IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දුම්කොළ විරෝධී පනත් කෙටුම්පතට උපදේශන කවුන්සලයේ අනුමැතිය

ආවරණය කර ඇති පොදු ස්ථානවල දුම්පානය කිරීම සඳහා දැඩි දඬුවම් නියම කෙරෙන දුම්කොළ විරෝධී පණත් කෙටුම්පතට පසුගියදා උපදේශන කවුන්සලයේ අනුමැතිය හිමිවිය. දුම්කොළ අඩංගු නිෂ්පාදන ආනයනය සහ පාවිච්චිය වැළැක් වීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම ඉලෙක්ට්‍රොනික් දුම්වැටි, “ස්වෙයිකා” සහ සැපීමට ගන්නා දුම්කොළද නව නීතියෙන් තහනම් කර තිබේ. නව නීතිය සම්බන්ධයෙන් නීති සහ ව්‍යවස්ථාදායක කටයුතු කමිටුව විසින් පිළියෙළ කරන ලද වාර්තාව පසුගියදා පැවැති රැස්වීමේදී කවුන්සලය විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය නිර්දේශ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

Smooking-FC
ඉහත නීති කෙටුම්පත හරහා ආවරණිත පොදු ස්ථානවල දුම්පානය තහනම් කොට ඇති අතර එවැනි ස්ථානවල දුම්කොළ අඩංගු නිෂ්පාදන පාවිච්චි කළහොත් කටාර් රියාල් 3,000 නොඉක්මවන දඩයක් නියම කර තිබේ.එවැනි ස්ථානවල අන් අයට දුම්පානය කිරීමට ඉඩදීමද ඉහත දඩයම නියම වන දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම නීතිය උල්ලංඝනය කළහොත් දුම්කොළ හෝ දුම්කොළ අඩංගු නිෂ්පාදන ඒවායේ ප්‍රමාණය ගැන නොසළකා රාජසන්තක කිරීම, විනාශ කිරීම හෝ ප්‍රති අපනයන කිරීමට නියෝග කිරීමට අධිකරණයට බලය ඇත.


එසේම නීතිය උල්ලංඝනය කරන ආයතන මාස 3 නොඉක්මවන කාලයකට වසා දැමීමේ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකි අතර එම තීරණය එම වෙළෙඳසැලේ වියදමින් දිනපතා පුවත්පත් දෙකක් හරහා ප්‍රසිද්ධ කළ යුතුය. දුම්කොළ නිෂ්පාද සඳහා අයකරන තීරු බදුවලින් සියයට 5 ක් සෞඛ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහන් සඳහා වෙන්කිරීමට නියමිතය. දුම්වැටි සහ දුම්කොළ අඩංගු නිෂ්පාදන නියමිත අවශ්‍යතාවලට අනුකූලදැයි පරීක්ෂාවට ලක්කිරීම සඳහා එම තොග වරායට ලැබීමට සතියකට පෙර ආනයනකරු විසින් ඒ පිළිබඳ සියලු විස්තර සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.


සැපීමට ගන්නා දුම්කොළ සහ ඉලෙක්ට්‍රොනික් දුම්වැටි ආනයනය, විකිණීම, ප්‍රවර්ධනය සහ අළෙවියදනව නීති කෙටුම්පතෙන් තහනම් කර ඇත. එසේම වයස අවුරුදු 18 න් පහළ අයට දුම්වැටි සහ දුම්කොළ අඩංගු නිෂ්පාදන අළෙවියද ඉන් තහනම් කර තිබේ. නව නීතියට අනුව දුම්වැටි හෝ දුම්කොළ අඩංගු නිෂ්පාදන ප්‍රවර්ධනය කරන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමද තහනම්ය. එසේම පාසල් සහ වෙනත් අධ්‍යාපනික සහ පුහුණු ආයතනවල කිලෝ මීටර් 1 ක දුරක් ඇතුළත දුම්වැටි හෝ දුම්කොළ අඩංගු නිෂ්පාදන අළෙවි කිරීමද තහනම්ය.



අදහස් (0)

දුම්කොළ විරෝධී පනත් කෙටුම්පතට උපදේශන කවුන්සලයේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 490 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 53 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 395 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 491 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 697 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 988 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site