවුරු කොරමු රට ආර්ථික අගාදයකට යනවා බහුතර ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා (බ)

:       0       0

මහානාම - කඳාන Sunday, 19 April 2015 03:09 PM

චතුරි මැඩම් , පාඩුවේ ඉන්න තිබුනා , අපිටත් ඇමරිකාවේ පදිංචියට එන්න තිබුනා නම් .(බ)

:       0       0

රෝයි Monday, 20 April 2015 05:00 AM

චතුරි නෝනා,මතකද ලංකාවේ කුඹුරු කියල ජාතියක් තියනවා? මතකද ඒවායේ පඹයෝ කියල ජාතියක් ඉන්නවා? අන්න ඒ පඹයෝ ගමේ කට්ටිය එකතු වෙලා ගෙදර ගෙනල්ල රෙදි අන්දලා කොච්චර ලස්සන කළත් වැඩක් නෑ, ඒකාට මොලයක් නෑ! (බ)

:       0       0

සෙනරත් Sunday, 19 April 2015 03:36 PM

නොකර ඉන්න නම් ඕනෙම කෙනෙකුට පොරොන්දු දෙන්න පුළුවන්. එක තමයි වුනේ. මෙයාල හිතුවේ නෑ දිනාවි කියල . එම නිසා ඕනේ තරම් පොරොන්දු දුන්නා, කිසිම වැඩ පිළිවෙලක් නැතිව. දැන් ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වාගේ මොනවා හරි කරනවා එන ඡන්දෙන් දිනන්න. තවමත් නෑ හරි වැඩපිළිවෙලක්. මිනිස්සු ඡන්දෙ දුන්නොත්, මේ විදියට තව අවුරුදු 5 ක් ගියොත් රටට අබ සරණයි. තව අවුරුදු 25 කින්වත් ගොඩ ගන්න බෑ. ඒ මදිවට නැවත යුද්දෙත් එන්න පුළුවන්. (බ)

:       0       0

අනුර Sunday, 19 April 2015 04:10 PM

ඇයි මෙතන ලියන හැමකෙනට කියන්නේ පාට කණ්ණාඩි ගලවල දින 100 දිහා බලන්න බඩු මිල අඩුකළා පෙට්‍රල් ඩිසල් රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා ගෑස් අඩුකළා රටේ වල්වැදුණු නිතිය හරියට ස්ථාපිත කරා අධ්‍යාපනය වෙනුවෙන් 6% ක් වෙන්කරා ඖෂධ ප්‍රතිපත්තියක් ගෙනාවා මෙකි නොකී ගොඩක් දේවල් සිද්ද වෙලා තියෙන්නේ අද සුදු වෑන් කට්ටිය උස්සනේ නැහැ මාධ්‍ය නිදහස තියෙනවා රටේ මානව හිමිකම් උල්ලංඝනය වීම අවම කරලා තියෙන්නේ ඒ තුළින් රටේ පැහැදිලි වෙනසක් පෙන්නලා තියෙන්නේ බිඳ වැටි තිබුණු විදෙස් ප්‍රතිපත්ති යහපාලනය තුළින් යළි හරිමගට ගේනවා එක පවුලක් රට හුරගෙන කෑම නවතා ජනතාවට සහන දුන්න කුඩු එතනෝල් ගංජා දුසිරිත මේ පාලනය තුළින් හොදින් මර්දනය කරලා තියෙන්නේ අද බුද්ධිමත් ජනතාව හොදින් වෙනස තේරුම් අරගෙන තියෙන්නේ පසුගිය රජයට වඩා මේ රජය ජනතා වාදී බව ! (බ)

:       0       0

අනුර Sunday, 19 April 2015 04:13 PM

රට හදන්නනම් මුලින්ම මෝඩයන්ව පුනුරුත්තාපනය කරන්න ඕනි ! පුන්නකු අඩුකළේ නැහැ ඒ ගැන කණගාටුයි.(බ)

:       0       0

අමන්දා Monday, 20 April 2015 06:48 AM

දින 100ට ආවඩන අයට අමතකද පසුගිය අවුරුදු 10? (නි)

:       0       0

ප්‍රා Sunday, 19 April 2015 04:58 PM

මේ රජයට කියන්න තව බොරු ඉතිරිවෙලා තියෙනවද. රජයේ අමතිලට ඇත්ත කියවෙන්නෙම නැත්ද . ජනවාරි 8 බොරුකියල දිනාගත් නිසා ආණ්ඩුව බොරුවෙන්ම ගෙනියන්න හදනවා . ලජ්ජා නැති එවුන් .(ස)

:       0       0

චතුරි - ඇමෙරිකාවේ සිට Sunday, 19 April 2015 06:07 PM

මහානාම මට මැඩම් කැල්ල අවශ්‍ය නැහැ මමත් සාමාන්‍ය ගැහැනියක් ඇමරිකාවට අවා කියලා තමන්ගේ රට. ගැන කැකුම තියෙනවා අපි රැකියාවට ආවේ රටේ දේවල් හොරා කලා පුරුදු නැහැ මෛත්‍රී ජනපති සේරම රටේ හොරා මාර්ග වහපු නිසාද කේන්ති මේ කට්ටිය ට පුළුවන්නේ ජනාදිපති වෙන්න මහින්දම ඕන නැහැ බළල්ලු ලවා කොස් ඇට බවන්න ලජ්ජා නැතිද ගැණු අපිට ලැජ්ජයි මේවගේ පිරිමි කතා වලට හාමුදුරුවෝ ටිකක් හොයාගෙන මහින්දට පිරිත් කියන්න පවු. (ස)

:       0       0

දිනේෂා Sunday, 19 April 2015 07:12 PM

මේ සුදු වැන් වලට ඔචර බය වෙන්න ඕන නැ. ඕවයේ ගියේ අහිංසක දුප්පත් මිනිස්සු නෙමෙයි ඕවයේ ගිහින් තියනේ එක්කෝ කුඩු මුදලාලි කෙනෙක් නැත්නම් හොර මගඩි බිස්නස් කාරයෙක් (ස)

:       0       0

රුචිර Sunday, 19 April 2015 09:10 PM

හුඟක් අය මහා ගුණමකු විදිහට අදහස් දානවා. මිනිසුන් විසින් රටට වැඩක් කළ සහ ජාතිය නඟාසිටවූ මහින්ද සහ ගෝඨා විවේචනය කරමින් මඩගැසීම මහා විශාල පාපකර්මයකි. හිටපු ජනාධිපතිතුමා කළ කැපකිරීමට මුළු මහත් ජාතියම ඔබට ණයගැතියි. (නි)

:       0       0

කවි Sunday, 19 April 2015 11:24 PM

මට නම් කිසිම වැඩපිළිවෙළක් ඇතිබවක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

දොන් Monday, 20 April 2015 12:49 AM

චතුරි, ඔයාට තිබෙන ලෙඩේට හොඳම තැන මම කියන්නද? (නි)

:       0       0

මහනාම - කඳාන Monday, 20 April 2015 01:45 AM

චතුරි නෝනා , නොදන්නා නොදැකපු කෙනෙකුට නම කියලා කතාකරන්න මම කැමති නැහැ.මමත් ඔයාගේ රටට කීපවරක්ම ආවා. ලස්සන නයගරාත් බලන්න ගියා. ඇමෙරිකාව ඇතුළු යුරෝපයට ගිය ගොඩක් උදවියට මුල මතක නැහැ, සිංහල මතක නැහැ. ඒ අතින් නම් ඔයා හොඳයි.මොකද ඔයාට වැරදියට වුණත් රට ගැන කැක්කුමක් තියෙනවා. ඔයාගේ වරද ඔයා දාගෙන ඉන්න පාට කණ්ණාඩි දෙකේ වරද පමණයි. මම කියන්නේ නැහැ මහින්දව ඕනෑ කියලා. මම කියන්නේ මේ රට බේරාගන්න නායකයෙක් ඕනෑ කියලා.එයා මහින්දද මෛත්‍රීද කියලා මට ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 20 April 2015 02:22 AM

දිනේෂා නෝනා, බොහොම හරි. රුචිර රටේ පවතින තත්වය තේරුම් අරගෙන අදහස් දැක්වීම ගැන තුති! ඇත්තෙන්ම අද මේ රට කෑලි වලට කඩා වෙන්කර ගන්න බලාගෙන ඉන්න අය තමා කුමන්ත්‍රණ වල පිටුපස ඉන්නේ. අපේ අය දෙකට බෙදිලා තමාගේ පක්ෂ වෙනුවෙන් කතාකරන්න හදනවා. නමුත් අපි බෙදී කුළල් කාගැනීමෙන් එහි වාසිය යන්නේ හෙමිහිට එනමුත් ස්ථීරව හිස ඔසවන බෙදුම්වාදයටයි. (නි)

:       0       0

චතුරි Monday, 20 April 2015 02:33 AM

මහානාම , මෛත්‍රී ජනපති නායකයෙක් නෙමෙයිද? රටට හොඳ, දුක හඳුනන නායකයෙක්. කෑදරකම බලතණ්හාව නැහැ. (නි)

:       0       0

චතුරි Monday, 20 April 2015 02:54 AM

දොන්, මට නම් කිසිම ලෙඩක් නැහැ. ලංකාවේ ගොඩක් මිනිස්සු මෝඩයි. මහින්ද මේ කළ විනාශයට වන්දි ගෙවන්නේ දුප්පත් ජනතාව. ඔයාලා පිරිමි. රට ගැන මීටවැඩිය හිතන්න. එහෙම නොවුණොත් අපේ රට අනතුරේ. (නි)

:       0       0

කුමාර Monday, 20 April 2015 03:02 AM

බලන්නකෝ කළ වැඩ ගොඩ... (නි)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 03:02 AM

කන්දක් විලිලා මීයෙක් බිහිකළා වගේ වෙයිද? (නි)

:       0       0

ධම්ම Sunday, 19 April 2015 12:30 PM

දැන් අපට සරුයි. එන්ආර්එෆ්සී එකට පොලිය වැඩි උනා මදිවට විශ්‍රාම වැටුපකුත් ලැබෙනවානේ. ඒ ව්තරක්ද හැටට වැඩි අයගේ ස්ථාවර තැන්පතුවලට ලොකු පොලියක් ලැබෙනවා. (බ)

:       0       0

කුමාර Monday, 20 April 2015 11:41 AM

දින 100යි. බොරු 1000යි. ජනතාවත් එතනමයි (නි)

:       0       0

ඇසළ Sunday, 19 April 2015 01:10 PM

හොරු නැති, බොරු නැති, වංචා නැති යහපාලනේ මහා බැංකු අධිපති මහේන්ද්‍රන් ඊයේ රට යාම තහනම් කරලා, හුරේ. අද උදේම අගමැති පත්කරපු නීතිඥ වාර්තාවෙන් නිවැරදි කාරයෙක්, බෑනගේ වංචාව ගැන කිසිත් නොදන්නා තොත්ත බබෙක් කරලා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වැඩ මේ යහපලානේ. මේකට අගමැති, ජනපති සහ මුදල් ඇමැති වගකිව යුතුයි. (බ)

:       0       0

මහනාම - කඳාන Monday, 20 April 2015 03:22 AM

මෛත්‍රී මහතා හොද කෙනෙක් තමා , නමුත් නියම නායකයෙන් නොවේ , අපිට් අවශ්‍ය කොන්ද කෙලින් තබා ගෙන වැඩ කරන්න පුළුවන් රට බේරා ගන්න කෙනෙකි , එයා ගේ පවුලේ දේවල් අපිට වැදගත් නැ, මොනවාද මෛත්‍රී මහතා රට වෙනුවෙන් කළේ ? (බ)

:       0       0

වැකෝ Sunday, 19 April 2015 01:24 PM

රටට ජාතියට මොකක්ද වෙච්ච සේවය? ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1101 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 748 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1149 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 836 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 506 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 916 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site