IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දුමින්ද ඉල්ලා මහවැලි කේන්ද්‍රය යළි වට කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන්නැයි ඉල්ලමින් ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් මේ මොහොතේ ශ්‍රීලනිප නාමයෝජනා අත්සන් කෙරෙන කොළඹ මහවැලි කේන්ද්‍රය අසලට එක්රැස්ව සිටිති.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මේ බව පැහැදිලි කිරීමට භික්ෂූන් ප්‍රමුඛ විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ට ජනපති හමුවීමට නොහැකි විය. විපක්ෂ නායක කාර්යාලයටද පිරිසක් පැමිණි අතර මහවැලි කේන්ද්‍රයේ සිටි දිනේෂ් ගුණවර්ධන මහතා ඔවුන් හමුවී කියා සිටියේ දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් අද සවස සන්ධානයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙන බවයි.

මේ අතර පැමිණ සිටි පිරිසෙන් කිහිප දෙනෙක් ජනපති හමුවීම සඳහා කැඳවාගෙන ගිය බවත් වාර්තාවේ.

7b23fd1b32c9f2b0a151365ce26607e958926875f7c2f0a2dfcfebe4a283c430 9f9b18f5d4a8b7175cf8914b1bf5ad881f933c776d68031f3fca0ccc2c78753d 468a8cbdbca36cad1bfd069fbd49564bed10e447368bee8d88520e2ed4c62615 d98e60e5e8b7bde3967ec28ca7913a96c8baa81009a5ecd73b0d2e9b1e16b2ec e0e89f59dc58b586f9b802e1f2e31b62ef5ca4af44cc84b5fed1f63bd6a0ecb1



අදහස් (0)

දුමින්ද ඉල්ලා මහවැලි කේන්ද්‍රය යළි වට කරයි

වින්සන්ට් Sunday, 12 July 2015 03:54 PM

අලිබබාගේ ඉල්ලීම ලැබෙනවා නම් හොරු 40 ත් ඉල්ලීම සාධාරණය. වර්තමාන ජනාධිපතිතුමා අපහසුවට පත්කිරීමේ කුට උත්සාහයකි. බෞද්ධ භික්ෂුන් වහන්සේලා මෙවැනි තත්ත්වයකට පත්වීම බෞද්ධයන්ට සිදුවන නින්දාවකි. වැලි රාජුට ජනතාව ලබාදී ඇති නාමය වගේම කුඩු දුමින්දටද ජනතා නාමය පුද කර ඇත. නිවැරදි ස්ථාවරයේ සිටීම වගකිව යුතු අයගේ යුතුකමය. (බ)

:       0       0

චානක Sunday, 12 July 2015 04:20 PM

ලෝකෙ කොහෙවත් නැතිව ඇති මේ වගේ හරක් ටිකක්... වෙන රටවල කියන්නෙ හොරුන්ව එපා කියල. අපේ එවුන් මැරෙන්න හදන්නෙ හොරු ඕනෙ කියල. (බ)

:       0       0

ඡායා Sunday, 12 July 2015 04:39 PM

හොරා කියල ඔප්පු වෙලා තියනවද ? (නදී)

:       0       0

ජීවන් Sunday, 12 July 2015 05:09 PM

ඔය කැරලි ගහන්නේ කොහොම අයද කියලා හිතාගන්න පුලුවන් (නි)

:       0       0

මැක්ෂි -කටාර් Sunday, 12 July 2015 06:04 PM

මෙතන ඉන්න ගොඩක් හාමුදුරුවරු පොඩි අය. සල්ලි දීල එක්කන් අාවට මොකද ආවේ මොකටද කියලවත් දන්නේ නැතුව ඇති. (නදී)

:       0       0

සහන් Sunday, 12 July 2015 06:27 PM

හාමුරුවරු ගැන ඇත්තටම දුකයි (නි)

:       0       0

ඉන්ද්‍ර Sunday, 12 July 2015 06:39 PM

පිරිසක් පටු වාසි තකා මේ ඉල්ලන්නේ මොනවද? ගම ගැන නොහිතා රට ගැන හිතන්න. මොහු ඉවත් කර ඇත්තේ හොඳට දන්නා කියන අය. චානක, ඔබ හරි (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Sunday, 12 July 2015 06:41 PM

පුදුමයි මෙවන් මිනිසුන් වෙනුවෙන් අපේ චීවරධාරීන් පෙනිසිටිම (නි)

:       0       0

රත්නායක Sunday, 12 July 2015 06:42 PM

රටට ගිය කලක් ? (නි)

:       0       0

විමල Sunday, 12 July 2015 07:01 PM

අපේ රට පිළිබඳව සිතනවිට දැනෙන්නේ හරිම සංවේගයකි.පාර්ලිමේන්තුව නියෝජනය කළයුත්තේ උගතුන්, බුද්ධිමතුන්, ප්‍රඥාවන්තයින්ය. ඕනෑම අපරාධයක් කරන්නට විලිබිය නැති මිනිසුන් සිටිය යුතු තැන ගැන අවබෝධයක් රටේ මිනිසුන්ට ලබාදිය යුතුව ඇත. (නි)

:       0       0

අනුරුද්ධ හිමි Sunday, 12 July 2015 07:09 PM

මේ මිනිසුන්ට මොනවා වෙලාද? (නි)

:       0       0

කරුණාරත්න Sunday, 12 July 2015 07:10 PM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

රූපවතී Monday, 13 July 2015 07:41 AM

මටනම් මේවාට ලියන්න දේවල් තියනවා ..ඒවා ලිව්වොත් අපේ කතෘ තුමාව අපහසුවට පත්වෙනවා ඒ වා කියවන්න බැරිව සහ පුවත්පතේ පලකරම්දෝ නොකරම්දෝ ..? කියල ඒ නිසා නොලියා ලියන්නේ නීතියක් නැති රටේ කුඩු රජවෙනවා කියල...? (බ)

:       0       0

විජිත් Sunday, 12 July 2015 12:02 PM

මේවාට සහභාගි වෙන කට්ටිය ගැන මට නම් මොකුත්ම හිතාගන්න අමාරුයි (නි)

:       0       0

ශිරන්ති Sunday, 12 July 2015 09:42 PM

ලංකාවේ මේ තරම් නුගත් මිනිස්සු ඉන්නවද ? (නදී)

:       0       0

අනූෂා Sunday, 12 July 2015 12:13 PM

දුමින්දට නාමයෝජනා දියයුතුයි. එතුමාගේ වැරැද්දක් තියනවා නම් ඒකට නීතිය තියනවා දඩුවම් දෙන්න.අනික මිනිසුන් එතුමාට ඡන්දය දෙනවා නම් ඒක අනෙක් අය ප්‍රශ්නයක් කරගතයුතු නැහැ.කිසිම වරදක් කරලා නැහැ හරිම හොඳයි කියලා මිනිසුන්ට සළකන්නේ නැත්නම් දුප්පතුන්ට උදව් කරන්නේ නැත්නම් එවැනි දේශපාලකයන්ගෙනුත් රටට වැඩක් නැහැ.එමනිසා එතුමා සිටිය යුතුමයි. (නි)

:       0       0

ප්‍රභා Sunday, 12 July 2015 10:01 PM

අනේ අපේ හාමුදුරුවනේ (නදී)

:       0       0

විජයබාහු Monday, 13 July 2015 08:00 AM

මෙයාට දුන්නේ නැති උනාට මගේ නම් කිසිම අමනාපයක් නැ. (ර)

:       0       0

ශාන්ත - කටාර් Sunday, 12 July 2015 10:21 PM

මෙතන ඉන්න සමහර හමුරුදුවෝ දැක්කම හිතෙනවා අඩුම ගානේ ඡන්දෙ තියෙනවත්ද කියලා. දෙන්න නම් එපා කොච්චර සද්දේ දැම්මත්. (නදී)

:       0       0

චමිල Sunday, 12 July 2015 12:21 PM

අනේ හාමුදුරුවොත් ඇවිල්ලා! (නි)

:       0       0

චන්න බුවනක Sunday, 12 July 2015 12:21 PM

ඒ තරම්ම ජනතාවට සේවය කළ කෙනෙක්ද මෙතුමා? දන්නේ නැති නිසයි ඇහුවේ. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 12 July 2015 12:25 PM

කලබල වෙන්න එපා.හෙට වෙනතුරු ඉවසලා ඉන්න (නි)

:       0       0

සම්පත් Sunday, 12 July 2015 12:28 PM

අනේ අපේ ශාසනයට ගිය කලක්! (නි)

:       0       0

සිරිසේන Monday, 13 July 2015 12:12 AM

විදුලි බිල වැඩි කළාම ඒක හොඳයි කියලා පෙලපාලි ගිය රටක් මෙහෙම හරක් ඉන්න එක අහන්න දෙයක්ද. (නදී)

:       0       0

සජිත් Sunday, 12 July 2015 12:36 PM

අනේ ස්වාමීන් වහන්සේලා පන්සලට වෙලා අපිට දහමක් දෙසන්න (නි)

:       0       0

ටෙන්සිල් Monday, 13 July 2015 12:39 AM

අනේ මිනිසුනේ,දැන්වත් මොළේ කල්පනන කරලා වැඩ කරපල්ලා.දැනටමත් රට ඉවරයි.දේශපාලනයට උගත් බුද්ධිමතුන් දාන්න උත්සහ කරන්න.සල්ලි තිබුනට දේශපාලනය කරන්න බැහැ.පුළුවන් තමන්ට විතරක්. (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 12:42 AM

දුමින්දට නාම යෝජනා දියයුතුයි කියන මතේ මමත් ඉන්නවා.චෝදනා තිබුන පළියට මෙහෙම කරන එක අසාධාරණයි.ඔහුට යම් ජන පදනමක් කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබෙනවා.ඔහු යම් මෙහෙවරකුත් දුප්පතුන් වෙනුවෙන් කරනවා.ජනතාව ඔහුව පිළිගන්නවා නම් ඔහුට ඉඩක් දෙන්න ඕනෑ.චෝදනා තිබු පමණින් ඔහු වරදකාරයෙක් වෙන්නේ නැහැ.චෝදනා ඔප්පු කරවලා හිරේට දාන්න ඕනෑ නම් මන්ත්‍රීකමේ හිටියා කියලා ප්‍රශ්නයක් නැහැනේ. (නි)

:       0       0

යවනාඩ් Sunday, 12 July 2015 12:36 PM

නාමයෝජනා දීලා බලන්න ජනතා මනාපය මොකක්ද කියලා (නි)

:       0       0

ලයනල් Monday, 13 July 2015 12:57 AM

බුදුහාමුදුරුවන්ගේ චීවරයට මේ කරන නින්දාව මොකක්ද? (නි)

:       0       0

ටෙහාන් Sunday, 12 July 2015 12:44 PM

ඔන්න ඔහේ දීලා දාන්න ඕක (නි)

:       0       0

ප්‍රදීප් Monday, 13 July 2015 12:58 AM

ආයේ ඔප්පු කරන්න දෙයක් නැහැ. එයා වැරදි කරලා නැහැ (නි)

:       0       0

ජගත් Sunday, 12 July 2015 12:49 PM

මගේ රටට දළදා හිමි සරණයි හාමුදුරුවනේ! (නි)

:       0       0

බුද්ධි Sunday, 12 July 2015 12:50 PM

ලංකාවේ බුද්ධාගමට ගිය කල! කා වෙනුවෙන්ද මේ දඟලන්නේ. (නි)

:       0       0

නිමාෂා Monday, 13 July 2015 01:13 AM

පිවිතුරු යහපාල කියන මතයේ මමත් ඉන්නවා. දැනට නිර්දෝෂී දුමින්දට නාමයෝජනා නොදීමට මමත් විරුද්ධයි. (නි)

:       0       0

ටිකිරි Sunday, 12 July 2015 12:58 PM

ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ? (නි)

:       0       0

රුවන් Sunday, 12 July 2015 01:00 PM

හාමුදුරුවරුත් ඇවිල්ලා ඉන්නේ? (නි)

:       0       0

ගයාන් Sunday, 12 July 2015 01:01 PM

පව් අනේ! දුමින්දට දෙන්න. (නි)

:       0       0

ධූරරත්න Sunday, 12 July 2015 01:02 PM

මට නම් තේරෙන්නේ නැහැ. රටට අවශ්‍ය ශිෂ්ට නියෝජිතයෝ. (නි)

:       0       0

රොහාන් Sunday, 12 July 2015 01:02 PM

පවු දුමින්ද! (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 01:40 AM

මෙතන මේ උඩ පැනගෙන කෑගහන අයද ඒගොල්ලන්ට කන්න දෙන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 13 July 2015 01:48 AM

පිවිතුරු යහපාල, ඔයා නම් තාත්තා කෙනෙක් වෙන්න බැහැ (නි)

:       0       0

සාමින්ද Monday, 13 July 2015 01:47 AM

හාමුදුරුවරුන්ට සසරෙන් එතෙර වෙන්න ධර්ම දේශනා පමණක් අපට කරන්න කියලා වැදලා ඉල්ලීමක් කරනවා. (නි)

:       0       0

ඩිලාන් Monday, 13 July 2015 01:49 AM

මේ ඉන්නේ මොන වගේ කට්ටියද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

විභූති Sunday, 12 July 2015 01:25 PM

අනේ හාමුදුරුවනේ! (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 13 July 2015 01:50 AM

ලෝකයේ මෙහෙම මිනිස්සු වැඩියෙන්ම ඉන්න රට ලංකාවයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 13 July 2015 01:52 AM

මිනිසුන්ට ඇත්ත තේරුම් ගන්න මොළයක් නැහැ. (නි)

:       0       0

රොබර්ට් Monday, 13 July 2015 01:55 AM

පිවිතුරු යහපාල, ඔයා මොනවද දන්නේ? (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 02:10 AM

රොබට් මහත්තයා දන්නවට වඩා පොඩ්ඩක් වැඩියෙන් මම දන්නවා (නි)

:       0       0

කැනඩා දිසා Monday, 13 July 2015 02:10 AM

ඇස්,කන්,මොළ ඇති මිනිසුනේ,ඇයි ටිකක්වත් තේරුම් ගන්න බැරි? (නි)

:       0       0

පෙරේරා Sunday, 12 July 2015 01:44 PM

දුමින්ද ආවොත් මගේ ඡන්දය නැත. (නි)

:       0       0

නලින් Monday, 13 July 2015 02:34 AM

එතකොට දුමින්ද සරණ ගිය අයද මේ? (ම)

:       0       0

සත්‍යයා Sunday, 12 July 2015 01:44 PM

මෙයාලා වෙනුවෙන් පෙළපාලි යන්න අලුතින් සිවුරූ දාගෙන එන්න වුණත් සුදානම් පිරිසක් අපේ රටේ ඉන්නවා. (නි)

:       0       0

චෙරිස් Monday, 13 July 2015 02:44 AM

මහින්ද රාජපක්ෂට දුන්නානම් ඇයි දුමින්ද සිල්වාට දෙන්න බැරි ? (ම)

:       0       0

රකිත් Monday, 13 July 2015 02:46 AM

නාම යෝජනා දුන්නොත් ඔහු සමහරවිට දිනයි. නමුත්, සන්ධානයේ ඡන්ද පදනම අඩු වෙයි. මේ නිසා සන්ධානයේ සමස්ත ආසන සංඛ්‍යාව පහළ බසී. එක්සත් ජාතික පක්ෂයත් කැමති ඇති ඔහුට නාම යෝජනා ලැබෙනවානම්.(ම)

:       0       0

කැප්පෙටිපොළ Sunday, 12 July 2015 01:56 PM

මේ සිව්රු ඇඳගෙන ඉන්නේ ඇත්තේ බුද්ධ පුත්‍රයන්ද ? (නදී)

:       0       0

දිලිප් Monday, 13 July 2015 03:58 AM

සල්ලි, මත්පැන් , මත්කුඩු , මේ සියල්ලම එකතු කොට බලයට එන්න දරණ වෙහෙස? (අ)

:       0       0

පෙරේරා Monday, 13 July 2015 03:59 AM

මට හිතාගන්න බෑ ලංකාවේ මිනිස්සුන්ගේ අධ්‍යාපන තත්ත්වය ගැන . ඇත්තටම දුකයි . කෙනෙක් අහල තියනව මෙතන කෑ ගහන අයද මේ මිනිස්සුන්ට කන්න දෙන්නේ කියල.. එයාට තේරෙන්නේ නෑ (අ)

:       0       0

රියල් Sunday, 12 July 2015 02:22 PM

ඔළුවෙන් හිටගෙන ඉල්ලුවත් නාමයෝජනා නම් දෙන්න එපා (නි)

:       0       0

බන්දුල Sunday, 12 July 2015 02:24 PM

අනේ අපේ හාමුදුරුවනේ! (නි)

:       0       0

සහන් Sunday, 12 July 2015 02:24 PM

හාමුදුරුවරුනේ, මේ වැඩ වලට විරුද්ධව පෙරට එන්න. භික්ෂූන් මෙලෙස හැසිරීම සුදුසු නොවේ (නි)

:       0       0

සම්පත් Monday, 13 July 2015 04:18 AM

ප්‍රජාතන්ත්‍රවාදය වනාහි මෝඩයාගේ පාලන ක්‍රමයකි කියල අපි ඉගනගෙන තියෙනවා මට මතක විදියට, එබ්‍රුම් ලිකන් ගේ කියමනක් වැරදිනම් නිවැරදි කරන්න. (ස)

:       0       0

විජිත් Sunday, 12 July 2015 02:36 PM

දුමින්දවම මොකද ඕනෑ? (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 04:35 AM

අපේ පැත්තේ ඇට පඹයෝ වගේ හිටපු කොල්ලෝ කුරුට්ටෝ දැන් ටිකක් මස් දාල ඇවිල්ලා. (බ)

:       0       0

අයිවන් Sunday, 12 July 2015 02:42 PM

සල්ලි වලට අපේ පොඩි සාදුලා ටිකක් කඩේ යනවා වගේ. බයවෙන්න එපා එයාටත් ලැබෙනවා (නදී)

:       0       0

මහින්ද Sunday, 12 July 2015 02:48 PM

භික්ෂුන් වහන්සේලාත් පක්ෂපාති වගෙයි මේවයින් පෙනෙන්නේ (නදී)

:       0       0

නිමල් Sunday, 12 July 2015 03:06 PM

අපේ මහා සංඝරත්නය ගැන මට හරිම සංවේගයක් ඇතිවුණා (නි)

:       0       0

ලාල් Sunday, 12 July 2015 03:07 PM

මේ සිවුරු දාගත් අය මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ අය මහා සංඝරත්නයට අයිතිද? ඇයි එහෙනම් අපේ මහා සංඝරත්නයට අපහාස කරන්නේ? ජනපතිතුමා පැහැදිලිවම හා ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරලා තිබෙනවා කුඞු,එනතෝල්,මැරබලයට සම්බන්ධ කිසිම කෙනෙකුට නාමයෝජනා නොදෙන බවට.රටම ඉතාමත් අප්‍රසන්නවයි මේ ප්‍රවෘත්ති දකින්නේ. (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 12 July 2015 03:23 PM

රටේ මුර දේවතාවන් වන සංඝරත්නයේ ඉල්ලීමට ඇහුම්කන්දී මෙතුමාට නාම යෝජනා ලබා දෙන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1070 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6631 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3632 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1531 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1639 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28670 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site