ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ වර්ගයේ ජීවී මසුන් 180 දෙනෙක් නීති විරෝධිව දකුණු අප්‍රිකාවට රැගෙන යාමට කළ උත්සාහයක් වැලක්වීමට රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාති උරුමයන් සුරැකීමේ ඒකකයේ නිලධාරීහු සමත් වුහ.
සුරතල් මසුන් අපනයන සමාගමක් විසින් විසිතුරු මත්ස්‍යයින් අපනයනය කරන මුවාවෙන් කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 661 දරණ ගුවන් යානයෙන් මෙම මසුන් අපනයනය කිරීම සඳහා සුදානම් කර තිබුණි.
දෙපුල්ලියා නැමැති නාමයෙන් හඳුන්වනු මෙම මසුන් විශේෂය වඳවී යාමට ලක්වී ඇති බැවින් රතු දත්ත පොතටද අතුළත් කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සත්තව හා වෘක්ෂලතා පනතින් ද ආරක්ෂා කර ඇති මෙම මත්ස්‍ය විශේෂය ධීවර අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවෙන් බැහැර කිරීම නීති විරෝධී බවත් ඔහු පැවසීය.
මේ පිළිබඳව රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහේෂ් හේවාවිතාරණ මහතා විසින් සිදු කල අතර එම මසුන් රාජසන්තක කර දෙහිවල සත්තව උද්‍යානයට මුදා ගැරීමට නියෝග කළේය. මීට අමතරව සැකකාර අපනයන සමාගමට රුපියල් දස දහසක් දඩයකද් නියම කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහේෂ් හේවාවිතාරණ මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරී කිත්සිරි අතපත්තු මහතා ඇතුළු නිලධාරීහු සිදු කළහ.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙපුල්ලියා හොරෙන් පටවන්න බැරිවෙයි
තාරක Thursday, 26 February 2015 02:47 AM
නීතිය ලිහිල් වැඩියි. මේ ගණන සමාගමට එච්චර ලොකු දෙයක් නොවෙයි. (නි)
පිටබැද්දර ජයා Wednesday, 25 February 2015 12:09 PM
අල්ලපු එකට අපේ ප්‍රණාමය! ගහපු දඩය නම් මදි (නි)
සනත් Wednesday, 25 February 2015 12:44 PM
මූ බුලත්හපයා වගේමයි (නි)
තිලක් Wednesday, 25 February 2015 03:59 PM
දස දහස හොඳටම මදි. දස ලක්ෂයක්වත් දඩගැසිය යුතුයි. නීති නැත්නම් ඉක්මනින් අලුත් නීති ගෙන ආ යුතුයි. මේ අඩු දඬුවම් නිසයි බය නැතුව මේවා කරන්නේ. (නි)