IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


‘‘දුප්පත් රට පොහොසත් කරන ආණ්ඩුවක් හදමු‘‘

(අයි ආර් ඉන්දික)

ඔක්කොම හොද වුණ රටේ හොද ආණ්ඩුවක් හැදිය යුතුයි. ඔක්කමෙ හොද වුණ රටේ හොද පාලකයෙක් ඇති කළ යුතුයි.  ඒ සඳහා සැප්තැම්බර් 21දා මේ ඔක්කෙම හොද වුණ රටේ හොද ආණ්ඩුවක් හොද පාලනයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් සියලු දෙනා එක්ව නිර්මාණය කල යුතුයැයි ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා වැල්ලවායේදී පැවැසීය.  

ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජලබලවේගයේ වැල්ලවාය ආසනයේ සංවිධානය කළ ජන රැලිය අමතමින් ඒ මහතා එම අදහස් පළ කර සිටියේය. 

වැල්ලවාය බස්නැවතුම්පොළ පරිශ්‍රෙය්දි  මෙම ජන හමුව පවත්වන ලදි.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය .

මම ආවේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජන බලවේගයේ අපව ජයග්‍රහණය කරවන්න කියලා ඉල්ලන්න .

මට පේන්නේ බලපුවම ඉල්ලන් දෙයක් නෑ. සියලු දෙනා පෙළ ගැහිලා ඉන්නේ අනිවාර්යෙන්ම සප්තැම්බර් මාසේ 21 වෙනිදා ජයග්‍රහණය අත්පත්කරගන්නයි.මහන්සිවෙන්න වැඩකරන්න  ඔබලාගේ මුහුණූ දිහා බැලුවම ඒක පේනවා .

අපි කවුරුත් දන්නවා මේක අපේ ජිවිත කාලේ එන පළවෙනි ජන්දය නෙවෙයි කියලා .

මේ රටේ ජනතාව ආණ්ඩු හදලා තියෙනවා ආණ්ඩු පෙරලලා තියෙනවා නායකයන් ගෙනල්ලා තියෙනවා නායකයෝ මාරු කරලා තියෙනවා හැබැයි අපි ආපහු බලනකොට මොක්ද අපේ රටේ ඉතුරුවෙලා තියෙන ශේෂ පත්‍රය.

මොකක්ද වුණේ අපේ රට දුප්පත් වුණ රටක් .  ණය ගෙවාගන්න බැරි රටක් . බිත්තර ටික හදාගන්න බැරිව බිත්තර ටික රටෙන් ගේන රටක්

රට වටේ මහා මුහුදක් තිබුනට ලුනු ටික හදාගන්න බැරැව ලුනු ටික ආනයනය කරන රටක් . ලුණූ ටික නිෂ්පාදනය කරගන්න බැරැව ලුණූ ටික ආනයනය කරන රටක්. බෙහෙත් ටික තෙල්ටික ගෑස් ටික ගෙන්නගන්න බැරුව හිටපු රටක්. ඒ කියන්නේ  මොකද වෙලා තියෙන්නේ ඒ ගොල්ලෝ රට පාලනය කළා. හැබැයි රට දුප්පත් රට විතරද දුප්පත් . ආණුඩුවත් දුප්පත් ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ . පඩි ගෙවා ගන්න විදිහක් නෑ දුප්පත් .ඉස්පිරිතාල වල බෙහෙත් දෙන්න සල්ලි නෑ දුප්පත් .ඉස්කෝලවලට පහසුකම් දෙන්න සල්ලි නෑ දුප්පත්. පාරවල් ටික හදන්න සල්ලි නෑ දුප්පත්. ඒ කියන්නේ රටත් දුප්පත් ආණ්ඩුවත් දුප්පත් .ජනතාව ජනතාවත් දුප්පත්.ඒ කියන්නේ අපේ රටේ විශාල පිරිසකට හරි හමන් ආහාර වේලක් ගන්න විදිහක් නෑ දුප්පත් .නොතෙමි ඉන්න වාතාශ්‍රයක් සහිත නිවාසයක් හදාලන්න බෑ දුප්පත්. 

කෘෂිකර්ර්මාන්තය කරන ගොවියා ආදායම අරගෙන වි ටික විකුණනවා ණය ගෙවනවා. අතේ පිච්චියක් ඉතුරුවෙන්නේ නෑ දුප්පත්. බෙල්ලේ තියෙන් චේන් එක තියෙනවද නෑ බැංකුවේ තියෙන්නේ . දාපු මගුල් මුද්ද බැංකුවේ දුප්පත්. මගුල් දවසේ මුද්ද දැම්මා ජිවිත කාලෙම ඇගිල්ලෙ තියෙන්නෙ කියලා . දැන් ඒක වැඩි කාලයක් තියෙන්නේ කොහෙද බැකුවේ . හරියට බැංකුව කසාද බැන්දා වගේ.

පොඩිඑකාගේ බෙල්ලේ බැදපු තැල්ල කොහෙද කියෙන්නේ බැංකුවේ දුප්පත්. දැන් රට පාලනය කලා මොකද වෙලා තියෙන්නේ ආණ්ඩුව දුප්පත් රට දුප්පත් ජනතාවත් දුප්පත් හැබැයි මේකේ නායකයෝ දුප්පත් ද නෑ. මොකද කළේ රට දුපපත් කළා . ආණ්ඩව දුප්පත් කළා.ජනතාව දුප්පත් කළ. ඒගොල්ලෝ පොහොසත් වුණා. ඔන්න අපේ රටට සිද්ධවෙච්චි දේ .

දැන් අපි පරණ පාර අමතක කරලා අලුත් පාරක් තොරගමු . කලින් රාජපක්ෂ බලයට ගේන්න උදව් කරපු අයගෙන් අපි ඉල්ලනවා . රනිල් වික්‍රමසිංහ බලයට ගේන්න උදව් කරපු අයගෙන් අපි ඉල්ලනවා. පරණ කතා අත්අරිමු . ඒ අය මොකද කළේ. රට දුප්පත් කළා ජනතාව දුප්පත් කළා. අපි ආණ්ඩුවක් හදමු ලංකාවේ පළවෙනි වතාවට රට පොහොසත් වෙන ආණ්ඩුව පොහොසත් කරන ජනතාව පොහෙසත් වෙන ආණඩුවක් හදමු .



අදහස් (9)

‘‘දුප්පත් රට පොහොසත් කරන ආණ්ඩුවක් හදමු‘‘

Chathuri Monday, 26 August 2024 05:34 AM

මේ බුද්ධිමත් ජනතාව. මේ විදියටම අවසානය දක්වා ඉදලා අනුර කුමාරව ජනාධිපති කරවන්න දුප්පතාගේ දුක දන්නේ තරුණ බුද්ධිමත් තරුණයෙක් මිසක් වයසක උදවිය නෙමේ

:       20       18

යෝගා Monday, 26 August 2024 06:07 AM

කරන ක්‍රමය කියන්නකො. නැත්නම් බංගලාදේශය වගේ පොහොසත් රටක් කරනවා කියල හිතාගන්නද ?

:       14       19

Nishan Monday, 26 August 2024 06:53 AM

තමුන්නාන්සේලාගේ පක්ෂේ නායකයන්ගේ විතරක් නෙවෙයි දැන් දැන් සාමාජිකයන්ගේත් ඇඳුම්, පැළඳුම්, යාන වාහන වියදම්, ප්‍රචාරක රැස්වීම් වල වියදම් දිහා බැලුවොත් නම් කිසිම දුප්පත්කමක් පේන්නේ නෑ. වෙන කිසිම දේශපාලන පක්ෂෙක දකින්න නැති අති විශාල ධනස්කන්ධයක් ඒවා වෙනුවෙන් වියදම් කරන බව පේනවා. සමහරවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටේ ආර්ථිකය ගොඩ දාපු නිසාද දන්නේ නෑ. තමුන්නාන්සේලා පෝසත් වෙලා අනිත් මිනිස්සුන්ගේ දුප්පත්කම විකුණලා දේශපාලනය කරන්න එපා. ඒක මහ තුච්ච, ජඩ වැඩක්.

:       11       23

Prabath Monday, 26 August 2024 08:41 AM

ට්‍රාන්ස්ෆෝමර්, බස්, කෝච්චි, සහා ගෙවල් ගිනි තියාලද? උඹලාම රට අවුරුදු 65 ක් ආපස්සට අරන් ගිහින් දුප්පත් කරලා දැන් හදන්න හදනවා

:       52       43

janahitha uaeMonday, 26 August 2024 11:14 AM

නොදකින් හොරුන්ට කඩේ යන බත්බැලයින්... මූසලයින්...

:       23       7

Vithana Monday, 26 August 2024 10:12 AM

මේ රැස්වෙලා ඉන්නේ ලංකාවේ රැවටෙන කොටස. ගිය සැරේ ගෝඨාට රැවටිලා මේ සැරේ අනුර කුමාරට රැවටෙන්න බලන් ඉන්නවා.

:       17       19

Neel Monday, 26 August 2024 11:58 AM

ට්‍රාන්ස්ෆෝර්ම බස් ගීනී තිබීබ නිසාද රට අවුරුදු 76 ක් ආපස්සට ගීයේ... අපි ඇත්ත කතාකරමු.. මම මාලිගාවට මේ පාර ඡන්දය දෙනවා...!

:       19       27

Roshan Monday, 26 August 2024 12:02 PM

බස්, කෝච්චි, ට්‍රාන්ස් ෆොමර්, පුස්තකාල, රජයේ ගොඩනැගිලි, පාසල්, රජයේ සම්පත් ගිනි තියලා... රජයේ සේවකයින් මරලා... දැන් එනවා රට හදන්න...

:       20       19

Priyantha Dissanayake Monday, 26 August 2024 04:08 PM

වර්ථමානයේ තරුණ පිරිස ඔබලා ගැන නොදන්නවා වුණාට ඔවුන්ගේ දෙමාපියන්ට හොඳට මතකයි... රට පොහොසත් කරන්න ඔබතුමාලා ගත්තු උත්සාහය...

:       7       12

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 196 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 200 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 135 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 633 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 156 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මෛත්‍රී ඝාතන තැතේ චෝදනා වසර 15කට පසු ගොනු කරලා
2025 අප්‍රේල් මස 28 566 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1009 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site