IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දීපිකා-නිරෝෂා ‘ලියෝ’ සමඟ වේදිකාවට

 

 

සිය ලයාන්විත ගී ස්වරයෙන් ජිවිතය කවියක් කොට දීපයේ ප‍්‍රියදසුන් මවන්නි ජාත්‍යන්තර සම්මානයෙන් ද පුදලද විශාර ද දීපිකා ප‍්‍රියදර්ශනිය වේ නම්, ජීවිතය ආදරයම යැයි මුමුණමින් ගීතය ආදරණීය කළ ඇය නිරෝෂා විරාජිනියයි. මේ දෙදෙනා එකතුව මේ සූදානම් වන්නේ ඒ ආදරණීය බව, ලයාන්විත බව, ඒ පේ‍්‍රමාන්විත බව එකට එක්ව මුදාහරින්නටය. සරලව කිවහොත් ”දීපිකා - නිරෝෂා” එක්ව ප‍්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වන මොහොතකි මේ. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ටයිම් ඇන්ඞ් ස්පේස් සංවිධාන ශක්තියෙන් එළිදැක්වෙන මෙම ප‍්‍රසංගයේ නම ”ලියෝ” වේ. මාර්තු 7 වැනිදා සවස 7ට කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ‍්‍රවණාගාර රංග ශාලාවේදී පැවැත්වීමට නියමිත ”ලියෝ” හැඩ කරන ”දීපිකා - නිරෝෂා” සුසංයෝගය සමග අපි කතා බහකට යොමුවෙමු.

 

 

දීපිකා


  විශාරද ප‍්‍රියදර්ශනිය අපි ඔබගෙන් දැන ගන්න කැමතියි, මෙම ප‍්‍රසංගයට ”ලියෝ” යන නම තැබුවේ ඇයි?
”ටයිම් ඇන්ඞ් ස්පේස්” කියන විවිධ ඉසව් සංවිධානය කරන ආයතනයේ අදහසකට අනුව තමයි මෙම ප‍්‍රසංගය එළිදැක්වෙන්නේ. ඒ අනුව ”ලියෝ” යන්නෙහි තේරුම කාන්තාවෝ යන්නෙන් අදහස් කරගෙන ඔවුන් මෙය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කොට තිබෙනවා.

 


  මේ ප‍්‍රසංගය ඔබට දැනෙන්නෙ මොන විදියටද?
ඇත්තටම මට ලොකු සතුටක් එක්ක අතීත සිදුවීමක් සිහිපත් කරද්දි සංවේදීබවකුත් දැනෙවා. සතුටට හේතුව ශ්‍රී ලාංකීය ගායන ශිල්පී කාන්තාවන් දෙදෙනෙක් මෙවැනි ප‍්‍රසංගයක් පවත්වන්නේ ප‍්‍රථම වතාවට වීමයි. අතීත සිදුවීම් වන්නේ අතීතයේ දිනෙක විශාරද මාලනී බුලත්සිංහල ශිල්පිනිය සමග එක්ව මෙවැනි ප‍්‍රසංග මාලාවක් ඉතාලියේදී පැවැත්වූවා. එදා මල්වරුසා නමින් පැවැත් වූ එම ප‍්‍රසංගය සංගීතවත් කළ විජේරත්න රණතුංග සර් වගේම මාලනි බුලත්සිංහල ශිල්පිනියත් අද අප අතර නැහැ. එදා එතුමිය සමග අපි කතාකලේ මේ ප‍්‍රසංගය අපි ලංකාවට ගිහින් කරමු කියලයි. ඒත් ඒකට අවකාශය නැතිව ගියා. අද නිරෝෂා එක්ක මේ ප‍්‍රසංගය කරන්න ලැබීම ඇත්තටම ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට සිදුවන දෙයක්.

 


  නිරෝෂාව ඔබ දකින්නෙ මොන විදියටද?
මම හිතන්නෙ මගේ පරපුරෙන් පසුව බිහිවූ දක්ෂතම ශිල්පිනියක්. ඇයට මාව ලොකු අක්කා වගේ දැනෙනවා ඇති. මම ඇය දකින්නෙ බොහොම උනන්දුවෙන් කැපවීමෙන් කරන දක්ෂ තරුණියක, කාන්තාවක ලෙසයි.

 


  ඔබ ඇයගෙ කැමතිම ගීතය?
”පුන්සඳ රෑට” වුවත් මම අදත් කැමති ඇයගෙ ”සිනා තොටක් වී” ගීතයටයි. ඒ හැර තවත් ගීත බොහෝමයකට ප‍්‍රියයි.

 


  ප‍්‍රසංගයේ විශේෂත්වය වන්නේ කාන්තා ශිල්පිනියන් දෙදෙනකු එකතු වීම විතරද?
එය එක් දෙයක් විතරයි. බොහෝ විට ප‍්‍රසංගයකදී අපට අපේ විශිෂ්ට ගීත ගයන්න ලැබෙන්නෙ ඉතා සීමිතවයි. නමුත් මේ ප‍්‍රසංගයේදී වැඩි ගීත ප‍්‍රමාණයක් ගැයීමේ අවකාශය ලැබේවි. රසිකයින්ට නිතර අසන්නට නොලැබෙන ගීත අසන්නට ලැබේවි. නංගියේ මොකද ගොම්මනේ, රාත‍්‍රිය වි, සිත ඔබ පාමුල, බොරළු ඇනෙන එලෙසින් කාන්තාව මුල්කරගෙන මා ගැයූ ගීත ගොන්නක් තිබෙනවා. ඒ අතරින් බොහෝ ගීත ගැයේවි. නිරෝෂා නංගිත් ඇයට හුරු ආදාරණීය බව මුදා හරීවී.

 


 

 

නිරෝෂා

 

  නිරෝෂා, ඔබට දීපිකා අක්කාව දැනෙන්නෙ කොහොමද?
ජීවිතයේ විශාල ධාරිතාවක් ඇති බුද්ධිමත් කාන්තාවක්. ගායන ක්ෂේත‍්‍රයේ විතරක් නොවෙයි, සමාජයේ  ඕනෑම විෂයකදී  ඕනෑම දෙයක් මෙහෙයවිය හැකි අපූරු කාන්තාවක්. හැබැයි ඒ වගේම ඉතා සුළු දෙයකටත් අතිශය සංවේදී වන චරිතයක්.


  දිපිකාගේ ඔබ කැමතිම ගීතය ගැන කිව්වොත්?
ඔක්කොටම වගේ ආසයි. ඒ අතරින්, ”කවිය ඔබ” ගීතයේ සිට සරෝජා නංගියේ වගේම රාත‍්‍රිය වී දක්වා බොහෝ ගීතවලට ප‍්‍රියයි.

 


  මින්පසුව මේ ප‍්‍රසංගය දිගටම කිරීම සඳහා ආරාධනා ලැබුණොත්?
අනිවාර්යෙන්ම ඒ සඳහා අපි සූදානම්. රසික ජනතාවට අවැසි ගී මිහිර අපට ලබාදීමේ අවකාශය ඒ නිසා ලැබේවි.

 


  මෙම ප‍්‍රසංගයේ සංගීතය ගැන සහ ගීත රිද්මය ගැන සඳහන් කළොත්? අලූත් ගීත එහෙමත් තියෙනවද?
දීපිකා අක්කා ඇයගේ රිද්මයෙන් ගයාවි. මම මගේ රිද්මය මුසුව ගයාවි. මේ ප‍්‍රසංගය සඳහාම දෙදෙනා එක්ව කළ ගීතයකුත් ඇතුලත්. තාරුණ්‍යයේ සංගීත රිද්මයේ නව ප‍්‍රවණතාවය සුරේෂ් මාළියද්දේ ප‍්‍රමුඛ පිරිස වාද්‍ය වෘන්ධය ලෙස කටයුතු කරනවා. කථනයෙන් සමන් අතාවුදහෙට්ටි දායක වෙනවා.

 

 

 


 



අදහස් (0)

දීපිකා-නිරෝෂා ‘ලියෝ’ සමඟ වේදිකාවට

සදුනි Wednesday, 05 March 2014 09:31 PM

ඔබ දෙපළ අතිශයින්ම ප්‍රිය කරමි.සුබ අනාගතයක් වේවා.!(දිල්)

:       0       0

මහින්ද Thursday, 06 March 2014 01:30 AM

උණුසුම් සුභ පැතුම් හරිම (දිල්)

:       0       0

කුමාර Tuesday, 11 March 2014 08:47 PM

ඔබ දෙපළ අතිශයින්ම ප්‍රිය කරමි.සුබ අනාගතයක් වේවා. (දී)

:       0       0

සුදු මැණිකේ Wednesday, 05 March 2014 01:40 AM

නියම වැඩක්. සුභ පැතුම්.(නදී)

:       0       0

තුෂාරා හිරන්ති Friday, 14 March 2014 11:18 AM

ඔබ දෙදෙනාට සුභ පැතුම් (දිල්)

:       0       0

ප්‍රභා Wednesday, 05 March 2014 03:39 AM

මමත් හරිම අස කරන ගායිකාවෝ දෙන්නෙක් තමයි මේ ඉන්නේ. ලකාවේ හිටියා නම් බලන්න යනවමයි. ඔබලාගේ ප්‍රසංගයටත් ආදරණීය ඔබ දෙපලටත් මගෙන් සුබ පැතුම්. සැම වසරකම දකින්න අහන්න ලැබේවා. ඔබලාටත් ගීත කලාවටත් ජය!(නදී)

:       0       0

කුමාර Thursday, 20 March 2014 07:35 AM

පද්මසිරි ජයසේකර වලිගෙ පාගාගෙන, දීපිකාට අයියල නැහැ, ඉන්නේ නංගි කෙනෙක් (ශාලිකා), විතරයි.(නදී);

:       0       0

හෙළයා Thursday, 20 March 2014 07:37 AM

මගෙනුත් සුභ පැතුම්.(නදී)

:       0       0

හේමමාලි Monday, 01 December 2014 08:03 AM

සුභ පැතුම් (දිල්)

:       0       0

චාමර Wednesday, 05 March 2014 06:45 AM

ඔබලාට සුභ පැතුම්! (නදී)

:       0       0

මහින්ද රළපනාව Thursday, 13 March 2014 10:01 AM

අමරදේව ,නන්දා මාලනී වැනි ,මහා වෘක්ෂය ලතා යට හැදුනු ,අපුරුතම සුබාවිත ගීතයේ සුසංයෝගයක් ......සිංහල සංගීතයේ මහා දැවැන්ත හිඩැසක් නුබදෙදෙනා පිරවූව .තවත් කාලයක් රසික සහුර්දයන් වෙනුවෙන් .......සුබ අනාගතයකට සුබ පැතුම් (අ)

:       0       0

සුධර්ම රංජනී Tuesday, 04 March 2014 03:20 AM

මගෙන් දහසක් සුභපැතුම් ඔබ දෙන්නට! (අ)

:       0       0

මධුශ Friday, 28 March 2014 09:57 AM

දීපිකා සහ නිරෝෂා ඔබලාට ශ්‍රී ලාංකීය ගීත කලාව තව තවත් රසවත් කිරීමට ශක්තිය ලැබේවා! (නදී)

:       0       0

සන්ධ්‍යා Wednesday, 12 March 2014 03:19 PM

සුභ පැතුම් (දිල්)

:       0       0

මීෂා Wednesday, 05 March 2014 11:17 AM

ඔබලාට සුභ පැතුම්! (නදී)

:       0       0

ධම්ම Tuesday, 04 March 2014 11:13 AM

හොඳ ගීත ටිකක් රසවිඳින්න හැකිවේවි. ඔබ දෙපලට සුභාශිංසනය කරමි. (අ)

:       0       0

සමන් Wednesday, 05 March 2014 11:34 AM

අනිවාර්යෙන්ම ලංකාවේ දැනට ඉන්න හොඳම දෙන්නා තමා මේ. අපේ රටේ නම ගෙනියන්න ඔබ දෙදෙනාට ආශීර්වාද මගෙන්. (නදී)

:       0       0

සුභාෂිනී Wednesday, 19 March 2014 08:37 PM

දීපිකා සහ නිරෝෂා ඔබලාට ශ්‍රී ලාංකීය ගීත කලාව තව තවත් රසවත් කිරීමට ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

සජීවනී Monday, 17 March 2014 05:31 PM

ඔබ දෙදනාට අපේ සුබ පැතුම් ! (දිල්)

:       0       0

ටානියා Friday, 07 March 2014 05:39 PM

දීපිකා, ඔයා තමයි මගේ ප්‍රියතම ගායිකාව. ඔයා ඉස්සර ගවුමක් ඇඳගෙන ටී.වී එකේ ආජුතපර ලාහිලා සින්දුව කියනවා මට මතක් වෙනවා. ඔයාගේ කටහඬ ඇහුනත් හිත නිවෙනවා. ඔයාගේ නව නිර්මාණ බැලීමට මම ලංකාවේ නැතත් අන්තර්ජාලයෙන් නිතරම ඔයාගේ සින්දු අහනවා. තෙරුවන් සරණයි!(නධී)

:       0       0

කාන්ති Wednesday, 05 March 2014 01:35 PM

ඔබලාට හද පිරි සුබ පැතුම් (දිල්)

:       0       0

කුමාර ජයසිංහ Sunday, 16 March 2014 03:20 AM

මගේ ප්‍රියතම ගායිකාවන් දෙදනා. සුබපැතුම්! ලංකාවේ නැති එක දුකකි.(නදී)

:       0       0

පද්මසිරි ජයසේකර Friday, 07 March 2014 09:40 AM

ඔබ දෙදෙනාට උණුසුම් සුබ පැතුම් දීපිකා නංගී මම ඔබේ අයියගේ යාලුවෙක්. එදා මම ඔබව දුටුවේ පාසල් යුවතියක්ලෙස ,දැන් ඔබ රටට හිමි උන විශාරද වරියක් ,තවතවත් සිංහල සුභාවිත ගී වලට ඔබෙන් අත්වැලක් වේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2081 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2193 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2756 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5792 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1890 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6526 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18450 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site