IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


දුමින්ද තවත් දැඩි සත්කාර ඒකකයකට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා දැඩි සත්කාර ඒකකයේ සිට ස්නායු ශල්‍ය ඒකකයේ දැඩි සත්කාර ඒකකයට අද මාරු කළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ දොස්තර එස්.ඒ.කේ. ගමගේ මහතා කියයි. ඔහුට දියර ප්‍රෝටීන ආහාර ලබාදෙන බවත් ඔහු විටින් විට සිහිය ලබන බවත් අධ්‍යක්ෂවරයා පවසයි. ඔහුට තවත් සැත්කමක් කළ යුතු නමුත් එය ඉක්මනින් කළ යුතු නැතැයි වෛද්‍යවරුන් තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

දුමින්ද තවත් දැඩි සත්කාර ඒකකයකට

සුදත් Wednesday, 19 October 2011 10:06 AM

අපරාදේ ජනතාවගේ සල්ලි

:       0       0

හිමාලි මහේෂිකා Wednesday, 19 October 2011 10:23 AM

සිංහල බෞද්ධයින් කවදාවත් කාටවත් වෛර කළේ නැහැ අංගුලිමාල ආලවක නාලා ගිරි ගැන හිතන්න මේ හැම දෙයටම මුල් උනේ දුමින්ද සිල්වා වාගේ අයද දෙව් දත් කියන්නේ මහ තෙරුන් වහන්සේ නමක් වෙලාවේ හැටියට කළ යුත්තේ නරුමයා උනත් අහිසකයා උනත‍් අපි වෛදය විද්‍යාවේ කළ යුතු දේ කළ යුතුයි

:       0       0

නතීශ පෙරේරා Wednesday, 19 October 2011 11:49 AM

@හිමාලි. අහිංසක දුප්පත් මිනිහෙක්ට ඔය දේ උනානම්. මේ විදිහට සත්කාර කරන්වද කියල පොඩ්ඩක් හිතල බලන්න. මේ මිනිහව දැඩිසත්කාරෙ තියන් හිටිය දවස් ටික හින්ද. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න බැරුව මීට වඩා වටින ජීවිත කීයක් නැති වෙන්න ඇතිද ??

:       0       0

සුදත් Wednesday, 19 October 2011 12:23 PM

@ හිමාලි - අපරාදේ.... ප්‍රභාකරන්.. හිට්ලර් වගේ අයව.. එහෙමත් කොහොම හරි බේරලා තව චාන්ස් එකක් දෙන්න තිබ්බා මිනී මරන්න! හොඳ වෙලාවට ඔයා රටේ තීරණ ගන්න බැරි තැනක ඉන්නේ! ඒ නිසාම මම දයිවය(කොම්ම්බු දෙක හොයා ගන්න අම්මරුයි.. සමාවෙන්න ) විශ්වාස කරනවා! බැතිමත් කමයි නූගත්කමයි එකතු උනාම මෝඩ වෙනවා, බැතිමත් කමට බුද්ධිමත්කම නැතිව නිවන බොරු!

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 19 October 2011 01:29 PM

නතීෂ ! සුදත් ! ඇතුඵ හැම කෙනෙක්ම හිතන්න ඔයාලගේ අයියා කෙනෙක් හරි මල්ලි ‍කෙනෙක් හරි අර මිනිහා ඉන්න තත්වේ හිටියනම් ඌ මිනිමරුව ඕකාට මැරෙන්න දෙමු කියලා නිකං ඉන්නවද ඔයාලගේ තාත්තා ඔය තත්වේ හිටියනම් කොහෙමෙද ? හිතන්න දැන් ඒ මිනිහාටත් මරණයේ ‍වේදනාව දැනිලා තියෙනනේ මියගිය මිනිස්සුන්ගේ පවුල්වල අයත් මේ වේදනාව තියෙනවා මම කියන්නේ මීය ගිය අයත් පණ බේරා ගන්න රෝහලේ සිටින අයත් දෙපාර්ශවයම වැරදී (අවි ගත්තෝ අවියෙන්ම නසිති) කියමන හරියටම හරි ඔය දේ තේරුම් ගන්න බැරි නම් ඇති වෙන්න බැනලා ඔයාලා ලේ ටික පුච්ච ගන්න ඕනෙනම් මටත් බනින්න.

:       0       0

සුරේඛා ඒකනායක Wednesday, 19 October 2011 01:48 PM

හරියට හරි බැතිමත් කමයි නූගත් කමයි එකතු උනාම මෝඩ වෙනවා බුදුන් වහන්සේත් හැමදේම නුවණින් විමසන්නයි කියලා දුන්නේ තව හිමාලි වගේ තුන් හතර දෙනෙක් හිටියොත් නියම නරුමයෝ ටිකක් බිහි වේවි

:       0       0

නදීශා පියුමාලි ජයවර්ධන Wednesday, 19 October 2011 01:36 PM

කළ කම් පලදේ !

:       0       0

විතානගේ Wednesday, 19 October 2011 02:16 PM

මිනිස් ජීවිකයක් බේරා ගන්න එක කොයිතරම් උතුම්ද මේ මී හරක්ට මේකවත් තේරෙන්නේ නැහැනේ

:       0       0

ප්‍රභාත් Wednesday, 19 October 2011 02:32 PM

හිමාලි ගිහින් කිරි ටිකකුත් පොවලා අවනම් තමයි තව හොද.

:       0       0

sara Wednesday, 19 October 2011 02:19 PM

හිමාලි ඔයා දුමින්දගේ නංගිද

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 19 October 2011 02:25 PM

ඔයා තවම අත දරුවෙක් දකිරි පොවන්න ප්‍රභාත්!

:       0       0

දුමින්ද Wednesday, 19 October 2011 03:03 PM

හිමාලි පාරෙන් පිට පැනලා කතා කරනවා

:       0       0

දයාරත්න Wednesday, 19 October 2011 03:49 PM

කොහොම උනත් හිමාලි නිවැරැදි මම ඔයාට ලකුණු 10 දෙනවා

:       0       0

අමර Wednesday, 19 October 2011 04:08 PM

නිසි ප‍්‍රතිකාර නැතිව දහසක් මිනිසුන් මිය යද්දි රටේ තරුණ පරම්පරාව විනාශ කරන මේ වගේ හිත් පිත් නැති මිනිහෙක් වෙනුවෙන් මහජනතාවගේ මුදල් මේ විදිහට වැය කරන එක ජාතික අපරාධයක්.

:       0       0

ඉන්දික Wednesday, 19 October 2011 03:59 PM

දුමින්ද මැරි මරි ඉපදෙනවා

:       0       0

තිලක් Wednesday, 19 October 2011 04:14 PM

හිමාලිගේ කතාව හරි අපි ආවේගයට කතාකලාට දුමින්ද කළ වැරදි වලට එයාට දඩුවම් ලැබිලා ඉවරයි බුදු බණ බොරු කරන්න බැහැ

:       0       0

ලක්ශිකා නිමාලි Wednesday, 19 October 2011 04:19 PM

මෙතන තියෙන්නේ, ඒ කෙනාව බේර ගන්නවාද නැද්ද කියන එක නෙවෙයි. සාමාන්‍ය කෙනෙකුත් ඒ වගේම වටින ජීවිතයක්! ඒත් වෙදකමේ තරම, කැපවීම, උවමනාව වගේ දෙවල්, ප්‍රසිද්ධිය, මැර බලය, ප්‍රචන්ඩත්වය වගේ දේ නිසා විශේශයෙන් දෙනවා කියන්නේ අනිත් රෝගීන්ටත් එහෙම කරන්න පුලුව්න්කම තියෙද්දී නොකර ඉන්නවා කියන එකයි! ඉතින් ඕක නොතේරෙන දයාරත්නට අනික් අයව තම්න්ගේ ජාතියෙන්ම (මී හරක් කියලා) හිතෙන එකත්, හිමාලිට ටොකු අනිද්දී "සාධු" කියන්න ඕඉනේ කියලා හිතන් ඉන්න නොදන්න සින්හල බෞද්ධකමත් ගැන පුදුම වෙන්න දෙයක් නෑ ඇත්තටම!

:       0       0

Suraweera Wednesday, 19 October 2011 08:43 PM

හිමාලි මහේෂිකා/විතානගේ දුමින්ද බේරා ගන්න. දුමින්ද කළ වැරදි වලට දඩුවම් දෙන්න කළ යුතු දේ කොහොම හරි බේරලා, ඒ මිනිහාටත් මරණයේ ‍වේදනාව තේරෙන්න දෙන්න.

:       0       0

රුවන් Thursday, 20 October 2011 08:05 AM

.රේඛා! හිමාලි! දුමින්දට අහුඋනානම් පෙන්නයි කරුණාව දෝරේ ගලන හැටි

:       0       0

සුසන්ත Thursday, 20 October 2011 09:19 AM

ඊ ලග මාරුව කොහාටද

:       0       0

නාකන්දල Friday, 21 October 2011 08:34 AM

හිමාලි කියන දෙ හරි... ජීවිතයක් බෙරා දීමයි වැදගත් වෙන්නෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1199 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 928 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 381 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1178 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1156 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 712 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site