IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘දුප්පත් සිසුවා මුල්ලට දාලා’

පෞද්ගලික විශ්ව විද්‍යාල ගොඩ නඟමින්,  අධ්‍යාපනයට වැය කරන මුදල්  කප්පාදු කරමින්,  රජය ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීමට  සියලු සිසුන්  ජාති ආගම් බේද ඉවත දමා එකමුතු විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා ජාතික ශිෂ්‍ය වීර දින සමරු දේශනය පවත්වමින් පැවසීය.

ලංකාවේ  දහදිය හෙළන මව්වරුන්ගේ දරුවන්ට හරි හැටි පාසලක්වත් නැතිව සිටියදී වෙල්ගම ,ලක්ෂ්මන් යාප ,බර්ටි දිසානායක ,ජයරත්න හේරත් ,ජනක බණ්ඩාර,මර්වින් විජේමුණි,අගමැති , ජනාධිපති ආදීන්ගේ දරුවන් පිටරට අධ්‍යාපනය ලබා ඇතැයි ද ඔවුන් ඡන්දය ඉල්ලීමට ලංකාවට එතියිද ඔහු කියයි.

නිද්‍රාශිලී සමාජය  අවධිකළ යුත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් බවද ඔහු කීවේය.

 

 

 



අදහස් (0)

‘දුප්පත් සිසුවා මුල්ලට දාලා’

අනුර ශාන්ත Monday, 23 June 2014 09:34 AM

මෙහි අදහස් දක්වා ඇති අයගේ තරාතිරම් නම් මම දන්නේ නැහැ. නමුත් නිදහස් අධ්‍යාපනයට පින්සිදුවෙන්ට රටේ ඉහලම තනතුරු දරමින් සිටින උදවියත් නිදහස් අධ්‍යාපනය වලදාන්න කතා කියනකොට මෙහි අදහස් දක්වා ඇති අය කෙරහි මොන කතාද.(නදී)

:       0       0

හංසි Monday, 23 June 2014 09:39 AM

මහින්ද , ඔබගේ අදහස තමයි මෙහි නියම යථාර්තය. මේගොල්ලන්ගේ කතාව රන් දෝලාවෙන් ඒ උනාට ගමන නම් තුවාල වෙච්ච නාගයාගේ වගේ. මේ අය 1971 ඉඳලා ප්‍රතිපත්ති ප්‍රකාශන නම් කීයක් ඉදිරිපත් කළාද?.තව කීයක් හෙට අනිද්දා වෙනකොට දායිද දන්නේ නෑ. ඒවා දාන්න වෙනම අංශයක් රාජ්‍ය ලේඛනාගාරයේ අරින්න වේවි. (නදී)

:       0       0

නිර්මල Monday, 23 June 2014 09:40 AM

පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමිතියකින් ක්‍රියාත්මක විය යුතුයි. සමහර විශ්ව විද්‍යාල සිසුන්ගේ තිබෙන්නේ කුහක විප්ලවීය අදහස් විය හැක. එ් කෙසේද යත් ප්‍රමිතියෙන් යුතු විශ්ව විද්‍යාල බිහිවූ පසු රැකියා වෙලද පොලේ තරගකරුවන් සංඛ්‍යාව වැඩි වන බව දන්නා නිසා සමාජවාදය හරහා තම ධනවාදය ලගා කරගැනීමට උත්සාහ දැරීමයි (නදී)

:       0       0

විපුල Monday, 23 June 2014 09:48 AM

ආණ්ඩුව බය නැතුව පුද්ගලික අධ්‍යාපනයට පන දිය යුතුයි. ඒ වගේම දුම්රිය දෙපාර්තුමේන්තුව වැනි ආයතන අර්ද පුද්ගලික විය යුතුයි. අපිට අනාගතය දකින ආණ්ඩුවක් ඕනා. ඒ වගේම දුෂණයෙන් තොර ඇමති මන්ඩලයකුත්, නිවැරදි තීරණ ගත හැකි, නායකයෙකුත් ඔනෑ (නදී)

:       0       0

ඇසළ Sunday, 22 June 2014 09:16 PM

ජ වී පෙ බන හොදයි දැන් කොන්ඩේ බැඳපු චින්නුට. අපි ඔය බන 71 ඉදලම අහල තියනවා. නිකන් අසරණ තරුණ ජීවිත බිලි දෙන්න එපා මෝඩයිනේ. (නදී)

:       0       0

ගයාන් Monday, 23 June 2014 09:57 AM

දැනටත් එහෙම නෙවේද ? පුළුවන් කෙනා රට ගිහින් ඉගෙන ගන්නවා. නැති කෙනා නෑ. පුද්ගලික විශ්ව විද්‍යාල එන එකෙන් කට්ටිය යන එක අඩු වෙන එක සහ වියදම අඩු වෙන එක වෙනවා. ශිෂ්‍යත්ව 10 හරි දුන්නොත් දුප්පත්, දක්ෂ ළමයි 10 හරි තව ඉගෙන ගනී. හැම දේම නරක දේ විතරක් දකින එක මේ ගොල්ලන්ගේ සිරිත (නදී)

:       0       0

චින්තක Monday, 23 June 2014 10:13 AM

මමත් කැලණිය කැම්පස් එකේ හිටියේ. මුල්ම දේ තමා ශිෂ්‍ය ව්‍යාපාරයේ රැස්වීමකට ඇයි අනුර කුමාරව ගෙන්නුවේ ? එ්කෙන්ම මෙයාලගේ දේශපාලන සම්බන්ධතාවය පැහැදිලි වෙනවා. ඒ වගේම ඔය ශිෂ්‍යයෝ අධ්‍යාපනය රැක ගන්න උද්ඝෝෂණ කරන්නේ නෑ. මට මේ කවුරු හරි කියන්න බලන්න මෙන්න මෙහෙම උද්ඝෝෂණ කරපු දවසක්. "අපේ පාඨමාලා ඉංගිරීසියෙන් උගන්නපියව්", "නිකම් ඉන්න අපිට හැකි තරම් උගන්නපියව්"."අපිට මීට වඩා අමාරු, නවීන දේවල් උගන්න්පියව්"...ඔහොම උද්ඝෝෂණ කරන්නේ නෑනේ. ඒකෙන්ම තේරෙනවා මේ බොරුව.(නදී)

:       0       0

නිලංග Monday, 23 June 2014 10:31 AM

දුප්පත් කම කියන්නේ රටට බරක් වෙන්න නිදහසට හේතුවක් නෙවෙයි. පිට රටවල සරසවි සිසුන් කම්කරු රැකියා කරමින් තමන්ගේ අධ්‍යාපන වියදම් සොයා ගන්නවා. සමහරු කරන්නේ අපේ ව්‍යවහාරයෙන් කසල ශෝධක රැකියා. ලංකාවේ උදවිය අනේ අපි දුප්පත්. ඒ නිසා ආණ්ඩුවෙන් අපිට බෝඩිමේ බෙඩ් ශීට් එකේ ඉඳලා සපයලා දෙන්න ඕන කියා කියා නිකන් ඉන්නවා. ඒ ඉන්න ටිකත් පිකටින් කර කර පාරවල් අවහිර කර කර නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියලා මොර දෙනවා. හැකි ඉක්මනින් තමාගේ ඉගෙනීම අවසන් කර රැකියා සොයාගෙන , තමන්ගේ බරෙන් ආණ්ඩුව සහ බදු ගෙවන ජනතාව නිදහස් කරන්න ඕන කියලා හිතන්නේ නැහැ. (නදී)

:       0       0

නෙළුම් Sunday, 22 June 2014 09:50 PM

මම නම් කවුරු මොනවා කිවුවත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ (නි)

:       0       0

විරාජ් Sunday, 22 June 2014 10:17 PM

බොහොම හොඳ කතාවක් (නි)

:       0       0

රවීන් Sunday, 22 June 2014 10:31 PM

මේ අදහස් දාලා තිබෙන සමහර අයට අතීතය අමතක ඇති නේද? (නි)

:       0       0

නීල් Sunday, 22 June 2014 10:35 PM

අපි අතීතය මෙන්ම වර්තමානයේද වෙනස බොහොම හොඳින් දනිමු (නි)

:       0       0

සොනාලි Monday, 23 June 2014 11:19 AM

ඉස්කෝලේ පිස්සු නටන එකා ටියුෂන් පන්තියේදී හොදට ඉගෙන ගන්නවා. මම නම් කියන්නේ නිදහස් අධයාපන කප්පාදුව අපේ රටට අවශ්‍ය බවයි. පිටරටක උපාධ්යක් කරන්න ගියාම දොර ලග ඉදල සල්ලි තමා. අර ෆීස්, මේ ෆීස් කියල. ඉස්කෝලෙත් නිකම් ඉගෙනගෙන කැම්පස් එකෙත් නිකම් උගන්වනකොට මේ වගේ වටිනාකම ගැන හිතන්න ඉගෙනගන්නේ නැහැ. අපේ රටෙත් රජයේ විශ්ව විද්‍යාල වල පාඨමාලා ගාස්තුවත් අය කර ගැනීමේ ක්‍රමයක් ඇති කළොත් සිසුන් අනුරලගේ දේශනා වලට සහභාගී නොවනු ඇත. (නදී)

:       0       0

සුනිල් විතානගේ Sunday, 22 June 2014 03:58 PM

මෙවන් කතා කියන්නේ නැතුව හිටියොත් හොදයි (දී)

:       0       0

බටන්ගල Monday, 23 June 2014 11:30 AM

අන්න බලන්න මෙතන ජේ.වී.පී එකට ඡන්ද කීයක්ද? තව දෙමාපියෝ, නෑදෑයෝ, යාලු මිත්‍රයෝ, මධ්‍යස්ථ ඡන්ද එකතුවුණාම ? (නදී)

:       0       0

සිරි Monday, 23 June 2014 11:34 AM

ජ.වී.පෙ. නායකයා මැති සබේදී මන්ත්‍රී වරුන්ගේ ප්‍රශ්න ඇසීමේ කාලයේදී අසන ප්‍රශ්න වලින් බහුතරය අහන්නේ කුහක ප්‍රශ්න. පෞද්ගලිකව මඩගහන ප්‍රශ්න. දුප්පත් වැසියාගේ එදිනෙදා ජීවිතයට රුපියල් පහකවත් වටිනාකමක් නැති ප්‍රශ්න. සමහර වෙලාවට එයාටවත් කිසිම වැදගම්මක් නැති ප්‍රශ්න. ප්‍රශ්න අනිවාර්යයෙන්ම ඇසිය යුතුයි. විවාදයක් නෑ. එහෙත්, අනේ මන්දා? සහෝදරයා, නරකද ඉංග්‍රීසි චතුරව (බණ්ඩාරනායක ලලිත් ඇතුලත්මුදලි , සුමන්තිරන් මහත්වරුන් වැනි අයවගේ) කතා කරන්න ඉගෙන ගත්තනම්. එතකොටවත් විශ්වයට විවෘතවෙලා දැනුම, බුද්ධිය ප්‍රසාරණය වෙලා මීට වඩා ධනාත්මක සිතුවිලි පහල වෙයිනෙ.(නදී)

:       0       0

චන්ද්‍රා Monday, 23 June 2014 11:34 AM

ඔයාල තමා මේකට වගකියන්න ඕනා. ළමයින්ට ඉගෙනගන්න දෙන්නේ නැතුව ඔලු කුරුවල් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

රුචිර ලංකා Monday, 23 June 2014 11:35 AM

මේ තියෙන්නේ ජනතාවගේ අදහස්. අනුර දිසානායකලට මේවා තැපැල් කරලා අරින්න. මිනිස්සු එයාලගේ බන අහන්නේ නෑ කියල එතකොටවත් තේරුම් ගනීවි. (නදී)

:       0       0

සනත් Sunday, 22 June 2014 04:10 PM

අහගෙන ඉන්න අමාරුයි නේද සුනිල්? ඇත්ත තිත්තයි කියල කියමනක් තියෙනවා. (දී)

:       0       0

සොනාලි Sunday, 22 June 2014 11:35 PM

රටකට පෞද්ගලික විශ්ව විද්‍යාලද තිබිය යුතුයි. ටිකක් වැඩිපුර හිත කය වෙහෙසා යමක් කමක් හොයාගත් මිනිසාට තමාගේ දරුවාට මුදල් ගෙවා ඉගෙනගැනීමට තැනක් මේ රටේම ඇත්නම් එහි ඇති වරද මොකක්ද? (නි)

:       0       0

සුලක්ෂි Monday, 23 June 2014 05:42 PM

ඇත්ත තමයි මහත්තයෝ (නි)

:       0       0

ගයාන් Monday, 23 June 2014 12:11 PM

රුචිර ලංකා ගේ අදහසට එකඟ වෙනවා. මේ ගොල්ල මේවා දන්නවා ඒත් හිතන්න ඉගෙන ගෙන නෑ. හැම දේශපාලුවෙක්ම අඩු වැඩි වශයෙන් මෙහෙම තමා (නදී)

:       0       0

ගමනායක Monday, 23 June 2014 12:01 AM

තව ටික දුරයිනෙ. ඔහොම යමු. (නි)

:       0       0

සම්පත් Monday, 23 June 2014 12:22 AM

එදා වේල කන්නවත් නැති අපි කොහොමද ළමයින්ගේ විශ්ව විද්‍යාල වලට සල්ලි ගෙවන්නේ? (නි)

:       0       0

ගයාන් Sunday, 22 June 2014 04:42 PM

දුප්පත් අයට තියෙන්නේ තාක්‍ෂණය විෂය කරලා පෙදරේරුවෙක් වෙන්න. ඊට පස්සේ තව පාරක් කපටි දේශපාලකයෙක්ගේ පස්සෙන් හිහින් ජයවේවා කියන්න. (නදී)

:       0       0

සොනාලි Sunday, 22 June 2014 04:43 PM

සෝමවංස මහත්තයාගේ දරුවෝ ඉන්නේ කොහෙද? ලන්ඩන් වල. අනුරපුරේ ලාල් කාන්ත, අද දරුවෝ කොහෙද? අනුන්ට ඇගිලි එකක් දික් කරනකොට තමන්ගේ පැත්තට හතරක් දික් වෙනවා කියල හිතන්න මහත්තයෝ. (නදී)

:       0       0

මාලි Sunday, 22 June 2014 04:44 PM

88- 89 මේගොල්ලො කරපුවා අපිට තාම මතකයි. මිනි මරුවො තමයි මේකෙ ඉන්නෙ. (නදී)

:       0       0

චින්තක Monday, 23 June 2014 06:25 PM

මොනවා නැතත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. (නි)

:       0       0

රේමන්ඩ් Monday, 23 June 2014 12:39 PM

හුගක් උත්තර කුහකයි. නමුත් විශ්ව විද්‍යාලවල කරන නවක වදය නැවැත්වීමට ඔබතුමන්ලා දායක විය යුතුයි. මොකද අන්තරය ඔබලාට අැහුන් කන් දෙන නිසා. ඔබලාට පුළුවන් සියලු නවක සිසුන් උත්සවයක් පවත්වා ඔවුන් පිළිගන්න. එවිට ඔවුන් ඉගෙනගෙන රටට වැඩදායක ඔබේ මතය ජනතාව අතරට ගෙන යනු ඇත. නැතිනම් විශ්ව විද්‍යාල තුල විප්ලවවාදෙන් එලියට ගියවිට දානපතියන් වනු ඇත. සැමදාම ඔබේ පක්ෂය එකතැන පල්වෙනු ඇත ජනතාව දුක්විදුනු ඇත. (නදී)

:       0       0

රුක්මන් Sunday, 22 June 2014 05:02 PM

පිටරට ගිහින් ඉගෙනගෙන එහෙ පදිංචි වෙලා සැප ගන්න පුළුවන් වෙලත් ලංකාවේ දේසපාලනයට එන එක ගැන සතුටු වෙන්න ඕනි. අනික ඉගෙනගෙනනේ එන්නේ. මේ අනුර කුමාරලා නොදකින පැත්තක් එතන තියනවා. දැන් ලෝකේ යන අතට ඔය දුප්පත් නැති බැරි වචන සෙට් එක දාල දේසපාලන වාසි ගන්න බෑ. ප්‍රයෝගික ලෝකෙට මේ දේශනා ගැලපෙන්නේ නෑ. (දී)

:       0       0

අනුර මාදව Sunday, 22 June 2014 05:15 PM

ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර තිබිය යුතුය. නමුත් ඒවා ජනතා විමුක්ති පෙරමුණෙන් විබේදනය වී ස්වාදීන විය යුතුය. (නදී)

:       0       0

බිමල් Monday, 23 June 2014 03:37 AM

හීනමානය අති භයානක දෙයක්. (නි)

:       0       0

ශේන් Monday, 23 June 2014 04:02 AM

අපිට නම් අතීතය කියන දේ හොඳට මතකයි (නි)

:       0       0

කමල් Monday, 23 June 2014 04:36 AM

එතකොට උසස් පෙළ හොදට සමත්වෙලා විශ්ව විද්‍යාලයට සහ පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න යන්න බැරි අයට මොකද වෙන්නේ? පෞද්ගලික විශ්ව විද්‍යාල තිබෙනවා නම් රැකියාවක් කරගෙන හරි ඉගෙනගන්න පුලුවන් (නි)

:       0       0

තිලක් දිසානායක Monday, 23 June 2014 04:50 AM

කාලිංග, මම ඔබ අගයමි (නි)

:       0       0

භානු Sunday, 22 June 2014 05:58 PM

ඉතින් ඒ අයට ඡන්දෙ දුන්නේ පිටරට උදවිය නෙවෙයි නේ. මෙතුමාත් හරිම කතා නේ කියන්නේ. (නදී)

:       0       0

හේමා Sunday, 22 June 2014 06:03 PM

දුප්පත් කම නැතිබැරිකම හැමෝටම පොදු දේවල්. උත්සාහයෙන් අද කාලයේ ඒවා ජය ගන්න උදවිය ඉන්නවා. දුප්පත් කම මාකට් කරලා අද ලබා ගන්න පුළුවන් දේවල් සීමිතයි . (නදී)

:       0       0

සමනල Monday, 23 June 2014 02:32 PM

කතාව නම් නියමයි මහත්තයෝ. හැබැයි ඔබ තුමාගේ හෙන්චයි කොලු රැළට කියන්න අහිංසක දරුවන්ට තමන්ගේ ඉගෙනීම කරගෙන යන්න දෙන්න කියලා. නිකන් උද්ගෝෂණ වලට පටලවා ගන්නේ නැතුව (නදී)

:       0       0

කවිදු Monday, 23 June 2014 06:37 AM

වැඩි ලකුණු ගන්නා සිසුන් රැකියාවක් කරන ගමන් පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙනීම වරදක්ද? ඔවුන්ගෙන් රටට බරක් නැහැ. අනෙක එවිට ඔවුන් තමන් සහ මව්පියන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් නිසා ඉගෙනීම අතපසු නොකර ,වර්ජන පිකටින් කරමින් මාර්ග අවහිර කරන්නේ නැතුව ඉගෙන ගනීවි. (නි)

:       0       0

බමුණු Monday, 23 June 2014 06:45 AM

හලෝ ඔයා මාර කතාවක් නේ කියන්නේ දුප්පත් සිසුනට තමයි රජයේ විශ්ව විද්‍යාල ඔක්කොම තිබෙන්නේ. සල්ලි ඇති කෙනා කෙනා පිටරට ගියාම තවත් අවස්ථා දුප්පත් සිසුන්ට ලැබෙනවා. වෙනස දුප්පත් සිසුන් සටන් කර කර ඉන්නවිට අනික් අය ඉගෙන ගෙන ඇවිත් රැකියා අවස්ථා ලබාගන්නවා. ඔබල මේ දරුවන් නොමගට යවනවා. දෙමාපියන්ගේ සල්ලිවලින් ඉගෙන ගන්න ළමයි දඩ මීමා කොරගන්න ඔබලාට බැහැ නේද? (නදී)

:       0       0

කවිඳු Monday, 23 June 2014 06:51 AM

දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අසු වී සරසවි වරම් නොලැබූ එහෙත් ඉහල ලකුණු ඇති සිසුන් සෑම වසරකදේම බිහි වෙනවා. පුද්ගලික විශ්ව විද්‍යාල තිබුනොත් රැකියා කරන ගමන් ඔවුන් ඉගෙන ගනීවි. කුමන ආකාරයට හෝ රටට බරක් නැති උගතුන් බිහි වීම , රස්තියාදු කාරයන් බිහිවීමට වඩා හොඳයි නේද ? (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 22 June 2014 06:43 PM

දේශපාලන විෂබීජ අධ්‍යාපන කේෂ්ත්‍රයට වැපුරුවයින් උනේ අහිංසක තරුණ ජිවිත බිල්ලට වැටුන එකනේ.(නදී)

:       0       0

මහින්ද Sunday, 22 June 2014 06:45 PM

අනුර බණ කියනවා​. වෛරය වපුරනවා. දුප්පත් ළමයි විශ්ව විද්‍යාලයට ගියාම ඒ අහිංසකයින්ට ඉගෙන ගන්න නොදී දේශපාලනයට ඇදල දානවා. තමන්ගෙ බඩ වඩා ගන්න හැමදාමත් දුප්පතුන් දඩ මීමා කරගන්න ජවිපෙ නායකයින්ගෙ දරුවො කොහෙද ඉන්නෙ කියල පෙන්නලම දේශණාව පටන් ගත්ත නම් හොඳයි. අනුර​ඊටත් වඩා ජවිපෙ නිර්මාතෘ විජේවීරයන්ගෙ දරුවො අද ඉන්න අසරණ තත්වය අමතක කළා මේ නායකයො කොහොමද රටේ දරුවන්ගෙ අනාගතය ගැන සිතන්නෙ. වරින් වර ප්‍රතිපත්ති වෙනස් කරමින් පක්‍ෂයේ අනන්‍යතාව පාවා දී රජුන් ,රැජිනියන් හා පොදු අපේක්‍ෂකයන් පසු පස ගොස් වැඩ වරද්දා ගත් පසු කයිවාරු කෙලීම කෙතරම් යුක්ති යුක්තද යන්න දෙවරක් සිතා බලන්න.(නදී)

:       0       0

මාලි Monday, 23 June 2014 08:15 AM

88, 89 මේ ගොල්ල රට විනාශ කරපු හැටි අමතකද ? (නදී)

:       0       0

ලුම්බිණි Monday, 23 June 2014 08:15 AM

දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ළමයින් රජයේ විශ්ව විද්‍යාල වලට ගැනීම තුලින් වෙන්නේ අඩු ලකුණු තිබෙන අයට විශ්ව විද්‍යාල වරම් ලැබීමත් වැඩි ලකුණු ඇති කෙනා (සල්ලි තිබේ නම්) පුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එකයි. (නදී)

:       0       0

ලංකා තිලක් Monday, 23 June 2014 09:04 PM

සමාජ වාදය කියන්නේ කුහක කමේ උපත..තියෙන එකාට ඉරිසියා කිරීම,.උට තියෙනවනම් මටත් උගෙන් අරන් හරි ඕන..මට නැත්නම් ඌටත් ඕන නැහැ කියන සංකල්පය කියල මම අහල තියෙනවා.නිකමට ඔය ගම්වල ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය දිහා බලන්න.ඒක ඇත්තක් නෙමෙයිද කියල. (අ)

:       0       0

විපුල Sunday, 22 June 2014 07:18 PM

ලංකාවේ දැන් දුප්පතු ඉන්නවද? මෙහෙ හැමෝටම ලම්බෝගිනි තියෙනවා,බඩගිනි නෑ.(නදී)

:       0       0

ලංකා තිලක් Sunday, 22 June 2014 07:41 PM

කියන්න අවශ්‍ය දේ මහින්ද කලින්ම කියලා. දුප්පත් සිසුවා මුල්ලේ ඉදල හරි තමන්ගේ වගකීම යුතුකම වටහාගෙන ඉගෙන ගනීවි. ඔබතුමන්ලාගේ ඔය කොන්තරත්කාරයෝ ටික උන්ට නිදාහසේ ඉගෙනීම කරගෙන යන්න ඉඩ දුන්නොත්. ඔබ තුමන්ලා කරන්නේ දුප්පත් එකා මුල්ලට නෙමෙයි මුල්ලෙනුත් වලට තල්ලු කරන එක. ඒකා වලට ඇද දාන තරමට තමයි ඔබතුමාලගේ පැවැත්ම තියෙන්නේ. වලෙන් ගොඩ දාන එකෙන් නෙමෙයි. ඒක මුළු රටම දන්නවා ඔබ තුමන්ලා නොදන්නවා කියල හිතාගෙන හිටියට. (නදී)

:       0       0

මහේෂි Monday, 23 June 2014 03:36 PM

සල්ලි කාරකම තමි එකම සුදුසු කම සමාජයේ වැජබෙන්න (දී)

:       0       0

හේෂාන් Monday, 23 June 2014 09:08 AM

මොනවා උනත් කතාව සහතික ඇත්ත (දී)

:       0       0

නෙත්තිකුමාර Sunday, 22 June 2014 07:57 PM

තරුණ කොල්ලෙක් පෙන්නන්න බැහැ. මරන්නමයි සැලැස්ම. 88 සහ 89 විශ්ව විද්‍යාල තරුණ තරුණියෝ මරවපු තරම කොපමණ දැයි කවුද නො දන්නේ. (නදී)

:       0       0

කාලිංග Sunday, 22 June 2014 08:22 PM

සෝමවංශ අමරසිංහ එංගලන්තෙට ගියේ ඇයි කියල බොහෝ නොදන්නා අයට ප්‍රශ්නයක්. එහෙම නොගියා නම් අද පක්ෂයක් නැහැ. ඔය නම කියපු දේශපාලුවන්ගේ ළමයි පිටරට ඉගෙන ගන්නේ මහජන මුදල් ගසාකාපුවගින්. එ්ක අමතකයි මේ අදහස් පලකරන උදවියට. ඒ දෙගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. එ්ක තේරුම් ගන්න, අනිත් එක තමයි 88/89 කාලේ සිද්දීත් ඉබේ පහල උන දේවලුත් නෙවේ, ආණ්ඩුව විසින් වැපුරුවේ ශිෂ්‍ය මර්ධනය මුලින්ම, දැන් අපේ අය නොදන්නා කමටද දැනගෙන නොදන්නා පාට් දානවද මන්ද මෙතන. අද උනත් මෙතන ජවිපෙ පෙන්නලා දීපු මතය කවුරුන් හෝ වැරදි කියනවා නම් මෙලෝ වින්ඤාණයක් නැති පුද්ගලයෙකි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 15 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 18 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 183 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 584 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2916 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1511 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37528 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site