IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දුමින්දටත් මීනී මැරුම් චෝදනා එන හැඩයි

ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පස් දෙනකු  කොළොන්නාවේදී වෙඩි තබා මරා දැමී යැයි කියන සිද්ධියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු දොළොස්දෙනකුට එරෙහිව නඩු පැවරීම සඳහා බැලු බැල්මට සාක්කි අැතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද ප්‍රකාශ කළේය.

2011  පළාත් පාලන ඡන්දයේ ප්‍රචාරක රැලියකදී මේ වෙඩි තැබීම සිදු විය.

ලබන අප්‍රේල් පළමුවැනිදා සැකකරුවන්ට එරෙහි චෝදනා පත්‍ර ඉදිරිපත් කරන බව අතිරේක මහේස්ත්‍රාත්  ප්‍රකාශ කළේය.

එම සැකකරුවන් එම ඝාතනවලට හවුලේ වගකිවයුතු බවට මුලික සාක්කි විභාගයේදී සාක්කි ඉදිරිපත් කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත් මුදලිගේ මහතා කියා සිටියේය.

අපරාධ විධිවිධාන සංග්‍රහයේ 153 වගන්තිය යටතේ සැකකරුවන් නිදහස් කරන්නැයි විත්තියෙන් කළ ඉල්ලීම ඉවත දමන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

විත්තියේ ඉල්ලිම ඉවත දැමු අතිරේක මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේ සැකකරුවනට එරෙහිව මිනි මැරීමේ චෝදනා ඉදිරිපත් කළ හැකි බවයි.

චෝදනා භාරදුන් පසු විත්තියට කරුණු දැක්වීමට හෝ සාක්කි මෙහෙයවීමට ඉඩ ඇතැයිද අතිරේක මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

 

 

 



අදහස් (0)

දුමින්දටත් මීනී මැරුම් චෝදනා එන හැඩයි

චමින්ද Thursday, 27 February 2014 03:46 PM

බැරි වෙලාවත් ආයෙමත් මතක නැති වුනොත් සිංගප්පූරුවට යවන්නනේ නැතිව නවලෝකෙට යැව්වනම් හරි. එතකොට ආයෙමත් හාස්කමකින් සුවය එයි.(නදී)

:       0       0

මහේෂ් Friday, 21 February 2014 09:46 AM

ඔබගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. (ත)

:       0       0

මහේෂ් Friday, 21 February 2014 10:02 AM

හිරුනිකා පැරදුනොත් දුමින්ද ගොඩ, හිරුනිකා දිනුවොත් දුමින්දට මොකද වෙන්නේ (අ)

:       0       0

කැලුම් Friday, 21 February 2014 10:15 AM

ඉස්සර වැරදි කලවිට පළදුන්නේ ඊලග ආත්මයේදී ,දැන් පලදෙන්නේ මේ ආත්මයේදී. (අ)

:       0       0

පිටිගල Friday, 21 February 2014 11:44 AM

ඒ තරම් ලොකුවට හිතන්න දෙයක් නැහැ මෙතන. සියල්ල නියමිත් පරිදි ඉටුවෙනු ඇත.(අ)

:       0       0

සුගත් Monday, 24 February 2014 05:18 PM

මට මතක නැහැ .(නදී)

:       0       0

ක්‍රිසාන්ති Sunday, 23 February 2014 11:51 PM

පව් මේ අහිංසකයට මඩ ගහන්න එපා. මේ දවස්වල ගජරාමෙට මහජන සේවය කරනවා. මහජනයාට ප්‍රශ්නයක් තියෙන්නෙ කොහෙද දුමින්ද එතන ඇති. කොලොන්නාවෙ කුණු ප්‍රශ්න වුනත් ටක් ගාලා විසඳනවා. මොළේ ඇති මහජනතාවත් අත්පුඩි ගහල එයාව පිළිගන්නවා. අයියගෙ චැනල් එකේ හැමදාම රඟපාන ප්‍රධාන නළුවා. හැම සංවර්ධන වැඩක්ම සිද්ධ වෙන්නෙ මෙයාගෙ සංකල්ප අනුවයි. ඉතින් එයාට විරුද්ධව ඔය වගේ චෝදනා ගේන්නෙ කොහොමද?(නදී)

:       0       0

රන්ජනී Thursday, 20 February 2014 04:48 PM

හරියටම හරි වගේ (දී)

:       0       0

අබරන් Thursday, 20 February 2014 04:49 PM

චන්ද ගුන්ඩුවක් එන හැඩයි (දී)

:       0       0

සඳරුවන් Thursday, 20 February 2014 04:54 PM

අනේ ඇර අහවල් මතක නෑ කියපු කෙනා ආයෙමත් අපේ වියදමින් සිංගපූරුවට යන්න වගේ හදන්නේ. අනේ අපේ රටේ නඩු.(දී)

:       0       0

ලංකා Thursday, 20 February 2014 04:54 PM

තවත් එක රඟපෑමක් (දී)

:       0       0

පාලිත Thursday, 20 February 2014 05:12 PM

අප්‍රියෙල් 1 හින්ද බොරු නාට්‍යයක් රඟපෑවට කමක් නැ ජනතාව ඉදිරියේ, චන්දෙත් ලඟයි නේ. අප්‍රියෙල් 2 වැනිදාට කියන්න "ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා, ඒ මහත්තයව නිදොස් කොට නිදහස් කලා කියලා". අනික එයාට මුකුත් ම මතකත් නැනේ. නේ (දී)

:       0       0

නදිත Thursday, 20 February 2014 05:12 PM

මේක සිදුවුනේ ප්‍රචාරක රැලියකදී නෙමෙයි. ටික ටික ඇත්ත වෙනස් වෙනව වගේ..(දී)

:       0       0

චානක Thursday, 20 February 2014 05:28 PM

අනේ අපිට නම් ඕව මුකුත් මතක නැහැ දැන් !(දී)

:       0       0

දයා අලහකෝන් Thursday, 20 February 2014 05:36 PM

මිනි මරලා බේරෙන්න බැහැ . සභාව ධර්මය නියම වෙලාවට දඩුවම් දෙනවා (දී)

:       0       0

රුවන් පතිරණ Thursday, 20 February 2014 05:43 PM

මිනිමරලා බේරෙන්න එහෙමත් පුලුවන්ද කියල තමා අපිටත් තියන ගැටලුව. (දී)

:       0       0

අසේල Thursday, 20 February 2014 05:50 PM

පඩිසන් නොදුන්නොත් අප අදහන දෙයියන් බුදුන් බොරු,,(දී)

:       0       0

නවෝද Thursday, 20 February 2014 05:50 PM

එක මොනතරම් කැත හැඩයක්ද (දී)

:       0       0

වෙරංග Thursday, 20 February 2014 05:57 PM

ලංකාවේ හොරකමක් ,මිනීමැරුමක් සාමාන්‍ය මනුස්සයෙක් කරහම පොලිසිය කොහොම හරි අල්ලනවා.මිනීමරුවා ,හොරා දැකපු කෙනෙක් නැති උනත් පොලිස් බල්ලෙක් දාලා කොහොම හරි අල්ලනවා. මුළු ලංකාවම දන්නවා මෙතන මිනීමරුවා කව්ද කියලා.එක පැත්තකින් මේකට අදාළ වෙලා තියෙන්නේ දේශ පාලක්නයෙක්.ඔහුට තවම මතකයක් නැතිනම් කොහොමද රස්සාව කරන්නේ?ඇයි අපේ රටේ පාලකයෝ මේ තරම් පහත් විදිහට අපිව රවට්ටන්නේ ,අපිව මන්ද බුද්දික මට්ටමට දාලා තියෙන්නේ.මිනිසුන්ගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්නේ?මේ රටේ මිනිසෙක් වී ඉපදීම හරිම පාපයක් විදිහටයි මම දකින්නේ.(දී)

:       0       0

අල්විස් Thursday, 20 February 2014 06:13 PM

ඔන්න දුමින්ද දැන් අපහු සින්ගපුරුවට යයි සනීප නැහැ කියල (දී)

:       0       0

සුරේෂ් Thursday, 20 February 2014 06:28 PM

රටේ නිතිය උසාවියෙ ගෞරවය නසන්නට දේශපාලකයන්ට ඉඩ නොදේමු සැමට නිතිය එක ලෙස ඉටු කරන්න(දී)

:       0       0

පද්මපානි Friday, 21 February 2014 10:19 PM

මහේෂ්, හිරුනිකා භූමිකාව වසර 3 කට පසුව කරළියට එන්නේ "සතුරා" පිටු දැකීමේ ආණ්ඩු නාට්‍යයට රංගනයෙන් දායක වෙන්නයි. ජනාධිපති තුමා කියන්න වගේ දුමින්ද දේශපාලනයේ ඉන්න නිසා ඔහු "සදා කාලික" මිතුරෙක්" වෙන්නෙත් නැහැ. දාම් ලෑල්ලේ ඉත්තෙක් අලුතින් එන්නේ ලෑල්ලේ හිටපු බලවත් ඉත්තෙක් කපා ගෙන. (දී)

:       0       0

අජන්ත Friday, 21 February 2014 10:27 PM

වරදක් කළා නම් මොනවා කලත් දඩුවම් ලැබෙනවාමයි (දී)

:       0       0

ලක්ෂ්මන් Thursday, 20 February 2014 07:17 PM

සර්ව සාධාරණව සොයා බලා නිසි දඬුවම් දෙන්න.වැරදි තියෙද්දීත් තර්ක කර නිදහස් වුනොත් ලොකු ප්‍රස්නයක් කවදා හෝ සිදුවේවි.මතකද කතරගම ප්‍රේමවතී මනම්පේරි තරුණිය දුෂණය කර මරාදාපු අයට වූ දේ?අන්තිමට නිදහස් වෙලා ගමට ආව කපිතාන් එදා රෑම මරා දැම්මා නේද?(දී)

:       0       0

පද්මිණි Thursday, 20 February 2014 07:37 PM

බැලූ බැල්මට සාක්කි තියෙනවා කියල පෙනුනේ අවුරුදු තුනකට පස්සේ නේද?(දිල්)

:       0       0

අල්විස් Thursday, 20 February 2014 07:46 PM

දිවංගත භාරත ලක්ෂ්මන් යනු මෑත කාලින දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රතාපවත් චරිතයක්. එතුමාගේ අභාවය කොලොන්නාව ආශ්‍රිත ප්‍රදේශයේ දිළිඳු ජනතාවට දැඩි කම්පනයක් ඇති කළත් දැන් දැන් එය කෙමෙන් කාටත් අමතක වී යන බවක් පෙනෙන්නේය. එය මිනිස් ස්වාභාවයය. ඒ බව දිවංගත භාරත ලක්ෂ්මන් මැතිතුමාද දැන සිටියා විය යුතුය.(දිල්)

:       0       0

සත්‍යා Thursday, 20 February 2014 07:52 PM

කොහොම වෙතත් හැම දේම සාධාරණව විසදෙන්න වගේ යන්නේ (දිල්)

:       0       0

පද්මපානි Thursday, 20 February 2014 08:20 PM

හිරුනිකාගේ කේන්ද්‍රය බලවත් වේගන එන බවයි පේන්නේ. (දිල්)

:       0       0

රුවන් Wednesday, 26 February 2014 12:12 PM

ඇත්තඳ ? පවි (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 20 February 2014 08:59 PM

පව් අහිංසකයා, වරදකට කියලා ගෑවිලා තියෙන්නේ මෙපමණයි?(අ)

:       0       0

දීපාල් Friday, 21 February 2014 01:10 AM

උසාවියෙන් දඬුවම් නොලැබුනත් මේවා පඩිසන් දෙනවාමයි (දී)

:       0       0

රනුක Friday, 21 February 2014 01:10 AM

බලමුකෝ මේපාර කොහොමද උසාවියෙන් නිදහස්වෙලා යන්නේ කියල?(දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Friday, 21 February 2014 01:37 AM

මෙහි අදහස් දක්වන සියලු දෙනා වගේම රටේ සියලු ජනතාව දන්නවා මේ මිනීමැරුමේ නියම අපරාද කරු කවුද කියල. එක රටට සඟවන්න බැහැ. ඒ වගේම සොබාව ධර්මය නිසි වෙලාවට නිසි දඩුවම ලබාදේවි.(අ)

:       0       0

විනෝද් ජයරංජන් Thursday, 27 February 2014 02:14 PM

ඡන්දෙට දෙන ලනු කොහොමත් හරි රස කෑමක් වගේ තමා. කන්න කන්න ආස හිතෙනවා. ඔය දෙන්නගෙන් කවුරු ආවත් ලොක්කට පාඩු නැහැ. රැවටෙන්නේ අපිමනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6694 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4994 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 931 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1334 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3190 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4166 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40183 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site