IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දෙමිතුරන්ගේ ‘තැනට සුදුසු නුවණින්‘ කොල්ලකරුවෝ මාට්ටු

(දඹුල්ල  කාංචන කුමාර ආරියදාස )

වයස අවුරුදු 13 සහ 12ක පාසැල් සිසුන් දෙදෙනෙකුගේ සැකය නිසා තු ර් කි  තරුණියකගේ මුදල් බෑගය කොල්ලකා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු අද (26) දින විනාඩි 45  ක් ඇතුළත අත්අඩංගුවට ගැනීම්ට හැකි වූ බව සීගිරිය පොලිසිය කියයි.

තු ර් කි යේ  සිටි මෙරටට පැමිණි 22 හැවිරිදි තරුණියක්  සිගිරිය ප්ර දේශ්යේ ලැගුම්හල නැවතී අද 26 දින උදෑසන සීගිරි පව්ව නැඟ නැවත ලැගුම්හලට  ගමන් කරමින් සිටියියදී  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඇය සතුව තිබූ මුදල් පසුම්බිය  පැහැරගෙන  තරුණියට ද පහර දී පලාගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

කොල්ලකරුවන්ගේ පහරකෑමට සහ ඔවුන් සමඟ පොර බැඳීමෙන් සිදුවූ තුවාල හේතුවෙන්  මෙරටට පැමිණි සංචාරක තරුණිය ප්රකතිකාර සඳහා මේ වන විට සීගිරිය රෝහලේ   හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

සීගිරි පව්ව තරණය කිරීමෙන් අනතුරුව තු ර් කි  ජාතික  සංචාරක යුවතිය පාගමනින් තමන් නැවතී සිටින සීගිරිය කලාපුරය ප්රරදේශයේ ලැගුම්හල්ට අතුරු පාරක් දිගේ ගමන් කරමින් සිටියදී එකවරම   යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඇයගේ කරේ දමාගෙන සිටි මුදල් පසුම්බිය සහිත බෑග්ය උදුරා ගැනීමට තැත් කිරීමේදී ඔවුන් සමග මෙම යුවතිය පොරබදා එම ස්ථානයේ ඇද වැටී ඇතැයි පසුව ඇයගේ විලාපය මත ලැගුම්හලේ භාරකාර  කාන්තාව  පැමිණ අවට අයට මේ බව දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.

අධික වේගයෙන් එම මාර්ගයේ පලා  ගිය යතුරුපැදිකරුවන් මද දුරක් යද්දී පාසල් මිතුරන් දෙදෙනකු 
සෙල්ලම් කරමින් සිට  ඇති අතර කලබලයකින් යුතුව ධාවනය වන මෙම යතුරුපැදිකරුවන් පිළිබදව සැකයක් මතුවී මිතුරන් දෙදෙනා එම යතුරුපැදියේ අංකය සටහන් කර ගෙන තිබේ.

පසුව   මෙම දරුවන් දෙදෙනා වහාම  ඒ බව නිවැසියන්ට දැනුම් දෙන්නට දිව එද්දී එම ස්ථානයේ විදෙස් කාන්තාවගේ මුදල් පසුම්බිය රැගෙන ගොස් ඇති බව දැනගෙන වහාම හෝටල් හිමි කාන්තාවට ඒ බව දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.

පසුව ඇය සීගිරිය පොලීසියට මේ බව දැනුම් දීමෙන්  සීගිරිය පොලිසියේ නිලධාරින් යුහුසුළුව එම ස්ථානයට පැමිණ කුඩා යහළුවන් දෙදෙනාගෙන් ලබාගත්  තොරතුරු සමග  විනාඩි 45 ක් ඇතුළත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.



අදහස් (5)

දෙමිතුරන්ගේ ‘තැනට සුදුසු නුවණින්‘ කොල්ලකරුවෝ මාට්ටු

Citizen Thursday, 26 October 2023 06:31 PM

දරුවෝ දෙන්නා කළේ වීර ක්‍රියාවක් වුණත් ඔවුන් එළිදරව් වීම හොඳ දෙයක් නෙවෙයි... ඔය කුඩුකාර හොරු දරුවන්ට කරදර කරන්න පුළුවන්...

:       2       28

Muthu Thursday, 26 October 2023 07:23 PM

අන්තර් ජාතික මට්ටමින් ඇගයිය යුතු ශිෂ්‍ය ක්‍රියාකාරකමක්. ජනාධිපති සම්මාන දෙන්න ඕන කොල්ලෝ දෙන්නෙක්...!

:       2       103

සුපුන්Friday, 27 October 2023 08:31 AM

මේකට ඩිසලයික් දාලා තියෙන්නේ හොරු දෙන්නගේ කවුරු හරිද දන්නෙ නෑ. ඒ උනාට අද කාලෙ තත්වේ එක්ක මේ වගේ දේවල් ප්‍රවෘත්ති වල දාන්න නරකයි. දැන් අර හොරු දෙන්නා මේ පොඩි ලමයි එක්ක වෛර බැදන් ඇති. දැක්කනේ පොඩි උන් දෙන්න අගය කරන එකටත් ඩිස්ලයික් දාලා තියෙන හැටි...

:       2       18

Sampath Thursday, 26 October 2023 09:08 PM

විදේශිකයින්ට අඩන්තේට්ටම් කරන් කාලකණ්ණි මැරුවත් මදි... මොකද මේ වෙලාවේ ඩොලර් 10ක් හරි එන එකෙන් මේ රට දුවන්නේ.. මේවා නිකන් හුදකලා සිදුවීම්ද? නැතිනම් සංචාරක ව්‍යාපාරය කඩා වට්ටන කඩාකප්පල් වැඩද කියලා හොයලා බලන්න වෙයි...

:       3       67

pakeer Thursday, 26 October 2023 09:50 PM

කොල්ලො දෙන්නා සුපිරියි.. කරුණාකර නම් එළිකරන්න එපා. මම හිතන්නේ දැනි තමයි නියම කාලේ අරාබි දඬුවම් දෙන්න. අනිවාර්යයෙන් ඔය කට්ටියගේ ඇඟිලි දෙකක්වත් කපන්න. එතකොට අනිත් අය ඕවා කරන එක නවත්වනවා.

:       2       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 120 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 226 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 174 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 262 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 462 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 2014 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39737 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25837 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 51 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 379 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1244 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site