IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දුමින්ද වැලිකඩදීත් නීතිය කඩලා ?

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා අතරින් තුන්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්ද පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට මාරු කර යැවූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි.

දුමින්ද සිල්වා ඇතුළු ඉතිරි විත්තිකරුවන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සී3 සිර මැදිරියේ රඳවා තැබීමට නියෝග කළ බවද ඒ මහතා කියයි.

මේ වනවිට වැලිකඩ, දුම්බර හා මහර බන්ධනාගාරවල මරණ දඬුවමට නියමවූ හා ඊට එරෙහිව අභියාචනා මත සිටින සිරකරුවන් 1200කට ආසන්න බවද කියති.

මේ අතර නඩු තීන්දුවෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එනු ලැබූ දුමින්ද සිල්වා හැර සෙසු විතිත්තිකරුවන් තිදෙනාට ඒ මොහොතේම මරණ දඬුවම නියම වූවන් සඳහා වන ඇඳුම ලබාදී සිරමැදිරියට යවා ඇතත් දුමින්ද සිල්වා කෙළින්ම ගොස් ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලය වෙත බවද වාර්තාවේ.

මරණ දඬුවම නියම වූ හෝ වෙනත් කිසිදු සිරකරුවකුට බන්ධනාගාරය ඇතුළත වෙනත් ස්ථානයකට යෑම බරපතල වරදක් බව එහි නිලධාරීහු කියති.

බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේ පැයක පමණ කාලයක් රැඳී සිට එළියට පැමිණි පසු දුමින්ද සිල්වා ට මරණ දඬුවම නියමවූවන් සඳහා වන ඇඳුම ලබාදී සිර මැදිරියට රැගෙන ගොස් ඇතැයි කියති.



අදහස් (0)

දුමින්ද වැලිකඩදීත් නීතිය කඩලා ?

නිමල්ක Friday, 09 September 2016 06:26 AM

මැරෙන්න නියම වෙච්ච මිනිහගෙන් නීති ගරුකකම බලාපොරොත්තු වෙන්න බෑ (බ)

:       0       0

රන්ජන් Friday, 09 September 2016 06:15 PM

දුමින්දව එල්ලයි? මොන බොරුද... තව ටික දවසකින් වෙනදේ ගැන අවධානයෙන් ඉන්න (නි)

:       0       0

රොහාන් Friday, 09 September 2016 07:05 AM

නිතිය බලවතාගේ වුවමනාව.. .මුදල් සියල්ල තීන්දු කරයි ....(ම)

:       0       0

ලෙස්ලි Friday, 09 September 2016 07:14 AM

බන්ධනාගාර නිලධාරින් වහාම අත්අඩංගුවට ගන්න (ම)

:       0       0

හිරාන් Friday, 09 September 2016 07:15 AM

මොනවා උනත් දුක හිතෙන සිද්දියක්. කොහොම ඉන්න පුළුවන් මිනිස්සුද. අපි අහල තියෙන විදියට මේ සිද්දියට අදාල දෙපාර්ශවයම චන්ඩි. (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා -ප්‍රංශය Friday, 09 September 2016 07:26 AM

මරණ දඬුවම නියමවූ මෙවැනි අපරාධකරුවෙකුට හිර ගෙදර ඇතුළේදී මෙවැනි සුපිරි සැලකිලි ලැබුණේ කොහොමද කියා විශේෂ පරීක්ෂණයක් මගින් සොයා බැලිය යුතුය (ම)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 10 September 2016 10:15 AM

බන්ධනාගාරය තුළ ජංගම දුරකථන සිග්නල් වලට බාධාකරන ජමෙර් උපකරණ වහාම සවි කළයුතුය (නි)

:       0       0

තුසිත ප්‍රසංග Friday, 09 September 2016 07:39 AM

මා දන්නා තරමින් පල්ලෙකැලේ තිබෙන්නේ එළිමහන් සිර කඳවුරක් වන අතර එළිමහන් සිර කඳවුරු වල මරණ දණ්ඩනයට නියම වූ සිරකරුවන් රඳවනු නොලැබේ. (ම)

:       0       0

බණ්ඩා Friday, 09 September 2016 08:46 AM

අනේ මට මතක නැතුව තමා එතැනට එකට ගියේ... (ර)

:       0       0

සුසිල් Saturday, 10 September 2016 01:26 AM

එල්ලා මරනවාට වඩා හොඳයි දියුණු රටවල වාගේ එන්නත් කිරීම මඟින් මරණයට පත්කිරීම හඳුන්වා දුන්නා නම්. මේ අය ඉක්මනින් සමාජයෙන් ඉවත්කළ යුතුයි. (නි)

:       0       0

ප්‍රින්ස් Friday, 09 September 2016 08:45 AM

භාරත හා දුමින්ද මිත්‍රව සිටියානම් කියා සිතෙනවා... නමුත් මේවට වග කියන්න ඕනේ පවතින ඡන්ද ක්‍රමයයි. ඕක තියෙනකම් ඕවා ඔහොම තමයි. (ර)

:       0       0

හේමන්ත Friday, 09 September 2016 08:59 AM

බන්ධනාගාර අදිකාරිත් නීතිය කඩලා, ඔහුට විරුද්දවත් නීතිය ක්‍රියාත්මක කරන්න. (ර)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Friday, 09 September 2016 08:55 AM

මෙතන වරද දුමින්දට වඩා , බන්ධනාගාර අධිකාරිවරයාගේ. (ර)

:       0       0

රුවන් Friday, 09 September 2016 09:05 AM

ජරාවක් දෙන්න කතා කරන්න අැති.... (ර)

:       0       0

අෆ්කර් Friday, 09 September 2016 09:32 AM

අනිවාර්යෙන්ම නිදහස් කළ යුතු පුද්ගලයෙක්. මිනිස්සු ගොඩක් ආදරේ කරන්නේ ඒ දුමින්ද සිල්වා මිනිසුන්ට වැඩක් කළ නිසයි (බ)

:       0       0

අරුණ Friday, 09 September 2016 09:40 AM

ආණ්ඩු වෙනස්වෙද්දී දඬුවම් ලිහිල්වෙයි (බ)

:       0       0

නන්ද Friday, 09 September 2016 09:56 AM

ඊයේ දීපු නඩු තීන්දුව ගැන එතුමා ට මතකයක් නැතුව ඇති. (ර)

:       0       0

චතුරි Friday, 09 September 2016 10:08 AM

වරදට දඩුවම් ලැබෙනවාමයි... (ර)

:       0       0

සම්පත් Friday, 09 September 2016 10:16 AM

ඇෆ්කර් , ඔයත් දුමින්දගෙන් යැපුන කෙනෙක්ද ? නරක දේවල් කරන මිනුස්සුන්ට අනිවාර්යෙන් දඩුවම් ලැබෙන්නම ඕනේ .(බ)

:       0       0

ඉෂාරා සුදේශනි Friday, 09 September 2016 10:24 AM

වැරදිි කරපු අයට දඩුවම් දෙන්න ඕන (බ)

:       0       0

සුසිල් Saturday, 10 September 2016 03:31 AM

කියන්න ඇති අපි පස්සෙ බලාගමු කියලා. (නි)

:       0       0

සුදේශ් Friday, 09 September 2016 11:38 AM

වැරදි කළොත් දඩුවම් ලැබෙන බව නීතියෙන් ඔප්පු කළ යුතුයි. වුවමනාවෙන් මිනිස් ජීවිතයක් නැති කොළොත් ඔහුව එල්ලාම මැරිය යුතුයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 8 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 18 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 70 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


රාගමදී දුම්රියක් නවතී: මගීහු අපහසුතාවට
2024 ඔක්තෝබර් මස 08 421 0

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.


තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 169 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 1057 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39383 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25672 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1140 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 392 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site