IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘දින 100න් 50ක් ඉවරයි : යෝ බබාත් රට ගිහින්‘

රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ ගජ මිතුරන් සම්බන්ධයෙන් කළ පැමිණිලි විමර්ශනය කිරීමේ ප්‍රමාදයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (20)   මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

‘දූෂණ වංචා සෙවීම සම්බන්ධව ආණ්ඩුව හරියට පමා කරනවා . ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය අවසන් වුණා. ඒ එක්කම පසුගිය   පාලනය යටතේ රාජපක්ෂ පවුල සහ ඔහු වටා සිටි ගජ මිතුරු කණ්ඩායම රාජ්‍ය දේපොළ රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිත කළ බවට විශාල චෝදනාවක් ආවා.‘

‘ජනතා විමුක්ති පෙරමුණ විදියට එම දූෂණ ගැන විවේචන එල්ල කළා. ජනාධිපතිවරණය අවසන් වුණු විගසම ජනවාරි 13 වැනි දා අපි රාජපක්ෂ පාලනයේ දූෂණ වංචා ගැන ලිඛිත සාක්කි සමඟ පැමිණිලි කළා. මහින්ද රාජපක්ෂ, ගේඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සජින් වාස් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව අපි පැමිණිලි කළා. ‘

‘විමර්ශන පවත්වන පිරිස අපේ පැත්තෙන් කරුණු විමසුවත් ඔවුන්ගේ පැත්තෙන් විමර්ශන අරඹා තිබුණේ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිරිස් පැමිණිලි කළා. දින සියයයෙන් දින පනහකටත් ළං වෙන්න ආවා. නමුත් අදාළ පරීක්ෂණ තවම පවත්වා නෑ.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ අනිත් නිලධාරීන්ට නැති වරප්‍රසාද භුක්ති වින්දා. ඡන්දය අවසන් වුණු ගමන් ජනවාරි නව වැනි දා පාන්දර වෙනකොට ඔහු නාවික හමුදාවෙන් අස් කර ගැනීමෙ ලිපි බාර දෙනවා. ඔහුට මාස තුනක නිවාඩුවක් අනුමත කරනවා. ඔහුට අනිත් අයට නැති වරප්‍රසාද ලැබුණේ කොහොමද කියා පරීක්ෂණ කරන ලෙස ඉල්ලමින් ආරක්ෂක ලේකම්ට ජවිපෙ ලිඛිතව පැමිණිලි කළා. ඉක්මනින් අපි කමිටුවක් පත්කර විභාග කරන බව කිව්වා.

 ඒ ගැන පරීක්ෂණ කරන්න කමිටුව පත් කරලා තියෙන්දි ‘යෝ බබා‘ රට යනවා. කවුද ඔහුට රටෙන් බැහැර දෙන්න ඉඩ දෙන්නේ. එක දවසක්වත් ඔහු කමිටුවට කැඳවා තිබුණේ නෑ.

බැසිල් රාජපක්ෂ ඡන්දෙ ඉවරවුණු ගමන් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්වලට රට පැන්නා. ‘



අදහස් (0)

‘දින 100න් 50ක් ඉවරයි : යෝ බබාත් රට ගිහින්‘

වයිකෝ Friday, 20 February 2015 11:58 PM

රනිල් රාජපක්ෂ සාමාජිකයන් ආරක්ෂා කරන විදියක් පේනවා. ජනවාරි 9 උදේම අරලිය ගහ මැදුරට ගියෙත් එ්කයි.(නදී)

:       0       0

වයිකෝ Saturday, 21 February 2015 12:02 AM

කල යුතු වැඩ පස්සට දාල කාලය ගෙවන වැඩ රනිල් කරනවා. (නදී)

:       0       0

වයිකෝ Saturday, 21 February 2015 12:11 AM

රනිල්, පාර්ලිමේන්තුව විසුරවන බවට තර්ජනය කරල විස්වාසබංග යෝජනාව නැවැත්තුවා. (නදී)

:       0       0

වයිකෝ Saturday, 21 February 2015 12:16 AM

දෙපැත්තෙම වැරදි දෙපැත්තෙනම වහනවා. මේ අවබෝධයෙන් තමා දැන් වැඩ කරගෙන යන්නේ. (නදී)

:       0       0

වයිකෝ Saturday, 21 February 2015 12:19 AM

මෙයට වගකිව යුත්ත අගමැතියි. ලබන චන්දෙන් ඔහු ගෙදර යවමු. (නදී)

:       0       0

සමන්ති Saturday, 21 February 2015 01:24 AM

සත්‍යපාල, මිලේනියම් , බටලන්ද වලට කොමිසම් පත්කලා දන්නේ නැත්ද ? මොකද වුනේ ? 71දි ඝාතන වුනේ නැත්ද ? (නදී)

:       0       0

පිවිතුරු Saturday, 21 February 2015 02:37 AM

පුදුමාකාර තරහක්නේ රාජපක්ෂවරු ගැන තියෙන්නේ. කාට කාටත් නියම දඬුවම ලබන මැතිවරණයේදී මිනිසුන්ගෙන් ලැබේවි. (නි)

:       0       0

සොපියා Saturday, 21 February 2015 03:39 AM

ඉස්තාලේ ඇරලා බව හොදටම දැන දැන අස්සයා පැන්නට පස්සේ බොරුවට බෙරිහන් දෙනවා. (නදී)

:       0       0

කපිල ප්‍රනාන්දු Friday, 20 February 2015 10:53 AM

මේ අයට වෙන වැඩ නැති නිසා කමක් නෑ කාලේ කන්න මොනවා හරි කරන්න ඕනනේ. කොයි ආණ්ඩුව ආවත් වැරදි හොයනවා ඇරෙන්න රටට මොනවද කරලා තියේන්නේ. (අ)

:       0       0

සිරිමෙවන් Saturday, 21 February 2015 04:51 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සත්‍යපාල Friday, 20 February 2015 10:55 AM

89 කාලයේ සාගරික ගෝමස්,විජය කුමාරතුංග.ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කල විතරක් නොව ඡන්දෙ දුන්න නිසා ඇත කපපු, බීඩියක් බියුවට කට කපපු ගහලයෝ සහ බටලන්ද,මිලේනියම් පාවාදීම ගැන පවා හෙවිය යුතුමයි. (අ)

:       0       0

ලසන්ත Saturday, 21 February 2015 05:08 AM

රාජපක්ෂවරු අනෙක් අයට හරිම මයිත්‍රියෙන් කරුණාවෙන් ද සැලකුවේ. රනිල් මහතාට ගහන්න පුළුවන් හතර අතේ මඩ ගැහුවා. ඔක්කොටම වැඩිය ඒ මනුස්සයාගේ ප්‍රභූ පවුල් පසුබිම තමන්ට නැති නිසා පුදුම හීන මානයක් තිබුනේ. මෛත්‍රී මැතිතුමා ගැන බාල වයස් කාරයෙක් රූපවාහිනියට එවල පුද්ගලික චරිත ඝාතනයක් කරන්න හැදුවා. කට හොඳ නැති ඇමතියෝ ලව්වා චන්ද්‍රිකා නෝනාට ප්‍රසිද්ධියේ අපහාස කළා, අඩු ගානේ තමන්ගේ ගෙදරත් බවලතුන් ඉන්නවා නේද කියල කල්පනා කලේ නැහැ. පුතාලට කැමති විදියට හැසිරෙන්න ඉඩ දුන්නා. අර රගර් ක්‍රීඩා විනිසුරුවාට සිදු වුන වැඩේ කමක් නැහැ කියල පිවිතුරු වගේ බත් බැලයන් හිතනවා ඇති. මේවා තමන්ගේ මුතුන් මිත්තන්ටත් ලජ්ජා හිතෙන නොහොබිනා වැඩ. දැන් අනෙක් මිනිස්සුන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරනවා. " මෙන්න අපිට හිරිහැර කරනවා " කියලා. (නදී)

:       0       0

උක්කුන් Saturday, 21 February 2015 06:52 AM

දූෂණ වංචා කරන්නේ දේශපාලකයෝ විතරක් නොවේ. දැනුම් දෙන සැම දූෂණ වංචාවක්ම අල්ලන්න වෙනම රජයේ ආයතනයක් තියෙන ඕනි. ජනතා විමුක්ති පෙරමුණ මේ දීල තියෙන්නේ වැරදි තොරතුරු නම් විමර්ශන කිරීමට යන වියදම මේ පෙරමුණනෙන් අය කර ගන්න. මේවට යන්නේ රටේ අහිංසකයන්ගේ මුදල්. (නදී)

:       0       0

ළහිරු Saturday, 21 February 2015 07:05 AM

මේ ඡන්දෙන් පස්සේ ජෙවිපිය ඉවරෙටම ඉවරයි (නදී)

:       0       0

ආනන්ද ජයරත්න Friday, 20 February 2015 11:52 AM

සත්‍යපාල, ඔබේ අදහසට මමත් එකඟයි අනුන්ට බබා කියන මේ බබ්බුත් 88 89 මේරටේ අහංසක ජනතාවට රාජ්‍ය දේපල වලට කරපු විනාසෙ ගැනත් හොයන්න ඕනෙ ඒවගේම අහුල ගත්තු ඡන්ද ටිකකින් පාර්ලිමේන්තුවට ඇවිත් වාචාල කතා කියන මේ මැතිවරන ක්‍රමයත් වහාම වෙනස් කල යුතුයි. (අ)

:       0       0

දිල්හාන් Friday, 20 February 2015 12:11 PM

කපිල ප්‍රනාන්දු , සත්‍යපාල, කියන කතා සේරම ඇත්ත. මමත් කියන්නේ ඒකම තමයි. බොරුවට බයිලා කියන එක තමයි දේශපාලුවෝ කරන්නේ. කරපු වැඩක් ගැන නම් අහන්න ලැබෙන්නේ නැහැ. (අ)

:       0       0

දයාන් Friday, 20 February 2015 01:23 PM

ඉන්දියාවෙන් ඇවිත් පරිප්පු දාන කොට, ඉන්දියන් හමුදාවක් බලෙන් එවන කොට, උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන කොට බය නැතුව ඉස්සරහට ආවෙ ඔබ ලා විතරයි.(නදී)

:       0       0

ශාන් Friday, 20 February 2015 01:43 PM

සත්‍යපාල ඔයාගේ කතාව හරියටම හරි. සමහරු දැන් කතා කරන්නේ මැරිලා ඉපදුණ අය වගේනේ..(දිල්)

:       0       0

උපුල් Friday, 20 February 2015 01:56 PM

සත්‍යපාලගේ කතාවේ ඇත්තක් තියෙනවා (දිල්)

:       0       0

පුෂ්ප ජර්මනිය Friday, 20 February 2015 02:10 PM

බොහෝ දෙනෙක් ලියල තියනවා වගේ ඉස්සර වෙලාම අනිවාර්යෙන් ජේ.වී.පී අපරාධ ගැන හොයන්න පටන් අරගෙන ඊළඟට පේලියට අනිත් අයගේ වැරදි ඇත්නම් ඒවා ගැනත් සෙවීම තමා හොඳම. මම හිතන්නේ එ්ක කල යුතුම දෙයක් කියලා. මේ අය දැන් කතාකරන්නේ සුදනෝ වගේ. (නදී)

:       0       0

ඉන්දික Friday, 20 February 2015 02:37 PM

ඇයි, මුලින් ඡන්දේ දාන පස් දෙනාට වෙඩි තියනවා කියලත් කිව්වේ!(දිල්)

:       0       0

සරත් Friday, 20 February 2015 02:47 PM

සත්‍යපාල මමත් ඔබ සමඟයි (දිල්)

:       0       0

දිනුක් Friday, 20 February 2015 03:06 PM

එය ඇත්ත දියුණු රටවල මෙන් හැකි ඉක්මනින් විභාග කොට දඩුවම් දිය යුතුය. සාමාන්‍ය වැසියාට දඩුවම් කරන විදියට තමා අනිත් අයටත්.(නදී)

:       0       0

සහන් Friday, 20 February 2015 03:50 PM

බයවෙලා බයවෙලා නුගේගොඩ රැළියෙන් පස්සේ හොඳටෝම බයවෙලා .(දිල්)

:       0       0

චානක (ලොස් ඇන්ජලිස්) Friday, 20 February 2015 04:49 PM

අපි බලාගෙන ඉන්නේ මේ වංචාවන් හොයල නිසි දඬුවම් දෙනවාද නැද්ද කියලා....රන්ජන්ට කාගෙන් හෝ බලපෑමක් ඇවිල්ල තිබෙනවා කියා හිතෙනවා.එ්ක තමයි ඔහු එකපාරටම දුෂණ සෙවීම අත හැරලා තිබෙන්නේ.බලමු මොකද වෙන්නේ කියල (බ)

:       0       0

මොහොමඩ් ඛාන් Sunday, 22 February 2015 01:48 AM

ළහිරු මහත්තයා දවල් හීන දකිනවා.මේ ඡන්දෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ආසන 20-30 අතර ප්‍රමාණයක් ගන්නවා.(දිල්)

:       0       0

ඇසිලින් Friday, 20 February 2015 05:09 PM

නටපු නැටුමකුත් නැත...බෙරේ පලුවකුත් නැත...හෙට අනිද්දට රටේ පලුවකුත් නැත.නායකත්වයකුත් නැත...එ්ත් අතට...මේත් අතට..(බ)

:       0       0

වාසනා Friday, 20 February 2015 06:26 PM

මේ අදහස් ලියලා තියෙන අය අර පවුලට කඩේ ගිය අය. මේ අයගේ සිත සතුටුකරන්න බුදුහාමුදුරුවෝ ආවත් බැහැ මොකද කඩේ ගිහිල්ල ආවම ඉතුරුවෙන කුට්ටිය මේ අයට නිසා. මේ වගේ අයට බඩුවල මිල අඩු උනාට තේරුමක් නැහැ මහින්ද නැවත ජනාදිපති වුනානම් තමයි කැමති (නදී)

:       0       0

සුමුදු හේවා Friday, 20 February 2015 10:37 PM

මේගොල්ලෝ රටේ මානව සම්පත් (එඩිතර තරුණ තරුණියන් කලාකරුවන් වෘත්තිකයන් ) රටට අහිමි කරලා පොදු දේපල වනසලා දැන් සිල්රේදී ඇඳගෙන යුඑන්පියේ තරුණයෝ නැති තරුණ සංවිධානය බවට පත් වෙලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 477 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 647 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 266 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 405 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1457 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 437 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site