IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දුමින්ද භාරතට කම්මුල් පාරක් ගහයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මුල්ලේරියාවේ වල්පොළ හන්දීයේදී 2011 ඔක්තෝබර් 08 වැනිදා ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට කම්මුල් පහරක් ගසනු දුටුවේයැයි  හෂාන් ශෂීරංග අමරදේව  නම් සාක්කිකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්  ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවසිය.

ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවි දෙනකු ඝාතන සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනකු මේ නඩුවේ ප්‍රධාන සැකකරුවෝය.

‘‘දෙන්නාගේ වාහන ආවේ දෙපැත්තෙන් දුමින්ද සිල්වා ප්‍රේමචන්ද්‍රෙග් වාහනවලට අවහිර කළා ඔහු සිය වාහනයෙන් බැස්සා දුමින්ද සිල්වා ළගට ගියා ඔහුට කම්මුලට පහරක් ගැසුවා ඒ සමඟම වෙඩි හඬ ඇසුණා.

මා ප්‍රේමචන්ද්‍ර අල්ලාගෙන වාහනය ළගට ගියා.මා වාහනයට රිංගා පස්සාහ දොරෙන් වාහනයට ඇතුළු වුණා. ප්‍රේමචන්ද්‍රට සිදු වුණේ කුමක්දැයි බැලුවා . මා ඔහු රෝහලට ගෙන ගියා.‘‘

මධුෂානී පතිරණ ඊළගට සාක්කිදීමට කූඩුවට නැන්ගාය . ඇය කොටිකාවත්ත ප්‍රදේශිය සභාසභාපති ප්‍රසංග සෝලංග ආරච්චිගේ බිරියයි. වැඩිදුර විභාගය 17 වැනිදාට කල් තැබීය.

 

 

 

 

 



අදහස් (0)

දුමින්ද භාරතට කම්මුල් පාරක් ගහයි

ධම්ම Wednesday, 04 September 2013 01:03 AM

කවුද ෆස්රුල් ගෆූර් - කටාර්, ඒ ඉතාමත් වටිනා දේශපාලන නායකයා? ලංකාවේ කෙනෙක්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 04 September 2013 01:23 PM

අන්තිමේ මරුන ප්‍රේමචන්ද්‍ර මත්තයම වෙඩි තියා ගත්ත කියලා ඔප්පු වෙයිද දන්නේ නැහැ.මොකද ලංකාවේ නිතිය ඒකනේ. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 09 September 2013 05:51 PM

වීරේ - ඔයා හරියටම හරි ඒ නිසා තමා මම "භාරතට" කැමති. ඒ වගේම මට ඔයත් වටිනවා වීර. ඔයත් මුස්ලිම් අයට හරියට ගරු කරන කෙනෙක්. ඔයා නිසා මුස්ලිම් අපි හරිම සන්තෝසෙන් ඉන්නේ. (නදී)

:       0       0

දම් Wednesday, 04 September 2013 02:08 AM

මේ දැන් රූප ගත කරන්නේ ලබන වසරේ විකාශනය කරන ටෙලිය.(නදී)

:       0       0

උපාලි Wednesday, 04 September 2013 06:22 AM

සාක්ෂිකරුවන් ආරකෂා කිරීමේ පනතක් ගේනවා කිව්වා නේද කාලයක් තිස්සේ? ඒක වලංගුද දැන්? ලංකාව වගේ රටකට අත්‍යවශ්‍ය නීතියක්. (නදී)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 07:36 AM

වර්තමාන ලංකාවේ තත්ත්වය අනුව නම් වෙන දෙය සිතාගන්න පුළුවන් (නි)

:       0       0

රකිත් Wednesday, 04 September 2013 08:07 AM

බන්දුල පෙරේරා, ඔය කියන ඉස්සර වුණ කෙනාටත් වෙඩි තියන්න අදහසක් තිබිලා නැතුව ඇති (නි)

:       0       0

වලස්පිටියේ Wednesday, 04 September 2013 08:26 AM

මේකේ කියන විදියට දෙන්නම කම්මුල් පාරවල් ගහල තියන වනේ. ආපහු මුල ඉදල හොදට කියවන්නකෝ.(නදී)

:       0       0

ලහිරු Wednesday, 04 September 2013 08:43 AM

නඩු සහ බඩු දෙකම කාගෙද?(නදී)

:       0       0

කැනඩා දිසා Wednesday, 04 September 2013 09:33 AM

ලැජ්ජයි .පිය සෙනෙහස ගැන අමතක දු දරුවෝ, එය අමතක කරයි තම වාසිය හින්දා. (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 04 September 2013 09:45 AM

ඒ කතාව අපිට විස්වාශ කරන්න බැහැ. ඕක දුමින්ද මහත්තයාගේ කීර්ති නාමයට හානියක් කරන කුමන්ත්‍රණයක්. සමහරවිට භාරත ලක්ෂමන් එයාගෙම කනට ගහගන්න ඇති (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Tuesday, 03 September 2013 06:58 PM

භාරත එයා විහින් එයාටම වෙඩි තියාගත්තා කියල නඩුවේදී කියවුනොත් පුදුම වෙන්න දෙයක් නැහැ .එහෙම වෙන එකම රට ශ්‍රීලංකාව නිසා.(නදී)

:       0       0

කුමාර Tuesday, 03 September 2013 06:58 PM

සාක්කි දෙන්නේ බලාගෙන වැරදුනොත් ඉල්ලන් කෑවා වෙනවා. මොකද මේක අපේ ලංකාවනේ නිතිය හරියටම කරන රටක්.(නදී)

:       0       0

නිමල් - කුවෙට් Tuesday, 03 September 2013 07:02 PM

සාක්ෂි දුන්නා වගේ නෙමෙයි මෙයාලගේ ආරක්ෂාව ගැන තමයි දුක හිතෙන්නේ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 03 September 2013 07:08 PM

ඉතාමත් වටිනා දේශපාලන නායකයෙක් අපිට අහිමි වුනා. (නදී)

:       0       0

තබුක් සිල්වා Tuesday, 03 September 2013 07:18 PM

නීතිය නිසියාකාරව කරනවා නම් මගේ අම්මෝ හිර ගෙවල් මදි වෙනවා. මහජන මුදල් හොර කරන තක්කඩි රැලව දාන්න.(නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Tuesday, 10 September 2013 10:05 PM

විරගේ කතාව සම්පුර්ණ සත්‍ය දෙයක් උවත්. භාරත ලක්ෂමන් අප මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරපු සේවයට ඔහුට අපි නය ගැති වෙමු. ඔහුගේ පිහිට නොවන්ට අපට කොළොන්නාවේ මුස්ලිම් පල්ලියක් සාදා ගැනීමත් ඉඩමක් ගැනීමක් ලෙහෙසි දෙයක් නොවුනේය . එනිසා අපි බාරත ලක්ෂ්මන්ට සදා නය ගැතිය. අපට කියා සුසාන බුමියක් ලැබුනෙත් ඔහු නිසාය. (නදී)

:       0       0

අතුල බණ්ඩාර Saturday, 07 September 2013 11:13 PM

මං හිතන්නේ දුමින්ද භාරතට කම්මුල් පහර ගැසු නිසා භාරතගේ කවුරු හෝ ඉක්මන් වී අවි ගත්තාය කියා . එහි ප්‍රතිපලය ජිවිත හානිය . අවිගත්තෝ අවියෙන් නසිති (අ)

:       0       0

කුමුදු ඉතාලිය Tuesday, 10 September 2013 10:11 PM

මමත් කොලොන්නාවේ මැදුනු ජිවත් වූ කෙනෙක්මි . මා සහ මගේ දෙමව්පියන් කොලොන්නාවෙන් පිට වුයේ එහි ඇතිවූ අන්‍ය ආගමික ආක්‍රමණය නිසාය. අප පොඩි කාලයේ තිබු කොලොන්නාව නෙමේ දැන් ඇත්තේ. කෙසේ උවත් දුමින්ද මහතා කොලොන්නාව වෙනුවෙන් සේවයක් කරනා බව මගේ යහළු යෙහිලියන් නිතර අපට පවසා තිබේ. මෙය ලිව්වේ බාරතට පහර ගැසීමට නොව මාගේ සහ මගේ යහළුවන්ගේ හැඟීමත් ප්‍රකාස කිරීමටය . මුදල් සහ බලය ඔහුව වෙනස් කළේය , ඔහු ගමේ මිනිසුන් ගෙන් ඈත් විය. ඔහු මුදල් වෙත ඇදී ගියේය. කතු තුමනි ඔබ මෙය කපා කොටන්නේ නැතුව පල කරන මෙන් ඉල්ලමි. ස්තුතියි.(නදී)

:       0       0

රානා Wednesday, 04 September 2013 10:41 AM

ඔහොම දෙයක් රත්නපුරෙත් උනානේ. (නදී)

:       0       0

රෝහණ Wednesday, 04 September 2013 11:03 AM

ඔය සාක්කිකාරයට තවත් ජිවත් වෙන්න දෙයිද? රජ කම් කලත් කළ කම් පළදෙනවා කියලා කියමනක් නම් තියෙනවා. අපේ ඉතිහාසය බැලුවම ඒක ඔප්පු වෙනවා නේද? (ස)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 03 September 2013 08:29 PM

මේ සාක්කිකාරයෝ මෙච්චර කල් කොහෙද හිටියේ ?.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 04 September 2013 11:11 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති කියලා මංගල කියපු කතාවම තමයි මගෙත් සටහනේ සාරාංශය (නි)

:       0       0

ගාමිණී Tuesday, 03 September 2013 08:35 PM

මට මතක නැහැ.(නදී)

:       0       0

ලතා Wednesday, 04 September 2013 05:42 PM

අපි නම් දැක්කේ නැහැ (දී)

:       0       0

සලීම් Tuesday, 03 September 2013 09:08 PM

යුක්තිය ඉටු වේවා! (අ)

:       0       0

අසන Tuesday, 03 September 2013 10:00 PM

කුඩු මුදලාලිලා රජ වෙන්න හිතුවට වැඩක් නෑ,කරපු පව් ගෙනියන්නම (අ)

:       0       0

ශාන් Tuesday, 03 September 2013 10:15 PM

මාර වැඩේ නේ???(දී)

:       0       0

නිරෝෂන් කටාර් Thursday, 05 September 2013 01:58 PM

මෙගා බයිට් එකක්ම තමා මේ සිද්ධියත්. ගායකයන්ව නළුවන්ව උස්සලා බලෙන් මෙගා බයිට් කරන කාලයක් මේක (නි)

:       0       0

වීර Thursday, 05 September 2013 09:10 AM

ෆස්රුල්, ඔබ භාරත ලක්ෂ්මන් වටිනා නායකයෙක් කියන්නේ ඔහු මුස්ලිම් අයට ඡන්දය බලාපොරොත්තුවෙන් සිංහලයන්ටත් වඩා සැලකූ නිසා.කොලොන්නාවේ පන්සල් ගණනටත් වඩා පල්ලි ගහන්න ඉඩදුන්නෙත් ඔහු.ඔහු ඡන්දය වෙනුවෙන් ජාතිය අමතක කරපු මිනිහෙක්. අපි හොඳට දන්නවා ඔහු ගැන.ඔහු අහිංසකයෙක් නෙමෙයි.ඉස්සර 100%ක් සිංහලයෝ හිටපු කොලොන්නාව ම මුස්ලිම් කරන්න(දැනටමත් 70%ක් මුස්ලිම්) පදනම දැම්මෙත් ඔහුම තමයි. (ස)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 04 September 2013 07:09 PM

බුදු බන අනුව ... චේතනාවම් බික්කාවේ කම්මන් වදාමි .. මහණනි මම චේතනාවම කර්මය කොට වදාරමි .. මෙතන සිදුවී තිබෙන්නේද එයමය . මේ දෙදෙනාම අවි ගත් දෙපිරිසකි . මංගල කොලොන්නාව කිව්වා සේ අවි ගත්තෝ අවියෙන් නසිති . අපි දෙපැත්තටම කඩේ නොයමු (දී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 03 September 2013 10:57 PM

මේ දෙන්නාගෙම වෙඩි තියාගන්න අදහසක් තිබුණේ නැති බව විශ්වාසයි. අයෙක් ඉස්සර වුණා.ඔක්කොටම වළ කැපුනා (නි)

:       0       0

සේරම් Tuesday, 10 September 2013 06:23 PM

වීර, ඔබගේ කතාව මම සම්පුර්ණයෙන් අනුමත කරමි . මොකද මම හැදුනේ කොලොන්නාව වතුර ටැංකිය ළග. බාරත ලක්ෂ්මන් ගේ ජීවිතය ගැන අපි හොඳින් දනිමු. බොහෝ දෙනා ඔහුව වර්ණනා කරන්නේ ඔහු ගැන නොදැනය (නි)

:       0       0

ප්‍රියානි Wednesday, 04 September 2013 12:47 PM

සැමදෙනාටම බුදු සරණයි.(නදී)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Monday, 16 September 2013 07:10 PM

මම හිතන්නේ දුමින්ද මහත්තයා මේකට පිළියමක් යොදාවි ඉතා ඉක්මනින්. ලිප ගිනි ඇවිලෙන තෙක් දිය සැලියේ...කකුළුවෝ නටපල්ලා (නි)

:       0       0

දසුනි Wednesday, 04 September 2013 12:28 AM

මේ කම්මුල්පාර වැඩියෙන්ම වැදුනේ රටේ තිබුණු "නීතියට". (නි)

:       0       0

ඉම්රාන් Thursday, 05 September 2013 02:27 PM

මේ රටේ ලොකු පුටුවල ඉඳගෙන රට පාලනය කරන්නේ මෙහෙම උදවියද? (නි)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 04 September 2013 12:53 AM

මේ සිද්ධිය විකෘති කරමින් බොහෝ දෙනෙක් කතා කරන්නේ. කොළොන්නාවේ වැසියෙකු හෙටියට මම භාරත ලක්ෂ්මන් හොඳින් දනිමි. මට කියන්න තියෙන්නේ අවි ගත්තෝ අවියෙන් නසිති යන පරණ කියමනය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 331 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 138 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1772 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1217 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 543 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1318 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33260 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23890 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site