IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දෙපා සතාටත් ආදර්ශයක්

ගිනිගෙන දැවෙන නිවෙසක ගිණි දැල් මැදින් පැටවුන් බේරා ගත් බැල්ලියකගේ වීර ක‍්‍රියාවක් චිලි සාන්තියාගෝ නුවරින් වාර්තා වෙයි. ගිනි නිවන භටයින් සිය රාජකාරිය ඉටු කරනා අතරතුර මාතෘත්වය ඉහවහා ගිය මෙම බැල්ලිය ගිනි දැල් මැදට පැන සිය පැටවුන් එකින් එකා රැුගෙන ගිනි නිවන රථයට ගෙනත් දැමුවාය.  ඇය පැටවුන් මරණයෙන් බේරා ගත්ත ද එක් පැටවකු ද ඇයද පිළිස්සුම් තුවාල ලදහ.



අදහස් (0)

දෙපා සතාටත් ආදර්ශයක්

චරිත් Wednesday, 15 August 2012 09:36 AM

දෑන් මේ හෑමදේම මාරුවෙලා, මිනිස් අම්මලා මේ සතාට කියන නමේ හෑටියට පත් වෙලා, බලු අම්මට ඉස්සර අපේ අම්මලට තිබුන ගති පෑවතුම් ඈවිල්ලා.....(ස)

:       0       0

ලංකා Tuesday, 14 August 2012 07:51 PM

මිනිසුන් තුලින් ගිලිහි යන කරුණාව , දයාව සතුන් තුළ ඒ විදියටම තිබෙනවා. මිනිස්සු මෙහෙම මිනි මරා ගන්නේ ලෝක විනාශය අතළග නිසා. අද අහන්න දකින ලැබෙන දේවල් ලෝක විනාශයේ ආරම්භයක්. (නි)

:       0       0

ජගත් බාලසූරිය - ලන්ඩන් Tuesday, 14 August 2012 07:50 PM

දරුවන් මරණ දරුවන්ගේ දිව පුච්චන දරුවන්ට ගගට තල්ලුකරන සහ දරුවන්ට වදහිංසා කරන දෙමව්පියන්ට මේවා උතුම් ආදර්ශ...(නු)

:       0       0

සෞම්‍යා Tuesday, 14 August 2012 07:55 PM

සතුන්ට කතා කරන්න විතරයි බැරි.. අනිත් හැමදේම හොදට තේරෙනවා.. දියුණු රටවල් ඇස් පේන්නැති අයට උදව් කරන්නෙ බල්ලො තමයි...!(නු)

:       0       0

නිශාඩ් පෙරේරා Wednesday, 15 August 2012 09:43 AM

මහ මග දරුවන් දමා යන්න ඉන්න කාන්තාවන්ට හොඳ පණිවිඩයක්...(ස)

:       0       0

රංජිත් Wednesday, 15 August 2012 10:03 AM

පිළිස්සී මියයන්නට නොදී,පැටවුන් බේරා ගත් බැල්ලියට අපි අම්මා කියමු. දරුවන් පුලුස්සා මිරිස් කුඩු ගසන අම්මලාට කුමක් කියමුද?(ස)

:       0       0

ෂෙ Tuesday, 14 August 2012 08:20 PM

අම්මා දරුවන්ව වසදී මරණ යුගයක බැල්ලිය පැටවුන් මරණින් බේරා ගනී. (නි)

:       0       0

සදුනි Wednesday, 15 August 2012 10:31 AM

ඇස් දෙකට කදුළුත් එනවා දැක්කම.(ස)

:       0       0

අරුණ Wednesday, 15 August 2012 06:03 PM

කෙනත්ගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි. (නි)

:       0       0

සියාසා Tuesday, 14 August 2012 08:42 PM

පිළිස්සුම් තුවාල ලද පැටවාද බැල්ලියද ඉක්මනින්ම සුව වේවා. අනෙකුත් පැටවුන්ටද ඇතුළුව බලු පවුලටම නිදුක් නිරෝගී සුව අත්වේවා ! (නු)

:       0       0

සේනක Wednesday, 15 August 2012 10:49 AM

මිනිසාට වඩා සත්තුන්ගේ කළගුණ මතක තබා ගැනීම ඉහලයි,බලන්න එ අහිංසකයා තමන්ගෙ දරුවො වෙනුවෙන් තමන්ගෙ ජීවිතය ගැනවත් නොසිතා වැඩ කළ හැටි. සැබැ මවක්.මතු අත් භවයේ හොද මිනිසුන් අතර මිනිසකු වී ඉපදේවා.(ස)

:       0       0

මුදිත Thursday, 16 August 2012 10:12 AM

කෙනත් ඔයාගේ අදහස් දැක්වීම අතිවිශිෂ්ඨයි... (ස)

:       0       0

මධු Tuesday, 14 August 2012 09:19 PM

ඊළග ආත්මයේදි මිනිස් ආත්මයක් ලැබේවා! (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 15 August 2012 06:57 PM

කැමරාවලට හසු නොවන තවත් මෙවන් සිද්ධීන් කොපමණ ගණනක් මේ ලෝකයේ සිද්ධ වෙනවා ඇද්ද? (නි)

:       0       0

ජීවා මල්ලී Wednesday, 15 August 2012 11:25 AM

ඇත්තටම වාසනාවන්ත පැටවු...මේ වගේ අම්ම කෙනෙක් ලැබීම‍‍‍‍....(ස)

:       0       0

සන්ජය Wednesday, 15 August 2012 11:33 AM

මව් සෙනෙහස තරම් දෙයක් තවත් නෑ....(ස)

:       0       0

අමරා Tuesday, 14 August 2012 09:22 PM

දරුවන්ගේ දෙපා පුලුස්සා මිරිස් කුඩු ගසන මවුවරුන්ට මෙන්න නියම පාඩමක්. (නි)

:       0       0

රිෂාඩ් අහමෙඩ් (පොල්ගහවෙල) Thursday, 16 August 2012 09:58 PM

උපතින් මුස්ලිම් කෙනෙක් වුණාට මමත් බුදුහාමුදුරුවන් වහන්සේගේ ඉගැන්වීම් අහල කියවලා තියෙනවා,. සමහර වෙලාවට මට පුදුම හිතෙනවා එක එක කරුණ ලස්සනට පහදලා තියෙන හැටියට. හරියට තමන්ටම තමන් ගැනම කියන එකක් වගේ. අපේ ආගමේ මේ වගේ අනෙක් ආගම ගැන හොයන්නවත් හිතන්නවත් නිදහසක් නැහැ. බුද්ධාගමේ යට ඉතා නිදහස් හිතන පතන විදිහක් බුදුහාමුදුරුවන් වහන්සේ පෙන්වල දෙනවා කියලයි මට හිතෙන්නේ. මට මේවා ඉගෙන ගන්න ලැබුණේ මම ලංකාවේ ඉපදුන නිසා, උදේ හවස ටී වී එකේ ගුවන් විදුලියේ, බස් එකේ ඇහෙන නිසා මට බුද්ධාගම ඉගෙන ගන්න ආස හිතුණා. භාවනා කරන්නත් මගේ බුද්ධාගම් යාළුවෙකුගෙන් ඉගෙන ගත්තා. අම්මේ හිතට දැනෙන සැහැල්ලුව! අපේ පවුලේ අය මේකට තදින්ම විරුද්ධයි, ඔවුන් බයයි දෙවියන් දඩුවම් කරයි කියලා. මම කියන්නේ දඩුවමට බයේ ආගම අදහන්නේ ඇයි? අපේ සිත නිදහස් කරන සාමය උදා කරන භාවනාවල් තමයි හොද , කියලා. සමාවෙන්න මොනවහරි වැරදි දෙයක් කිව්වා නම්. මම කොහොමහරි මේක දියුණු කරගන්න ඕනෑ, අමාරුයි නමුත් මහන්සි වෙනවා , නැවත ඉපදෙනවා කියලා මම දැන් පිළිගන්නවා. ඉතින් මට අපායට යන්න ඕනෑ නැහැ. යන්න ඕන දිව්‍ය ලෝකේ, නැත්නම් මනුස්ස ලෝකේ. ඒක දෙවියන්ට කියල බැහැනේ, අපිම හිත දියුණු කරගන්න ඕනෑ නේද? නිවන් දකින එක මොන වගේද කියල මට තවම පැහැදිලි නැහැ, නමුත් මේ පාර හරි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

සලාමුල්ලේ වජිර හිමි Tuesday, 14 August 2012 10:08 PM

සංසාර පුරුදු වෙන්න ඇති..!!(නු)

:       0       0

අනිල් Wednesday, 15 August 2012 11:57 AM

කෙනත් ඔබ දුන් පණිවිඩය විශිෂ්ඨයි‍‍ .(ස)

:       0       0

සතුට Thursday, 16 August 2012 11:21 AM

කෙනෙත් මල්හතයි.. සේනාධි ඇස් ඇරලා බලන්න.. එතකොට පෙනෙයි..!!(නු)

:       0       0

ඔෂාන් Wednesday, 15 August 2012 07:55 PM

නියම සතෙක්. (නි)

:       0       0

ඉළෙර් Wednesday, 15 August 2012 12:13 PM

අපිටත් ආදර්ශයක් (දී)

:       0       0

ඉන්දික Wednesday, 15 August 2012 12:13 PM

ඇත්තමයි. හොද වීඩියෝ එකක් (දී)

:       0       0

දම්මි Tuesday, 21 August 2012 05:45 PM

මවගේ දරු සෙනෙහස මෙයයි (දී)

:       0       0

සාන්ත Wednesday, 15 August 2012 08:14 PM

කෙනත්...ඔබ තෙරුවන් ගුණ ඉතා හොදින් වටහා ගත් කෙනෙක් බව පැහැදිලියි. **** මේ සුණඛ ධෙනුව නම් සැබෑ මව් ගුණ තියෙන සතෙක්.ගොඩක් දෙපා සත්තුන්ට ආදර්ශයක්.ඊලඟ ආත්මයේ සැබෑ මිනිස් මෑණියක් වෙන්න මේ පින් හේතු වේවා!!

:       0       0

රංජන් Sunday, 19 August 2012 10:30 AM

ඊළග ආත්මයේ මිනිස් ආත්මයක් ලබනු නියතයි. (නි)

:       0       0

රෝහිත Wednesday, 15 August 2012 12:43 PM

මේ බැල්ලිය අපට දුන් පණිවිඩය විශිෂ්ටයි. කෙනත් අපට දුන් පණිවිඩය අති විශිෂ්ටයි. (නි)

:       0       0

චාමික නිස්සංක Wednesday, 15 August 2012 08:30 PM

හොද වැඩක්. (ත)

:       0       0

ප්‍රසන්න Wednesday, 15 August 2012 12:10 AM

නියම මවු සෙනෙහසක්. වාසනාවන්ත පැටවු. (නි)

:       0       0

හේමචන්ද්‍ර Wednesday, 15 August 2012 08:41 PM

අපේ රටේ දරු සෙනහස නොහදුනන කාන්තාවන්ට මේ තිරිසන් සත්ත්ව ලෝකය හොද ආදර්ශයක් නේද? (නි)

:       0       0

සහබන්දු මෙන්ඩිස් (මොරටුව) Wednesday, 15 August 2012 08:43 PM

කෙනත්, මෙවන් සිද්දියක් තුලින් සැගවී ඇති සසර දුක හා එහි භයානක කම පෙන්වා දී , කියවන සැම ( බුද්ධියක් ඇති ) සසර දුකින් මිදීම පිණිස උනන්දු වෙන වචන කීපයක් දැම්ම එකට ඔබට ගොඩක් පින්. ඔබේ සටහන් මම මීට පෙරත් කියව තිබෙනවා, ඇති විශිෂ්ටයි ! මම මීට වසර 2 කට පමණ පෙර කතෝලික ඇදහිල්ල කරපු කෙනෙක් , නමුත් බුදු බන අපට තේරෙන සිංහලෙන් අහන්න ලැබුන ලංකාවේ ඉපදුනු පිනට, අපේ පින්වත් මහමෙව්නා අසපුවේ ස්වාමින් වහන්සේලා මගේ ඇස පෑදුව, දැන් මම මේ ඇදහිලි ඔක්කොම පසෙක දාල , අප මහා භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ, බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඔබේ වචන ටික මාව තවත් උනන්දු කරවනවා. අපේ බෞද්ධ ජනතාවට මේ අසිරිමත් දහමේ සරණ නොලැබෙන්නේ හරියට තිසරණයට එන්නේ නැති නිසා. එකට හේතුව බෞද්ධ ජනතාව 95% ක් ම සරණ ගොහින් ඉන්නේ කේන්දර හා නැකත් නිසා , පින් පව් ගැන විශ්වාසය මේ නිසා බැහැර වෙනවා, මිත්‍යා දෘෂ්ටියේ පිහිටනවා එසැනින්, එතකොට ඒ සමග කරන දේවල් මෝහය මුල් වෙලා කරන්නේ, දුගතිය පිණිස කර්ම සකස් වෙනවා. සුත්‍ර දේශනා කියවනවානම් මේ තත්වය මග හැරෙනවා. (අ)

:       0       0

ගුණේ Monday, 20 August 2012 11:54 AM

ඉෂාර, දැන් ඔබ වැටී ඇත්තේ ආර්ය මාර්ගයටයි. ඒ ඔස්සේ ගොස් ආලෝකය සොයා ගන්න. (නි)

:       0       0

කෙනත් Wednesday, 15 August 2012 02:52 AM

කුමක් හෝ පිනෙහි අඩුවක් නිසා තිරිසන් භවයක උපත ලද ඔබ, මාතෘත්වයේ උත්තරීතර බව, දරු සෙනෙහසක මහිමය තිරිසන් සතුන්ටද ඇති බව කදිමට ලොවට පෙන්නුවා. ඔබ කරන ලද්දේ අසරණ කුඩා පැටවුන්- කිරිසප්පයන්ගේ ජීවිත රුදුරු මරණයෙන් බේරා ගැනීමේ මහා පුණ්‍ය කර්මයකි. මේ පිනෙන් ඔබ මරණින් මතු සුගතිගාමී වේවා!! සංසාරයේ හැටි මෙහෙම තමා, මේ ආරම්භය හෝ සිදුවෙන එකම සිද්ධිය නොවෙයි. අපිත් මේ වගේ කොපමණ අවස්ථාවලට මේ දිගු තෙරක් නොපෙනෙන සංසාරේ මුහුණ දෙන්න ඇතිද? සමහර විටෙක අපේ දරුවන් අපි ඉදිරියේම පිච්චිලා මැරෙන්න ඇති, විටෙක අපිත් ඒ ගොඩේම පිච්චිලා අගුරු වෙලා යන්න ඇති, මෙසේ වෙච්චි වාර ගණන ගණන් කළ නොහැකියි. නමුත් , මෙය කියවන ඔබත්, ලියන මමත් අද පෙර කරන ලද කුසලයකින් සුගතිගාමී වෙලා, අපිට මනුෂ්‍ය ජීවිත ලැබිලා. කල්ප කෝටි ගණන් නිරයවල් වල දැවී දැවී සිටි, තිරිසන් ආත්ම වල බඩගින්නෙන් මරණ බයෙන් තැතිගෙන සිටි අපට මිනිසත් බවක් ලැබිලා. නමුත් මේක වසර 60-70 ක් තියෙයි වැඩිම වුණොත්, ඊට පස්සේ? ? තථාගත සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සසර සැරිසරන සත්වයා මහගෙදර කරගෙන ඉන්නේ නිරය බව, කලාතුරකින් සුගතියේ ඇවිත් ඉපදෙනවා, එතකොට ඔක්කොම අමතක වෙලා සැපයට ඇලිලා පව් රැස් කර ගන්නවා, ඉන් චුතවෙලා නැවත දුගතියට ගොස් කල්ප ගණන් ඉන්නවා.අපිට මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රමාද නොවී ඉක්මණට කුසල් වඩමු, තෙරුවන් සරණ ගොස් , සසර දුකින් එතෙර වීමට වහ වහා කටයුතු කරමු. වෙලාව නැහැ කියා කියා වයස 60 පනිනකම් හිටියොත්, ධර්මයට වෙලාව මදි වෙයි. අප්‍රමාද වෙන්න! (නි)

:       0       0

විභූෂ Wednesday, 15 August 2012 01:19 PM

ශ්‍රේෂ්ඨයි. (නි)

:       0       0

ලංකා Wednesday, 15 August 2012 04:24 AM

සතුන් වගේ හැසිරෙන මිනිසුන් ඉන්නා සමාජයකට මෙය හොද ආදර්ශයක්. (නි)

:       0       0

ලලිත් Wednesday, 15 August 2012 01:38 PM

අයියෝ සල්ලි

:       0       0

මධු Wednesday, 15 August 2012 11:32 PM

මෙන්ඩිස්, ඔබ සැබෑ ලෙසම බුදු දහම අවබෝධ කරගත් කෙනෙක්. (නි)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 07:52 AM

අපේ රටේ සමහර අම්මලාට මේ තිරිසනා හොද ආදර්ශයක්. (නි)

:       0       0

රිස්වාන් Wednesday, 15 August 2012 11:56 PM

මූ ජිමීද? (නි)

:       0       0

සේනාධී Thursday, 16 August 2012 02:41 AM

කෝ බැල්ලි පිච්චිලා නැහැනේ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 08:15 AM

මේ අයට 'බල්ලා' කියන නම ගැළපෙන්නේ නැහැ. (නි)

:       0       0

සරත් Wednesday, 15 August 2012 08:30 AM

කෙනත්‍‍ගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි..(ස)

:       0       0

දයා Wednesday, 15 August 2012 03:02 PM

මිනිස්සු බල්ලෝ වෙලා..බල්ලෝ මිනිස්සු වෙලා...(ස)

:       0       0

සන්ජීව Wednesday, 15 August 2012 08:57 AM

මේ වගේ දේවල් වලින්වත් පුළුවන්නම් දෙයක් තේරුම් ගන්න ,..තවත් ආදර්ශ අනවශ්‍යයි................(ස)

:       0       0

නිශාන් Monday, 20 August 2012 10:07 PM

රිෂාඩ් අහමෙඩ් (පොල්ගහවෙල) ,ඔබ සැබෑ මුස්ලිම් ජාතිකයෙක්ද? (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 15 August 2012 09:31 AM

මනුස්සකම නැති සමාජයේ බල්ලව ආදර්ශයට ගත්තනම් හොඳයි කියලා හිතෙනවා.....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 125 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5504 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1177 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2122 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2059 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site