IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දුප්පතාට ලන්ඩන් පන්සලෙන් නත්තල්

ජීවිතයක් ගෙවන අසරණයන් සඳහා ආහාර පාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට ලන්ඩන් බෞද්ධ  විහාරය මේ වසරේද සැරැසෙයි.
යන එන මන් නැතිව මහපාරේ ජීවත්වන මොවුන්ගේ සැපදුක් බලා ගන්නා ස්වෙච්ජා සංවිධානයක මාර්ගයෙන් මෙම භාණ්ඩ මෙසතිය පුරා බෙදා දෙයි. ලන්ඩන් විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේ මුළු එංගලන්තයම  උත්සව සිරියෙන් ඇළලී යන මේ සති කිහිපයේ එවන් ප්‍රීතියක් භුක්ති විදීමේ වාසනාවක් නොමැති බොහෝදෙනකු හුදකලාව මහ පාරේ සිතාගන්නට තරම් අසීරු කර්කශ ජීවිතයක් ගෙවන බවයි. එංගලන්තය වැනි මෙතරම් දියුණු ජනසමාජයක එවැනි තත්වයක් ඇතිවීම ඉතාම දුක්ඛදායක බවද ඒ හිමියෝ.
මෙයට හේතුව සොයා සොයා ප්‍රශ්න කරනවාට වඩා එවැනි අසරණ තත්වයකට පත්වී ඇති උදවියට හැකි අයුරින් උපකාරයක් කිරීම වැදගත්වන බවත් මේ ගැන විහාරස්ථානයේ දායක දායිකාවන්  සමග සාකච්ඡා කොට මෙම වැඩපිළිවෙල සුදානම් කළ බවද උන්වහන්සේ පැවසුහ.
හිඟාකෑම  එංගලන්තයේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් නිසා මෙවැන්නන්ට කිසිවෙකුගෙන් ප්‍රසිද්ධීයේ පිනට යමක් ලබා ගැනීමද අසීරු කරුණක් වී ඇත.මෙලෙසින් මහපාරේ ජීවත් වීමට සිදුවී ඇති බොහෝ දෙනා ඉංග්‍රීසි ජාතික තරුණයෝය.



අදහස් (0)

දුප්පතාට ලන්ඩන් පන්සලෙන් නත්තල්

සුරංග Monday, 17 December 2012 04:38 PM

ඇයි අපි අපිටම අපහාස කරගන්නේ? (නි)

:       0       0

අමරා ඉරංගනී Tuesday, 18 December 2012 01:24 AM

දීමනම් ඉති උතුම්ය. හැමෝම මනුෂ්‍යයෝය (ස)

:       0       0

වරුණ Monday, 17 December 2012 12:15 PM

ලන්ඩන්වලත් ඉන්නවද අ‍ප්පා මෙහෙම අය (ස)

:       0       0

චන්න Monday, 17 December 2012 05:07 PM

ඔවු. මේක සත්‍යයයි. (නි)

:       0       0

චින්තක Monday, 17 December 2012 12:26 PM

හොඳ වැඩක් (ස)

:       0       0

මාලා Tuesday, 18 December 2012 03:26 AM

කාලිංග මහත්තයෝ ...මෙහේ ඉන්න අයගේ හම සුදු වුණාට මෙයාලත් අපි වගේම නැගෙන හිර ‍යුරෝපයෙන් ආපු අය (ස)‍‍

:       0       0

නිමල් Tuesday, 18 December 2012 03:27 AM

ජාතික සමගිය තමයි ඉතා වැදගත් (දී)

:       0       0

රීටා Tuesday, 18 December 2012 03:33 AM

හම සුදු වුණත් මෙයාලා හුගදෙනෙක් නැගෙනහිර යුරෝපීය රටවලින් ආපු අය. (නි)

:       0       0

අශෝක Monday, 17 December 2012 05:19 PM

නම,ගම දාගන්න නෙමෙයි, නමුත් මම හිතනවා මම උපන් බිමට​ මමත් මගේ දරුවනුත් නොකළ උපකාරයක් නොමැති තරම්. ඒත් හිතරිදෙන දේවල් තමයි පෙරළා ලැබෙන්නෙ. නමුත් දැන් නොදන්නා පළාත් වල නොදන්නා අයට අපි මුලු හිතින්ම තවමත් ඒ විදියටම කරගෙන යනවා. ඉන්න වහලක් නැති, අදින්න ඇදුමක් නැති ඕනෑතරම් පවුල් මම දැකලා උදව් කරලා තියෙනවා. කොළඹ අවට කාගෙන් හරි ඉල්ලන්නවත් පුලුවන්. ඒත් එහෙම අහල ගම් හතකින්වත් යමක් ඉල්ලන්න බැරි ගම්මාන බොහොමයක් තියෙනවා කියල ඔයා දන්නෙත් නැතිව ඇති, ලංකාවෙ හිටියට​. (නි)

:       0       0

උදයංග Monday, 17 December 2012 01:06 PM

සුපුරි හිඟන්නෝ (ස)

:       0       0

භානුක Monday, 17 December 2012 05:54 PM

ආගම අතර සමගිය (දී)

:       0       0

ලලිත් - කටාර් Monday, 17 December 2012 01:06 PM

අපේ හාමුදුරුවනේ, මොනවා වුණත් යහපත් කුසල් ක්‍රියාවක්. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 17 December 2012 01:07 PM

මෙහෙ දුප්පතුන්ටත් නත්තල් දුන්නා පෙට්‍රල් වැඩිකරලා. අපි ඉතින් දීපු අයගේ ගුණ ගයමින් නත්තල් සමරනවා. (නි)

:       0       0

දයාරත්න Monday, 17 December 2012 01:14 PM

ජාතික සමගිය

:       0       0

කාලිංග Monday, 17 December 2012 06:03 PM

ලංකාව කොච්චර දුප්පත් වුණත් අපේ රටේ තරුණයන්ට ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න වෙලා නැති එක ගැන සතුටුයි. ඒත් එංගලන්තය වගේ ධනවත් රටකට ඔයවගේ තත්වයකට මුහුණ දෙන්ට වුණා කියන්නේ අපේ රටේ තරුණ පරම්පරාවටත් ඉදිරියේදි ඒවගේ තත්වයක් ඇතිනොවෙන්නට වගබලාගන්න රටේ පාලකයින්ට ඒක හොඳ පාඩමක් වෙයි. (නි)

:       0       0

මුතු Monday, 17 December 2012 01:16 PM

වරුණ වෙන කවුද ? ඔව් ඉතින් ලංකාවෙන් ගිය අයම තමයි.(ස)

:       0       0

තිස්ස Monday, 17 December 2012 01:23 PM

ලෝකෙටම ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

ජීවන්ත (සෞදි අරාබියේ සිට) Monday, 17 December 2012 01:45 PM

අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ දුප්පත්, නැති බැරි මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරයි කියලා. ලෝකේ හැම රටකම මෙහෙම මිනිස්සු ඉන්නවා. අපේ හාමුදුරුවෝ සහ මේ සදහා දායක වුණ සෑම දෙනාටම බොහොම පින්. (නි)

:       0       0

හිල්ම් Monday, 17 December 2012 01:52 PM

ඉතා මත් අගය කලයුතු වැඩක් (දී)

:       0       0

දුමින්ද Tuesday, 18 December 2012 08:58 AM

ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

අශෝක Monday, 17 December 2012 02:22 PM

මේ විදිට ලංකාවෙ අයටම අපහාස කරන්න එපා මුතු. යුරෝපයේ සමහර රැකියාවන් කරන අයත් නිවසක් නැතිව පාරේ ඉන්න හැටි මේ ළඟදි දවසකත් ටීවී එකෙන් දැක්කා. යුරෝපය කිව්ව ගමන් සුරපුරයක් කියලා හිතන්න එපා. හම සුදු වුණාට ඒත් මිනිස්සු කොටසක්. ලංකවෙන් ඇවිත් ඉන්න බොහොම අය 95% කටම ඉන්න තැනක් තියෙනවා. (නි)

:       0       0

අශෝක Monday, 17 December 2012 02:30 PM

මේ විදිට ලංකාවෙ අයටම අපහාස කරන්න එපා මුතු. යුරෝපයේ සමහර රැකියාවන් කරන අයත් නිවසක් නැතිව පාරේ ඉන්න හැටි මේ ලඟදි දවසකත් ටීවී එකෙන් දැක්කා. යුරෝපය කිව්ව ගමන් සුරපුරයක් . කියල හිතන්න එපා. හම සුදු උනාට ඒත් මිනිස්සු කොටසක්. ලංකවෙන් ඇවිත් ඉන්න බොහොම අය 95% කටම ඉන්න තැනක් තියෙනවා. අපිත් මේ වගේ දේවල් වලට උදව් කරනවා. නමුත් මටනම් තවම පාරෙ මේ විදියට ඉන්න ලංකවෙ අය​ හම්බවෙල නැහැ (ස).

:       0       0

ලකී Monday, 17 December 2012 02:39 PM

අශෝක වැඩි ඈතකට යන්න ඕනි නෑ කොළඹට ඇවිත් බලන්න (ස)

:       0       0

කමල් Monday, 17 December 2012 02:45 PM

හම සුදු වුණාට මොවුනුත් මනුෂ්‍යයෝ (අශෝක ඔබව අගේ කරමි) රට, ජාතිය, හම දෙස නොව අසරණය බව දෙසයි බැලිය යුත්තේ, පිහිට වීම වැදගත්, ඉතා හොදයි. මුතු ඔබේ අදහස අමුතුයි කැතයි. (ස)

:       0       0

මුතු Monday, 17 December 2012 08:51 PM

ආගම් අතර ගැටුම ඇතිකරන අයට හොද පාඩමක් (දී)

:       0       0

ප්‍රසන්න Monday, 17 December 2012 09:05 PM

දුක සැප නිති පෙරලේ - රිය සක ලෙස ලෝකේ (ස)

:       0       0

කුරුවිට Monday, 17 December 2012 03:31 PM

ලකී, ඉස්සෙල්ලා ප්‍රවෘත්තිය හරියට කියවලා බලන්න. (නි)

:       0       0

දර්ශන Monday, 17 December 2012 03:41 PM

ඒවා හොද වැඩ

:       0       0

නන්දලාල් Monday, 17 December 2012 03:55 PM

සන්තෝසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1223 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 249 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2179 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1219 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 442 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site