IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දින 22කට පසු රට සඳුදා ඇරෙයි

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා අලුයම 4.00ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (10) තහවුරු කළේය.

රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත් සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් දිගටම පවත්වන සීමා සම්බන්ධයෙන් හෙට (11) දිනයේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

සංචරණ සීමා සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය යැයි ද ඒවා විශ්වාස නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය .

වෛද්‍ය විශේෂඥයන් සහ අදාළ අංශවල නිලධාරින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් කීවේය.

කොවිඩ් 19 පාලනය සඳහා දිවයින පුරා මෙම සංචරණ සීමා පනවනු ලැබුවේ පසුගිය මැයි මස 21වැනිදා සිටය.

රට පුරා සංචාරය සීමා අද (10) වන විට ක්‍රියාත්මක කර ඇති දින ගණන 18කි.

මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.



අදහස් (17)

දින 22කට පසු රට සඳුදා ඇරෙයි

fairoos Thursday, 10 June 2021 06:12 PM

කොරෝනා ව්‍යාප්තිය ලංකාවේ ඉන්දියාවට වඩා ඉදිරියෙන්ලු... එහෙනම් රට අගුල් දාන්නේ නැතිව අරින්න යනවා.

:       0       1

චුලා Thursday, 10 June 2021 06:33 PM

පිටරැටියන් මෙරටට ගෙන්වීමෙන් කෝවිඩ් වසංගතය නැවත ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක් තිබෙන අවස්ථාවක රටේ සංචරණ නීතිය ලිහිල් කිරීම මගින් වසංගතය රට තුළ ශීඝ්‍රයෙන් පැතිරීමට ඉඩකඩ වැඩි කිරීමට බලධාරීන් ක්‍රියා කරන්නේ මන්ද? දිනකට හමුවෙන රෝගීන් ප්‍රමාණය සහ මියයන ප්‍රමාණය මදි වෙලාද?

:       0       0

මහසෙන් Thursday, 10 June 2021 06:41 PM

ඕක දාලා තිබ්බා කියලත් වෙව්ච සෙතක් තියෙනවද? අනික කටකතා වලට රැවටෙන්නේ මොකටද? රජයේම ඉන්න පස් දෙනෙක් කතා කළොත් කතා 5ක් කියන්නේ. දැන් නහයටත් උඩින් ගිහින් ඉවරයි මහත්තයෝ... ජනතාවට බොරු කරන්න පුලුවන්. කොරෝනාවට බොරු කරන්න බෑ.

:       0       0

Senevi Thursday, 10 June 2021 06:45 PM

වෙනත් තැනක මේ වගේ ප්‍රවෘත්තියක් පලවී තියෙනවා දැක්කා. "කෝවිඩ් ආසාධිත හා ආසාධිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. " එවැනි භයානක තත්වයක් දක්වා මේ වසංගතය පැතිරී යන්නට ඉඩදෙමින් හැම දෙයක්ම හමුදාවට බාරදෙමින් වෛද්‍යවරුන් කියන දෙයක් පිළිගන්නනේ... නැතුව දවසින් දවසට හිතෙන හිතෙන දේ ක්‍රියාත්මක කරන්නට යාමේ ප්‍රතිඵලය තමා මෙයින් පෙනෙන්නේ. එක දවසක කියනවා අපි කුණ්ඩසාලේ එන්නත් හදනවා කියලා. තව දවසක කියනවා අපි රුසියන් එන්නත ලංකාවේ හදනවා කියලා. එහෙම පුච්චානම් කිය කියා ලෝකේ වටේ එන්නත් හිඟමනේ යනවා. මේ වසංගතය අභිමුවේ රටේ ආර්ථිකය නිසියාකාරව කළමනාකරණය කරගන්නට දැනුමක් නැති කටින් බතල හිටවන පිරිසක් දැන් කියන්නේ ලබන සඳුදා සිට රටම අරිනවා කියලයි. අපට නම් පෙනෙන්නේ වසංගතය තියෙන තරමට එය පාලනය කරන්නට ඉන්නා මිනිසුන්නේ සාක්කු පිරෙන බවකුයි. මේ වසංගතය පැතිරෙන්නට ඉඩ සලසන බවක් පෙනෙන්නේ ඒ නිසා නේද? නැත්නම් ආපහු සංචාරකයින් පිරිසක් එනවා වත්ද? ඒ අස්සේ සැප වාහන 399ක් ගෙන්වන වැඩෙත් කෙරීගෙන යනවා කියලා රඹුක්වැල්ල අැමැතිතුමාම කියනවා. අනේ අනිච්චන්...!!!

:       0       10

Pubudu Thursday, 10 June 2021 09:26 PM

පළාත් අතර සීමා නොවේ... දිස්ත්‍රික්ක අතර සීමාවක් දැනට ඕනේ.. මොකද ගම්පහ, කොළඹ තරමට අසාධිතයින් නෑ... වෙන දිස්ත්‍රික්කවල.

:       3       2

පොඩි මල්ලි Thursday, 10 June 2021 09:55 PM

වහලා තියෙද්දී මෙහෙම ලෙඩ්ඩු වැඩි වෙනකොට ඇරියම කොහොම තියෙයිද...? අනේ මන්දා.. කාඩ් බෝඩ් මිනී පෙට්ටි බිස්නස් එක තමා ඉස්සරහට හොදම කර්මාන්ත වෙන්නේ මේ යන විදිහට...

:       0       2

asanak Thursday, 10 June 2021 11:22 PM

හමුදාපතිතුමනි, පළාත් මට්ටමින් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් අනිවාර්යයෙන්ම සංචරණ සීමා නීති පනවන්න. එ්ක තමයි මේ වෙලාවේ හොඳම දේ.. ඒ මොකද ඉදිරියේදී පොසොන් උත්සවය දිග නිවාඩුවකට අපේ අය හරවා ගන්න නිසා.. අපේ සමහර මිනිස්සුන්ට කිසිම වගකීමක් නැහැ. එම නිසා මෙය 30 වෙනිදා දක්වා පනවනවා නම් තමයි හොඳ...

:       9       1

wicky Friday, 11 June 2021 08:35 AM

දැන් තව සතියක් විතර දික් කරන කියනවා නේද? හනෙ මන්ද...... වහනවා හිතුනම අරිනව. පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුලුවන්ද ඔය ගන්න තිරණ වල දත්ත ?

:       0       6

Buddika Friday, 11 June 2021 10:42 AM

සංචරණ සීමා කොහේද තියෙන්නේ? පාරේ වාහන සාමාන්‍ය පරිදි යනවා. නගරවල ප්‍රසිද්ධියේ කඩ යම් ප්‍රමාණයක් ඇරලා.. මම ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ලේ... සිල්ලර බඩු කඩ බාගෙට ඇරලා.. එළවළු කඩත් ඇරලා. හාඩ්වෙයාර් එකත් ඇරලා ... පොලීසිය වහලා වගේ දැනෙන්නේ... රට අරින්න තරම් කොරෝනා පාලනය වෙලාද? නෑ. රෝගීන් අඩුවක් නෑ. මරණවල අඩුවක් නෑ. මාධ්‍යය ඉදිරියේ සියල්ල හොඳයි.

:       0       21

Pat Friday, 11 June 2021 11:29 AM

හමුදා පාලනය රටට හොඳයි..!!!

:       30       0

pakeer Friday, 11 June 2021 11:59 AM

ඇරියත් එකයි, වැහුවත් එකයි.., නැතත් එකයි.. කොරෝනා හැදුණත් එකයි, නැතත් එකයි. කොහොමත් එකයි. වැඩි වෙනසක් නැහැ. ආණ්ඩුව නමට තමයි හැමදේම කරන්නේ.. තේරුමක් ඇති දේවල් නොවේ. ෆේල් කියන්නේ පට්ට ෆේල්..

:       1       61

Rohana Friday, 11 June 2021 12:48 PM

මීටත් වඩා උවදුරගැන සිතාබලා තවත් සතියක් මේ යන ක්‍රමයටවත් පාලනය කළොත් හොඳබවයි පේන්න තියෙන්නේ...

:       0       14

දොලේවත්ත Friday, 11 June 2021 01:15 PM

ඇරියත්, වැහුවත් පරිස්සම් වෙන එකයි ඇත්තේ... ඡන්දෙ කාලෙට කවුරු හිටියත් දැන් අපට කවුරුවත් නෑ.

:       0       18

nimelen Friday, 11 June 2021 01:23 PM

මම ගවේෂණයක් කළා පසුගිය දවස්වල. රට වහන්න කියන හැමෝම ගෙදර නිකන් හිටියත් පඩිය එන අය. එදිනෙදා කීයක් හරි හොයගෙන කන අය, කුලියක් මලියක් කරගෙන ජීවත් වෙන අය කවුරුත් රට වහන්න කියන්නෙ නැති බවයි පේන්නේ. මේක නිකන් කිව්වේ මෙතන. රට වහන්න කියන එකටවත් අරින්න කියන එකවත් මට ගැටලුවක් නෑ. මටත් නිකන් ගෙදර හිටියත් කන්න බොන්න ලැබෙනවා..

:       1       6

sampath Saturday, 12 June 2021 12:01 AM

මත්පැන් තහනම් කරමුද? ප්‍රශ්නවලින් 60%ක් ඉවරයි. පවුල් ආරාවුල් අවම වෙයි. රිය අනතුරු අවම වෙයි. කෝලාහල අඩු වෙයි. හැමදේටම වඩා සෞඛ්‍යයේ වියදම අඩුවෙයි.

:       108       52

Sugath Sunday, 13 June 2021 05:17 PM

කොවිඩ් -19 හි වර්තමාන තත්වයට මූලික හේතුව GMOA නිලධාරීන් නොසිතන්නේ ඇයි? කරුණු සලකා නොගෙන "අගුළු දමන්න" යැයි කියයි.. සරල විශ්ලේෂණයකින් හෙළි වන්නේ දැන් රෝගීන්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ කර්මාන්තශාලා සහ රැකියා ආශ්‍රිත ස්ථාන වලින් බවයි. එබැවින් දිනපතා වාර්තා වන සිද්ධීන්ගෙන් 50%ක් අඩුකර ගතහැකි වන පරිදි ඒ පිළිබඳව තීරණය කිරීමට සහ හෝ එය ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතිය ක්‍රියාත්මක කිරීමට කාලය එළැඹ ඇත. ආත්මාර්ථකාමී GMOA, තීරණ ගැනීමේ බලධාරීන් නොමඟ යැවීම පමණක් නොව, සුමට එන්නත් කිරීමේ වැඩසටහනකට ඉඩ නොදේ...

:       1       3

Nuwan Monday, 14 June 2021 12:09 PM

දොස්තර ශවේන්ද්‍ර ඔබ අමතයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 160 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 351 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 828 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1767 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 954 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 742 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2091 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site