IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


”දුමින්ද අල්ලන්න වරෙන්තු ඕනෑ නැහැ”

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත නොහැකි බව රහස් පොලිසිය දන්වා නැති හෙයින් ඔහු ඇල්ලීමට වරෙන්තුවක් නිකුත් කිරීම අවශ්‍ය නැතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා, පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ නීතිඥවරයාට දැන්වීය. රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ ඒ ගැන නීතිපතිගෙන් උපදෙස් ලැබී නැති බවයි. දුමින්ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු  ඕනෑ නැතැයි ද මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කෙළේය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා උසාවිය ළඟදී උද්ඝෝෂණයක් පවත්වා දුමින්ද අත්අඩංගුවට ගැනීම සඳහා දෙවියන්ගෙන් වරෙන්තුවක් පතා ඇතැයි දුමින්ද සිල්වා පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර පේ‍්‍රමරත්න මහතා කීවේය. ”නුවණට අධිපති ගණදෙවියෝ. සංගීතයට අධිපති සරස්වතී දේවියයි. එසේ වරෙන්තු නිකුත් කිරීමට අධිපති දෙවියකු නැතැයි” ඔහු කීවේ හිරුණිකා උසාවියට අපහාස කළැයි සඳහන් කරමිනි. හිරුණිකාට ඇතැයි කියන ජීවිත තර්ජන ගැන කොළඹ අපරාධ විමර්ශන පොලිසිය පරීක්ෂණ පවත්වන බවත්, ගංගොඩවිල මහේස්ත‍්‍රාත්ට ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කැර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකරුවෝ ලබන 22 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ.



අදහස් (0)

”දුමින්ද අල්ලන්න වරෙන්තු ඕනෑ නැහැ”

ඉරනීස Tuesday, 15 May 2012 09:02 AM

නීතියක් නැති රටකට වෙන දේ මිනිස්සු දන්නවා‍ උණත් මේ රටේ මිනිස්සුන්ට නීතියක් තියා කිසිම දෙයක් ඕන නැහැ.

:       0       0

මොහොමඩ් Wednesday, 09 May 2012 07:03 AM

එයාට තව නිවාඩ් ඕන කියන්නේ (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Wednesday, 09 May 2012 07:03 AM

දුමින්දට තව මාස තුනක් නිවාඩු ඕන ඇති

:       0       0

දිනූෂි Friday, 11 May 2012 07:27 AM

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැති වෙලා තියෙන්නේ.රටේ නීතිය නැති වෙලා. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය නැති වෙලා.මේක මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ අවාසනාව.

:       0       0

පුසන්න Friday, 11 May 2012 08:00 AM

වරෙන්තු විතරක් නෙමෙයි.අල්ලන්නත් ඕනි නෑ වගේ

:       0       0

විජේවර්ධන Thursday, 10 May 2012 03:41 PM

ගින්දර කෑවම වෙන්නේ මොකද්ද කියලා දන්නවා ඇතිනේ

:       0       0

සුභාෂිනී Tuesday, 08 May 2012 11:36 AM

නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගේ. හැමදේම වෙන්නේ දේශපලානයේ නාමයෙන්.

:       0       0

සමන්- melbourne Wednesday, 09 May 2012 01:31 PM

මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නේ පිස්සු... මේක ජාතික ගීය කළොත් නරකද?

:       0       0

සමන් - මෙල්බන් Wednesday, 09 May 2012 01:33 PM

මේක දුමින්දගේ වරදක් නෙමේ. මිනිසුන්ගේ වරද

:       0       0

ප්‍රියදර්ශන Thursday, 10 May 2012 04:47 PM

එතකොට මේකට වගකිව යුතු අයට කර්මය පටිසන් දෙන්නේ නෑ වගේනේ

:       0       0

සමන්, මෙල්බෝන් Tuesday, 08 May 2012 12:26 PM

මට හිතෙන්නේ දුම්න්ද සිල්වා මහත්තයා දෙවියෙක් කියලා. අල්ලන්න බැරි ඒකයි.

:       0       0

අෂාන් Wednesday, 09 May 2012 02:28 PM

රට සුනඛයට ගිහින් (ස)

:       0       0

නුෂාද් Tuesday, 08 May 2012 12:43 PM

හිරුණිකා ප්‍රවේශමෙන් වැඩ කරන්න. ඔයාටත් වරෙන්තු නිකුත් කරාවි.

:       0       0

කොලා Tuesday, 08 May 2012 01:24 PM

නීතිපති එහෙම කරන එක වැරදි.

:       0       0

ග්‍රේෂන් නානායක්කාර Tuesday, 08 May 2012 02:02 PM

තව ටික දවසකින් දුමින්දට මොනව වෙයිද දන්නේ නෑ.

:       0       0

ජගත් Tuesday, 08 May 2012 02:47 PM

සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ රටකට ගිය කලක් ?

:       0       0

අනුර - ඉරාකය Tuesday, 08 May 2012 03:07 PM

හිරුනිකා, ඔයා හොඳටම දන්නවා මේ රටේ දේශපාලනය ගැන. ඇයි මේකට සම්බන්ධ වුණේ?

:       0       0

ෆාරු Tuesday, 08 May 2012 03:07 PM

ලස්සන හිනාව

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 10 May 2012 07:41 PM

මෙකේ කමෙන්ට්ස් දාලා තියෙන ඒවා කියවද්දි අපේ රටේ බුද්ධිමත් මිනිස්සු ඉන්න බව පේනවා.ඒත් ඇයි ඡන්දයකදී ඔය ගොල්ලන්ගේ නිවැරදි විනිශ්චය ඉදිරිපත් නොවෙන්නේ කියන ගැටළු තාම මට තියෙනවා. එක්කෝ ඔයාලා කියන විදිහට කටයුතු කරන්නේ නැහැ. නැතිනම් ඇයි බහුතර මතය මේ තරම් මන්ද බුද්ධික වුනේ.මේ කමෙන්ට්ස් දාලා තිබෙන්නේ ලංකාවේ මිනිස්සුනේ. බලන්නකෝ මොන තරම් බුද්ධිමත්ද මොන තරම් ආගම ධර්මය ගැන හොඳ දැනුමක් තිබෙන අයද ඉන්නේ කියලා.ඒත් ඇයි බහුතර මතයේදී මේ ආකල්ප මතවාද ඉස්මතු නොවෙන්නේ? එහෙම වුනා නම් අපි ඔක්කොම සතුටින් නේද?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 10:32 AM

දැන්වත් මේ රටේ මිනිසුන්ට තේරෙනවා නම් තමන් විහින් වැටිලා ඉන්න වළක හැටි ඒකත් මේ අවස්ථාවේ හැටියට ලොකු දෙයක්.එත් මොකක් කරන්නද? මම නම් පුද්ගලයෙකු වශයෙන් ඡන්දයේදී නිවැරදි තෝරා ගැනීමක් කරලා ඉවරයි.එත් මගේ නිවැරදි තෝරා ගැනීම මේ රටේ බහුතර මිනිස්සු නිසා නියෝජනය වුනේ නැහැ.දැන් මටත් වෙලා තියෙන්නේ බහුතර කැමැත්තට යට වෙලා ඉන්න. මම පෞද්ගලිකව අද මේ විඳින්නේ මම නොකරපු දෙයකට දඬුවම. මේ රටේ ඉන්න බහුතර මිනිස්සු නිසා විඳන දුකම ඇති ආයෙ පාරක් නම් මේ මිනිස්සුයි නායකයෝයි ඉන්න රටක උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න

:       0       0

මාධව Tuesday, 08 May 2012 08:26 PM

වැරදි කරපු අයටයි, වැරදිවලට අනුබල දුන්නු අයටයි ස්වභාව ධර්මයෙන් උත්තර ලැබෙයි.

:       0       0

මිණිමුතු Thursday, 10 May 2012 09:37 AM

කර්මය කවදා හෝ පටිසන් දෙනු ඇත

:       0       0

ගාමිණී Tuesday, 08 May 2012 09:36 PM

නීතිය දුප්පතුන්ට විතරද ?

:       0       0

පාලිත Tuesday, 08 May 2012 10:25 PM

තව ටික දවසකින් කියයිද දන්නේ නෑ මෙතුමාව අත්අඩංගුවට ගන්නත් ඕනි නෑ කියලා

:       0       0

ෂෙරීෆ් Tuesday, 08 May 2012 10:28 PM

නීතිපතිතුමා කළ දේ හරි.දුමින්ද මහත්තයාට උසාවි ගානේ යන්න උණොත් කවුද අපේ රටේ ඉදිරි වැඩ ගැන බලන්නේ?

:       0       0

යමපල්ලා Tuesday, 08 May 2012 11:30 PM

මෙයාද මෑන්? ආ බලා ගමුකෝ...

:       0       0

සමන්-melbourne Thursday, 10 May 2012 11:39 AM

ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්නේ

:       0       0

නුවන් Wednesday, 09 May 2012 01:17 AM

ඇඬෙනවා

:       0       0

හසාන් Sunday, 13 May 2012 11:57 PM

එහේ ජිම් එකකට ගිහින්ද දන්නේ නෑනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 596 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 114 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 910 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1022 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2842 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1773 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25453 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23413 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site