(නිමන්ති රණසිංහ)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු ලිපියකින් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවා ඇතැයි ද දැනගන්නට ඇත.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූ දුමින්ද සිල්වා මහතා ජනපති සමාව යටතේ ඉකුත් දා නිදහස් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්
පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දුමින්ද සිල්වාට සභාපති පුටුවක්
ජේපී ආර් කරුණාරත්න Sunday, 18 July 2021 08:25 AM
වියත්මග අංක එකේ යාවජීව සාමාජිකයා. ඒ හින්දා තමයි එකම නඩුවේ එකම තීරණයට තුන් හතර දෙනෙක්ට මරණ දඬුවම දීලා තියෙද්දී සර් මෙතුමාට විතරක් සමාව දුන්නේ... ලංකාවේ හැංගිලා ඉන්න වියතුන්ට නිසි තැන දුන්නට ස්තුතියි සර්...!!!
gamunuSunday, 18 July 2021 07:23 PM
ජනාධිපතිට බැනලා වැඩක් නැත. ජනතාව වෙනසක් ඉල්ලා සිටියා. ජනාධිපති එම වෙනස දැන් සෙමින් ඉටුකරමින් තිබෙනවා. පසුගිය රජය කළ වැරදි නිවැරදි කරමින් සිටිනවා..
මරාSunday, 18 July 2021 09:12 PM
අනේ මන්දා මෙලෝ දෙයක් මතක නැතුව හිටි එකාට එක එක එ්වා මතක් වෙද්දී අපේ නන්දෙට ඔක්කෝම අමතක වෙනවා වගේ... දුන් පොරොන්දු...
අනිල් Sunday, 18 July 2021 08:28 AM
ඉතාමත් විද්‍යාත්මක පත්කිරීමක්..., ආණ්ඩුවට ඡන්දය දීපු අයට රෙදි නැතුව පාරේ යන්න වෙලා තියෙන්නේ...!
Asanga Sunday, 18 July 2021 08:46 AM
මෙච්චර ඉක්මණට වෙනස් වෙයි කියලා කවුද හිතුවේ නේද?
පිටිගල මිලානෝ Sunday, 18 July 2021 10:16 AM
අපි තමයි හොඳටම කරේ...! හැටනම ලක්ෂයටම දැන් හරිම සතුටු ඇති...!
චාමර Sunday, 18 July 2021 10:23 AM
කවුරු මොනවා කිව්වත්... දුමින්ද කියන්නේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරපු මනුස්සයෙක්.. අමතක කරන්න එපා භාරත, කොලොන්නාවේ තැඹිලි විකුණපු අහිංසක මනුස්සයෙක්...
Hafeel Sunday, 18 July 2021 01:13 PM
දුප්පත් මිනිස්සුන්ට උදව් කළයි කියලා මිනී මරන එක සාධාරණීකරණය කරන්න පුලුවන්ද? අනික ජනාධිපති සමාව දුන්නාට, ඔහු නිවැරැදිකරු නොවේ...
BuddiSunday, 18 July 2021 04:28 PM
චාමරට මූලික අධ්‍යාපානය ලබා දිය යුතුයි.
chandanaMonday, 19 July 2021 11:02 PM
අපි පොඩිකාලේ අහපු සිංදුවක් තිබුනා, ඒක කුසල්හාමි මාලු බානවා, සීලවතී මකුණො මරණවා, ධනපාල මහපාරෙ හිඟනවා, සත්‍යපාල ඇත්ත කියන්නේ නැහැ කියන අර්ථය ඇති සිංදුවක්. බුද්ධිවත් ඒ සිංදුවටම ඇතුලත් කරන්න පුළුවන් බව මේ අදහසින්ම පේනවා. බුද්ධි ඉපදිලා තියෙන්නේ රන්ජන්ගේ හඪපට වලින් පස්සේ.. ඒක නිසා ඒ හඪපට අහලා නැහැ. කවුරුහරි රන්ජන්ගෙ හඪපට අහලා නැති අයට ඒවා අහන්න සලස්වන්න. එතකොට බුද්ධිය පහල වෙයි.
ගමේ එකාලාSunday, 18 July 2021 04:43 PM
දුප්පත් මිනිසුන්ට උදව් කෙරුවේ තමුන්ගේ පොකට් එකෙන්ද? කුඩුසල්ලි වලින්... හතර දෙනෙක් ඝාතනය වුණේ කොහොමද? අනර්කලීලාට කරපු හරිය අමතකද?. මොලේ උඩ වෙන්ඩැ ඉන්නේ...
VithanaMonday, 19 July 2021 06:46 AM
චාමරට විතරක් නෙවෙයි දුමින්ද සිල්වා ජනාධිපතිතුමාගේ පවුලටත් උදව් උපකාර කළා ඒ කාලේ. දන්නෝ දනිති.
Kumara Sunday, 18 July 2021 10:32 AM
ඔබට සුබපැතුම්... !!!
gamage Sunday, 18 July 2021 10:34 AM
69 ලක්ෂයෙන් දැන් අහන්න තියෙන්නේ... ‘‘දැන් සැපද කියලා?‘‘
සෙනෙවිරත්න Sunday, 18 July 2021 10:37 AM
රටම මේ පවුලේ බූදලයක් කරගෙන හමාරයි. රටේ නීතිගරුක පුරවැසියෙකුට කෙසේ සිතෙනවා ඇතිද? ඒ බව මේ පවුලේ අය සිතනවාද? ජේ.ආර්. ජයවර්ධන පවා මෙතරම් හිතුවක්කාර අයුරින් කටයුතු කලා යැයි නොසිතේ. තම අරමුණක් නොමැතිව වුවද මොහු සමඟ මරණ දඬුවම් ලැබූ ඉතිරි අය කුමක් සිතනවා ඇතිද? මෙයට ඇති එකම පිළිතුර තුන් ලොවට තිලකයක් වූ අප මහ සම්බුදුරජාණන් දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්ම අනුව පෙර භවයේ කළ අකුසලයක් අනුව සිරගත වුවද කරන ලද අති මහත් කුසල බලයෙන් සිරගත වීමෙන් නිදහස් වූ බවත් සිතා හිතහදා ගැනීමයි...
Aaa Sunday, 18 July 2021 10:40 AM
මිනී මැරුමට මෙච්චර දරුණු දඬුවමක්... ඒකනේ අපි කිව්වේ ‘‘වන් කන්ට්‍රි... වන් ලෝ‘‘කියලා...
Raveendra Sunday, 18 July 2021 10:54 AM
කුඩු විකුණුවේද විකුණන්නේද දන්නේ සිත පමණකි. මිනීමැරුවේද, මරන්නේද දන්නේ තම සිත පමණයි. මේ සැම පමණක් පොදු නොවේද...? කළ "පිං" පස්සෙන් එන්නේ තොග ලෙස බව නොදන්නේද...?
Baby and Sun Sunday, 18 July 2021 10:55 AM
හයියෙන් කෑගහලා එකට කියමු. රට රකින අපේ විරුවා. කෝ හරි... තව හයියෙන්...!
chandanaMonday, 19 July 2021 10:47 PM
ස්ස්ස්........... කෑගැහිල්ල නවත්තලා පොඩ්ඩක් නිස්ශබ්දව ඉඳලා අහගෙන ඉන්නකෝ අර රන්ජන්ගෙයි කවුද එක්කෙනෙකුගෙයි හඩපටයෙන් කියන දේ. එතකොට තෙරෙයි දුමින්දට දඩුවම දුන්නේ කොහොමද කියලා. ඒ වැරැද්ද නිවැරදි විය යුතුමයි.
නලීන් Sunday, 18 July 2021 10:58 AM
ළඟදීම අපි ආසියාවේ ආශ්චර්ය වෙන ලකුණු පහළ වෙනවා. ඉතාම කාලෝචිත දුරදිගබලා ගත් තීරණයක්... සුදුස්සාට සුදුසුතැන ලැබිලා තියෙනවා..
Shaf Sunday, 18 July 2021 11:03 AM
බමුණෝ මොකෝ සද්ද නැත්තේ?
Ruhunu Sunday, 18 July 2021 11:20 AM
හරි.. දෙමව්පියන්ගේ ළමයි රට පාලනය කරා නම් ඔය වගේ දේවල් වෙන්නේ නෑ...
Gamini Sunday, 18 July 2021 11:23 AM
සර් " කරන වැඩවලින් අහිංසක අම්මා තමයි බැනුම් අහන්නේ...
Kumara Sunday, 18 July 2021 11:24 AM
මේ වගේ රටක් තවත් ලෝකෙ කොහේවත් නැතිව ඇති..
Don perera Sunday, 18 July 2021 11:25 AM
69 රැළට ජයවේවා..!!!
පප්ප Sunday, 18 July 2021 11:25 AM
අපේ රටට බුදු සරණයි..! දෙවිපිහිටයි... !
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 18 July 2021 11:27 AM
දැන් රටට ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වුණාට කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය. අධිකරණ පොලීසි අවශ්‍යත් නැහැ. බොහෝ දේශපාලකයින් විභාග අසමත් නිසා විභාග හා අධ්‍යාපනයත් අවශ්‍ය නැහැ. මොකද හොරට විභාගේ ලියන්න පුළුවන්නේ. ඒ නිසා දේශපාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් ඕනෙම නැහැ. මොකද මේ රටේ ජනතාව, හොරුන් තක්කඩින් මංකොල්ල කාරයන් හා මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් අද පාර්ලිමේන්තුවට යවනවා. රටේ ඇති අධිකරණ පද්ධතියෙන්, උගත්, බුද්ධිමත් විනිසුරුතුමන්ලා මරණ දඬුවම නියම කළ මිනීමරුවන්ව හිරෙන් එළියට ගන්න රටේ ජනාධිපතිට බලය තියෙනවා. මෙහෙව් රටේ නීතිය අර සතාගේ තත්වයට නොගිහින් තිබුණොත් තමයි ලොකුම පුදුමේ. අප රටට විදෙස් චෝදනා එල්ල වූවේද මෙවැනි දේ නිසාය. ඒත්, කරුමය කියන්නේ මේ රටේ ඇතැම් අන්ධයින්ට සැබෑ යථාර්ථය නොපෙනීමයි..
විජිත් Sunday, 18 July 2021 02:52 PM
සමිත, මෙය එතරම් පුදුමය දනවන පුවතක් නොවෙයි කියලයි මට හිතෙන්නේ. මේ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ලේ වලින්ම ලියවුන එකක්. බණ්ඩාරනායක මහත්මයාගේ ඝාතනයෙන් පටන් අරගෙන අද දක්වාම ඒ ඝාතන සංස්කෘතිය පවතිනවා. හෙටත් අනිවාර්යයෙන්ම පවතිනවා. මොකද මිනීමරන්නේ නැතිව අපේ රටේ දේශපාලකයාගේ පැවැත්මක් නැහැ. ඔබ දන්නවා ඇති කියලා හිතනවා මේ දැන් තියෙන කැබිනට් එකෙත් මිනීමරුවන්, නැතිනම් මිනීමැරුම් චෝදනා ඇති නරුමයින් 11 දෙනෙක් ඉන්නවා. ඇසින් දුටු මිනීමැරුම් සාක්ෂි තිබුණත් ... පෙරකදෝරුවන්ගේ කෙස් පැලෙන තර්ක නිසා එල්ලුම් ගස් නොගොස් බේරුණු නරුම දේශපාලුවන් වගේම මිනීමරලා මියගිය පුද්ගලයාගේ දෙමව්පියන්ට ඌරන් 7 දෙනෙක් දීලා ඥාති අක්කාගේ අනුහසින් පණ බේරාගත් නරුමයෙකුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම මේක වගකීමෙන් කියන්නේ...
පූජා. Sunday, 18 July 2021 03:52 PM
අනේ මන්දා සමිත, විජිත් මොනවාද මේ අපේ රටට වෙමින් පවතින්නේ.? අපේ රටේ අනාගත පරපුරට අපේම කියා නිවහල්, නිදහස් දේශයක් තවත් ඉතුරු වී තිබෙනවද? ඔබ දෙදෙනාම "නිර්භීතව" ඉදිරිපත් කරන අදහස්, උදහස් බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වෙනවා නොඅනුමානයි. දේශයෙන් පිට අප සුවසේ වාසය කළත් මව්බිමේ වෙන අකටයුතුකම් දැක කෙසේ නම් හිත සනසාගන්නද.? අපේ ආදරණීය ලක්මාතාවට දෙවියන්ගේම පිහිටයි.!!!
සමිත සේනක අලුත්ගමගේ.Sunday, 18 July 2021 06:20 PM
විජිත්, පූජා දුක්වෙන්න එපා. මේ රට උතුම් වූ බුද්ධ වචනයෙන්ම, දහම් දිවයින. අතීතය දෙස විමසුම් ඇසින් බලන්න. මොන ජගතා ආවත්, මේ රට විනාශ කරන්න බැරි වුණා. අම්බරුවන් වගේ කල්පනා නොකරන මිනිසුන් කල්පනා නොකර ගහනා කතිරය නිසාම ඒ මිනිසුන් දුක් විඳිනවා. ඒ කෙසේවෙතත්, අපේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනය බොරු කරන්න කාටවත් බැහැ. ශාසනය හා රට බේරාගන්නා ඒ උතුම් මිනිසා අප රටේ අප අතරම වැඩ ඉන්නවා. ඒත්, සමාජ මාධ්‍යවල උන්මත්තකයන් කියන ඒවා සත්‍යය නෙමෙයි. බුදු අණින් පහළවෙන ඒ උතුම් මිනිසා ගැන කිසිවක් කියන්න සමාජ මාධ්‍යවල පුහුදුන් අයට බැහැ. අපි ඉවසීමෙන් බුදුවදන ගැන විශ්වාසයෙන් බලා සිටිමු. සියල්ල හරියාවි. අසාධාරණය වැළකී සාධාරණය ජයගනීවි.බොරුව පරදා සත්‍යය ජය ගනීවි. ඒ දිනය මතුදා උදාවේවි...!!!
පිටරැටියා Sunday, 18 July 2021 06:10 PM
අපේ රට ගැන කණගාටුයි. වියතුන් රට හැර යෑම වැඩි ඈතක නොවෙයි...
සමන්ත Sunday, 18 July 2021 11:28 AM
දැන් ඉතින් ස'ගේ නිවාස ප්‍රශ්නේ දූරින් ධූරිභූත වෙයි. මිනිස්සු මරලා හරි නිවාස ප්‍රශ්නේ විසඳයි. මේ වගේ මිනිස්සුන්ට ඡන්දේ දුන් අයට. ස' දැන් බය නැතුව පාරේ යන්න හොඳේ..!
මහසෙන් Sunday, 18 July 2021 12:19 PM
සභාපති, මහ ඇමති, ඇමති... කාටද ආඩම්බර?
Pradeepa Sunday, 18 July 2021 12:24 PM
ආණ්ඩුවට එක මොලයක් තියෙන මනුස්සයෙක් නැද්ද උපදෙසක් දෙන්න. මේක තමයි කරපු ලොකුම මෝඩකම... අනේ අපේ රට... දුක හිතෙනවා දෙවියනේ... මේ මොනවද වෙන්නේ..?
සේනක Sunday, 18 July 2021 12:26 PM
වියත්මගේ කට්ටිය දැන් නිගණ්ඨ ආගමට හැරෙන සාකච්ඡා ආරම්භ කරලා කියලා ආරංචියි.. මොකද රෙදි ඇඳගෙන ඒකෙ ඉන්න බැහැනේ... එයාලා හරි.., අපි තමයි හොඳටම කෙරුවේ.., අපේ අල්ලපු ගෙදර එකා හැංගිලා, එයා ඡන්දෙ දාට පස්සේ දවසෙ කිව්වා නුඹ පාරේ ටොපි කොළයක් වත් දකින්නේ නැහැ. අපේ සර් අද ඉඳලා වැඩ පටන් ගන්නවා කිව්වා.
VithanaMonday, 19 July 2021 07:02 AM
පාරේ ටොපි කොළ නැත්තේ ටොපියක් ගන්නවත් සල්ලි තියෙන්නේ ඉතාම සුළු පිරිසකට නිසා. ඒත් තමුන්ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ජනතාවක් අද මහ පාරේ ඉන්නවා පේනවා රට පුරාම...
නන්ද පුන්සර Sunday, 18 July 2021 12:42 PM
එක රටක් නීති ගොඩක් ...!
Bishan Sunday, 18 July 2021 12:58 PM
බමුණු ආරච්චිලා කොහෙද දන්නේ නැහැනේ... අනිත් ඒවාට එළිපිටනේ කඩේට යන්නේ...
බමුණු.Sunday, 18 July 2021 03:36 PM
රෙදි ගැලවුණු නිසා එයත්, නිඝණ්ඨ ආගමට යනවා කියලා ආරංචියි. ඒත්, ඉඳහිටත් වැඩකට නැති දෙයක් ලියනවා.
BamunuarachchiMonday, 19 July 2021 05:18 PM
බමුණුඅරච්චිට ඕනේ විදිහට වැඩ සිද්ද වෙනවා. සිනහ මුහුණින් බලාගෙන ඉන්නවා අනික් අයගේ අඳෝනාවන්...
BamunuarachchiMonday, 19 July 2021 05:24 PM
බමුණුඅාරච්චිට කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. කියන්න ඕනේ දේවල් අල්පොන්සෝගේ හඬපටයේ තිබෙනවා. කාටවත් කියන්න එපා වළං හෝදන්නම් කීවාට වෙච්චදේ වැසිකිළි හෝදලාවත් බේරගන්න බැරි වුණා නේද මලයා. ඕවා ඔහොම තමයි සත්‍ය ජය ගන්නවා කියන්නේ ඕකට තමයි. විෂ්ණු දෙවියොත් බටකොළ කෑවා නම් අපලේ ගෙවා ගන්න දුමින්ද ටික දවසක් හිරේ හිටියට කෙට්ටුවෙලා නැහැ නේද?
Hafeel Sunday, 18 July 2021 01:19 PM
වාසනාවට වීරෝදාර රණවිරුවන් ප්‍රභාකරන්ව මරලා දැම්මා. නැත්නම් ඔහුත් අද ප්‍රබල කැබිනෙට් ඇමතිකෙනෙක්... කරුණා, පිල්ලෙයාන්ට අද ආරක්ෂාව දීලා සැලියුට් ගහනවා වගේ එයාටත් ගහන්න වෙනවා. දැන් එක රටක්.., එක නීතියක්.., විනයගරුක රට, කලින් වැඩ කරනවා ඇතුළු පොරොන්දු සේරම ක්‍රියාත්මක කරලා අවසන්...
Rata Perata Sunday, 18 July 2021 01:27 PM
නොදකින්! මේ නිර්ලජ්ජිත ආණ්ඩුව...
janahitha Sunday, 18 July 2021 01:58 PM
මේ අය මොනවා කළත් එජාපයට බලය ලැබෙන්නේ නැහැ. වෙනත් මගක් බලමු. හේතුව නම් යහපාලනය නමින් ඇවිත් අයහපත් පාලනයක් ගෙනයාමයි, බැංකු කොල්ල කෑමයි, ශ්‍රී ලංකන් ගසාකෑමයි, සභීතා මැතිණිය නායකත්වයට පත්කරමු. එහෙමවත් බලමු.
VithanaMonday, 19 July 2021 06:54 AM
ඒ කියන්නේ මෙයාලා මොනවා කළත් තවම මෙයාලා හොඳයි කියන එකද? 69 ලක්ෂේ සමහරු දැන් වාදනය කරන්නේ ඔය වගේ තැටි තමයි...
සමරේTuesday, 20 July 2021 06:46 AM
මම කියන්නේ නෑ මේ කට්ටිය හොඳයි කියලා. නමුත් නියම විකල්පය කුමක්ද. හැමෝම වගේ මොනවහරි කුණුගොඩක් පටලවාගෙන නේද. සජිත් ගැන ලොකුවට ජරා ගොඩවල් නැතිවුනත් දේශපාලන පරිණත කානක් පේන්නේ නැහැ. එක්කෝ චූටි හුණ්ඩු ගෙවල් ටිකක් හදලා දුන්නා කියලා ප්‍රශ්න ඉවරයි කියයි. එහෙම නැත්නම් පිට රටින් ආධාර අරන් සමූර්ධිය දෙන එකකියයි.
සෑම් Sunday, 18 July 2021 02:05 PM
ඉදිරියට තව මිනීමරුවන්, කුඩු කාරයින් අවශ්‍ය බැවින් ඒ සඳහා තරුණයන් දිරිමත් කරවීමේ වැඩ සටහනේ තව එක පියවරක් සාර්ථකව කර ඇත.
Bamunuarachchi Sunday, 18 July 2021 02:13 PM
අපේ රජය එහෙමයි. සුදුස්සාට සුදුසු තැන දෙනවා. අපි බය නැහැ.
RuhunuSunday, 18 July 2021 02:53 PM
අනිවාර්යයෙන්ම හොරු හොරුන්ට තැන දෙනවාමයි.
BamunuarachchiMonday, 19 July 2021 08:38 AM
ඔය කිව්වේ බැංකු හොරු ගැනද? අපේ ගාව බැංකු හොරුත් නැහැ බැංකු කඩපු ගොයියොත් නැහැ...
L Perera Sunday, 18 July 2021 02:44 PM
රජයේ නිරුවත... විලි ලැජ්ජාවයි.
විජේ Sunday, 18 July 2021 04:30 PM
මම නං කියන්නේ බන්ධනාගාර හරි, ජනමාධ්‍ය හරි දෙන්න තිබුනේ... ක්‍රීඩා වුණත් කමක් නෑ.
shanthiniSunday, 18 July 2021 05:09 PM
ඇයි වනිතා කටයුතු.? ඒ වුණාට මොකක්වත් බැහැයිලු. හිටපු නිළියක් තමයි කිව්වේ...
VithanaMonday, 19 July 2021 06:51 AM
ඒක නිසා වෙන්න ඇති ජනාධිපතිතුමා දුමින්ද සිල්වාට ඔච්චර කැමති...!!!
Asliya Sunday, 18 July 2021 04:56 PM
අනේ පව්... ඇයි 'ස' එයාට පුටුවක් විතරක් දීලා තියෙන්නේ? මේසයක් දෙන්න අමතක වෙලාවත්ද? 'ස' ටවත් මතක් වුනොත් හොඳයි. ඉක්මනටම මෙයාට මේසයක් දෙන්න. නාමල් බේබිට කිව්වොත් නම් ඇඳන් හදපු විදියට මේසෙකුත් හදවලාම දෙයි.
Rohana Sunday, 18 July 2021 06:24 PM
එහෙනම් මෙයත් අධිකාරියක සභාපති වුණා එහෙනම්... ලබන සැරේ ඡන්දෙන් දිනුවාම ආරක්ෂක ඇමතිකමත් දෙයි වගේ...
VithanaMonday, 19 July 2021 06:50 AM
නිකන් ආරක්ෂක ඇමැති නෙවෙයි. ආරක්ෂක ඇමැතිවත් අධීක්ෂණය කරන ඇමති... ඒ කියන්නේ චමල් රාජපක්ෂ ඇමතිතුමාටත් වඩා ඉහළින්...
Puppa Sunday, 18 July 2021 06:50 PM
කරුණාකර වෙලේ සුදා නිදහස් කර දුමින්දගේ ලේකම් කරන්න... ගෝඨාභය මහත්තයෝ...
Nimal Sunday, 18 July 2021 07:28 PM
මින්පසු සියලුම රජයේ ආයතනවලට අයදුම් කරුවන් බඳවා ගැනීමේදී සාමාන්‍යයෙන් අසන ප්‍රශනය, එනම්: ඔබ කිසියම් වරදකට උසාවියක වරදකරුවෙක් කරනු ලැබ සිර දඬුවමකට යටත් වී ඇතිද යන ප්‍රශ්නය... අයැදුම්පත් වලින් ඉවත් කරනු ලැබේ...
dilan Sunday, 18 July 2021 09:00 PM
ජාතික මතය...
බද්රානි Monday, 19 July 2021 03:34 AM
ආයේ කතා දෙකක් නැහැ. මේ ධර්මද්වීපය තුළ මේ රටේ අනාගත ජනාධිපති වීමට මෙතුමාට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබෙනවා. ඇයි කාටහරි අවුල්ද? ජයවේවා, අපේ අනාගත ජනාධිපතිතුමාට..!!!
Malith Monday, 19 July 2021 06:34 AM
ඔය හොඳටම කරලා තියෙන්නේ රට ඉවරයි...
Vithana Monday, 19 July 2021 06:48 AM
වහාම ජනාධිපතිතුමා සහ දුමින්ද සිල්වා අතර ඇති සම්බන්ධය හෙලි කළ යුතුයි. එය දැන ගැනීමට ජනතාවට අයිතියක් තියෙනවා... විශේෂයෙන්ම ඡන්දේ දීපු ජනතාවට...
Vithana Monday, 19 July 2021 06:57 AM
මුස්ලිම් ආණ්ඩුකාරවරු පත් කිරීම ගැන උපවාස කරපු අතුරලියේ රතන හාමුදුරුවෝ මේවාට විරුද්ධවත් උපවාස කරයිද...?
Deepal Nirosh Monday, 19 July 2021 09:41 AM
පටන් ගත්තෙ රුවන්වැලි සෑයෙන්, ඒ වුණාට යන්නෙ වියත් මඟක. කාලය මැව් වෙනසක අරුමේ.....
Senevi Tuesday, 20 July 2021 02:54 PM
අර හද්ද පිටිසර ගමක තිබුණු සාකච්ඡාවකදී ගුරු පත්වීමක් ඉල්ලපු ළමයාට ඉංග්‍රීසියෙන් ඒ ඉල්ලීම කරලා පෙන්වන්න කියලා කිව්වා මතකද? සභාපතිකමක් දෙන්න තව කොච්චර අමාරු ප්‍රශ්න අහන්න ඇත්ද? නේද?
nandani Tuesday, 20 July 2021 09:26 PM
මොලේ කචල් වෙනවා මේවා දකිනකොට...!!!
sem Wednesday, 21 July 2021 07:56 AM
අනේ 69 ලක්ෂය ඉල්ලුවා.. ඔච්චරමයි. දැන් හරිම සනීපයි.